Tuesday, September 8, 2020

The bitter truth

 සියලුම පාහේ දේශපාලකයින් විසින් ජනතාව පත් කර ඇති අන්ත කාළකන්නි තත්වය පහත පෝස්ටුවේ මනාව පෙන්වා ඇත. දුප්පත්කම, නූගත්කම, අසරණකම, සහ අනේකවිධ දුක, වේදනාවෙන් පෙළෙන මේ මිනිසුන්ව රැවටීම ඉතා පහසුය. තමුන්ට තමුන්වවත් හරියට කළමණාකරනය කර ගන්න බැරි ගෑනු මිනිස්සු මිනීමරැවන් පාර්ලිමේන්තු යවන එක පුදුමයක්ද?

ඊයෙ රෑ 11 ය් කට්ටියක් ඇවිත් දොරට ගහනවා..
දොර ඇරියම අපේ කුනු ලොරියෙ යන ගෑනු කෙනා..ඉන්නෙ රේල්පාර අයිනෙ ගෙදරක..
මම ඔෆිස් එක ඇරියා..
අනේ මැඩම් අපේ දූ නිසා ආයෙත් කරදරයක් ..
හෙට උදේම පොලිසි යන්න ඕන ඉන්ක්වයරි එකට , රිමාන්ඩ් කරය් කියලා බයයි..
අනේ මැඩම් එන්න පුලුවන්ද අහනවා..
ඔය කියන දුවට මාස 2ට කලින් අවුරුදු 18 පිරුනෙ..
දැන් අවුරුද්ද ක් වයස දරුවෙකුත් ඉන්නවා..
අවුරුදු දෙකකට කලින් මේ අම්මම මගේ ලගට ආවා , මැඩම් අපේ දුවට අවුරුදු 16,මේ අවුරුද්දේ OL කරන්න ඉන්නෙ , ඒත් ගෙවල් ගාව ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් එයත් එක්ක යන්න හදනව කියලා..
මම ගෑනු ළමයටය් පිරිමි ළමයටය් දෙන්නට එන්න කියලා තදින් අවවාද කලා..
ඉගෙන ගෙන ඉන්න, පිරිමි ලමයටත් රස්සාවක් හොයා ගන්න , ජීවිතේ පිලිවෙලක් කරගෙන විවාහ වෙන්න, ආදරේ කලාට ඕක කසාද බදින්න වයසක් නෙමෙය් කියලා...
බණ අහන් ඉන්නව වගේ දෙන්නම අහනගෙන හිටියා..
මමත් හිතුවා කියූ දේ තේරුම් ගත්තා කියලා..
මාස 2ට පස්සෙ අම්ම එනවා මැඩම් මුන් දෙන්නා පැනලා ගියා ..
අත් අරින්න බෑ කියනවා..අපි පොලීසි යන්නෑ පරිවාසෙට දාය් කියලා බයය්..ඒ නිසා ගෙදරට ජෝඩුවම බාර ගන්නවා කියලා..
ඒ දෙන්නා එතනින් නතර නොවී ළමයෙකුත් හදලා..ළමයට අවුරුද්ද ය් දැන් වයස..
මාස 2ට කලින් වයස සම්පූර්ණ උන නිසා දැන් විවාහ වෙලා..
මේ ගෑනු ළමයගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙත් ඒ මට්ටමේම අය..
එතනත් අවුරුදු 17 ගෑනු ළමයෙක් දරුවෙක් එක්ක..
මේ ගෙවල්දෙකේ කෙල්ලො දෙන්නා කලින් යාලුවො..කේලමක් නිසා දෙන්න රණ්ඩු වෙලා..අල්ලපු ගෙදර කෙල්ලය් එයාගෙ මහත්තයය් නෑදෑයොය් එකතු වෙලා මගේ සේවාදායිකාවගෙ දුවට ගහලා..
එයා දැන් රෝහල් ගත වෙලා..
කකුලක් කැඩිලා..ඇහැ ගාව මැහුම් 6ක තුවාලයක්..
අද කට්ටියම උදේ පොලීසියෙ....
අවුරුද්ද ක් වයස ළමය් 3ක් කට්ටිය එක්ක පොලීසියෙ..
කීප දෙනෙක්ම මත් ද්රව්ය වෙළදාමෙත් ඉන්නවා..
කට්ටියම උසාවි දාලා ඇප දුන්නා තදින් අවවාද කරලා..
මේ තමයි අපේ රටේ ජන්දදායකයා..
බාලවයස්කාර විවාහ සිදු කරන..
ළමයින් දරුවන් වදන ...
තාමත් දියුණු සංස්කෘතියකට එන්න හිතලවත් නැති මේ මිනිස්සුන්ට ..
ආණ්ඩුක්රම ව්යවස්ථාව ..
නීතියෙ පරමාධිපත්ය..
පරිසර සංරක්ෂණය ...
කතා කිරීමේ නිදහස..
මානව අයිතිවාසිකම් ..
ප්රජාතන්ත්රවාදය ..
කියන වචනවත් තේරෙනවද...
20 සංශෝධනයෙන් මොකක් උනත් මේ මිනිස්සුන්ට වැඩක් තියනවද..

2 comments:

  1. අය්යෝ African Angel මෙහේ කුමට ඉපදී තවදුරටත් ජීවත් වෙනවද කියල තමයි හිතෙන්නේ. අපේ නම් දැන් කාලේ ඉවරයි. නමුත් මතු පරපුර?????

    ReplyDelete
    Replies
    1. මාලනී, කලකට පසු දැකීම සතුටක්. ස්තූතියි අදහසට. නූගත්කම, දුප්පත්කම මේ ප්‍රශ්න වල මූලික සාධකයක්. අපට සුළුවෙන්හෝ මෙබඳු අයට මේ විෂම චක්‍රයෙන් ගොඩ ඒමට උදව් කල හැකි නම් වටිනවා. උදාහරණයකට මම දුප්පත් දරැවෙක්ට ඉගෙන ගන්න උදව් කරනවා, ඒ දරැවගෙ අක්ක අඩු වයසෙන්ම කසාද බැඳල. මේ දුව එම විෂම චක්‍රයෙන් බේරා ගන්නයි මට ඕනේ.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...