Friday, March 24, 2023

ලන්කාවේ වැඩියෙන්ම විකෘතිකරණය වූ අදහස් කීපයක ප්‍රකෘති තේරැම්

ලන්කාව පර පීඩක ටොක්සික් මිනිස්සු බහුතරයක් ඉන්න රටක් නිසා ලෝකයේ බහුතරයක් ටොක්සික් නොවන මිනිස්සු ඉන්න සමාජ වල හොඳට ක්‍රියාත්මක වෙන සන්කල්ප ලකේ පoකාවෙ කරන්න ගිහාම පට්ට අවුල් යනවා. ඉතින් ලකේ පoකාවෙ මිනිස්සු ඒ සoකල්ප වලටයි ඒව හොයාගනිපු හෝ ක්‍රියාත්මක වන ටොක්සික් නොවන මිනිස්සු ඉන්න සමාජ වලටයි ගරහනවා බනිනවා. ඇත්ත කතාව ඒ සoකල්ප වල අවුළක් නෙමේ එතන තියෙන්නෙ, ඒව ක්‍රියාත්මක වන සමාජ වල වෙනස. 

සරළ උදාහරණයකට ෆේස් බුක් එක ගන්න. ටොක්සික් නොවන මිනිස්සු ඉන්න සමාජ වල ෆේස් බුක් එකෙන් පුදුම විදියට වැඩ ගන්න පුළුවන්. ඔයා කරන ඕනෙම විනෝදාoශයට අදාළ සපෝට් ගෘප් තියෙනව ගැටළු පැන නැගුනම උදව් ගන්න, ඔයා කැමති ලයිෆ් ස්කිල්ස් වලට අදාළ සපෝට් ගෘප් තියෙනව ගැටළු පැන නැගුනම උදව් ගන්න, ඔයා කැමති ක්‍රියාකාරකම් වලට අදාළ ගෘප් තියෙනව ලෝකලි ඒවට කැමති අය එක්ක සෙට් වෙන්න, ප්‍රශ්න කතා කරන ගෘප්ස්, ට්‍රැවල් ඉන්ෆෝ ගෘප්ස්, සුවිශේෂ ගෘප්ස් (අයිස්ලන්තෙ අවුරෝරා බෝරාලිස් ගැන උනන්දු අයට, තමන් ඉන්න තැන ජනේලෙන් පේන දර්ශනය ශෙයාර් කරන අයට,සුරතල් පූසෙක් කන් දෙක අහස් යාත්‍රාවක තටු වගේ හදාගන්නකොට ඒකට නිර්මාණයක් කරන අයට, පූසෙක් අමුතු තැනක ඉන්න එක දැකපු අයට වගේ ) අර ගෘප්ස්  මේ ගෘප්ස් මේ හැම එකකින්ම ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න මාර සප් එකක් ලබා ගන්න පුළුවන්. ලෝකය වටේ නොමිලේම ගිහින් ලෝකයේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන්, මගේ මැහුමේ රෝස මල මහන හැටි ගැන ප්‍රශ්නයක් ලන්කාවෙ ඉඳන් ඇහුවම චීනෙ බ්‍රසීලෙ හෝ සෙනෙගාලයේ කෙනෙක් උත්තර දෙනවා, කොතරම් අපූරැද ?

කළු පූසන්ට ආදරය කරන්නන්ගේ සමූහයකින්


මිත්‍යා විශ්වාස, සුරන්ගනා කතා, ජනකතා ශෙයාර් කරන්නන්ගේ සමූහයකින්


තමන්ගේ නිර්මාණ විකුණන  කුඩා ව්යවසායකයන්ගේ සමූහයකින්

Emotional Abuse Awareness සමූහයකින්

අයිස්ලන්තයේ අවුරෝරා හන්ට් සමූහයකින්

ජනේලයෙන් පේන ලස්සන දර්ශන ශෙයා කරන සමූහයකින්


එට්සි ඔන් ලයින් අත්කම් විකුණන කුඩා ව්‍යාපාරිකයන් තම ගැටළු ඉදිරිපත් කරන සමූහයකින්

පොල් සම්බෝල පාට පූසන්ට ලව්  සමූහයකින්

ලන්කාවෙ අය අතරත් ආතල් සමූහ අතරින් පතර තිබ්බට ඒවයේ ලොකුම අවුලවල් තමා සාමාජිකයන්ගෙ යටි කූට්ටු අරමුණු. ගොඩක් සෙක්ස් ප්‍රිඩෙටර්ස්ල, හොරැ, කොල්ලෙක් කෙල්ලෙක් හොයන ඩයල්, තමන්ගෙ මොකකට හරි උදව් ගන්න බලාගෙන සෙට් වෙන ෆේක් එවුන්, තමන්ගෙ ප්‍රොපගැන්ඩා වලට පේජ් යූස් කරන එවුන් වගේ අපතයො ටිකක් තමා පේජ් අරක් ගන්නෙ. දැන් ඔය පිටරට එවුන් ඉන්න පොල් සම්බෝල පාට පූසන්ට ලව්  සමූහයේ ඉන්න හැමෝම වගේ ඒකෙ ඉන්නෙ උන් පොල් සම්බෝල පාට පූසන්ට ලව්  නිසා මිසක සෙක්ස් වලට, හොරකමට, කොල්ලෙක් කෙල්ලෙක් හොයාගන්න, තමන්ගෙ මොකකට හරි උදව් ගන්න, තමන්ගෙ ප්‍රොපගැන්ඩා වලට නෙමේ, ඒකයි වෙනස. ලන්කාවෙ පොල් සම්බෝල පාට පූසන්ට ලව් සමූහයක මගේ එකාගෙ පින්තූරයක් දැම්මහම එන්නෙ මෙහෙම කොමෙන්ට්;

"අනේ අර පූසට දකුණු පැත්තෙ බුළත් හෙප්පුවක්ද තියෙන්නෙ"
"අනේ අර පූසට වම් පැත්තෙ කබඩ් එක ගත්තෙ කොහෙන්ද"
"අනේ ඔයාගෙ පූසගෙ අහවල් එක ඇදයි නේ"
" අනේ ඔන්න මම ඔයාට ලයික් කරල සපෝට් එකක් දුන්න,මටත් ලයික් කරල සපෝට් එකක් දෙනවද"
" පූසව මෙහෙම බලා ගන්නවනම් ඔයා මාර හොඳ කෙල්ලෙක්, මම මැසේජ් කලා කැමතිනම් රිප්ලයි එකක් දාන්න"
"හායි සුදූ ඔයා ඉන්නෙ කොහේද"
"අපේ අනුරයිය ආහම ඔයාගෙ පූසව හොඳට බලා ගනී හොඳේ" 

ලන්කාවෙ එවුන් ෆේස් බුක් එකෙන් කරන තරමක් කුපාඩිකම් කර කර, උදාහරණයකට හැමිනේශන්ල ඇන්න පැන්න සඳහා කෙල්ලො දැලේ දාගැනීම, ලෝක හොරැ චැරිටි කිය කියා මිනිස්සුන්ගෙ මුදල් කඩා ගැනීම, මෝඩ ගෑනු තමන්ගෙ සල්ලාළ මිනිහ ඔන්ලයින්ද බල බල රහස් පරීක්‍ෂණ කිරීම, කුඩු මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයො මත් ද්‍රව්‍ය පාටි සන්විධානය කිරීම, දේශපාළන ප්‍රොපගැන්ඩා කාලයො ෆේස්බුක් බළකායවල් කියල තුට්ටු දෙකට අම්ම අප්ප විකුණන උන් තම දේශපාළන ප්‍රොපගැන්ඩා වලට යොදා ගැනීම, කෙල්ලො කොල්ලො ඇහැට දැකලවත් නැතුව ගොබ්බ විදියට සෙට් වීම වගේ කාළකන්ණිම වැඩ වලට තමා ඕක පාවිච්චි වෙන්නෙ. ඊටපස්සෙ කෙළවගත්තහම ෆේස් බුක් එකට බනිනව, අළුත් තාක්‍ෂණයට බනිනව, අනේ අපි රජ කාලෙ හිටියනම් හොඳයි කියනව.



ඕනෑම හොඳ සන්කල්පයක් පවා පට්ටම ටොක්සික් විකෘතිකරණයකට ලක් වෙනවා. බලන්න මේ ජනප්‍රිය සoකල්පය,

"මේ ලොකේ විවාහ වෙන කිසිම දෙන්නෙක් ගැලපෙන් නැහැ අපි ගලපගෙන ඉදිරියට යන්න ඕනේ ඒකයි හොදම විදිය

සාර්තක පවුලක් තුල එකිනෙකා වෙනුවෙන් කැපකිරිම්  තිබිය යුතුමයි 

ලස්සන පවුලක් ගොඩනගා ගන්න දවසක ඒක සතුටක් ඔබට" -American Life

ලන්කාවෙ ටොක්සික් මිනිස්සු රිලේෂන්ශිප්ස් වලදී මාර විදිහට ඇබ්‍යූස් කරන කොන්සෙප්ට් එකක් මේක. හොඳට මතක තියා ගන්න, නොගැළපීම් ගලපගැනීම යනු තමන්ගේ අනන්‍යතාවය නැති කර ගැනීමවත් තමන්ගෙ ජීවිතයේ කොළිටිය (physical, emotional, financial, social wellbeing) ඩවුන් ග් රේඩ් කර ගැනීමවත් නෙමේ. උදාහරණයක් ගත්තොත් හොරකම් නොකරන කෙනෙක් හොරෙක්ට සෙට් උනා කියල නොගැළපීම් ගලපගන්න හොරකම් යායුතු නෑ වගේම මුළ ඉඳළම තමන්ගෙ ඇඟේ හැඩයට සුදුසු පරිදි කොටට අඳින කෙල්ලක් ඒක තමන්ගෙ පර්සනලිටියේ අනන්‍යතාවයේ කොටසක් නම්, ඒකි කොටට අඳිනබව දැන දැන සෙට් උන කොල්ලෙක් පස්සෙ බළපෑම් කරන්න ගත්තොත් දිගට අඳින්න කියල, නොගැළපීම් ගලපගන්න දිගට ඇඳිය යුතු නෑ. ඇඳුම සහ අනන්‍යතාවය ගැන කතා කරද්දි ඔළුවට එන හොඳම උදාහරණයක් මන්නා ඩේ. මන්නා ඩේ ගෙ පර්සනලිටි එකේ අනන්‍යතාවයක් එතුමගෙ තොප්පිය. එතුමා හිස මැද තට්ට පුද්ගලයෙක්. මේ හිස්වැසුම මගින් ඔහුට ලබා දුන් විශේශ අනන්‍ය පෞරැෂීය පෙනුම දිහා බලන්න. හරි නොගැළපීමක් ගලපගත්තට පස්සෙ ඉන්න අධ්‍යාත්මික සමාජයීය ආර්ථික හෝ වෙනත් හර පද්ධතියකින් දශමයක් හරි ඉහළ යා යුතුයි, පහළට නොවේ. කොල්ල/කෙල්ල කියනව නම් කැම්පස් යන්න එපා, ඉගන ගන්න එපා, රස්සා කරන්න එපා කියල ඒක ජීවිතය පහළට ඇද දැමීමක්.  කොල්ල/කෙල්ල කියනව නම් තරහ පාළනය කර ගන්න කියල ඒක ජීවිතය ඉහළට එසවීමක්. ඔය දෙකටම නැති කොල්ල/කෙල්ල කියනව නම් කොටට අඳින එක එපා වගේ දෙයක්, අනන්‍යතා අර්බුදයකට ලක් වේ නම්, අන්කම්ෆටබල් නම්, එපා කියන හේතුව තක්කඩි හේතුවක් නම් (අවිස්වාසය, සැකය, පර පීඩකත්වය වගේ), එය කල යුතු නැහැ.


https://www.facebook.com/MannaDeySinger/


https://www.rediff.com/movies/report/slide-show-1-the-classic-dilemma-of-being-manna-dey/20131024.htm



ඒවගේම උරේෂා රවිහාරිගෙ මිනිහ වගේ ප්‍රොෆෙෂනලි ඉතාම ඉහළ තත්වයක ඉන්න සහකරැවාට උදව් කරනව වෙනුවට තමන්ගේ කුදු මහත් දාසකම් කරගෙන දුක් විඳීම කසාදයේ එකිනෙකා වෙනුවෙන් කැපකිරිම් කීමත් වැරදී. උරේෂගෙ මිනිහ නිසා උරේෂ කසාද බැන්දට පස්සෙ පැය අටකට වඩා කවදාවත් නිදා ගත්තෙ නෑලු, මගෙ මහත්තය නම් නිවාඩු දවස්වල පුරැද්දට කලින් නැගිටින මට කියන්නෙ ක්‍රිශා, ටිකක් වැඩිපුර නිදාගෙන විවේක ගන්න නිවාඩු දවසෙ කියල. ටොක්සික් සහ ටොක්සික් නොවන සම්බන්දකම් වල වෙනස අහසයි පොළවයි වගේ.ඒක හොඳටම දන්නෙ ටොක්සික් සමාජයක ඉපදිලා ටොක්සික් නොවන සමාජයක ජීවත් වෙන ටොක්සික් නොවන මිනිස්සු පමණයි.


4 comments:

  1. ඔව්,ලංකාවේ හුඟක් අය FB එක පාවිච්චි කරන්න දන්නේ නැහැ. මම පිටරට group කිහිපයක ඉන්නව. හරිම supportive වගේම අවංක මිනිස්සු ගෑනු ඉන්නවා ඒවායේ.

    ReplyDelete

ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...