Saturday, September 19, 2020

ආදරයක් සාර්ථක අසාර්ථක වීම රැන්ඩම්ද?

මුහුණුපොතේ දුටු එක්තරා ලිපියක් මම මෙහි පළ කරනවා. එම ලිපියේ දැක්වෙන කරැණු අනුව ආදරයක් සාර්ථක අසාර්ථක වීම හෙන රැන්ඩම් සිද්දියක් වගේ පෙනුනට ඇත්තටම එහෙම නෑ. දෙදෙනෙක් හඳුන ගෙන ආදරය කරන කාලෙදි ක්‍රිටිකල් ප්‍රශ්න කතා කරන්නෙ කීයෙන් කී දෙනාද? අන්තිමට අවුරැදු දහයක් ලව් කරල බැඳල අවුරැද්දෙන් ඩිවෝස්. බලපුවම අර අවුරැදු දහය ලව් කරනව කියල කරල තියෙන්නෙ කාල බීල විනෝද වීම විතරයි, එකිනෙකාගෙ ආකල්ප, දුබලකම්, අවශ්‍යතා, සිහින හඳුනා ගැනීමක් වෙලා නෑ. සමහරැ ඒව කතා කරන්නටත් බයයි මොකද ඒක කෙළවර වෙන්නෙ හිත් අමනාපයකින්. හැබැයි කසාද බැන්දම එම කටුක යථාර්තයට මූණ දෙන්නම වෙනවා. 


මට මුණගැසුනු මා ගැන කැමැත්තක් පෙන්වූ පිරිමින් කීප දෙනෙක් ගේ යෝජනා මම ප්‍රතික්‍ෂේප  කලේ පහත  ක්‍රිටිකල් ප්‍රශ්න (for example) අසා ඔවුන් දුන් පිළිතුරැ මත ඔවුන්ගේ ආකල්ප මගේ ආකල්ප සමඟ නොපෑහීම නිසා. ඒ පිරිමි අතර සල්ලිකාරයන්, කඩවසම් සහ උගත්, දියුණු රටක පදිoචි, හොඳ පවුල් පසුබිම්, හොඳ  රැකියා ආදී මෙකී නොකී ආකර්‍ෂණීය දේවල් තිබුනා. ඒත් ඒවට වහ වැටී නොගැලපෙන අදහස් සහිත සහකරැවෙක් සමඟ විවාහ උනා නම් අද මගේ ජීවිතය අපායක් විය හැකිව තිබුනා.

Example 1

මගේ ප්‍රශ්නය - ඔයා කැමතිද මම රැකියාවක්  කරනවට?

පිළිතුර - නෑ මම කැමතියි ඔයා ගෙදර ඉන්නවට (මෙම පිළිතුර මගේ කැමැත්තට සතුටට පටහැනි නිසාත් career development එක මගේ ජීවිතයට ගොඩක් වැදගත් නිසාත් මෙම පිරිමියා ප්‍රතික්‍ෂේප විය)

Example 2

මගේ ප්‍රශ්නය - ඔයා දරැවන් ලැබීමට කැමතිද?   

පිළිතුර - අපෝ ඔව් මට කසාදයක අoක එක තමයි ළමයි, මට දුවෙකුයි පුතෙකුයි ඕනෙමයි.

මගේ ප්‍රශ්නය - බොහොම හොඳයි බැරි වලාවත් මගේ ශරීරයේ අඩුපාඩුවක් නිසා අපට  ළමයි නැති උනොත් මොකද කරන්නේ?

පිළිතුර -බුදු අම්මෝ ඔයා ඇයි එහෙම අහන්නේ ඔයාට එහෙම අඩුපාඩුවක් තියෙනවද (එදායින් පසු මේ මට  මෙම පිරිමියා කවදාවත් කතා කලේ නැත. මෙබඳු පිරිමින් සමඟ විවාහ වීම අති විශාල risk එකකි.)

බොහෝ කාන්තාවන් තම නියම වටිනාකමට වඩා අඩු ලoසුවකට විවාහ වෙළඳපොල්දී විකිනෙති. බේබද්දන්ගෙන් අඩුම බේබද්දා, පීඩකයන්ගෙන් අඩුම පීඩකයා, අමනයන් ගෙන් අඩුම අමනයා තෝරනවා මිසක මත්පැන් නොබොන, පීඩා නොකරන, අමනයකු නොවන පිරිමියෙක් සෙවීමට නොයති.  ඉතින් අරහෙම ප්‍රශ්න අසා කටුක යථාර්තය දැනගන්නවාට වඩා අවුරැදු ගනන් ලව් කරද්දී එවෙළෙට විනෝද වීම මෙම කාන්තාවන් තෝරා ගනී. අනතුරැව විවාහ වී සැමියා රැකියාවෙන් ඉවත් වන්නට බල කරන විට හෝ දරැවන් ලැබීම පමා වීමේදී යකා නටන විට රණ්ඩු වෙති, දික්කසාද වෙති.  Good marriage life is not a mistery, people who are brave enough to search for the right person will get it. People who are distracted by money, looks, status, etc and compromise compatibility will suffer at the end. 

 https://www.facebook.com/youmepage.lk/  

අවුරුදු දහයක් යාලු වෙලා ඉදල කසාද බැදපු දෙන්නෙක් බැදල අවුරුදු දෙකකට පස්සෙ ඩිවොස් වෙන්න යනව.

අවුරුද්දක පුංච් පැටියෙකුත් ඉන්නවලු.

ප්‍රොපෝසල් එකකින් සෙට් වෙලා යන්නම් මාස තුනක් ආශ්‍රය කරල කසාද බැදපු දෙන්නෙක් තමයි අරුන් දෙන්නව ආයෙම එකතු කරල තියන්න ට්‍රයි කරන්නෙ.උන් බැදල දැන් අවුරුදු දහයක්ලු.අදටත් ගොඩක් සතුටින් ඉන්නව කියන්නෙ.

පලාතෙම තිබ්බ හොදම හෝල් එක බුක් කරල වෙඩින් එක අරන් හනිමුන් වලට මැලේසියා ගිහින් හෝම් කමින් එක ඊටත් වඩා ලොකුවට ගත්තු කපල් එකක් එකම ගෙදර තට්ටු දෙකේ වෙන වෙනමලු දැන් ඉන්නෙ.ඩිවෝස් වෙන්න ඕනිලු ඒත් ඊට පස්සෙ සමාජයට මූණ දෙන්න බැරි නිසා මෙහෙම ඉන්නවලු.

ගැබ් ගන්නෙ නැති ප්‍රශ්නයක් හින්ද බෙහෙත් වලට හැම  සේසතක්ම වියදම් කරපු ගැහැණු කෙනෙක් අන්තිම පාරට ට්‍රයි කරල බලන්න කියල ගේ උගස් කරල ඉන්දියා යනවලු.  " මට නම් හිතහදාගෙන ඉන්න පුලුවන්, ඒත් යාලු වෙලා ඉද්දි මට ඔයාව විතරයි ඕනි හැමදාම කියල කියපු එයා දැන් මට වෙනස් කම් කරනව."

දන්න එකෙක් තමයි කිව්වෙ,ගෙවල් උගස් ගන්න කවුරු හරි ඉන්නවනම් කියන්න කියල.

කේන්දර ප්‍රශ්නයක් හින්ද බදින්න බැරිවෙච්ච නැන්ද කෙනෙක් මගේ හොදම යාලුව යාලු වෙලා ඉන්න කෙල්ලගෙ ගෙදර ඉන්නවලු." කේන්දර එහෙම ගැලපෙනවද දැන් මේ ලමයින්ගෙ " කියල ගෙදර ගිය වෙලාවෙ ඉස්සරලම ඇහුවෙ එයාලු.බොහොම අමාරුවෙන් තමයි යාලුව හිනාව තද කරන් ඉදල තියෙන්නෙ.

දිසානායක අංකල් ගෙයි ආන්ටිගෙයි 25 වෙඩින් ඇනවසරි එක ලගදි ලොකුවට ගත්ත.දරු , මුණුපුරන් එක්ක.ඇනවසරි එකක් සැමරුවට එයාල වෙඩින් එකක් ගත්තෙ නෑලු.පැනල ගිය දවසලු ඒ සමරන්නෙ.පස්සෙ කාලෙක ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ එකක් ගත්තලු.අදටත් ඒ ෆොටෝ එක විතරලු තියෙන්නෙ.

වැඩිහිටි දීමනාව ගන්න පෝලිමේ අත් අල්ලගෙන ඉන්න ආච්චි කෙනෙකුයි,සීය කෙනෙකුයි මොනාද කියෝ කියෝ හයියෙන් හිනාවෙනව.

ලමයෙක් කිහිල්ලෙ ගහගත්තු අම්ම කෙනෙක් තමන් අතෑරල ගිය  මිනිහ වන්දි සල්ලි දෙන්නෙ නෑ කිය කියා ඕ. අයි. සී මහත්තය ලග හඩා වැලපෙනව.

විවාහය කියන්නෙ එහෙම එකක්.

සමහරු විදිනව, සමහරු විදවනව.

සමහරුන්ට ලැබෙනව.සමහරුන්ට මගහැරෙනව.

සමහරු පරිස්සම් කරනව, සමහරු අත් හරිනව.

සමහරු ගලපගන්නව, සමහරු නොගැලපීම් හොයනව.

ඒත් හැමෝම ඒ වෙනුවෙන් හීන දකිනව.

2 comments:

  1. කොහොමත් දෙන්නෙක් දෙන්නෙක්ම තමයි. නොගැලපීම් එමටයි. යම් කැප කිරීමක් තියෙන්න ඕන කුටුම්බය කියන නැව එක් දිශාවකට පදවන්න. මොකද දෙන්නටම ඒක ඕන නිසානේ එකඟ වුණේ. එකඟ වෙන්න කලින් කතා බහ කරන්න ඕන ඉදිරි අභියෝග ගැන. කෙසේ වුවත් මිනිස්සු මෙන්ම ගැහැණුත් වෙනස් වෙන සුළු ප්‍රපංච. ඒ නිසා ඉන්න බැහැ කියන තත්වය ඇතිවුණොත් ගහ මරා ගන්නේ නැතුව වෙන් වෙන්නත් බුද්ධියක් තියෙන්න ඕන නේද Angel?

    ReplyDelete

පොඩී පොඩි තරඟ වළට පොර කා හෙම්බත්වී ලොකු තරඟ පැරදෙමුද? Choose your battles

 අළුත් අවුරැද්දට පසු චමල් අකලoක දාපු පෝස්ට් එකක චූටි දුවෙක් බනිස් කෑමේ තරඟයකදී නිවී සැනසිල්ලේ බනිස් කාපු ආකාරය ගැන පෝස්ට් එකක් දාල තිබුනා. ම...