Wednesday, April 20, 2022

ප්‍රචණ්ඩත්වය විසඳුම ලෙස දකින අඳබාලයන්ගෙන් ප්‍රවේශම් වන්න - by Don Supz (https://www.facebook.com/don.supz)

ගෝල්ෆේස් සාමකාමී උද්ඝොෂණයට වාචාල විරෝධයක් ඉදිරිපත් කරන,රෝසමල් විහිළුවට ගන්න, ප්‍රචණ්ඩත්වය විසඳුම ලෙස දකින අඳබාලයන්ගෙන් ප්‍රවේශම් වන්න. 

අරගලයක් සාර්ථක කරගැනීමට එහි අභ්‍යන්තර යාන්ත්‍රණය මෙන්ම බාහිර බලවේගද ක්‍රියාත්මක වීමේ රටාව හඳුනාගත යුතුවේ. මේ වෙද්දි රට අභ්‍යන්තරය තුල විරෝධය ගොඩනැගෙමින් පැවතුනත් තවමත් එයට එකතු විය යුතු සාධක ගනනාවක් පවතී. ⁣ගෝල්ෆේස් සාමකාමී අරගලය අල්ලාගෙන තවදුරටත් සිටිය යුතු වන්නෙ මේ සියළු සාධක ප්‍රශස්ථ තත්වයන් දක්වා වර්ධනය වීමට ඉඩහැරය. 

ඔබ කැමති වුවත් අකමැති වූවත් මීටර් 500 පුරා විහිදෙන ගෝල්ෆේස් අරගල භූමිය මේ රටේම පවතින අරගලයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත. එහි සාමකාමීත්වයේ පැවැත්ම පිළිබඳව බාහිර සාධක ඇස යොමාගෙන සිටින බව පැහැදිලිය. අවට තිබෙන ප්‍රධාන තානාපති කාර්යාල, විදේශිකයන් පැමිණෙන හෝටල් සංකීර්ණ ආදිය තුලින් එහි තොරතුරු බාහිරට සංක්‍රමණය වේ. එහි ඇති සාමකාමීත්වය නිරන්තරයෙන් ජාත්‍යන්තර මාධ්‍ය එහි පැමිණීමට අවශ්‍ය භූමිය සකසයි. රෝසමලක් පොලීසියට දීම ඔබට විහිළුවක් සේ පෙනුනත් එහි සංඛේතාත්මක බවට මේ දුපතෙන් ඔබ්බට කල හැකි දේ බොහෝය. 

ගෝල්ෆේස්හී ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය වෛද්‍යාධාර සඳහා කඳවුරුලා සිටී. එහි කඳවුරු පරිධිය රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තියට යටත්ය. යම් හෙයකින් මර්ධනය තුලින් පහර වැදුනොත් රතු එලි දැල්වීමට යන කාලය ඇසිල්ලකි. 

ගෝල්ෆේස් අරගල භූමිය ඇතැමුන්ට පූජා භූමියකි. සංඝයාවහන්සේලා කඳවුරුලා සිටී, අන්‍ය ආගම්වල පූජකයන් එහි නිරන්තරයෙන්ම ගැවසේ. යම් හෙයකින් පහර දුන්නොත් ඒ පහර වදින්නෙ නිරායුධ භක්තිකයන්ට සහ ආගමික නායකයන්ටය.

අරගල භූමියේ පුස්තකාල පවතී, දැනුම් සංවාද මණ්ඩප පවතී. ඒවාට පහරදුන්නොත් ඒ පහර වදින්නෙ හුදෙක් තාවකාලික කූඩාරමකට නොව දැනුම් ගබඩාවකටය. ඒවාට පහර ගැසීමට එකවර දඩබ/;ල්ල;න් මුදාහල නොහැක. එසේ සිදුකලහොත් ඉන් බාහිරට ගම්‍ය වන්නෙ පාලකයාගේ ගෝbhත්‍රිකත්වයයි. 

මෙතෙක් කල් භුමිය වටලා සිටීමම අරගලයකි. එහි ඔබ නොදකින නොසිතන පැතිකඩ ඇත්තේය. කානිවල් එක කියවා තේරුම් ගැනීම ඔබට බාරය. 

මිත්‍රවරුනි ලඟ නොබලන්න, දුර බලන්න.. ඔබ ඔච්චම් කරන, බාල්දු කරන, විහිළුවට ගන්නා එක් කොටසක් ගානේ ඔබේ වපසරියට අසු නොවන තර්කයන් පවතී. මෙය අප ජයග්‍රහණය කල යුතුමය. එක්වන්න...! උණ්ඩ ආපසු හැරවිය හැකිය.


 Don Supz (https://www.facebook.com/don.supz)

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...