Wednesday, April 20, 2022

ප්‍රචණ්ඩත්වය විසඳුම ලෙස දකින අඳබාලයන්ගෙන් ප්‍රවේශම් වන්න - by Don Supz (https://www.facebook.com/don.supz)

ගෝල්ෆේස් සාමකාමී උද්ඝොෂණයට වාචාල විරෝධයක් ඉදිරිපත් කරන,රෝසමල් විහිළුවට ගන්න, ප්‍රචණ්ඩත්වය විසඳුම ලෙස දකින අඳබාලයන්ගෙන් ප්‍රවේශම් වන්න. 

අරගලයක් සාර්ථක කරගැනීමට එහි අභ්‍යන්තර යාන්ත්‍රණය මෙන්ම බාහිර බලවේගද ක්‍රියාත්මක වීමේ රටාව හඳුනාගත යුතුවේ. මේ වෙද්දි රට අභ්‍යන්තරය තුල විරෝධය ගොඩනැගෙමින් පැවතුනත් තවමත් එයට එකතු විය යුතු සාධක ගනනාවක් පවතී. ⁣ගෝල්ෆේස් සාමකාමී අරගලය අල්ලාගෙන තවදුරටත් සිටිය යුතු වන්නෙ මේ සියළු සාධක ප්‍රශස්ථ තත්වයන් දක්වා වර්ධනය වීමට ඉඩහැරය. 

ඔබ කැමති වුවත් අකමැති වූවත් මීටර් 500 පුරා විහිදෙන ගෝල්ෆේස් අරගල භූමිය මේ රටේම පවතින අරගලයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත. එහි සාමකාමීත්වයේ පැවැත්ම පිළිබඳව බාහිර සාධක ඇස යොමාගෙන සිටින බව පැහැදිලිය. අවට තිබෙන ප්‍රධාන තානාපති කාර්යාල, විදේශිකයන් පැමිණෙන හෝටල් සංකීර්ණ ආදිය තුලින් එහි තොරතුරු බාහිරට සංක්‍රමණය වේ. එහි ඇති සාමකාමීත්වය නිරන්තරයෙන් ජාත්‍යන්තර මාධ්‍ය එහි පැමිණීමට අවශ්‍ය භූමිය සකසයි. රෝසමලක් පොලීසියට දීම ඔබට විහිළුවක් සේ පෙනුනත් එහි සංඛේතාත්මක බවට මේ දුපතෙන් ඔබ්බට කල හැකි දේ බොහෝය. 

ගෝල්ෆේස්හී ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය වෛද්‍යාධාර සඳහා කඳවුරුලා සිටී. එහි කඳවුරු පරිධිය රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තියට යටත්ය. යම් හෙයකින් මර්ධනය තුලින් පහර වැදුනොත් රතු එලි දැල්වීමට යන කාලය ඇසිල්ලකි. 

ගෝල්ෆේස් අරගල භූමිය ඇතැමුන්ට පූජා භූමියකි. සංඝයාවහන්සේලා කඳවුරුලා සිටී, අන්‍ය ආගම්වල පූජකයන් එහි නිරන්තරයෙන්ම ගැවසේ. යම් හෙයකින් පහර දුන්නොත් ඒ පහර වදින්නෙ නිරායුධ භක්තිකයන්ට සහ ආගමික නායකයන්ටය.

අරගල භූමියේ පුස්තකාල පවතී, දැනුම් සංවාද මණ්ඩප පවතී. ඒවාට පහරදුන්නොත් ඒ පහර වදින්නෙ හුදෙක් තාවකාලික කූඩාරමකට නොව දැනුම් ගබඩාවකටය. ඒවාට පහර ගැසීමට එකවර දඩබ/;ල්ල;න් මුදාහල නොහැක. එසේ සිදුකලහොත් ඉන් බාහිරට ගම්‍ය වන්නෙ පාලකයාගේ ගෝbhත්‍රිකත්වයයි. 

මෙතෙක් කල් භුමිය වටලා සිටීමම අරගලයකි. එහි ඔබ නොදකින නොසිතන පැතිකඩ ඇත්තේය. කානිවල් එක කියවා තේරුම් ගැනීම ඔබට බාරය. 

මිත්‍රවරුනි ලඟ නොබලන්න, දුර බලන්න.. ඔබ ඔච්චම් කරන, බාල්දු කරන, විහිළුවට ගන්නා එක් කොටසක් ගානේ ඔබේ වපසරියට අසු නොවන තර්කයන් පවතී. මෙය අප ජයග්‍රහණය කල යුතුමය. එක්වන්න...! උණ්ඩ ආපසු හැරවිය හැකිය.


 Don Supz (https://www.facebook.com/don.supz)

Sunday, April 17, 2022

දාර ජෙප්පෙක් සහ දාර බයියෙක් බ්ලොක් කලෙමි

මගේ සමාජ මාධ්‍ය වල අවුරැදු පහළවක් විස්සක් මිතුරන් ලෙස සිටි දාර ජෙප්පෙක් සහ දාර බයියෙක් බ්ලොක් කිරීමට ඊයේ කල්පනා කලේ පුද්ගලික තරහකට නොව ඔවුන්ගේ හැසිරීම දැකීම මට මහත් පිළිකුළක් සහ කළකිරීමක් බැවිනි. මගේ මිතුරන් අතර සියළුම දේශපාලන පක්‍ෂ වලට ඡන්දය දුන් අය වෙති, නමුත් ඔවුන් මොළ ශෝධනයට ලක් වූ සොම්බීන් නොවෙති. විශේෂයෙන්ම ජනතා අරගලය ගැන අප සියල්ලන්ටම පාහේ පොදු මතයක් තිබුනි. ලන්කාවෙ මිනිස්සු විඳින දුක ගැන  අප සියල්ලන්ටම පාහේ පොදු මතයක් තිබුනි.  නමුත්  දාර බයියා සහ දාර ජෙප්පාගේ හැසිරීම ගැන මට මහත් පුදුමයක් දැනුනි.

දාර බයියාගේ කථා වස්තුව

දාර බයියාට ආචාර්‍ය උපාදියක් ඇත. ඇයගේ මනුස්සයාටද ආචාර්‍ය උපාදියක් ඇත. වෙසෙන්නේ ඇමරිකාවේය. ළමයි ඇමරිකන් සිටිසන්ලා ය. පසුගිය මැතිවරණ වලදී මේ ඩබල ඇමරිකාවේ සිට දූෂිත රෙජීමයට රෙදි නැතිව කඩේ යමින් විශාල ඡන්ද ව්‍යාපාරයක නිරත විය. එතැනදී මිනිහා ගේ පෝස්ට් වල තිබූ දැඩි ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී මනෝ විකාරමය ගතිය ඉවසා ගනු බැරිව මිනිහාව බ්ලොක් කලේ වසර ගණනකට කලිනි. මේ කියන ඩබලේ කැරැට්ටුව පිළිබඳව මට මතක දෙකක් තිබේ. බොහෝ කලකට පෙර අප ලන්කාවේ සිටියදී කිසියම් රැකියාවක සම්මුඛ පරීක්‍ෂණයේ අවසානයට ඉතිරි වූ දෙදෙනා අප දෙදෙනාය. ඉන් මාව රැකියාවට තෝරා ගත් විට ඇය අපූරැ කතාවක් කීවාය. "ක්‍රිෂා ඔයාව තේරැනේ මම ඔය ආයතනය ලඟම පදින්චි වී ඉන්න නිසා, එයාල කැමති නෑ ඒකට" යැයි ඇය එදා කියූ කතාව අදටත් මට තේරෙන්නේ නැත. මාව ඒ රැකියාවට තේරැණේ මගේ සුදුසුකම් වලට මිසක මට උදව්වට කවුරැවත්ම හිටියේ නැත. පරීක්‍ෂණය කරපු මනුස්සයා මගේ සහතික බලද්දී ඔහුට කෝල් එකක් ආවේය. මඳ වේලාවක්  ඊට ඇහුම්කන් දුන් ඔහු මා දෙසද බලා සිනාසී මෙසේ උත්තර දුන්නේය. "සිරී, ඔයා හොඳටම දන්නවා මම සම්මුඛ පරීක්‍ෂණයක් කරද්දී හැඳුනුම්කම් මත බඳවා ගැනීම් නොකරන බව. ඒ නිසා කරැණාකරල මෙහෙම ඇමතුම් දෙන්නට එපා." මගේ මිතුරිය මේ කෝල් එක ගැන මා දන්නා බව අදටද නොදනී.

 ඉන්පසු මා ලන්කාවේ රැඳෙද්දී ඔවුන් ඇමරිකාවට ගියහ. ඊට වසර කීපයකට පසු දවසක මම ආයතනය ලඟ බස් නැවතුමේ  සිටියදී විරැද්ධ අතට යන කාරයක් නවත්වා මිතුරියගේ සැමියා ඉන් බැස එනු දුටු මම පුදුම වූයේ අප ඊට පෙර කවදාවත් කතා කර නොමැති නිසා විරැද්ධ අතට යන කාරයක් නවත්වා ඇවිත් කතා කරන්නට තරම් ඔහු ඉදිරිපත් වීමයි. නමුත් ඔහුට ඇත්තටම අවශ්‍ය වී තිබුනේ මාව පහළට දමා ඔවුන්ගේ ලොකු කම කියා පෑමටය. සන්වාදය අතරතුර මම ඇමරිකාවේ ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරන බවත් මේ දක්වා හොඳ පිළිතුරක් නොලද බවත් කී විට ඔහුගේ මුහුණේ ඇදුනු සතුට මට අදටද මැවී පෙනේ. එවිට ඔහු කිව්වේ ඇමරිකාවේ ආර්ථිකය පසුබා ඇති නිසා මම ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරත් නොලැබෙන බවයි.  ඒ කියා ටික දවසකින් මට ඇමරිකාවෙන් ඔෆර් එකක් ලැබුනි. තව මේවගේ කුහකකම් පෙන්වන සිද්ධි ගොඩක් උනා. මේ උදවිය කවදත් මගේ නියම මිතුරන් නොවන බව මා දැන සිටියද එම කාන්තාව සහ මම එක පාසලේ එක පන්තියේ ඉඳ ඇත. නමුත් මට දැන් තේරෙන්නේ එක පාසලේ එක පන්තියේ එකට කෑ බී පමණින් ඒවා ශක්තිිමත් වැඩිහිටි මිතුරැදම් වලට පරිවර්තනය නොවන බවයි. ඒත් අපි අපේ නොස්ටැල්ජියාව නිසා එම පසමිතුරන්ට අප සමීපයේ රැඳීමට හැර සිටිමු. ඒ පාසැල් කාලයේද ඇය මා තේරැම් ගත් මගේ සමාගමය ප්‍රිය කල කෙනෙකු නොවන බව දැන් බලද්දී මට හිතේ. ඇය කලේ මාව ටොලරේට් කිරීමයි. මොකද අප දෙදෙනාම එකම මිතුරැ කවයක සාමාජිකයන් බැවිනි. ඇයව මා එදා කුඩා කලද දැක්කේ මා වෙනුවෙන් අසන්වේදී, කපටි සහ නපුරැ චරිතයක් ලෙස නිසා මමද ඇයව ටොලරේට්  කලා මිස අප මිතුරන් වූයේ නැත. හුදෙක්  එක පාසලේ එක පන්තියේ එකට කෑ බී දෙදෙනෙක් පමණකි.

දැන් මට ඇයව බ්ලොක් කරන්නට හිතුනේ ඇයිද බලමු. මේ කාන්තාව තමන්ද දායක වී ගෙනා ගෝටා ලන්කාවේ පැය ගණන් ලයිට් කපා, පාසල් වසා, කඩදාසි නැතිව විභාග නොපවත්වා සිටියදීද ගෝටාටම කඩේ යයි. ඒ අතර ඇමරිකන් සිටිසන් දුව ගේ පාසැල් ජයග්‍රහන ගැන අර ලන්කාවේ ඉන්න තම ළමයින්ගේ අනාගතය ගැන දුක් වන අම්මල තාත්තලට පෙන්වයි. ඒකත් හරියට අර මට තමුන් ආචාර්‍ය උපාධිය කර කර මට ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරන්න එපා ලැබෙන්නෑ කියපු සාම්පලයේම තමා. එදා ඒ මම නම් මම කියන්නේ ගණන් ගන්න එපා ආපහු ඇප්ලයි කරන්න, මොනවහරි උදව්වක් ඕන නම් කියන්න වගේ දෙයක්නේ. ඉතින් ඒ කුහකකම දෝරෙ ගලන පෝස්ට් දකින්න මම ආස නෑ. ඊලඟට තවම ගෝටට සහ දූෂිත රෙජීමයට කඩේ යාම. මේක දැන් කරන්නේ වක්‍රාකාරයෙන්. ඒ කියන්නෙ, මෙයාල මේ තරම් රටේ ප්‍රශ්නයක් තියෙද්දි රෙජීමයට වචනයක් වත් නොකිය අපිට කියනවා  ළමයින්ව උද්ගෝෂණ වලට සහභාගි කරවීම නරකයි, මේ වෙලාවෙ ඩොලර් ටිකක් වැඩිපුර ලන්කාවට යවන්න, උද්ගෝෂණ නිසා රටේ ආර්ථිකය විනාශ වෙනවා, ඇයි අනිත් පක්‍ෂ වලටත් බනින්නෙ නැත්තේ ආදී දේවල්. මේගොල්ලන්ගෙ කිසිම රිමෝර්ස් එකක්, ඒ කිව්වෙ, තමනුත් දායක වෙලා ඇතිකරපු ප්‍රශ්නයේදි ලන්කාවෙ මිනිස්සු විඳින දුක ගැන පොඩි හරි පසුතැවීමක් නෑ. විශේෂයෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවක් තියෙන ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට පේන්න ඕනෙ ලන්කාවෙ මිනිස්සු විඳින්නේ අපා දුකක් බව. ඇමරිකාවෙ මොනම හේතුවකටවත් විදුලිය විසන්ධි කරන්නෙ නෑ, අළුත්වැඩියා පවා කරන්නෙ ලයිව් වයර් සමඟ- විශේෂ ග්ලවුස් දාගෙන. කෑම බීමද, බේත් ද, එන්ටර්ටේනින්ද, වෙන ඕනෙම දෙයක්ද කිසි අමාරැවක් නැතුව සපය ගන්න පුළුවන්. දැන් මේ ජෝඩුව ලන්කාවෙ පැය ගානක් ලයිට් කපද්දි ඒ පැය ගණනට ඇමරිකාවෙ ගෙදර ට්‍රිප් ස්විච් එක නිවන්නෙ නැහැ. වෙන මුකුත් දුකක් විඳින්නෙත් නෑ. ඒකට කිසි සන්වේදී කමකුත් නෑ, ඇත්තම කිව්වොත් රහසින් සතුටු වන ගතියක් පෙනෙනවා. ඉතින් මට හිතුනා ඒ නාර්සිසිස්ට් frienemyව නැවත දැකිය යුතු නැහැ කියල.

දාර ජෙප්පාගේ කථා වස්තුව

මේ දාර ජෙප්පා සහ මගේ හමුවීම කොතැනද කියල මට මතක නෑ, ඒ නිසා බොහෝ විට මේක ඉතා දුරින් ඇති වූ යාළුකමක් වෙන්න ඕනෙ. ඔහු දන්න කාලයේ සිටම දාර ජෙප්පෙකු වන ලෝකල් පී එච් ඩී එකක් ඇතැයි කියන එක්තරා විශ්ව විද්‍යාල කථිකාචාර්‍ය වරයෙකි. ඔහුගේ මොළ ශෝධනය කොතරම්ද යත් ජේවීපී එකේ කිසිම වැරැද්දක් නොපෙනේ. ජේවීපී එක ගැන සාධාරණ ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන්නේ අර මැක්කා ගැන රචනා ලියන ළමයා වගේ කොහෙන් ගියත්  ජේවීපී එක හරිය යන උත්තරයයි. ජේවීපී එකේ අයගේ මේ ස්ථිතික චරිත ස්වභාවය නිසා සිදු වුනේ කාලයත් සමඟ ජේවීපී එක පරිණාමණය නොවී අද වන විට යල් පැන ගිය, රටේ තරැණ තරැණියන්ට නායකත්වය දෙන්න බැරි,  පක්‍ෂයක් බවට පත් වීමය. ඒකට විසඳුම ලෙස ජේවීපී එක තෝරගෙන තියෙන්නේ ප්‍රතිසන්විධානය වීම නොව තග දැමීම, බොරැ කීම, ගොන්පාට්  දැමීම ආදියයි. වෙන වචන වලින් කිව්වොත් කැම්පස් වල නවක තරැණ තරැණියන්ට රැග් එකේ දී බලහත්කාරයෙන් සෙරෙප්පු දැම්මවීමේ න්‍යායය මේ වෙලාවේ පාරට බැස්ස නිර්පාර්‍ෂවික තරැණ තරැණියන්ට බලහත්කාරයෙන් ජේවීපී එක තෝරගැන්නවීමට පාවිච්චි කරති. 

පොඩි උදාහරණයක් කියන්නම්. සූර පප්පා ගීතයට අනුව  එක මනුස්සයෙක්  ගීතයක් කරල තිබ්බා, ඒකෙ ලොකු පප්පට  ජේවීපී එකේ අනුර කුමාරවත්, කෑකෝපප්පට මෝ. අප්පච්චිත්, චූටි කුකූට රැට්ටත්, ජිම් පප්පට සන්නත්, වෙද පප්පට කර්නර්වත් ආදී වශයෙන්. මේ සියළුම තෝරා ගැනීම් වැරදියි. නමුත් ලොකුම වරද ලොකු පප්පට  ජේවීපී එකේ අනුර කුමාර ඇඳීම. අනුර අරගලයට කළින් දවස ප්‍රෙස් කොන්ෆරන්ස් තියල කිව්ව අරගලයට  ජේවීපී එකේ සම්බන්ධයක් නැතිය, ඒකට යන්න එපාය ආදී කතා. අරගලයේ ස්වභාවයත්  ජේවීපී එකේ අරගල වල  ආවේණික ගොබ්බ ලක්‍ෂණ වලින් (පොලිසියට ගැහීම, පාර හරස් කරන් මිනිසුන්ට වද දීම, බලෙන් අරගල වලට අරන් යෑම, ඉඞ්‍රිසි කතා කරන, යමක් කමක් තියන මිනිස්සු හීනමානය නිසා කොන් කිරීම, අසීලාචාර කතාව සහ හැසිරීම, පොදු දේපළ විනාශය, පොර මානසිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ලෝක කඳවුරේ රටවල් වලින් උදව් නොඉල්ලීම, නවීන තාක්‍ෂණය යොදා නොගැනීම, පරිසරය අපවිත්‍ර කිරීම ආදී මෙකී නොකී ගොන් පාට් වලින්) තොරයි. මේ වෙලාවේ පාරට බැස්සේ නිර්පාර්‍ෂවික තරැණ තරැණියන්  (සහ වැඩිහිටියන් ) බව පැහැදිලියි. පස්සේ දේශපාලන පක්ශත් මේකට අනුගත උනා, මොකද ඔවුන්ට වෙන විකල්පයක් නැති නිසා. ඒ කරල අරගලය හයිජැක් කරන්න දැන් ජෙප්පන්ට ඕනේ. 

ඉතින් කතාවෙ මුළට ගියොත්, අර නිර්මාණයට මම කොමෙන්ට් කලා ලොකුපප්පට අනුර දැමීම පිළිගත නොහැකි බව. බුදාම්මෝ මට මාර ඇටෑක් එකක් ආවෙ ජෙප්පන්ගෙන්. මට කියපුව අතර ;

1. "තොට ඕනෙ නිර්පාශ්වික හොරෙක් ජනාදිපති කරන්නද? " - තමන් පමණක් හොරැ නොවේය/හොඳය යන පොර මානසිකත්වය, තම රටට වඩා පක්‍ෂය රැකීම, නව රැල්ලට ඇති බිය

2.  "ඇයි ඒ මනුස්සය එක්ක ඔතරම් අවුල, පවුල් ප්‍රශ්නයක්ද" - ගෑණුන්ට මඩ ගහන සම්ප්‍රදායක ලින්ගිකත්වය ආයුධය 

3. "මුන් වගේ හරකුන්ව මළාට හදන්න බෑ" - නොදන්නා බව නොදැනීම, තග් මානසිකත්වය 

ආදී බොහෝ කොමෙන්ටු තිබුනා. මේවගේ කොමෙන්ට් වලින් පවා පෙනෙන්නේ ජේවීපී එකේ අදහසුත් සම්ප්‍රදායික පක්‍ෂ දෙකේ අදහසුත් අතර වෙනසක් නැති බවත් රට ඉල්ලන නැවුම් සිස්ටම් චේන් ජ් එක ජේවීපී එකට දෙන්නට බැරි බවත් ය. මේ උදාහරණයක් පමණි. තව ඕනෑතරම් උදාහරණ ඇත.

ජේවීපී එක බලයට පත් උනොත් නිර්පාශ්වික තරැණ තරැණියන් දරැණු ලෙස මර්දනය කරනු ඇත. පොල්පොට් පාලනයක් ලැබෙනු ඇත (නොදන්න අය පොල්පොට් ගෙ සීන් එක හොඳට අධ්‍යයනය කරන්න). මෙය කියවන ජේවීපී එකට හිතැති මොළ ශෝධනය නොවූ ඔබ පක්‍ෂය අදට ගැළපෙන ලෙස ප්‍රතිසන්විධානය කරන්නට හිතා බලන්න. ජේවීපී එක අරගලයේ නව නායකත්වය සමඟ හයිබ්‍රිඩ් උනොත් නම් හොඳ ප්‍රතිපල ලැබීමට පිළිවන්, නමුත් මේ දෙක තෙලුයි වතුරයි වගේ මුහු වෙන්නෙ නෑ හරිම වෙනස්. ඒත්  අනිත් අතට තෙලුයි වතුරයි පවා ඉමල්‍ෂන්ස් හදල තාවකාළිකව හෝ මුහු කර ගන්න පුළුවන්.

ඉතින් මට මොළ ශෝධනය උන, ගිරවෙකු මෙන් කියවන, සොම්බියෙක්ව අවශ්‍ය නැති නිසා දාර ජෙප්පව බ්ලොක් කලා.



Friday, April 15, 2022

ජෙප්පනි, මිනිසුන්ගේ පල්ස් එක හඳුනා ගන්න

 


ඉහත පෙන්වා ඇති පෝස්ටුව සමාජ මාධ්‍යයක පල කර තිබියදී මගේ ඇස ගැටුනි. එය පල කර තිබුනේ දන්න කාලයේ සිටම ජෙප්පෙකු වන පී එච් ඩී එකක් ඇතැයි කියන එක්තරා විශ්ව විද්‍යාල කථිකාචාර්‍ය වරයෙකි. මේ පෝස්ට් එක ජෙප්පන්ගේ මානසිකත්වය විදහා දක්වන කැඩපතක් නිසාත් ජේවීපී එකේ "අවුළ" ගැන හොඳ ප්‍රවේශයක් නිසාත් මම මෙතැන පළ කලේ. සාමාන්‍යයෙන් ඕනෑම පරිණත දේශපාලන පක්‍ෂයක් හෝ දේශපාලකයෙක් "තමන් උගුරේ ලේ රහ වන තුරැ කියපු දෙයක්" නොඅසා මිනිස්සු ඇනොනිමස්ල ලඟට යෑම දකින්නේ අපට වැරදුනේ කොතැනකද අපි ඒක හරිගස්සගන්නේ කොහොමද යන කෝණයෙන්. ඒත්  ජේවීපී එකේ අනුගාමිකයන් ඒක දකින්නෙ අවඥ්ඥාව, ඉරිසියාව, වෛරය සහිත තැනක ඉඳන් මිනිස්සුන්ට ඒකට මඩ ගැසිය යුතුය (තාම බලය තියෙන්නෙ ඒකට පමණක් නිසා) යන කෝණයෙන්. මිනිස්සු ඇනෝනිමස්ලගෙ දකින ක්‍රෙඩිබිලිටි එක අනුර කුමාරලගෙ දකින්නෙ නෑ, ඇත්ත කතාව ඒකයි. එහෙනම් කොහොමද තමන්ගෙ ක්‍රෙඩිබිලිටි එක වැඩි කර ගන්නෙ කියන එකයි ජේවීපී එක සිතා බැලිය යුත්තේ. මේ දවස් වල ජෙප්පො පිස්සු බල්ලො වගේ ජනතා අරගලය හයිජැක් කරල ඒකට උප්පැන්නෙ දෙන්න හදනව. මුලින්ම තුන් වෙනිද උද්ගෝෂණයට යන්න එපා කියල දේශපාලනිකව ඉතාම කුහක කතාවක් කලා. මොකද ජෙප්පො හිතුවෙ ප්‍රධාන පක්‍ෂ දෙක එපා වෙච්ච මිනිස්සුන්ව නිකම්ම ඉඳල (කතාවක් දෙකක් කරල) ලේසියෙන්ම බිලී බා ගත හැකි වේවි කියල. මිනිස්සු බලාපොරොත්තු උනා ජේවීපී එක තමන්ට නායකත්වය දෙයි කියල, නමුත් ජේවීපී එක ඒක කලේ නැහැ. ඉතින් මිනිස්සුම පාරට බැස්ස. ජේවීපී එක අඬපාලි කියනව, බිල්ලො පෙන්නනව, තග දානව වැඩ කෝටියයි ජේවීපී එක දැන්වත් තමන්ගෙ කුහක, වෛරී, ඊර්ශ්‍යා පරවශ සහ කල්ලි වාදී දේශපාලනය අතහැරිය යුතුයි. 

Thursday, April 14, 2022

ඔබට සුභ අරගලයක් වේවා!

 රාජපස්සලට අත් විය යුතු ලොකුම පරාජය නොහොත් මිළ කල නොහැකි පරාජය ඔවුන්ට දැනටමත් අත් වෙලා අවසානයි. ඒක තමයි, ආත්ම ගෞරවය අහිමි වීම. රාජපස්සලගෙ මූණට කෙළ ගහන තැනට ලෝකය පුරා ලාන්කිකයො කිසිම පක්‍ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව පත් වීම. මේ ජයග්‍රහනයේ මිළ රාජපස්සල  හොරා කාපු මුදලටත් වඩා බොහෝ වැඩියි. පොඩ්ඩක් හිතල බලන්න අද මනෝජ්ගෙ තත්වය. ඇමරිකාවෙ හිටියත් පාරට බහින්න පුළුවන්ද රෙද්දක් ඇඳගෙන. අර ෆස්ට් ලේඩි පිස්සුවට වැදගත් මිනිහෙක්ව නොබැඳ දැන දැනම වළත්තයෙක් බැඳපු චිමිනි හෝන්තුවට අද ඩුබායි වලට පැනල යන්න වෙලා සිය පවුළම එක්ක, අද සැලියුට් දාන්න පොලිස් කාරයොත් නෑ, යස් මැඩම් කියන්න පිරිවරකුත් නෑ, ලැජ්ජාවට මූණ වහගෙන තමයි කඩේකට උනත් යන්න වෙන්නෙ. මේක තමයි රාජපස්සලට කාල ඉන්න බැරිම පරාජය. මොන තරම් උගන්ඩාවෙන් දූපත් ගත්තත්, සුපිරි හෝටල්, මන්දිර තිබ්බත්, මුන්ට ඒව වල පාඩුවෙ වසන එක මළාට කරන්න බෑ, මොකද මුන්ගෙ පරම සතුට මිනිස්සුන්ගෙ බෙල්ල පාගගෙන බලය පෙන්වමින් බලහත්කාරකම් කරමින් සර් මැඩම් රජතුමා කියව ගනිමින් සැලියුට් ගස්සව ගනිමින් වන්දවා ගනිමින් තග දමමින් මිනී මරමින් ආතල් ගැනීම. ඒව නැතුව වෙන මොන සැප සම්පත් තිබුණත් කිසි ගතියක් නෑ. ඉතින් අද අළුත් අවුරැද්දේ ඒ සුපිරි ජය සමරමින් ඔබට සුභ අරගලයක් වේවායි පතමි.


Wednesday, April 13, 2022

ලන්කාවට අත්‍යවශ්‍ය බෙහෙත් එවන්න කියල ජී එම් ඕ ඒ එක විදෙස්ගත ලාන්කිකයන්ගෙන් කරන ඉල්ලීම

 ලන්කාවට අත්‍යවශ්‍ය බෙහෙත් එවන්න කියල ජී එම් ඕ ඒ එක විදෙස්ගත ලාන්කිකයන්ගෙන් කරන ඉල්ලීම ගැන;

1. ජී එම් ඕ ඒ එක ඉතාම අවලස්සන ලෙස රාජපස්සලට කඩේ ගිය, ඒ වගේම මේ මොහොතේත් අනිත් වෘත්තිකයන් අරගලයට සපෝට් කරද්දි හැන්ගිලා ඉන්න, රට බන්කොළොත් වෙන්න ඝෘජුවම දායක උන වෘත්තීය සමිතියක්. අඩුම තරමින් මේක ඩොලර් හිඟන්නට පෙර රටේ මිනිසුන්ගෙන්  සමාව ගත යුතු නොවේද?


2. ජී එම් ඕ ඒ එකේ වැඩ ගැන තියෙන විශ්වාසය කුමක්ද?


3. ශීතකරණ වල තැබියයුතු බෙහෙත් රටේ විදුලි කප්පාදුව එක්ක කල් තබා ගන්නේ කොහොමද?


4.  විදෙස්ගත ලාන්කිකයන් එවන බෙහෙත් සාධාරණව ජනතාවට ලැබෙනවාද නැත්නම් ජී එම් ඕ ඒ එකේ සාමාජිකයන් නෑදෑ යාළු මිත්‍රයන්ට ලැබෙනවාද කියල දැනගන්නේ කොහොමද? හරිනම් ජී එම් ඕ ඒ එක කිවයුතුයි මේ බෙහෙත්  එම් ඕ ඒ එකේ සාමාජිකයන් නෑදෑ යාළු මිත්‍රයන් පරිහරණය නොකරන බවට, ඒත් එහෙම කියන්නෑනෙ. (එම් ඕ ඒ එකට කවදද වෘත්තීමය සදාචාරයක් තිබ්බේ?) උදාහරණයකට විදෙස්ගත ලාන්කිකයන් මාසයකට රේබීස් එන්නත් සීයක් අරන් දුන්න කියමු. රටේ රේබීස් එන්නත් අවශ්‍යතාවය මාසයකට රේබීස් එන්නත් දාහක් කියමු. මේක බෙදන ක්‍රමවේදය මොකක්ද? මම කියන්නම්. ප්‍රමුඛතාව දෙන්නේ අපට එළවගන්නම ඕන රාජපස්සලට සහ උන්ගේ නෑදෑ යාළු මිත්‍රයන්ට, ඇමතියොන්ට සහ උන්ගේ නෑදෑ යාළු මිත්‍රයන්ට, ඊලඟට ජී ඕ ඒ එකේ සාමාජිකයන්ට සහ උන්ගේ නෑදෑ යාළු මිත්‍රයන්ට ආදී ලෙසයි. ජී ඕ ඒ එකේ සාමාජිකයන් අපි එවන බෙහෙත් පාවිච්චි කලත් අපිට කමක් නෑ, ඒත් ඒක හන්ගල ලෙඩ්ඩුන්ව මාකට් කරන්න එපා. කියන්න අපටත් එක්ක බෙහෙත් එවන්න කියල නැතුව  අපේ ලෙඩ්ඩුන්ට බෙහෙත් එවන්න කියල කියන්න එපා. අවසාන වශයෙන් කියන්න කැමතියි, මේ වැඩෙන් ඈත ගම් වල ඉන්න අසරණ මිනිසුන්ට වෙන්නේ අවම සේවයක්. ඒක නිසායි අපි කියන්නෙ, රාජපකෂලව එළවල හරිහමන් ආණ්ඩුවක්  හැදීම මිසක මේ පැළැස්තර වලින් වෙන්නෙ හොඳකට වඩා නරකක්. ආණ්ඩුවක් කල යුතු දේ පිටරට මිනිස්සු පිට පටවල ඒ මිනිස්සුන්ගෙ මුදල් අහභාවිතා කරන ක්‍රමයක් මේක.

-Copied

Saturday, April 2, 2022

රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය අවසානයි, ඉතිරියවත් රැකගමු

 



ඔබට මේ වන විට පෙනෙන්නට ඕනෙ, රටේ නිදහස් අධ්යාපනය සහ සෞඛ්යය බිඳ වැටිල කියල. දරැවන්ට යන්න යළට මහට ඉස්කෝලෙ ඇරියට ප්රවාහනය අවුල්, කඩදාසි නෑ, කන්න නෑ, ඉතින් එහෙම ඉගන ගන්න බැරි බව ඔබට තේරෙන්න ඕනෙ.

ඒ වගේමයි රෝහල් වල බේත් නෑ, රෝහල් කැන්ටින් වැහෙනවා, විදුළිය නැතිව පහන් එළියෙ සැත්කම් කරනවා. ඉතින් එහෙම රෝහල් පවත්වාගෙන යන්න බැරි බවත් ඔබට තේරෙන්න ඕනෙ.

වෙනත් වචන වලින් කිව්වොත් අපට නිදහස් අධ්යාපනය සහ සෞඛ්යය නිළ නොවන ලෙස නැති වෙලා ඉවරයි මේ වෙන කොට. ඒක තමයි අපේ ආගම් වාදයට, ජාති වාදයට, පන්ති භේදයට, කල්ලි වාදයට, සහ මෝඩකමට අප ගෙවූ මිළ. මොන රජයක් ආවත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න අයි එම් එෆ් එකට යන්නම වෙනවා, එතැනදී එයාල අනිවාර්යයෙන්ම මේව මුදල් ගෙවා ලබා ගන්නා සේවා බවට පත් කරවනව. ඒක කරන්නෙ උපක්රමශීලීව. අපි සරළම උදාහරණයක් ගමු. රජයේ කැන්ටිමක් කෑම නොමිළේ දෙනවා. ඒක තවදුරටත් කරගන්න බැරි උනාම මුදල් අය කරන පුද්ගලික අන්ශයට විකුණන්න ඕන, නමුත් ජනතා විරෝධයක් නැතිව. ඉතින් මෙයාල බල්ලෙක්ටවත් කන්න බැරි විදියට කෑම හදන්න ගන්නව. ටික දවසක් යද්දි මේ කෑම කන්න බැරි මිනිස්සුම කියනව මුදල් අය කරල හරි හොඳ කෑම අපට දීපල්ල කියල. ඉතින් ඒ ආකාරයට මිනිස්සුන්ගෙ විරෝධයක් නැතුවම පෞද්කලීකරණය වෙනව. අනිත් අතට කන්න බොන්නවත් නැති කරාට පස්සෙ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ගැන නෙමේ මිනිස්සු සටන් වදින්නෙ, නොමැරී ජීවත් වෙන්න.

තව එකක්, මෙතනදි අයි එම් එෆ් එකට බනින්න එපා, මොකද මේ මට්ටමට ඔඩු දිවූ ආර්ථික අර්බුදයක් ගොඩ ගන්න වෙන විකල්පයක් නෑ. අනික රට මෙතනට වැට්ටුවෙ අපි මිසක අයි එම් එෆ් එක නොවේ. ඒකයි මේ ගැටළුවේ ටයිම් සෙන්සිටිව් බවක්, නැතිනම් කාළය ගත වෙන්න වෙන්න ගැටළුවේ ඔඩු දිවීමක් තියෙනව කියන්නෙ. ආර්ථික අර්බුදයට විසඳුමක් නැතිව ගතවන හැම දවසෙම රට මාස ගණනක් ආපස්සට යනව. පොඩි උදාහරණයක් කිව්වොත්, අපට නොමැරී ඉන්න හුස්ම ඕන වගේ රටකට විදුලිය ඕනෙ. විදුලිය කපන හැම පැයකම රටට ඩොලර් ගේන කර්මාන්ත (IT, garments, other exports such as tea, sea food) ටික ටික වැටෙනව. අන්තිමට මුළුමනින්ම වැටෙනව. මුළුමනින්ම වැටුනොත් ගොඩ එන්න අන්තිම අමාරැයි. ඒ නිසා ගිනි ගන්නා ගෙදරකින් පුළුවන් ඉක්මනින් එළියට යනව වගේ ආර්ථික අර්බුදයෙන් පුළුවන් ඉක්මනින් එළියට යා යුතුයි, එහෙම නැතුව දැන් අමාරැවෙන් හරි රටට ඩොලර් ගේන කර්මාන්ත ටික විනාස උනොත් රට නැවත ලේසියකට ගොඩ ගන්න බෑ, වෙනසියුලාවෙ ආර්ථික අර්බුදය පටන් ගත්තෙ 2010දි විතර, තාම ගොඩ එන පාටක් නෑ. ඔයාල කැමතිද අවුරැදු 10-15 මේ විදියට හරි, මීටත් අන්ත විදියට හරි ඉන්න? තීරණය ඔබේ අතේ.


03 වෙනිදට මේ ටික වැදගත් වෙයි.
01. හොදට මතක තියාගන්න අපිට සාක්ශි තමයි වැදගත්. හැමවෙලෙම හැම අස්සක් මුල්ලක්ම අහු වෙන විදිහට facebook live යන්න. අපි හිතන්නෙවත් නැති තැන් / හිතන්නෙවත් නැති දර්ශන අපිට උදව් වෙන්න පුලුවන්.
02. ඔයාලගෙ සෙට් එක එක උද්ඝෝෂණයේ එක තැනකින් තියා ගන්න. එතකොට ඔයාලා දන්නවා එතන ඔයාලගේ නොවන අය කව්ද ඉන්නේ කියලා.
03. හැම වෙලේම සෝදිසියෙන් ඉන්න. නන්නාදුනන කෙනෙක් කලබලයක් ඇති කරන්න හදනවා නම් අනිවාරෙන්ම එයාගෙ 4to එකක් අරන් තියාගන්න. නැත්තන් එයා කරන දේ විඩියෝ කරගන්න. එයාව නවත්වන්න උපරිම සාමකාමී පියවරක් අරගන්න.
04. කදුලු ගෑස් ප්රහාර එල්ල උනොත් ඒකේ බලපෑම අඩු කරගන්න swimming goggles වගේ දේවල් use කරන්න පුලුවන්. ඒත් ඒවා පාවිච්චි කරන්න වෙන තැනට මේ වැඩේ දාගන්න එපා.
05. කොයි මොහොතකවත් තනි වෙන්න එපා. හදිසි ප්රහාරයක් එල්ල උනත් ඔයාලා තනි තනිව මාර්ගයේ ගමන් කරන්න එපා. හැම වෙලේම රොක් වෙලා ඉන්න.
06. කණ්ඩායම් ඇතුලේ අනිවාරෙන්ම ගිනි නිවන ද්රව්ය තියාගන්න. Specially dry powder තියාගන්න.
04. Water stock තියාගන්න.
05. තවමත් covid - 19 තුරන් වෙලා නෑ. ඒ නිසා සැමවිටම mask එකක් පලදින්න.
06. කොච්චර රට හදන්න ආවත් සමහරුන්ගෙ ආකල්ප හදන්න බැහැ. ඒ නිසා තම තමන්ගේ phone, purse, jewelry පරිස්සම් කරගන්න. මේක උද්ඝෝෂණයක් මිසක් රත්තරං බඩු වෙන්දේසියක් නෙවෙයි. ඒ නිසා අවශ්ය ඒවා හැර අන් රං ආභරණ ගෙදර තියලා එන්න.
07. මේක පුලුවන් තරම් සාමකාමී අරගලයක් කියලා කියන්න පුලුවන් තැනට වැඩ හදාගන්න. මතක තියාගන්න සාක්ශි තමයි ප්රබල.
08. පොදු දේපලට හානි කිරීම ඔබලාට සපුරා තහනම්. ඕවා කැඩුනොත් ඒවා හදන්න යන්නෙත් අපේම සල්ලි කියන එකත් මතක තියාගන්න.
09. කිසිම මොහොතක ආරක්ශක අංශ වලට පහර දෙන්න යන්න එපා. රැලියෙ කවුරු හරි එහෙම කරනවා නම් ඔහුව නවත්තන්න.
10.ජීවිත වලින් වන්දි ගෙවන්න අපිට බෑ. අම්මලා තාත්තලව, ලමයින්ව බලා ගන්න අපි ඕනෙ. ඔබ ඔබේ සීමාව අමතක කරන්න එපා. අපිව වටින මිනිස්සු අපි එනකන් ගෙදර බලන් ඉන්නවා කියන එක සිහියේ තබාගන්න.
එහෙනම්, අරගලයට ජය !


Like
Comment
Share

බඩක් ලැබුණා චිත්‍රා දෝණිට ගේක හිටියට කන්දේ... කවදා වෙනකං ඇඳිරිනීතිය දාං ඉන්නද නන්දේ...? (SN Nishan)

 මෙච්චර කල් ලංකාවේ හිටියේ නිකම්ම නිකම් සෙනගක් විතරයි.

සෙනග උදේට වැඩට යනවා, රස්සා කරනවා, හවසට ගෙදර එනවා, ටී.වී. එකේ නිව්ස් බලනවා, ඊට පස්සේ ටෙලි නාට්‍යයක් දෙකක් බලනවා, රෑට කනවා, නිදාගන්නවා. පහුවෙනිදාටත් මේ ටික මේ විදියට ම කරනවා. 

මේ අතරේ කසාදයක් බඳිනවා, ලෝන් එකක් දාලා ගෙයක් හදනවා, ලෝන් එකක් දාලා වාහනයක් ගන්නවා. ළමයි හදනවා. ඊට පස්සේ ජීවිතයේ අවුරුදු තිහක්, හතළිහක්, පනහක් මේ ඔක්කොම වෙනුවෙන් කඹුරලා, ජරාජීර්ණ වෙලා මැරිලා යනවා.. 

ඡන්දයක් ආවම තමන් පුද්ගලිකව දන්න, මළ ගෙදරට දානෙ ගෙදරට කොටහලු ගෙදරට එන, ගංවතුර කාලෙට බත් පැකට් අරන් එන, ටකරන්, සිමෙන්ති කොට්ට, වැසිකිළි පෝච්චි බෙදන, ඕනෑම හොරෙකුට ත්‍රාඩයෙකුට තක්කඩියෙකුට ඡන්දය දීලා පාර්ලිමේන්තු යැව්වා. 

මේ ත්‍රාඩයෝ ත්‍රාඩ විදියට රටේ පාලනය කරගෙන ගියා - සෙනග ටික රට හෙණ ගැහුවත් කමක් නෑ කියලා තමන්ගේ පාඩුවෙ වැඩක් බලාගෙන හිටියා. 

සෙනගයි ත්‍රාඩයොයි එකතු වෙලා 'චෞර රාජ්‍යයක්' පවත්වාගෙන ගියා. 

මේ චෞර රාජ්‍යයේ සුදු වෑන් තිබුණා, මිනිසුන් අතුරුදහන් වුණා, තර්ජන බියවැද්දීම් කළා, හොරකම්, ජඩකම්, තක්කඩිකම් කළා. මහජන ධනය මහජන දේපල අමු අමුවේ ගසා කෑවා. ජාවාරම්කාරයන් ගේ සල්ලිවලින් පවත්වාගෙන ගිය ජඩමාධ්‍ය මිනිසුන් ගේ ඔළු කුරුවල් කළා. දුසිල් මහණුන් ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රික චින්තනය පැතිරුවා. පොලීසිය, හමුදාව තක්කඩි පාලකයන්ගේ බළල් අත් වුණා. දේශපාලනඥයන් තමන්ට දාන්න පුළුවන් හැම සෙල්ලමක් ම කළා.  

ඊට පස්සේ 2022 උදා වුණා. 

හරියට මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියා වගේ මේ චෞර රාජ්‍යය මිනිසුන් ගේ ඔළු මතට ම කඩා වැටුණා. එතැනින් එහාට 'සෙනගට' සෙනග විදියට තවදුරටත් ජීවත් වෙන්න විදියක් නැති වුණා. මහා වියවුලක් ඇතිවුණා. මිනිසුන්ට නැතිවෙන්න දෙයක් නැතිවුණා.

මේ වියවුල අස්සේ මිනිසුන් තුළ මෙතෙක් කල් නිදාහෙන හිටපු මොකක් හෝ අමුතු දෙයක් අවදි වෙන්න පටන් ගත්තා. 

ඒකට තමයි හෘදය සාක්ෂිය කියන්නේ. 

ඒ හෘදය සාක්ෂිය අවදි වීමත් එක්ක මෙතෙක් කල හිටපු සෙනග 'පුරවැසියන්' බවට පත් වුණා. 

දැළඹුවො වගේ ගස් ගල් අස්සේ හැංගිලා හිටපු උන් සමනලයෝ බවට පත්වෙලා සතර අතේ පියාඹන්න පටන් ගත්තා... 

මේ මොහොතේ ලංකාව කියන්නේ ඒ පුරවැසියන් ගේ රටයි. 

මම දැන් ඒ රටට ආදරය කරන්න පටන් ගනිමින් ඉන්නවා.

-

රසික ජයකොඩි 

02 - 04 - 2022

#lka #SriLanka #life

සූනියම් දේවතාවා පිළිබඳව තොරතුරු අන්තර්ගත කබලෑ පටුන නම් පෞරාණික කවි පොත

  ජනප් ‍ රවාද වලට, අනුව ශ් ‍ රී ලංකාවේ වයඹ පළාතේ, කුරැණෑගල දිස්ත් ‍ රික්කයේ, කුළියාපිටිය මැතිවරණ කොට්ඨාශයට අයත් කබලෑව නැමැති ...