Saturday, February 22, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (කාන්තාවන් අද වන විට වැටී ඇති ආගාධයේ දිග පළල සහ ගැඹුර ) - 8

බලන්න මේ පහත දැක්වෙන පෝස්ට් එක දිහා. මේක ඇල්ෆ මේල් ගෘප් එකකට තරැණ වයසේ පිරිමියෙක් පළ කරන ලද්දක්. මෙවැනි, ඇල්ෆ මේල් වැනි පුරැෂමූළිකත්වය උත්කර්‍ෂයට නඟන සමාජ මාධ්‍ය ඉඩකඩවල බහුළව පළ වෙන අදහසක් තමයි පිරිමින්ගේ සියළුම වැඩ අතට පයට කර දීමට ගැහැණු බැඳී සිටින බව. ඔවුන්ට අනුව රැකියාවක් කරන සැමියෙක් රැකියාවක් නොකරන බිරිඳට "ගෙදර වැඩ" වලට කිසිසේත් උදව් විය යුතු නැතිවාක් මෙන්ම මේ පෝස්ට් එකේ ආකාරයට රැකියාවක් කරන බිරිඳකට "ගෙදර වැඩ" වලට උදව් විය යුතු වන්නේ ඇගේ රැකියාවෙන් උපයන මුදලින් ඇය පවුලේ කටයුතු වලට වියදම් කරන කොටසට සමානුපාතික වන ලෙසයි. මේ තරැණයා මෙසේ කියන්නේ සරළ භාග පිළිබඳව අපගේ නොදැනුවත්භාවයටද උපහාසයෙන්. මේ පෝස්ට් එක කාන්තාවන් අද වන විට වැටී ඇති ආගාධයේ දිග පළල සහ ගැඹුර හොඳින් පෙන්වන නිසා අද ලිපියට ඉතා හොඳ ප්‍රවේශයක් ලෙස හැඟුනා.  


මේ තරැණයාගේ පෝස්ට් එකේ කාන්තාවන්ගේ ජෙන්ඩර් රෝල් එක ගැන කතා කලාට පිරිමින්ගේ ජෙන්ඩර් රෝල් එක ගැන කතා කරල නැහැ. පිරිමින්ගේ ජෙන්ඩර් රෝල් එක ආර්ථිකව පවුළ නඩත්තු කිරීම සහ ආරක්ශාව සැපයීමයි. ඒ අනුව ගෑනිව හැටදාහක් පඩි ගන්න රස්සාවකට යැවීම පිරිමියා ඔහුගේ ජෙන්ඩර් රෝල් එක සපුරා පැහැර හැරීමක්.     

පුරැෂමූළික සමාජයේ මුදුන් මල් කඩ වන මැදපෙරදිග ජෙන්ඩර් රෝල් ක්‍රියාත්මක වන ආකාරය බැළුවොත්, ඒ රටේ පිරිමි තිතටම  ආර්ථිකව පවුළ නඩත්තු කිරීම සහ ආරක්ශාව සැපයීම කරනවා. ලංකාවෙන් පවා ගෘහසේවිකාවෝ  මැදපෙරදිග යනවනේ. ඒ රටේ බිරිඳට රැකියා කරල පවුල නඩත්තු කරන්නට හෝ ගෙදර වැඩ කිිරීමට පිරිමි ඉඩ තියන්නෙ නෑ, පඩි ගෙවල උයන්න, සුද්ධ පවිත්‍ර කරන්න, ළමයි බලන්න, ඩ්‍රයිවර් වැඩේට, ගාඩන් එක මේන්ටේන් කරන්න ආදී වැඩ වලට සේවකයො යොදවන මට්ටමටම පිරිමි ආර්ථිකව පවුළ නඩත්තු කරනවා. බිරිඳට ඇඳුම් සුවඳ විළවුන් ආභරණ ගන්නත් අත දිග හැරල වියදම් කරනව. ලස්සන ගේක අතට පයට වැඩකාරයො යහමින් මිළ මුදල් එක්ක හොඳට කන්න අඳින්න දෙනවනම් ගෝනි බිල්ල කිට් එකට දහයක් අඳින්න බැරියැ. 

ඒකට හරියන්න ලන්කාවේ පුරැෂමූළිකත්වය උත්කර්‍ෂයට නඟන තරැණයො ගෑනිගෙන් කකා ගෑනිගෙන් ගෙදර වැඩ ගන්න ප්ලෑන් ගහනව. 

ඉහත පෝස්ටුවේ තියන තවත් අවුළක් තමයි කාන්තාවන්ට හැම විටම පාහේ එකම සුදුසුකම් සහ රැකියා තිබුනත් පුරැෂමූළික සමාජ වල පිරිමින්ට වඩා අඩු වැටුපක් ගෙවීම. මේ උදාහරණයේ උනත් ගෑනිට ලැබෙනවයි කියන්නෙ මිනිහගෙ වැටුපෙන් බාගයයි. නමුත් සමහරවිට ඇයට  පිරිමියාට වඩා උගත්කමක්, විභවයක් තියෙනව වෙන්න පුළුවන්. සමහරවිට ඇයට දරැවන් සිටීම ප්‍රමෝෂන් වලට බාධාවක් වෙන්න පුළුවන්. සමහරවිට ඇයට දරැවන් සිටීම ප්‍රමෝෂන් වලට සුදුසුකම් හදා ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්, මොකද ළමයට කිරි දෙන එක, ලෙඩකදි දුකකදි ළඟ ඉන්න එක, පාඩම් වැඩ කරවන එක ඇයට තමන්ගේ කැරියර් එක හදා ගන්නවට වඩා වැදගත් නිසා. මේ කිසිිම කැපකිරීමකට සහකම්පනයක් නැති වීම සහ ඒවා මෙතන ගණනය කර නොමැති වීම විශාල අවුළක්.

මේ පෝසට් එකේ පිරිමි කරන ගෙදර වැඩ ලිස්ට් එකක් දාල. වහළ සුද්ද කිරීම, දුර ගමන් වල ඩ්‍රයිවින් බ්ලා බ්ලා බ්ලා. ඒ හැම වැඩක්ම කරන ෆ්‍රීක්වන්සි එක මාස කීපයකට පාරක් වගේ. ළදරැවෙක් රැක බලා ගන්න එකේ ෆ්‍රීක්වන්සි එක 24/7 බ්‍රෝ. ඒ නිසා මේ සංසංදනය කෙරෙන්න ඕනෙ මිනිස් පැය වලට ගෙවන රේට් එකට. තව එකක්. අපි දන්නව හයි රිස්ක් රස්සා වලට වැටුප වැඩි බව. මාස නවයක් ළමයෙක් බඩේ තියාගෙන බිහි කරන එකට මිළ කීයද? සොරොගේට් කෙනෙක්ට ඩොළර් පනස් පන් දාහත් හැට පන් දාහත් අතර ගෙවනව ඒ වැඩේට. ඒ අනුව ගෘහණියක් කරන කෝකියගෙ වැඩේ (24/7), ක්ලීනින් වැඩේ (24/7), චයිල්ඩ් කෙයා වැඩේ (24/7) කියන වැඩ තුනට පමණක් ගෙවන්න ඒ සැමියගේ 120 000 හැරෙන්නත් මදි.   

කාන්තාවක් ලෙස ඔබේ අගය හෑල්ලු කරන මෙබඳු පිරිමින්ව ජීවිතයට ළං කර ගන්න එපා. තරැණ පිරිමි ළමයින්ට මෙවැනි පටු ආකල්ප ඇති නොවන තැනට දෙමාපියන් සහ ගුරැවරැ වැඩ කළ යුතුයි.





No comments:

Post a Comment

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (කාන්තාවන් අද වන විට වැටී ඇති ආගාධයේ දිග පළල සහ ගැඹුර ) - 8

බලන්න මේ පහත දැක්වෙන පෝස්ට් එක දිහා. මේක ඇල්ෆ මේල් ගෘප් එකකට තරැණ වයසේ පිරිමියෙක් පළ කරන ලද්දක්. මෙවැනි, ඇල්ෆ මේල් වැනි පුරැෂමූළිකත්වය උත්කර...