Sanjaya Srikanth මහතා (ලoකාවේ) එකට ජීවත්වීමේ හොඳ ගැන කලකට පෙර ලියූ ලිපියක් දැකල මමත් ඒ ගැන මගේ අදහස් සහිත ලිපියක් ලිව්ව (https://deepthidonkor.blogspot.com/2019/09/o-living-together.html). අහම්බෙන් රෙශිලා සොයුරිය ඒ ගැන ලියූ ලිපියක් දැකල ශෙයා කරන්නට හිතුනේ මගේ ලිපියටත් වඩා හොඳට කරැණු දක්වා තිබෙන නිසා.
https://www.facebook.com/groups/473897536298933/permalink/761526227536061
ලංකාව වගේ ආසියාතික රටකට Living Together ගැලපෙන්නේ නැත්තේ ඇයි?
මගේ ලිස්ට් එකේ ඉන්න..මම බොහොම කැමති ලේඛකයෙක් වුන Sanjaya Srikanth මහතා ලඟදි විවාහ නොවී එකට ජීවත් වීමේ කියන සංකල්පයේ සුන්දරකම ගැන සටහනක් ලියා තිබුනා. සනජය කියූ කරුණු වලට එකඟ වෙන අතරේ මට හිතුනා මගේ අදහස ලියා පල කරන්නට.
.......................................................................................
මා හිතනවා ලංකාව වගේ දකුණු ආසියාතික ආකල්ප , වටිනාකම් ඇති රටකට ඒ දේ ගැලපෙන්නේ නැහැ කියල. ඒකට හේතුත් කිසියම් උදාහරණ දෙක තුනකුත් ලියා දක්වන්නම්.
ජෝන් එබ්‍රහිම් සහ බිපාෂා බාසු අවුරුදු 9 ක් එකට ජීවත් වුනා
අපි දන්නවා ජෝන් එබ්‍රහිම් සහ බිපාෂා බාසු දෙන්නා බොලිවුඩයේ සිටි හොඳ ආදරවන්තයෝ. ඔවුන් වසර 9 ක් එකට හිටියා. ජෝන් ඇයව විවහා කර ගත්තේ නැහැ. මොකද ඔහු හිත යටින් බලාපොරොත්තු වුනේ ගොඩක් ඉගෙනගත්තු කාන්තාවක් විවහා කර ගන්න. නමුත් බිපාෂා ගේ සිරුරට ඔහු බෙහෙවින්ම ඇලුම් කළා. ඔහු කීවේ " සැබෑ ආදරයට කොලේකින් වැඩක් නැහැ . අපි දෙන්නා හොඳින් ඉන්නවා. එච්චරයි. ඒ වගේම විවාහයකට පෙර දෙදෙනෙක් එකට ඉන්න ඕනේ. " අනේ බිපාෂත් මේ වචන හොඳින් විස්වාස කරා. නව වෙනි වසර අවසානයේ ඔහු ඔහු පතපු අන්දමේ හාවර්ඩ් වල ඉගෙන ගත්තු ප්‍රියා රන්චාල් හමු වුනා....
අනේ අර කලින් වැඩක් නැති කොලේ, අවබෝධය, ආදරේ , වටහාගැනීම සේරම තියල හමු වෙලා මාස නවයකින් ඔහු වසර 9 ක් එක වහල යට සිට ඔහුගේ Career එක උස්සල දුන්න, නලුවෙක් වෙන්න පාර කපපු බිපාශාව අතහැරලා නීතියෙන් විවාහ කර ගත්තා. හදිස්සියේ ඔහුට කොලේ වැදගත් වුණා. එකට ඉඳල හඳුනාගැනීමක් කරන්න ඕනේ නැති වුනා.
පස්සේ බිපාෂා පුවත්පතකට කියනවා. "මගේ ජීවිතේ ගෙවුන කාලේ ආයේ ගන්න බැහැ. ඒ කාලේ මම රඟපාන වැඩේ ඉවර කරලා , ජිම් ගිහින් එතනින් කෙලින්ම ගෙදර යනවා. ආයේ වෙන පිරිමියෙක් දකින්නවත් හමු වෙන්නවත් බලාගෙන උත්සවවලට , ඩෙට් වලට යන්නේ නැහැ. ඒ නිසා මට වෙන කෙනෙක් එක්ක විවහා වෙන පරමාර්ථයෙන් ඇසුරු කරන්න බැරි වුණා. මගේ තරුණ කාලේ හොඳම හරිය ජෝන් ගේ කොලේ නැති ගෑනි හැටියට ගෙවුනා. ......"
................................................................................
බටහිර රටවල දරුවෝ හැමෝම යාලු වෙලා ඉක්මනින් එකට ජීවත් වෙනවා. ඔවුන් හැමෝම විවාහ වෙන්නේ අවුරුදු දෙක තුනක් එකට ඉඳල. සමහරු හරි නොයද්දී වෙන් වෙනවා. එහෙම වෙන් වුනා කියල කවුරුත් ඒ කාන්තාවට බඩුව කියන්නේ නැහැ. ඒ කාන්තාවගෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්නේ නැහැ. තව කෙනෙක්ව විවාහ වෙන්න බැරි කමක් ඒ සමාජ වල නැහැ. ඒ වගේම නොගලපෙනවට වෙන් වුනාට ඒ රටවල ගොඩක් මිනිස්සු තමාගේ පෙම්වතිය ටික කලක් තියාගෙන ඉඳල වෙන ඊට වඩා හොඳ උගත්කෙනෙක්, සල්ලි තියන කෙනෙක් හම්බ වුනාම අතහරිනවා කියන සංකල්පයේ නැහැ.
හිතන්න අපේ රටක කෙල්ලෙකුයි කොල්ලෙකුයි විවාහ නොවී එකට ඉන්නවා. එහෙම ඉඳල විවාහ කරගනිද්දී කොල්ලගේ අම්ම කවදාවත් කියන්නේ නැහැ " අනේ පුතේ උඹ නිසා ජීවිතේ කැප වුන කෙල්ල. එහෙම කෙල්ලෝ එකට ඉඳල දාල එන්න එපා " කියල. ඒ වෙනුවට කියන්නේ. "දැන් වත් ඔය ගෑනිව අතහැරලා දාල අර අපි කියන ගොඩින් මෙච්චරක් , මඩින් මෙච්චරක් තියන අහවලාගේ අහවලාව බඳින්න " කියලයි. ආගම් අදහාගෙන පන්සල්, පල්ලි, කෝවිල් වල පදිංචි වෙලා හිටියට අපේ වැඩිහිටි පරපුරට moral ethics කියල දෙයක් ගෑවිලා වත් නැහැ. ඉතින් ඔවුන් හදන ළමයි ටත් ඒ දේවල් නැහැ.
හොඳයි එකට මිනිහෙක් එක්ක අවුරුදු ගානක් කොලේ නැතුව දීග කෑව ගෑනියෙක් අයින් වෙලා තනියම ඉන්න ගියොත් මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දේවිද? එදා ඉඳල කොල්ලගේ , බල්ලාගේ ඉන්දල හදන්නේ ඒ ගෑනිව ඇඳට ගන්න. බැරි වුනොත් රටේ තියන හැම කතාවම කියල බනිනවා.
" අරකිට අරු එක්ක මෙච්චර කාලයක් ඉන්න හොඳයි. අපිට තමා පත්තිනි අම්මා. ඕක අරු ජොලියට තියාගෙන හිටියේ . හොඳම වැඩේ. අරු නියම කෙල්ලෙක් සෙට් කර ගත්තා. නියම කෑල්ලක්. හොඳම වැඩේ "
ඒ වගේම වසර ගණනාවක් එකට ඉද්දි ආවස්ථික පිරිවැයක් තිබෙනවා. සම්බන්ධයක දී අපි කැපවීම් කරනවා. සමහර විට එක්කෙනක් උපයනවා. දේපොළ හිමිකාරීත්වය තිබෙන්නේ එක්කෙනෙක්ට. තරුණ කාලේ ගෙවිලා වෙන් වෙන්න තීරණය කරොත් මනුස්සකම සලකලා දෙපොලෙන් බාගයක් අවිවාහකව තමන් එක්ක ජීවත් වුන කෙනාට දෙන්න කවුද කැමති වෙන්නේ? මේ අපේ වගේ රටක.
ඒ වගේම දෙන්නෙක් එකට ඉඳල එක්කෙනක් මිය ගිහාම උන් හිටි තැන් නැති වෙනවා මේ වගේ රටක. මොකද නෑදෑයෝ සේරම ඇවිත් දේපොළ ටික කඩා ගන්නවා. අනේ අර අවිවාහකව ජීවිතේම එකට හිටිය කෙනාට ඒ දේවල් වලින් බිම් අඟලක් දෙන්නේ නැහැ. අපේ රටවල මිනිස්සු ඒ තරම් පරිත්යාගශීලියි.
...................................................................
ඒ නිසා සංජය සහෝදරයා විවාහ සහතිකේ නැතුව එකට ඉන්නවා කියන එක මේ වගේ කට්ට කයිරාටික, වටිනාකම් නැති මිනිස්සු ඉන්න රටක ගැහැණියකට ගොඩක් ආවාසි දායකයි.
මේ සටහන ලිවුවේ එකට අවුරුදු 20 ක් ජීවත් වෙලා( කොලේ නැතුව ) ..භාර්යාව මියගියාම ( අන්තිම අවුරුද්ද මල මුත්‍රා අදිමින් යහන ළඟ වැටිලා සාත්තු කරපු පිරිමියෙක්ට ) ඇගේ අවමගුලට සහභාගී වෙන්න පවුලේ මිනිස්සු ඉඩ නොදුන්නා මගේ දෙනෙතින් දැකල ඇති වුන කම්පනයට. ඔහු කනත්තට ඇවිත් වල ළඟ වැටිලා පස් කෑවා. මූණ බලන්න ඕනේ කියල අන්තිම වතාවට . (එච්චර කරුණාවන්ත මිනිස්සු ඉන්න රටක් මේක හොඳේ......)
ඒ වගේ රටක කොලේ ලියලම පවුල් වෙන එක කාගේ කාගේත් ඇඟට ගුණයි.
'කසාද කොළේ' නොමැතිව තනිවූ විට අවාසිය සැමවිටම අත්වන්නේ විවිධ මතවාද කරපින්නා ගෙන සිටින අපේ රට වැනි ආසියාතික රටවල් කිහිපයක පමණයි. ඔබගේත් ලිපිය ලියා ඇති අන් අයගේත් අදහස් වලට මාද එකඟ වෙනවා. සමහර රටවල මා දැක තිබෙනවා 'Single parent' නම් සංකල්පයක්. විවාහ නොවී දරුවන් ලබන කාන්තාවන්ට ඒ රටවල යම් යම් අනුග්‍රහ දක්වනවා.
ReplyDelete