Sunday, April 17, 2022

දාර ජෙප්පෙක් සහ දාර බයියෙක් බ්ලොක් කලෙමි

මගේ සමාජ මාධ්‍ය වල අවුරැදු පහළවක් විස්සක් මිතුරන් ලෙස සිටි දාර ජෙප්පෙක් සහ දාර බයියෙක් බ්ලොක් කිරීමට ඊයේ කල්පනා කලේ පුද්ගලික තරහකට නොව ඔවුන්ගේ හැසිරීම දැකීම මට මහත් පිළිකුළක් සහ කළකිරීමක් බැවිනි. මගේ මිතුරන් අතර සියළුම දේශපාලන පක්‍ෂ වලට ඡන්දය දුන් අය වෙති, නමුත් ඔවුන් මොළ ශෝධනයට ලක් වූ සොම්බීන් නොවෙති. විශේෂයෙන්ම ජනතා අරගලය ගැන අප සියල්ලන්ටම පාහේ පොදු මතයක් තිබුනි. ලන්කාවෙ මිනිස්සු විඳින දුක ගැන  අප සියල්ලන්ටම පාහේ පොදු මතයක් තිබුනි.  නමුත්  දාර බයියා සහ දාර ජෙප්පාගේ හැසිරීම ගැන මට මහත් පුදුමයක් දැනුනි.

දාර බයියාගේ කථා වස්තුව

දාර බයියාට ආචාර්‍ය උපාදියක් ඇත. ඇයගේ මනුස්සයාටද ආචාර්‍ය උපාදියක් ඇත. වෙසෙන්නේ ඇමරිකාවේය. ළමයි ඇමරිකන් සිටිසන්ලා ය. පසුගිය මැතිවරණ වලදී මේ ඩබල ඇමරිකාවේ සිට දූෂිත රෙජීමයට රෙදි නැතිව කඩේ යමින් විශාල ඡන්ද ව්‍යාපාරයක නිරත විය. එතැනදී මිනිහා ගේ පෝස්ට් වල තිබූ දැඩි ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී මනෝ විකාරමය ගතිය ඉවසා ගනු බැරිව මිනිහාව බ්ලොක් කලේ වසර ගණනකට කලිනි. මේ කියන ඩබලේ කැරැට්ටුව පිළිබඳව මට මතක දෙකක් තිබේ. බොහෝ කලකට පෙර අප ලන්කාවේ සිටියදී කිසියම් රැකියාවක සම්මුඛ පරීක්‍ෂණයේ අවසානයට ඉතිරි වූ දෙදෙනා අප දෙදෙනාය. ඉන් මාව රැකියාවට තෝරා ගත් විට ඇය අපූරැ කතාවක් කීවාය. "ක්‍රිෂා ඔයාව තේරැනේ මම ඔය ආයතනය ලඟම පදින්චි වී ඉන්න නිසා, එයාල කැමති නෑ ඒකට" යැයි ඇය එදා කියූ කතාව අදටත් මට තේරෙන්නේ නැත. මාව ඒ රැකියාවට තේරැණේ මගේ සුදුසුකම් වලට මිසක මට උදව්වට කවුරැවත්ම හිටියේ නැත. පරීක්‍ෂණය කරපු මනුස්සයා මගේ සහතික බලද්දී ඔහුට කෝල් එකක් ආවේය. මඳ වේලාවක්  ඊට ඇහුම්කන් දුන් ඔහු මා දෙසද බලා සිනාසී මෙසේ උත්තර දුන්නේය. "සිරී, ඔයා හොඳටම දන්නවා මම සම්මුඛ පරීක්‍ෂණයක් කරද්දී හැඳුනුම්කම් මත බඳවා ගැනීම් නොකරන බව. ඒ නිසා කරැණාකරල මෙහෙම ඇමතුම් දෙන්නට එපා." මගේ මිතුරිය මේ කෝල් එක ගැන මා දන්නා බව අදටද නොදනී.

 ඉන්පසු මා ලන්කාවේ රැඳෙද්දී ඔවුන් ඇමරිකාවට ගියහ. ඊට වසර කීපයකට පසු දවසක මම ආයතනය ලඟ බස් නැවතුමේ  සිටියදී විරැද්ධ අතට යන කාරයක් නවත්වා මිතුරියගේ සැමියා ඉන් බැස එනු දුටු මම පුදුම වූයේ අප ඊට පෙර කවදාවත් කතා කර නොමැති නිසා විරැද්ධ අතට යන කාරයක් නවත්වා ඇවිත් කතා කරන්නට තරම් ඔහු ඉදිරිපත් වීමයි. නමුත් ඔහුට ඇත්තටම අවශ්‍ය වී තිබුනේ මාව පහළට දමා ඔවුන්ගේ ලොකු කම කියා පෑමටය. සන්වාදය අතරතුර මම ඇමරිකාවේ ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරන බවත් මේ දක්වා හොඳ පිළිතුරක් නොලද බවත් කී විට ඔහුගේ මුහුණේ ඇදුනු සතුට මට අදටද මැවී පෙනේ. එවිට ඔහු කිව්වේ ඇමරිකාවේ ආර්ථිකය පසුබා ඇති නිසා මම ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරත් නොලැබෙන බවයි.  ඒ කියා ටික දවසකින් මට ඇමරිකාවෙන් ඔෆර් එකක් ලැබුනි. තව මේවගේ කුහකකම් පෙන්වන සිද්ධි ගොඩක් උනා. මේ උදවිය කවදත් මගේ නියම මිතුරන් නොවන බව මා දැන සිටියද එම කාන්තාව සහ මම එක පාසලේ එක පන්තියේ ඉඳ ඇත. නමුත් මට දැන් තේරෙන්නේ එක පාසලේ එක පන්තියේ එකට කෑ බී පමණින් ඒවා ශක්තිිමත් වැඩිහිටි මිතුරැදම් වලට පරිවර්තනය නොවන බවයි. ඒත් අපි අපේ නොස්ටැල්ජියාව නිසා එම පසමිතුරන්ට අප සමීපයේ රැඳීමට හැර සිටිමු. ඒ පාසැල් කාලයේද ඇය මා තේරැම් ගත් මගේ සමාගමය ප්‍රිය කල කෙනෙකු නොවන බව දැන් බලද්දී මට හිතේ. ඇය කලේ මාව ටොලරේට් කිරීමයි. මොකද අප දෙදෙනාම එකම මිතුරැ කවයක සාමාජිකයන් බැවිනි. ඇයව මා එදා කුඩා කලද දැක්කේ මා වෙනුවෙන් අසන්වේදී, කපටි සහ නපුරැ චරිතයක් ලෙස නිසා මමද ඇයව ටොලරේට්  කලා මිස අප මිතුරන් වූයේ නැත. හුදෙක්  එක පාසලේ එක පන්තියේ එකට කෑ බී දෙදෙනෙක් පමණකි.

දැන් මට ඇයව බ්ලොක් කරන්නට හිතුනේ ඇයිද බලමු. මේ කාන්තාව තමන්ද දායක වී ගෙනා ගෝටා ලන්කාවේ පැය ගණන් ලයිට් කපා, පාසල් වසා, කඩදාසි නැතිව විභාග නොපවත්වා සිටියදීද ගෝටාටම කඩේ යයි. ඒ අතර ඇමරිකන් සිටිසන් දුව ගේ පාසැල් ජයග්‍රහන ගැන අර ලන්කාවේ ඉන්න තම ළමයින්ගේ අනාගතය ගැන දුක් වන අම්මල තාත්තලට පෙන්වයි. ඒකත් හරියට අර මට තමුන් ආචාර්‍ය උපාධිය කර කර මට ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරන්න එපා ලැබෙන්නෑ කියපු සාම්පලයේම තමා. එදා ඒ මම නම් මම කියන්නේ ගණන් ගන්න එපා ආපහු ඇප්ලයි කරන්න, මොනවහරි උදව්වක් ඕන නම් කියන්න වගේ දෙයක්නේ. ඉතින් ඒ කුහකකම දෝරෙ ගලන පෝස්ට් දකින්න මම ආස නෑ. ඊලඟට තවම ගෝටට සහ දූෂිත රෙජීමයට කඩේ යාම. මේක දැන් කරන්නේ වක්‍රාකාරයෙන්. ඒ කියන්නෙ, මෙයාල මේ තරම් රටේ ප්‍රශ්නයක් තියෙද්දි රෙජීමයට වචනයක් වත් නොකිය අපිට කියනවා  ළමයින්ව උද්ගෝෂණ වලට සහභාගි කරවීම නරකයි, මේ වෙලාවෙ ඩොලර් ටිකක් වැඩිපුර ලන්කාවට යවන්න, උද්ගෝෂණ නිසා රටේ ආර්ථිකය විනාශ වෙනවා, ඇයි අනිත් පක්‍ෂ වලටත් බනින්නෙ නැත්තේ ආදී දේවල්. මේගොල්ලන්ගෙ කිසිම රිමෝර්ස් එකක්, ඒ කිව්වෙ, තමනුත් දායක වෙලා ඇතිකරපු ප්‍රශ්නයේදි ලන්කාවෙ මිනිස්සු විඳින දුක ගැන පොඩි හරි පසුතැවීමක් නෑ. විශේෂයෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවක් තියෙන ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට පේන්න ඕනෙ ලන්කාවෙ මිනිස්සු විඳින්නේ අපා දුකක් බව. ඇමරිකාවෙ මොනම හේතුවකටවත් විදුලිය විසන්ධි කරන්නෙ නෑ, අළුත්වැඩියා පවා කරන්නෙ ලයිව් වයර් සමඟ- විශේෂ ග්ලවුස් දාගෙන. කෑම බීමද, බේත් ද, එන්ටර්ටේනින්ද, වෙන ඕනෙම දෙයක්ද කිසි අමාරැවක් නැතුව සපය ගන්න පුළුවන්. දැන් මේ ජෝඩුව ලන්කාවෙ පැය ගානක් ලයිට් කපද්දි ඒ පැය ගණනට ඇමරිකාවෙ ගෙදර ට්‍රිප් ස්විච් එක නිවන්නෙ නැහැ. වෙන මුකුත් දුකක් විඳින්නෙත් නෑ. ඒකට කිසි සන්වේදී කමකුත් නෑ, ඇත්තම කිව්වොත් රහසින් සතුටු වන ගතියක් පෙනෙනවා. ඉතින් මට හිතුනා ඒ නාර්සිසිස්ට් frienemyව නැවත දැකිය යුතු නැහැ කියල.

දාර ජෙප්පාගේ කථා වස්තුව

මේ දාර ජෙප්පා සහ මගේ හමුවීම කොතැනද කියල මට මතක නෑ, ඒ නිසා බොහෝ විට මේක ඉතා දුරින් ඇති වූ යාළුකමක් වෙන්න ඕනෙ. ඔහු දන්න කාලයේ සිටම දාර ජෙප්පෙකු වන ලෝකල් පී එච් ඩී එකක් ඇතැයි කියන එක්තරා විශ්ව විද්‍යාල කථිකාචාර්‍ය වරයෙකි. ඔහුගේ මොළ ශෝධනය කොතරම්ද යත් ජේවීපී එකේ කිසිම වැරැද්දක් නොපෙනේ. ජේවීපී එක ගැන සාධාරණ ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන්නේ අර මැක්කා ගැන රචනා ලියන ළමයා වගේ කොහෙන් ගියත්  ජේවීපී එක හරිය යන උත්තරයයි. ජේවීපී එකේ අයගේ මේ ස්ථිතික චරිත ස්වභාවය නිසා සිදු වුනේ කාලයත් සමඟ ජේවීපී එක පරිණාමණය නොවී අද වන විට යල් පැන ගිය, රටේ තරැණ තරැණියන්ට නායකත්වය දෙන්න බැරි,  පක්‍ෂයක් බවට පත් වීමය. ඒකට විසඳුම ලෙස ජේවීපී එක තෝරගෙන තියෙන්නේ ප්‍රතිසන්විධානය වීම නොව තග දැමීම, බොරැ කීම, ගොන්පාට්  දැමීම ආදියයි. වෙන වචන වලින් කිව්වොත් කැම්පස් වල නවක තරැණ තරැණියන්ට රැග් එකේ දී බලහත්කාරයෙන් සෙරෙප්පු දැම්මවීමේ න්‍යායය මේ වෙලාවේ පාරට බැස්ස නිර්පාර්‍ෂවික තරැණ තරැණියන්ට බලහත්කාරයෙන් ජේවීපී එක තෝරගැන්නවීමට පාවිච්චි කරති. 

පොඩි උදාහරණයක් කියන්නම්. සූර පප්පා ගීතයට අනුව  එක මනුස්සයෙක්  ගීතයක් කරල තිබ්බා, ඒකෙ ලොකු පප්පට  ජේවීපී එකේ අනුර කුමාරවත්, කෑකෝපප්පට මෝ. අප්පච්චිත්, චූටි කුකූට රැට්ටත්, ජිම් පප්පට සන්නත්, වෙද පප්පට කර්නර්වත් ආදී වශයෙන්. මේ සියළුම තෝරා ගැනීම් වැරදියි. නමුත් ලොකුම වරද ලොකු පප්පට  ජේවීපී එකේ අනුර කුමාර ඇඳීම. අනුර අරගලයට කළින් දවස ප්‍රෙස් කොන්ෆරන්ස් තියල කිව්ව අරගලයට  ජේවීපී එකේ සම්බන්ධයක් නැතිය, ඒකට යන්න එපාය ආදී කතා. අරගලයේ ස්වභාවයත්  ජේවීපී එකේ අරගල වල  ආවේණික ගොබ්බ ලක්‍ෂණ වලින් (පොලිසියට ගැහීම, පාර හරස් කරන් මිනිසුන්ට වද දීම, බලෙන් අරගල වලට අරන් යෑම, ඉඞ්‍රිසි කතා කරන, යමක් කමක් තියන මිනිස්සු හීනමානය නිසා කොන් කිරීම, අසීලාචාර කතාව සහ හැසිරීම, පොදු දේපළ විනාශය, පොර මානසිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ලෝක කඳවුරේ රටවල් වලින් උදව් නොඉල්ලීම, නවීන තාක්‍ෂණය යොදා නොගැනීම, පරිසරය අපවිත්‍ර කිරීම ආදී මෙකී නොකී ගොන් පාට් වලින්) තොරයි. මේ වෙලාවේ පාරට බැස්සේ නිර්පාර්‍ෂවික තරැණ තරැණියන්  (සහ වැඩිහිටියන් ) බව පැහැදිලියි. පස්සේ දේශපාලන පක්ශත් මේකට අනුගත උනා, මොකද ඔවුන්ට වෙන විකල්පයක් නැති නිසා. ඒ කරල අරගලය හයිජැක් කරන්න දැන් ජෙප්පන්ට ඕනේ. 

ඉතින් කතාවෙ මුළට ගියොත්, අර නිර්මාණයට මම කොමෙන්ට් කලා ලොකුපප්පට අනුර දැමීම පිළිගත නොහැකි බව. බුදාම්මෝ මට මාර ඇටෑක් එකක් ආවෙ ජෙප්පන්ගෙන්. මට කියපුව අතර ;

1. "තොට ඕනෙ නිර්පාශ්වික හොරෙක් ජනාදිපති කරන්නද? " - තමන් පමණක් හොරැ නොවේය/හොඳය යන පොර මානසිකත්වය, තම රටට වඩා පක්‍ෂය රැකීම, නව රැල්ලට ඇති බිය

2.  "ඇයි ඒ මනුස්සය එක්ක ඔතරම් අවුල, පවුල් ප්‍රශ්නයක්ද" - ගෑණුන්ට මඩ ගහන සම්ප්‍රදායක ලින්ගිකත්වය ආයුධය 

3. "මුන් වගේ හරකුන්ව මළාට හදන්න බෑ" - නොදන්නා බව නොදැනීම, තග් මානසිකත්වය 

ආදී බොහෝ කොමෙන්ටු තිබුනා. මේවගේ කොමෙන්ට් වලින් පවා පෙනෙන්නේ ජේවීපී එකේ අදහසුත් සම්ප්‍රදායික පක්‍ෂ දෙකේ අදහසුත් අතර වෙනසක් නැති බවත් රට ඉල්ලන නැවුම් සිස්ටම් චේන් ජ් එක ජේවීපී එකට දෙන්නට බැරි බවත් ය. මේ උදාහරණයක් පමණි. තව ඕනෑතරම් උදාහරණ ඇත.

ජේවීපී එක බලයට පත් උනොත් නිර්පාශ්වික තරැණ තරැණියන් දරැණු ලෙස මර්දනය කරනු ඇත. පොල්පොට් පාලනයක් ලැබෙනු ඇත (නොදන්න අය පොල්පොට් ගෙ සීන් එක හොඳට අධ්‍යයනය කරන්න). මෙය කියවන ජේවීපී එකට හිතැති මොළ ශෝධනය නොවූ ඔබ පක්‍ෂය අදට ගැළපෙන ලෙස ප්‍රතිසන්විධානය කරන්නට හිතා බලන්න. ජේවීපී එක අරගලයේ නව නායකත්වය සමඟ හයිබ්‍රිඩ් උනොත් නම් හොඳ ප්‍රතිපල ලැබීමට පිළිවන්, නමුත් මේ දෙක තෙලුයි වතුරයි වගේ මුහු වෙන්නෙ නෑ හරිම වෙනස්. ඒත්  අනිත් අතට තෙලුයි වතුරයි පවා ඉමල්‍ෂන්ස් හදල තාවකාළිකව හෝ මුහු කර ගන්න පුළුවන්.

ඉතින් මට මොළ ශෝධනය උන, ගිරවෙකු මෙන් කියවන, සොම්බියෙක්ව අවශ්‍ය නැති නිසා දාර ජෙප්පව බ්ලොක් කලා.



3 comments:

  1. ඕක මට තේරුම් ගන්න බැරි ජෙප්පන්, බය්යන් විතරක් නෙවෙයි.... UNP පිස්සන්ටත් තියෙනවා. උන්ට ගහක කොලයක් හෙලවෙන්නෙත් උන්ගේ පාර්ටි එක හින්දා...

    අනික මම තරුම්ගත්ත දෙයක් තමයි, දේශපාලනේ නොතේරෙන උන් දේශපාලනේ උගන්නන්න යාම, ඉකෝන් නොදන්නා උන් ඉකෝන් ගැන අම්මටසිරි වෙන්න විස්තර කිරීම ඇතුළුව සෑහෙන පිස්සුවක් හැදීගෙන එනවා වගේ.

    එක අතකට ඉතින් වරදක් කියන්නත් බැහැ , ඒ හින්දනේ බහුතරය විසින් මෙහෙම මොට්ටයෙක් උඩින්ම තියලා, වැටෙත් ඒ වගේ මොට්ටයෝ ටිකක් තියලා තියෙන්නේ.
    ඔය කුහකකම නම් වැඩිපුරම තියෙන්නේ අර කිව්වා දේශපාලන දැක්ම තියෙන මිනිස්සු ගාව කියන එක නම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මම යූඑන්පී එක මෙතන සඳහන් නොකළත් යූඑන්පී එකෙත් ඉන්නවා මේකට cognitive dissonance කියල කියනවා, ඊගෝ එක වැඩි අයගේ මේ ගතිය වැඩියි

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...