Thursday, February 20, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (දරැවන් නොහොත් කන්න ඕනෑ වූ විට තලගොයින් වන කබරගොයින්) - 7

 පීතෘමූළික සමාජ වල පිරිමි, බලය සහ පාලනය පිරිමි අතේ තබා ගැනීමේ මෙහෙයුමේ නියැලෙනකොට, ඔවුන්ට ඇති වූ ලොකුම අභියෝගය තමා දරැවන් නොහොත් අළුත් ජීවයකට උපත දීමේ විශ්මයජනක, ඒවගේම සමාජ පැවැත්මට ඉතාම වැදගත් කාර්‍යයභාරය ස්වභාවධර්මය විසින් ගෑනුන්ට ලබා දී තිබීම. ඒ නිසා පීතෘමූළික සමාජ වල පිරිමි දරැවන්ගේ අයිතිය සහ පාලනය තමන් අතට ගැනීමට ප්ලෑනක් ගැහුවා. ඒ තමා කසාදයෙන් (නිල වශයෙන් පිරිමියෙක් සහිතව) පසු උපදින ළමයි පින්වන්ත සුජාත ළමයි ලෙසත් කසාදයෙන් පෙර (නිල වශයෙන් පිරිමියෙක් රහිතව) උපදින ළමයි පව්කාර අවජාතක ළමයි ලෙසත් සංස්කෘතිකව ඉතා කෘතිම සහ සාපරාධී ලේබලයක් අහින්සක දරැවන්ට ඇලවීම. 

ඒ වගේම කසාද බැඳල ළමයි හදන ගෑනුන්ට "උතුම් මව් පදවිය" කියල  එකක් ලැබීමටත් ඒ ගෑනිම කසාද නොබැඳ ළමයෙක් හැදුවොත් "අසික්කිත පට්ට පදුරැ ඒසියෙක්" ලෙස ලේබල් කරල ඒ ගෑනි සහ ළමයගේ ජීවිතේ විනාස වෙන තැනට කරන්න පුළුවන් සේරම පජාත දේවල් කිරීමටත් සමාජය කන්ඩිශන් කලා.

ඒවගේම, දරැවෙක් ලැබීමට අදාළ කාන්තා ශරීරයේ ක්‍රියාවලි ඉතා පිළිකුල්සහගත අපවිත්‍ර කිළි ලෙසද සමාජගත උනා. 

තමන්ගේ ශරීරය තුළ ජීවයක් වැඩීමේ ඉතා අපහසු, වේදනාත්මක, ජීවිතය පවා අවදානම් වන කටයුත්තත්, ඊටපසු එළඹෙන නිදි නැති, විඩාබර සහ අපහසු ළදරැවෙක් පෝෂණය කිරීමත් නිකම් දෙකයි පණහට ගිහින්, ළමයගේ නමට පවා තාත්තගේ පෙළපත් නම දෙන තැනට ගෑනුන්ව දැම්මා.

පීතෘමූළික නොවන සමාජ වල මේ කසාදයේ සුජාතභාවය ළමයින්ට එරෙහිව යොදා ගැනීමේ හැකියාව අඩුයි. මොකද බේකන් කෑමට ඌරන් ඇති කළ යුතු නැතිවාක් මෙන්ම ළමයෙක් හැදීමට පිරිමියෙක්ව කසාද බැඳීමට එවැනි සමාජ වල ගෑනුන්ට පීඩනයක් නැහැ. අනිත් අතට, තමන් හදන්නට කැමති ළමයාගේ ශුක්‍රාණු දායකයාගේ ශාරීරික/මානසික ගතිගුණ වලට හරියටම ගැළපෙන පිරිමියෙක් කසාද බඳින්නට ගැහැණුන්ට ලැබෙන සම්භාවිතාවය අවමයි.  

අපි හිතමු උදාහරණෙකට, ලාංකික කාන්තාවක්  කැමති  අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන ශුක්‍රාණු දායකයෙකුගේ ශුක්‍රාණු වලින් ළමයෙක් හදන්න. අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන මනුස්සයෙක් කසාද බැඳීමට ඇයට ඇති සම්භාවිතාව ඉතාම අඩුයි (විශේෂයෙන්ම ඇය ලස්සන හෝ පෝසත් නැත්නම්). 

අපි හිතමු ලංකාවේ  අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන පිරිමි සීයක් ඉන්නව කියල. ඒ අතරින් ඇයගේ වයසට/පෙනුමට/අධ්‍යාපනයට/ගතිගුණ වලට/පොරොන්දම් වලට ගැළපෙන, කසාද නොබැඳපු පිරිමි ඉන්නේ කී දෙනාද, ඒ අතරින් ඇයගේ වයසට/අධ්‍යාපනයට/පෙනුමට/ගතිගුණ වලට/පොරොන්දම් වලට/දෑවැද්දට කැමති වෙන පිරිමි ඉන්නේ කී දෙනාද? ඒ ඉන්න දෙතුන්දෙනාට ඇයව හමු වීමේ සම්භාවිතාව කීයද? ගොඩක් වෙලාවට සම්භාවිතාව බින්දුවයි.

අන්තිමට වෙන්නෙ ගෙදරට නාකි වෙන නිසා දෙමව්පියො කරේ එල්ලන අඩි පහ මාරක, බඩ තඩි, ලෝ අයිකිව් කුණ්ඩවාලයක් කර ගහන්, ඒකගෙයි උගෙ පවුලෙයි වැඩකාරකම් ටික කරන ගමන්, අඩි පහ මාරක, බඩ තඩි, ලෝ අයිකිව් ශුක්‍රාණු වලින් ළමයෙක් හදන්න. 

තමන්ට අවශ්‍ය ආකාරයට ළමයෙක් හදන්නට ගෑණු එතරම් කටු කෑ යුතුද? 

පුරැෂමූළික නොවන සමාජයක ඇය ශුක්‍රාණු බැන්කුවකින් ඉල්ලනවා අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන ශුක්‍රාණු දායකයෙකුගේ ශුක්‍රාණු. සරළයි. 



No comments:

Post a Comment

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (දරැවන් නොහොත් කන්න ඕනෑ වූ විට තලගොයින් වන කබරගොයින්) - 7

 පීතෘමූළික සමාජ වල පිරිමි, බලය සහ පාලනය පිරිමි අතේ තබා ගැනීමේ මෙහෙයුමේ නියැලෙනකොට, ඔවුන්ට ඇති වූ ලොකුම අභියෝගය තමා දරැවන් නොහොත් අළුත් ජීවයක...