Tuesday, October 6, 2020

කොරෝනා සහ හිතට වැදුනු පෝස්ටු දෙකක්

 ගැහැනියට අපහාස කිරීම කලාවක් නම් බහුතරයක් ශ්රීලාංකික පිරිමින් එහි පිකාසෝවරුන් වෙති.පසුගිය කාලගේ ලංකාව පුරාවටම කොරොනා බෝ කරෝ පිරිමින් ය..රෝහල් වලින් පැන යමින්,කුඩු බොමින් ගම්මැදි හතේ ඇවිදිමින් රටටම කොරෝනා බෝ කරත් කිසිදු ගැහැනියක් ඒ ගැන වචනයකුදු නොකීවාය..දෙවන රැල්ල පටන් ගෙන ඇත්තේ ගැහැනියක් හරහාය..දැන් ලංකාවේ බොහෝ පිරිමින්හට ප්රශ්න රැසකි..

මිනිහට හැදිලා නැතිලු..ගෑනිට විතරලු..
කාගෙන් බෝකරගත්තාද දන්නේ නෑ..
ආදි වශයෙන් මාර්තු සිට නොතිබු ප්රශ්න රැසකින් ඔවුන් දැන් පීඩා විදී ...සරලවම මේ ගැන පුදුම විය යුතු නැත..බණක් කියන්නට ඉද ගත්තත්,දේශනාවක් තියන්නට ගියත් හොඳම මාකට් එක ගැහැනිය යි..ලොව ප්රථම තැනට ගූගල් සෙක්ස් හොයන අසහනය පිට කිරීම එසේ මෙසේ කාර්යයක් නොවේ..දැන් එය මවගේ සහ දුවගේ කොරොනාවයි..පෙර කිසි විට එය තාත්තා ගේ සහ පුතාගේ කොරොනාව නොවුනද දැන් හැදින්වෙන්නේ ඒ ආකාරයට යි...මේ ගැහැනිය සිය මව හෝ දියණිය වූවා නම් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි..මගේ පිටුවේ පවා උගත් යැයි සම්මත අය ඉතා බාල මට්ටමේ පෝස්ට් බෙදාහරිමින් සතුටු වෙයි..අද මේ අසරණ කාන්තාව කොපමන නම් මානසික පීඩාවකට ලක්වී ඇතිද..දරුවන් සිවු දෙනෙකුත් සිටියදීත් ඇය රැකියාවක් කරන්නට ඇත්තේ ආර්ථික බර නිසාම විය හැක..කොරෝනා යනු සමාජ රෝගයක් නොවන බව ගැහැනියක් අල්ලගෙන අවමන් කරනා නපුංසකයන් දැනගත යුතුය.එය දෙවන වරට මුලින්ම හඳුනා ගත්තේ ඇය හරහාය..කෙසේ වෙතත් ලංකාවේ මාධ්ය යනු පලවෙනි පංතියේ පිංපියන් ය..විකුනාගෙන කෑ හැකි නම් මව දියණිය උවත් කම් නැත..සැබැවින්ම ලංකාවේ පිරිමින් ගෙන් මම ප්රශ්නයක් අසමි. ගැහැනියකට අවමන් කරන කල ඕනෑම නපුංසකයෙක් සිංහයෙක් වන්නටත්, තම මවට දියණියට අපහස කරන උන් පමනක් චාරයක් නැති නපුංසකයන් වන්නටත් හේතුව කුමක්ද ? සැබැවින්ම යලි කොරෝනා රැල්ල මෙසේ පැතිරීමට අපි සියල්ලෝම වක්රව දායක වී ඇත...ඔබ ඇඳෙන් බැස ගිය කල බිරිඳ දවසම බුම්මගෙන සිටීමටත්, අනියම් බිරිඳ යලි එන්න එපා කීමටත් හේතු වූ අසරණ කම නැති කර ගැනීමට වහා ගොස් වෛද්යවරයෙක් හමුවන්න..කාගේ හෝ මවක්, දියණියක්, සොයුරියක්, බිරිඳකට අවමන් කල පලියට ඔබගේ අප්රාණික අවයව සප්රාණික වන්නේ නැත.ලංකාවේ සමස්ථ දළ දේශීය නිශ්පාදනයට මේ ඇඟලුම් කම්හල් වල රැකියා කරන සොයුරියන් දෙනුයේ අති විශිෂ්ඨ දායකත්වයකි..සමාජය ඉදිරියේ නැති පිරිමි කම පෙන්වීමට සමාජ මාධ්ය වලට විත් සිංහයන් වීමට තැත් කරන නපුංසකයන් හට වැඩිය සියදාස් වාරයක් ඔවුන් මේ බිමට වැඩ දායකය..ඔවුනට සුවය පතන්නට බැරි නම් කරුනාකර නිහඬ වෙන්න..ඔබගේ වැඩකට නැති ලිංගයෙ පවු පිටකර ගැනීමට ඒ අහිංසක මවත් දියණියත් පීඩාවට පත් නොකරන්න..නියම පිරිමියෙක් මෙන් එසේ කිරීමට එරෙහි වන්න...
# මෙය මහත්වරුන්ට අදාල නොවේ.#
අමා මධුවන්ති විසින් ලියන ලද සටහනක් ඇසුරිනි
@අළු හිතන මිනිස්සු කියවන පිටුව

ලංකාවට ඩොලර් එන්නේ කොහොමද ? ඇඟළුම් සේවිකාවන්ට එල්ල වන විවේචන නිසා ඉතාමත් අවිවේකී වේලාවක වුවද ලියමි. අපි කවුරුත් පිටරටින් එන දේවල් රාශියක් පාවිච්චි කරනවා. ලැප්ටොප් එකක්, මොබයිල් ෆෝන් එකක්, වාහනයක්, මෝටර්බයික් එකක්, ඉදිකට්ටක්, හදුන්කූරක්, අර්තාපල් ගෙඩියක්, ඇපල් ගෙඩියක්, මෙකී වොකී ගොඩක් දේවල් පිටරටින් ගෙනැවිත් අපි පාවිච්චි කරනවා. ඕවා පිටරටින් ගේන්න සල්ලි ගෙවන්නේ කොහොමද ? අද කතාව කියන්නේ පොඩි එකෙකුටත් තේරෙන විදිහට. හරිම සරළව. ඕව ගේන්න අපි පිටරටවල් වලට රුපියල් වලින් ගෙවල හරියන්නෙ නෑ. ශ්‍රී ලංකා රුපියල කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් මුදල් වර්ගයක් නෙවෙයි. ජාත්‍යන්තරව පිළිගත් මුදල් වර්ග තියෙන්නේ හතරයි. 1. ඇමරිකානු ඩොලරය 2. යූරෝ 3. පජන් යෙන් 4. එංගන්තයේ සටර්ලින් පවුම්. මීට අමතරව චීන මුදල් ඒකකය වන යොආන් දැන් දැන් ජාත්‍යන්තර මුදල් එ්කකයක් විදිහට පිළිගැනීමට ලක් වෙමින් තියනවා. අපිට යම් දෙයක් පිටරටින් ගෙන්වන්න ඕන නම්, අපි ඒකට ඔය උඩින් කියල තියෙන මුදල් වලින් තමයි ගෙවන්න ඕන. එතකොට අපිට කොහෙන්ද ඔය කියන මුදල් එන්නේ ? භෞතිකව ඩොලර් නෝට්ටුවක් ලංකාවට ගෙන්ව ගන්නේ කොහොමද ? අපේ රටේ රජයට ඔය මුදල් අච්චු ගහන්නත් බැහැ. අපේ රජයට බලය තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් අච්චු ගහන්න විතරයි. එතකොට කොහොමද අපිට ඩොලර්, යූරෝ, යෙන්, පවුම් එන්නේ ? අපි තේ, පොල්, රබර්, ඇඟළුම්, මත්ස්‍ය නිෂ්පාදන, සුළු කෘෂි භෝග අපනයනය කරනවා. එතකොට ඒ රටවල් වලින් අපිට ඩොලර් හෝ මම උඩින් කීව අනෙක් ජාත්‍යන්තර පිළිගැනීමක් තියන මුදල් වර්ග වලින් ගෙවනවා. ඒවට තමයි අපි විදේශ විනිමය ලැබීම් කියල කියන්නේ. ලංකාවට විදේශ විනිමය එන ලොකුම මූලාශ්‍ර තුන තමයි, 1. විදේශ රැකියා කරන්නන් එවන මුදල් 2. රෙදිපිළි හා ඇඟළුම් 3. සංචාරක කර්මාන්තය. ඔය තුනට පස්සේ තමයි තේ, පොල්, රබර් තියෙන්නෙ. ඕකෙන් සංචාරක කර්මාන්තය දැන් බිඳවැටිලා ඉවරයි. රජය හැකි ඉක්මනින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරන්න යන්නේ ඇයි කියල දැන් තේරෙනවා ඇති. කොරෝණා කාලෙත් ඇඟළුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන ගියේ ඇයි කියල තේරෙනවා ඇති. අපි අපනයනය කරන දේවල් නම් භාණ්ඩ වලින් කියන්න පුළුවන්. නමුත් ආනයනය කරන දේවල් එහෙම කියන්න බැහැ. භාණ්ඩ වලින් කීවොත් සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒ නිසා අපි ආනයන කියන්නේ භාණ්ඩ ඝණ වලින්. 1. පාරිභෝගික භාණ්ඩ (පරිප්පු, සීනි, කඩල, මුංඇට, අර්තාපල්, ලොකු ළූණු) 2. ප්‍රා⁣ග්ධන භාණ්ඩ (යන්ත්‍ර සූත්‍ර, උපකරණ, වාහන) 3. අන්තර් භාණ්ඩ ( ඛණිජ තෙල්, රෙදි, සිමෙන්ති, කෘෂි රසායන, පොහොර) ඔය එක කැටගරි එකකට භාණ්ඩ දස දහස් ගානක් අයිති වෙනවා. ඕවට අපි ජාත්‍යන්තර පිළිගත් මුදල් වලින් ගෙවන්න ඕන. ඒවට තමයි කියන්නේ විදේශ විනිමය ගෙවීම් කියලා. ඔය වර්ග තුනෙන් හැකි තරම් පාරිභෝගික භාණ්ඩ ආනයනය නතර කරන්න ඕන. ප්‍රාග්ධන භාණ්ඩ වැඩිපුර ගෙන්වන්නේ ලංකාව තුළ සිදු වන නිෂ්පාදනය වැඩි උනොත්. අන්තර් භාණ්ඩත් එහෙමම තමයි. උදාහරණයක් විදිහට පොහොර වැඩිපුර ගෙන්වන්නේ ගොවිතැන් කටයුතු වැඩිපුර ලංකාවේ සිද්ධ උනොත් නේ. ඒ නිසා ප්‍රාග්ධන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ වැඩි වීම එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒ පිටරටින් ගෙන්වන පොහොර ටිකත් ලංකාවේම හදන්න පුළුවන් නම් තවත් හොඳයි. කොහොම උනත් පාරිභෝගික භාණ්ඩ නම් ගෙන්වන එක පළමු අවස්ථාවේ දීම නවත්වන්න ඕන. කහ ආනයනය කරන්න කියන කොට රජය ඒ තීරණය ප්‍රතික්ෂේප කලා. ඒක හොඳ තීරණයක් වෙන්නේ ඔන්න ඔය පදනමින් තමයි. අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 10. 3 යි. අපි ගෙවන්න ඕන විදේශ විනිමය ඩොලර් බිලියන 20. 4 යි. ඒ කියන්නේ ලැබෙනවා වගේ දෙගුණයක් විදේශ විනිමය හිඟයක් තියනවා. වෙළෙඳ ශේෂය 100% ක් තියන රටක් අපි !! ඉතිං අපි කොහොමද ඔය 100% ක වෙළෙඳ ශේෂය පියව ගන්නේ ? ඒක පියවන්නේ විදේශ රටවලින් ඩොලර් වලින් ණය අරගෙන. විදේශ ශ්‍රමිකයන්, ඇඟළුම් සේවිකාවන්, මෙරටට එන විදෙස් සංචාරකයන්, ආයෝජකයන්, තේ දළු නෙළන්නන්, රබර් කිරි කපන්නන්, පොල් වතු සේවකයන්, ධීවරයන්, ගම්මිරිස් වගේ සුළු අපනයන භෝග වගා කරුවන් තමයි ඔය ඩොලර් ටික අපිට හොයල දෙන්නේ. ඒ හොයල දෙන ඩොලර් එකෙන් ගන්න ලැප් එකෙන් හෝ ෆෝන් එකෙන් ෆේස් බුක් ගිහින්, #ගාමන්ට්කෑල්ල කියල අපහාස කරල පෝස්ට් දාන උන් ඉන්නවා නේද ? උන් තමයි කවදා හරි තමන් ජාතක කරපු තාත්තටත් අත උස්සන්නේ. උන් තමයි තමන් වදපු අම්මව වයසට ගියාම අනාථ නිවාසෙකට ගිහින් දාන්නේ. ලංකාව දුවන්නේ දොස්තරලා, ඉන්ජිනේරුවෝ, බැංකු කරුවෝ, නීතිඥයෝ, මැති ඇමතිලා, ජනාධිපතිලා, අගමැතිලා වගේ අය නිසා නෙවෙයි. ඔය කියපු දුක් විඳලා ඩොලර් එවන මිනිස්සු නිසා. ඒ ඩොලර් ටික නැත්නම් ඔබ කවුරුත් මේ ලිපිය කියවන්නෙ නෑ. අපි කවුරුත් වාහනේක ගිහින් නෑ. තාමත් යන්නේ බර කරත්ත වලින්. අපි කවුරුත් ඇපල් කාල නෑ. ලැප් එකක් ඇහැට දැකල නෑ. තේරුණාද මේකේ බරපතළකම ? ඒ නිසා බ්‍රැන්ඩික්ස් එකේ රටක් වටින සේවයක් කරන අපේම සහෝදරියන්ට කොරෝඛා හැදුනා කියලා අපහාස කරන පෝස්ට් ෂෙයා කරන කාලකන්නියෙක් වෙන්න එපා. හිත රිදුන අය සමාවෙන්න. ඒත් කිව යුතු දේ මම කීවා. මම හිතනවා තේරෙන්න ඇති කියලා. ක්‍රිෂාන්ත දිසානායක

1 comment:

  1. හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

    ReplyDelete