පුරැෂමූළික සමාජ වල ගෑනු කසාදයකදී ශුක්‍රාණු දායකයන් සහ බේබි ට්‍රැප් වලින් ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්.
මේ සමාජ වල පිරිමින් අතර සැළකියයුතු ප්‍රතිශතයක් ළමයි හැදීමට කැමතියි. ඒකට හේතුව මේ සංස්කෘතියේ පුරැෂයාගේ ප්‍රබලත්වයේ එක සංකේතයක් වන්නේ ඔහුගේ සරැ භාවය වන නිසා. නමුත් ළමයි හැදීමට කැමති වූ පමණින් ඒ පිරිමි හදන ළමයින්ට හොඳ තාත්තලා වන්නට කැමති නැහැ. ළමයින්ගේ වගකීම් බිරිඳගේ උර මත පටවන මොවුන් එක පසකින් බිරිඳට පීඩනයක් වන අතර අනිත් පසින් ළමයාගේ වර්ධනයට පියෙකුගෙන් අවශ්‍ය වන මානසික උත්තේජනය ළමයාට ලබා නොදේ. එබැවින් මෙවැනි සමාජ වල ගෑනු (ළමයි හදනවා නම්) විවාහය සඳහා සහකරැවෙක් සොයන විට හුදෙක් "ළමයි හැදීමට" කැමති සහකරැවෙකුට වඩා "ළමයින්ට හොඳ පියෙක් වීමට" යම් කැපවීමක් දරන්නට කැමති සහකරැවෙකු සොයා ගැනීම කල යුතුයි. එය වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන සහකරැවෙකු සොයා ගැනීමට බුද්ධිමත් විය යුතුය. ඔබ කාන්තාවක් නම්, විවාහය සඳහා හුදෙක් ශුක්‍රාණු දායකයෙකු නොවන ඔබේ දරැවන්ට පියෙකු වීමට හැකියාව ඇති පුද්ගලයෙක් තෝරා ගන්න.
පුරැෂමූළික සමාජ වල ගෑනු දුක් කසාදයක හිර කර ගැනීම සඳහා පීඩක පිරිමියා සහ එම පවුලේ උදවිය සිදු කරන ප්‍රධානම උපක්‍රමය නම් එම පිරිමියාගෙන් ගැහැණියට හැකි ඉක්මනට ළමයෙක් හදවා දීම නොහොත් බේබි ට්‍රැප් කිරීමයි. ළමයෙකුට කන්න දෙන්න තියා තමන්ටවත් ඉන්න හිටින්න හරි හමන් විදිහක් නැති තැන් වල මෙසේ අන්තිම ආත්මාර්ථකාමී ඇජෙන්ඩා වලට ළමයි හැදීමට පීඩක පිරිමියා සහ එම පවුලේ උදවිය ගැහැණියට බල කරන අතර පවුලේ උදවිය ළමයෙක් ලැබුනාම ඕව හරි යයි යන මිත්‍යාව ගැහැණියව ගොනාට ඇන්දීමට යොදා ගනී. එබැවින් මෙබඳු සමාජ වල ජීවත් වන කාන්තාවන් බේබි ට්‍රැප් වලට හසු නොවීමට වග බලා ගත යුතුයි.
සබඳතා වලදී අවාසනාවන්ත වෙන්නේ තමන්ට තමන් කිසිම ආදරයක් නැති කාන්තාවන් ය. . සබඳතා වලදී සෑම විටම පරාජය වෙන්නේ තමන්ට ආදරය නොකරන කාන්තාවන් ය.
No comments:
Post a Comment