Friday, February 28, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (ගෘහස්ථ හිංසනය සාමාන්‍යකරණය කිරීම) - 9

 



තමන්ගේ පාට්නර්ට වංචා කරල රවට්ටල කසාද බැඳගන්න එක වැරදියි, එහි කතා දෙකක් නැහැ. නමුත් ඒක ගෑණු සහ පිරිමි යන දෙපාර්ශවයම කරන දෙයක්. නමුත් මොනම හේතුවකටවත් පාට්නර්ට ශාරීරික හින්සා කිරීම සපුරා වැරදියි. 

මෙතනදී අපි දැන ගන්න ඕනෙ අපි හොයා ගන්න පාට්නර්ගේ හිඩන් ඇජෙන්ඩා එකක් තියෙනවද කියල සම්බන්දෙ දුර දිග යන්න පෙර බුද්ධිමත් ලෙස සොයා බලන එක. හුඟක් පිරිමි ගෑනියෙක්ගෙ ලස්සනට හෝ වෙනත් දේකට තියෙන කෑදරකමට රතු කොඩි නොසළකා ඒ ගෑනිව කසාද බැඳල, ගෘහස්ථ හින්සනය මගින් ඒ ගෑනිව පාළනය කරන්න හදනවා. පුරැෂමූළික සමාජ වල ගෑනුන්ට ශාරීරික හින්සන කරන එක පිරිමින්ට ඇති අයිතියක් ලෙස සළකනවා.

පුරැෂමූළික තරැණයන්ගේ සමාජ කව වල මෙවැනි පෝස්ට් සෑහෙන්න පළ වෙනවා. 
මේ තරැණයන් කෙල්ලෙක් යාළු කර ගන්න පස්සෙන් යද්දි කවදාවත් මේ නරැම පුරැෂමූළික අදහස් ඒ කෙල්ලන්ට අඟවන්නෙ නැහැ. 

ඒ නිසා ඔබේ තරැණ දියණියන්ට මෙවැනි නරැමයන් අඳුනාගෙන ඔවුන්ගෙන් පරිස්සම් වන හැටි ඉගැන්වීම දෙමව්පියන්ගේ වගකීමක්.  

No comments:

Post a Comment

සමාජමාධ්‍ය වල දුක කියමින් අඬන ගෑණු

 තමන්ගෙ මනුස්සයගෙ වැරදි නිසා සමාජමාධ්‍ය වල දුක කියමින් අඬන ගෑණුම තමා ගෑණු ඔය වලේ වැටෙන එක අපි ගැන කතාකරනකොට ඉස්සරලම රෙද්ද උස්සගෙන ආපු පික්මී...