ඇත්තටම මේ කතාවේ ඇත්තක් තියෙනවද..? එහෙමත් නැත්නම් අපි නොදැනුවත්වම අපේ දරුවන්ගේ මානසිකත්වය බිඳ දමනවාද? අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. 

1. කාලය වෙනස්, අභියෝගත් වෙනස්! 
අපේ අම්මලා තාත්තලා පොතපත හෙව්වේ පුස්තකාල වල දූවිලි නාගෙන වෙන්න පුළුවන්. කිලෝමීටර් ගණන් පයින් ගිහින් ඉස්කෝලේ ගියා වෙන්න පුළුවන්. ඒක ඒ කාලයේ හැටි. අද දරුවාට බොත්තමක් එබූ සැණින් ලෝකයම අතට ලැබෙනවා තමයි. හැබැයි ඒ තාක්ෂණයත් එක්කම ඔවුන්ට ලැබී ඇති මානසික පීඩනය (Mental Pressure) එදාට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. මොකද එදා තරඟය තිබුණේ පන්තියේ ළමුන් 30-40 එක්ක විතරයි, ඒත් අද තරඟය තියෙන්නේ මුළු ලෝකයම සමග.
2. "සැප" කියන්නේ පහසුවක් මිසක් සතුටක් නෙවෙයි 
අපි දරුවන්ට ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් අරන් දුන්න ගමන් හිතනවා "අම්මෝ මුන්ට මාර සැපක්නේ තියෙන්නේ" කියලා. නමුත් මේ තාක්ෂණය ඇතුළේ දරුවා මුහුණ දෙන Cyber Bullying, Depression සහ Social Anxiety ගැන ඔයාලා හිතනවාද? එදා ඔයාලට තිබුණේ කායික මහන්සියක් විතරයි. අද දරුවාට තියෙන්නේ දරුණු මානසික වෙහෙසක්.
3. කිසිම වෙලාවක දරුවාගේ උත්සාහය අවතක්සේරු කරන්න එපා 
"අපි ඉස්සර පාන් කෑවේ වලන්දේ පිහගෙන, තේ බිව්වේ අල්ලට සීනි කාලා, උඹලට දැන් පීසා තියෙනවා.. බොන්නේ බබල් ටී" වැනි කතා වලින් දරුවෙකුට දැනෙන්නේ තමන් කරන කිසිම දෙයක් වටින්නේ නැති බවක්. ඔවුන්ගේ ජයග්‍රහණ "සැප වැඩි නිසා ලැබුණු දේවල්" ලෙස ලේබල් කළ කලාම, ඔවුන්ගේ ආත්ම අභිමානය (Self-esteem) බිඳ වැටෙනවා.
මතක තියාගන්න ඔබේ දරුවා උපදින්න ඕනේ කාලය තීරණය කළේ ඔබ මිස දරුවා නොවෙයි. ඔවුන්ට පහසුකම් ලබා දෙන්නේ ඔවුන්ව සතුටින් තැබීමට මිස, පසුව ඒ ගැන චෝදනා කරන්න හෝ ඔයාගේ අතීතය ගැන පම්පෝරි ගහන්න නෙවෙයි,.
ඇයි අපි මෙහෙම කියන්න..? මේ තමයි මේ කතාවේ විද්‍යාත්මක පැත්ත
සන්නිවේදන පරතරය (Generation Gap) මේ වගේ කතා නිසා දරුවා සහ දෙමාපියන් අතර තියෙන බැඳීම දුරස් වෙනවා. දරුවා තමන්ගේ ප්‍රශ්න ඔබ සමඟ කතා කරන්න බය වෙනවා.
මේ වගේ කතා නිසා ළමයින්ට වැරදි වරදකාරී හැඟීම (Guilt Tripping) දැනෙන්න පටන් ගන්නවා, තමන්ට ලැබෙන පහසුකම් ගැන දරුවා වරදකාරී හැඟීමකින් පෙළෙන්න ගන්නවා. මෙය ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ලොකු බාධාවක්.
අතීතකාමය (Nostalgia) vs වර්තමානය
ලෝකය ඉදිරියට යනවා මිස ආපස්සට එන්නේ නැහැ. අතීතයේ දුක වර්ණනා කරනවාට වඩා, වර්තමානයේ අභියෝග ජය ගැනීමට දරුවාට උදව් කිරීමයි වැදගත්. ඒකට ඔයා ස්මාර්ට් වෙන්න ඕන ''අමුතු'' අපි මේ උත්සහ කරන්නේ ඔයාලා ස්මාර්ට් කරන්න,
දෙමාපියන් විදිහට ඔයාලට කරන්න පුළුවන් මොනවද? 
කිසිම වෙලාවක ඔබේ ළමා කාලය සහ දරුවාගේ ළමා කාලය සසඳන්න (Compare) එපා.තේරුම් ගන්න ඒ ලෝක දෙකක්.
දරුවාට තියෙන පහසුකම් ගැන කතා කරනවාට වඩා, ඔවුන්ගේ හිතේ තියෙන පීඩනය ගැන අහන්න. ඔයා හොඳ සවන්දෙන්නෙක් වෙන්න
පොඩි දෙයක් වුණත් දරුවා මහන්සියෙන් කරනවා නම් ඒක අගය කරන්න. "අපේ කාලේ අපි ඔයිට වඩා වැඩ කළා" කියලා ඒක හෑල්ලු කරන්න එපා..
දුක දිනාගන්නා හැටි කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්න... මුලින්ම ඔයා ආදර්ශවත් වන්න
පරම්පරා දෙකක් අතර ගැටුමක් ඇති කරගන්නවාට වඩා, ආදරයෙන් සහ අවබෝධයෙන් දරුවාගේ ලෝකයට එබී බලන්න. ඔවුන්ට අවශ්‍ය ඔබ අතීතයේ විඳි දුක් ගැන අහන්න නෙවෙයි,, එයාලගේ අනාගතය දිනන්න ඔබේ අතින් අල්ලන්නයි...
ඔබත් ඔබේ දරුවාට මේ වචන පාවිච්චි කරලා තියෙනවාද? නැත්නම් ඔබේ දෙමාපියන්ගෙන් මේ වගේ කතා අහලා තියෙනවාද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.
ලිපිය වැදගත් කියලා හිතෙනවනම් නම් ශෙයා කරන්න...
No comments:
Post a Comment