Friday, January 31, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (බැක්ෆයර් වීම?) -4

 පීතෘමූලිකත්ව සමාජ වල ඉන්න ඇතැම් පිරිමින්ව බ්‍රේන්වොෂ් කරල තියෙන්නේ බලය සහ පාලනය පිරිමින් අතේ තබා ගැනීම පිරිමින්ට පට්ට වාසිදායකයි කියලා, මොකද ඒ නමේ පුරැෂ කෑල්ලක් තියෙනවනෙ. හැබැයි, මේ වාසිය ලැබෙන්නේ ඒ සමාජයේ ඉහළ ඇවරියේ ඉන්න පිරිමින්ට විතරයි. හද්ද ඩොටේ ඉපදිච්ච, දුප්පත්, හෝ පවුල් බලයක් නැති, සාමාන්‍ය රස්සා කරගෙන ඉන්න පිරිමි (මේ පිරිමි ප්‍රතිශතය ඉහළ ඇවරියේ ඉන්න පිරිමින්ට වඩා ඉතාම වැඩියි), පුරැෂ මූළික සමාජ වල ඒ සමාජයේ ලූප් හෝල් වලින් රිංගල බලය ලබා ගත්ත සටකපට වල් ගෑනුන්ගෙන් අම්බානකට කනවා.

පීතෘමූලිකත්ව සමාජ වල බලයේ අනුපිළිවෙළ මෙන්න මේක

1. ඉහළ ඇවරියේ ඉන්න සමාජයේ බලය අල්ලා ගත් පිරිමි (දේශපාලකයෝ, පූජකයෝ, ලොකු සමාගම් වල ලොක්කෝ ආදී) 

2. ඒ පිරීමින්ගේ වටේ ඉන්න  වල් වනචර ධනයට බලයට කෑදර ගෑනු සෙට් එක (බලවත් පිරිමියෙක්ගේ බිරිඳක්, දුවෙක්, වැන්දඹුවක්, නෑයෙක්, කපුච්චියෙක්, යාළුවෙක්ගේ දුවෙක්යාළුවෙක්හෝ අනියම් බිරිඳක් බැරි නම් බලවත් පිරිමි සමඟ යහන්ගතවී කන්ටෑක්ස් හදා ගත් හයි ක්ලාස් ගණිකාවක්)

(විශාළ මූළ්‍ය හා සමාජමය ගැප් එකක්)

3. පහළ ඇවරියේ පිරිමි (රස්සාවකට රට ඇවිත් දුක් විඳගෙන පවුල් නඩත්තු කරන, ලන්කාවේ සාමාන්‍ය රස්සා කරගෙන පවුල් නඩත්තු කරන, පොඩි කඩයක් වගේ සුළු ව්‍යාපාර කරගෙන පවුල් නඩත්තු කරන පිරිමි)

4. ගෑනු

ඔයාලට පේන්න ඕනේ ඔයාල වගේ සාමාන්‍ය පිරිමින් සහ මම වගේ සාමාන්‍ය ගෑනු අතර බලයේ වැඩි වෙනසක් නැහැ, අපි දෙගොල්ලොම එකම බෝට්ටුවේ මෙයා.

හැබැයි පහළ ඇවරියේ පිරිමි පුක හපාගෙන ඇල්ෆ මෝල් පේජ් හදාගෙන පුරැෂ මූලිකත්වයට කඩේ යනවා. නූගත්කම සහ මෝඩකමත්, උද්දච්ච කමත් හැර මෙයට ප්‍රධානම හේතුව ඒ පිරිමි හිතනව කට්ට කාගෙන කවදහරි ඉහළ ඇවරියට ගිහින් ඉහළ ඇවරියේ පිරිමි භුක්ති විඳින බලය හා පාලනය රස බලන්නට. ඉතින් මේ ක්‍රමයට ඔවුන් සපෝට්. සංඛ්‍යාන විද්‍යාත්මකව ඒ ඇවරියට යන්න තියෙන චාන්ස් එක හරිම අවමයි. අති මහත් බහුතරයක් පිරිමි මැදිවියට එද්දි ඒ සිහිනය විනාස වෙලා මිඩ් ලයිෆ් ක්‍රයිසිස් හදාගෙන ඒක කෙළවර කර ගන්නෙ.නමුත් අර ඒ ඇවරියට යන්න තියන දැඩි උන්නතිකාමය නිසා තුන්වන කැටගරියෙ ඉඳන් පළවන කැටගරියෙ විදිහට හිතන්න පටන් ගන්නව.

නමුත් ඒ ඇවරියට නොයාත් සතුටෙන් ඉන්න පුළුවන්. ඒ ඇවරිය සහ උන්ට සෙට් වෙච්ච ගෑනු ඇවරිය ලොප් කලොත් ඊටත් වඩා සතුටෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නෙ පුරැෂ මූලිකත්වය නැති, ලිංග භේද නැති සමාජයක වඩා සතුටෙන් ඉන්න පුළුවන්. 

මම මේ ගැන උදාහරණයකට ගන්නේ නීලා වික්කමසිංහ ගායිකාව, මොකද මෙයා ගැන ෆස්ට් හෑන් ඩ් එක්ස්පීරියන්ස් එකක් මට තියෙන නිසාත්, මෙයාගේ කල්කිරියාව මේ මාතෘකාවට ටෙක්ස්ට් බුක් එක්සාම්පල් එකක් නිසාත්. කෙනෙක් කියන්න පුළුවන් නීලා වික්කමසිංහ මැරිල නිසා එයාගෙ පට්ටන්දරේ අදින එක නුසුදුසුයි කියල. මම හිතන්නෙ ඒකෙ අනිත් පැත්තට, ඒ කියන්නෙ, මිනිස්සු දැන ගන්න ඕනේ ජීවත් වෙන කාලේ කැරි වැඩ කලොත් මළාමත් මිනිස්සු ඒව මතක් කරන බව දැනගෙන ඉන්න ටිකේ  කැරි වැඩ නොකර ඉන්න. ඒ නිසා මිනිහෙක් මැරිළද ජීවතුන් අතරද බල බල ඉන්න අවශ්‍යතාවක් මට නෑ. අපායේ රෝස්ට් වෙන ගමන් නීලට බැරියැ මේක කියවන්න. 

නීලා වික්කමසිංහ ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න කළින්, කවුරැත් නොදන්න, කවුරැත් ගණන් නොගන්න, දුප්පත් පවුළක අබ්බගාත අවලස්සන ගෑනු ළමයෙක් කාලේ, පෝළියෝ කකුළ අද්ද අද්ද අනිත් ළමයින්ගෙ උසුළු විසුළු වලට ලක් වෙවී ගමේ ඉස්කෝලෙට ගියපු කාලේ, ඒ ඉස්කෝලෙ ඒ පන්තිවලම මගේ සමීප ඥාතීන් ඉගෙන ගත්තා, මොකද ඒ අපේ ගම. මේ මනුස්සය ඉතාම අසරණව හිටපු ඒ යුගයේ ඒ පාසලේ එක සත්පුරැශ පිරිමි ළමයෙක් ඇයට ආදරය කලා. ඒ ආදරය ගැන අපේ ඥාතීන් කතා කරල තියෙනවා. ඒක සාමාන්‍ය පාසැල් ප්‍රේමයක් නෙමේ. ඒ පිරිමි ළමයට මේකිගෙ රෝද පුටුව තල්ලු කරන්නයි අත්වාරැ දෙන්නයි සිදු උනා. ඒකි අනිත් ළමයින්ගෙ උසුළු විසුළු වලින් බේර ගන්න සිදු උනා. අංගවිකල වීම නිසා වැටිච්ච හිත හදල ඉගනීමට යොමු කරන්නට සිදු උනා. කොටින්ම ඒ ආදරය නීලගෙ ජීවිතය බේරා ගත්ත, එයාව සංගීතයෙන් ඉදිරියට යවන්න මුල් වෙච්ච ලයිෆ් ට්‍රාන්ස්ෆෝමින් ආදරයක්. එයට එක හේතුවක් වන්නට ඇත්තේ ඒ මහතාත් ඉතාම කලාවට ලැදි (පසුකාළීනව කලාවේ නමක් හදා ගත් අයෙක්) වීම විය හැකියි.

නමුත් නීල මොකද කලේ? යන්තම් තැනකට එද්දීම අර කන්න දීපු අත හපා කාල, ඉනිමගට පයින් ගහල, ධනය සහ බලය වෙනුවෙන් වටේ යන්න ගත්ත. අර සංවේදී පිරිමියාට ඒක විශාල කම්පනයක් උනා. මට ඒක කියන්න වචන නැහැ. ඔහුගේ පෞද්ගලික ජීවිතය, කළා කටයුතු සහ සියල්ලම බිඳ වැටුනා. එයින් ගොඩ ඒමට වසර ගණනාවක් ගත උනා.මගේ සමීප ඥාතීන්ට නීලව මොන තරම් අප්‍රසන්නද කිව්වොත් මගේ ඥාතියෙක් වතාවක් කිව්වා නීල එක කකුලක් තියාගෙන කොටු පනපු හැටියට කකුල් දෙකම තිබුන නම් පනින කොටු පැනිල්ල හිතා ගන්නත් අමාරැයි කියල. 

ඥාතීන් මොනව කිව්වත් මම ඒව ඒ තරම් හිතුවෙ නෑ ඒ කාලෙ, මයෙ මොකෝ කියල හිටිය. යකෝ මේකි අපේ ඉස්කෝළෙ පෙරදිග සංගීත ගුරැවරියක් වෙලා ආවෙ නැතෑ. ආපු මුල් කාලේ චූටි කෙල්ලො මෙයාට වහ වැටිල හිටියෙ සෙළිබ්‍රිටි ක්‍රශ් එකට. නමුත් මෙයාගේ අසාමාන්‍ය පට්ටම නපුරැකම වැඩි කාලයක් යන්න කළින්  හැමෝටම තේරැණා. මම පෙරදිග සංගීතය කලේ නැතත් මම දැකපු මගේ ෆස්ට් හෑන් ඩ්  එක්ස්පීරියන්ස් දෙකක් කියන්නම්. එක්තරා වාර්‍ෂික කළා උළෙලක කුඩා අංගයක් ගැන මෙයා අරන් තිබ්බ තීරණයක් වෙනස් කරන ලෙස කළා සංගමයේ සභාපති ඇතුළු සෙට් එක ඉතාම බැගෑපත්ව (මේ වගේ හයිෆයි ගෑනු ඉස්කෝළ වල කෙල්ලො පට්ට බයයි ගුරැවරැන්ට) ඉල්ලපු වෙලාවෙ, මේකි ගුරැවරියකට කිසි සේත් නුසුදුසු ලෙස ඇයට ඉතාම කැතට බැණ වැදිල, එතනින් abruptly පැනල යෑමට කාර් එකට නැගල යන්න හදද්දි, අසරණ වෙච්ච අර කෙල්ල කාර් එක අසළට ගියා. මේකි කාර් එක විදුළි වේගයෙන් පාසල තුළ පදවගෙන යන්න ස්ටාට් කරද්දි අර කෙල්ල කාර් එකේ හැප්පිලා මැරෙන්න කෙස් ගහෙන් බේරැනේ ලඟ හිටපු ඉතුරැ කෙල්ලො ඒකිව එවෙලෙ ගවුමෙන් ඇදල පාරෙන් ඉවත් කරපු නිසා. පාසල් තුල කෙසේ වෙතත් පාසල් අසළවත් වේගයෙන් කාර් පදින්නට බැහැ ළමයින්ගේ ආරක්‍ෂාවට.එදා අනූ නවයෙන් මරණයෙන් ගැළවුනු ඒ කෙල්ල දෙයියනේ කියල අද ප්‍රධාන පෙලේ ඉංජිනේරැ වරියක්.

දෙවනි සිදුවීම උනේ මහින්ද චඳ්‍රිකාගේ ආණ්ඩුවේ කාලෙ. මහින්ද මොකක්ද පරිසරය සුරැකීම වගේ තේමාවක් යටතේ විශාල උත්සවයක් අපේ පාසලේ පැවැත්වීමට කටයුතු කලා. මේක පාසලට කිසිම සම්බන්ධයක් නැති තනිකරම මහින්දව පිම්බීමට විශාළ ධනයක් වැය කරල, ළමයි විදියට අපේ ශ්‍රමය සහ සම්පත් සූරගෙන කාල, අපේ කාලෙ කාල කරපු ගොන් වැඩක්. පසුකාළීනව මහින්ද ජනාධිපති උනාම පරිසරය සුරැකපු හැටි අපි දැක්කා. මට මතකයි ලොරි පිටින් එක එක අමාත්‍යාංශ වලින් ගෙනත් බාපු කට්ලට් පැටිස් කේක් තොගේ. අන්තිමට උත්සවය ඉවර උනාම කාමරයක් පුරවල ඒ පෙට්ටි ඉතිරි උනා, අපිට ගෙදර ගෙනියන්නත් බල කලා. මොනතරම් බඩගිනි උනත් ආස උනත් මම ඒව වලට අතවත් තිබ්බෙ නෑ එදා. මට මොකක්ද නරක හැඟීමක් දැනුනා. මහින්දගේ සටකපටි ඇස් දෙකයි ෆේක් හිනාවයි බොරැවයි නාස්තියයි මම හැබැහින් දැක්කේ එදා. නැවත කවදාවත් මට මහින්දගේ පාත් එක ක්‍රොස් වෙන්න එපා! 

ඒක පොඩි අතුරැ කතාවක්. එදා මම ස්ටේජ් එක පිටිපස්සෙ ඩියුටි දාල තිබ්බෙ. මට ස්ටේජ් එකේ වෙන දේවල් හොඳටම පේනව. හයේ හතේ විතර පොඩි කෙල්ලො ටිකක් නීලගෙ අයිටම් එකට දාල තිබ්බා. ඒක ගීතයක්. මේ කෙල්ලො හරි ආසාවෙන් අයිටම් එකට ස්ටේජ් එකට යන්න පෙල ගැහිල ඉද්දි නීලා කිසිම හේතුවක් නැතිව ඒ ළමයින්ගේ මෝරාල් එක නැති වෙන ආකාරයට ඉතාම අසභ්‍ය ආකාරයට කතා කලා. අර සතුටෙන් මල් වගේ හිනාවෙවී හිටපු පොඩි එවුන්ගෙ මූණු එකපාරටම වේදනාවෙන් හැකිළුනා. මාව නිකම් ගල් ගැහුන වගේ උනා. නීළ ඒ අයිටම් එකේ අවස්ථා කීපෙකදි ළමා සාරි ඇඳපු ඉදිරිපෙළ ළමයි මුහුදේ රැළි ලෙස සම්පූර්ණ ස්ටේජ් එකේ දිගා කරවල පෙරළීමට සැළැස්සුවා. එතකොට ස්ටේජ් එකේ දුවිළි වලාවක් වගේ උඩ ගියා. ඒක හරිම අප්‍රසන්න දර්ශනයක්. ඒ ළමයි හරිම අපහසුවෙන් ඒක කලේ මොකද ළමා සාරිය කැඩෙයිද, රෙද්ද ඉස්සෙයිද, හැට්ටෙ ඉරෙයිද, කොණ්ඩෙ ගැළවේද, දූවිල්ලට කැස්සක් කිවිසුමක් යයිද ආදී දහසකුත් ප්‍රශ්න. පාසලේ දේශපාළනික උත්සව තියල, ළමයිව දූවිළි කාගෙන කුණුහරප අහගෙන ස්ටේජ් උඩ දේශපාලකයො ඉස්සරහ බුදි කරවල පෙරළවපු නීල ගැන අපේ නෑයො කියපු දේවල ඇත්ත මම දැක්කා.දේශපාලකයො පිනවීමට එක එක ඒසියන්ට මගේ ළමයින්ව වඳුරන් මෙන් නැටවීමට හෝ සර්පයන් මෙන් බඩගෑවීමට ඉඩ නොදෙන්නට මම එදා තීරණය කලා.

මේ ඉතාමත්ම අසංවේදී අමානුශික ගැහැණිය පසු කලක මහින්ද හොර ජනාධිපති වෙලා ඉඳල පැනල ගිහින් ජනේලෙ එල්ලිලා ටෝක් කරද්දී " මරල හරි ගත්තෙ නැත්තෙ ඇයි" යන කුප්රකට ප්‍රකාශය සිදු කලා. මොන තරම් අපත තක්කඩියෙක් උනත් මහින්ද පවා එවෙලෙ මදක් සසළ උනා.

ඊටත් කාළයකට පසුව මැය පුරැශෝත්තමවාදයට පින් සිදු වන්නට ඒකෙ කැටගරි ටූ එකෙන්, තානාපතිකමට මෙලෝ සුදුසුකමක් නැති උනාට ඉතාලි තානාපති ලෙස පත් වෙනවා. ඉතාළි ගිය වැඩ බැරි තානාපති, කාර්‍යාල වෙලාවේ, හිස ගිනි අරගෙන වීස අරව මේව ගැටළු වලට එන මිනිස්සු බලාගෙන ඉද්දි වැඩ නවත්තල පාටි දාල මිනිස්සුන්ගෙන් අම්ම මෝ නැතුව අහ ගන්නව.

බැරි වැඩ කරන්නට ගොස් නප්පියටම කෙළවගත් මැය අර අහින්සක ළමයිව දූවිළි කාගෙන කුණුහරප අහගෙන ස්ටේජ් උඩ දේශපාලකයො ඉස්සරහ බුදි කරවල පෙරළවපු ආකාරයට ඉතාලියේ මිනිස්සු තානාපති කාර්‍යාලයේ පෙරළවන්නට මොහොතකට පෙර මැරිල ගියා. 

මෙච්චර දිග කතාවක් කිව්වේ ඇත්තටම ඔබෙන් චූටි ප්‍රශ්නයක් අහන්න. දැන් නීල මැඩම් තානාපති වෙලා පාටි දාපු දවසේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උන් ඉතාළියේ වැඩ කරන ගෑනුද, පිරිමිද? 

නීල මැඩම් (සෝෂල් ලැඩර් එකේ උඩට යෑම සඳහා ආදරයේ නාමයෙන් පාවිච්චි කිරීම) නිසා අගතියට පත් උනේ ගෑනුද? පිරිමිද? 

පුරැෂමූළිකත්වය කියන්නේ ඩොක්ට්‍රින් එකක්. පුරැෂමූළිකත්වය කියන වචනේ පුරැෂ කෑල්ල තිබුනට, ඒ  ඩොක්ට්‍රින් එක යටතේ ලිංග දෙකම අයථා වාසි ගන්නවා,  ලිංග දෙකම අසාධාරණයටත් ලක් වෙනවා. එහෙම නැතිව, වචනේ පුරැෂ කෑල්ල තිබුනට ගොඩක් පිරිමින්ට ඒකෙන් ලැබෙන බක්කක් නෑ. 



Thursday, January 30, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ -3

 පීතෘමූලිකත්ව සමාජ වල ප්‍රධානම ලක්‍ෂණය තමයි සමාජයේ බලය (තීරණ ගැනීම, මුදල් සහ සම්පත් පාලනය කිරීම වැනි) පිරිමින් අතේ තබා ගැනීමත් ඒ සඳහා පිරිමින් විසින් කාන්තාවන්් පාලනය කිරීමත් යන කරැණු දෙක. කෙටියෙන් කියනව නම් "බලය සහ පාලනය" පිරිමින් අතේ තබා ගැනීම.

වෙන වචන වලින් කිව්වොත්, එක පැත්තකින් කාන්තාවක් මොනතරම් දක්‍ෂ උනත්, මොනතරම් සුදුසුකම් තිබුනත්, බලය සහ පාලනය සම්බන්ධ ඉහළම තනතුරැ වලට පත් වීමට බොහෝ විට එය මදි, ඒ තනතුරැ වලට  හැම විටම තෝරා ගන්නා අති මහත් බහුතරය පිරිමින්. තවත් පැත්තකින්, කාන්තාවක් දක්‍ෂ සහ සුදුසුකම් සහිත වීමට පුදුමාකාර අභියෝග මේ සමාජ වල හිතාමතාම පවත්වාගෙන යනවා.

මේ රටවල් වල පාර්ළිමේන්තුවේ සංයුතිය බලන්න, මේවායේ ඉන්න ගෑනු ටික දෙනා පවා ඉන්නෙ එක්කො බලවත් පිරිමියෙක්ගේ බිරිඳක් දුවෙක් වැන්දඹුවක් හෝ අනියම් බිරිඳක් බැරි නම් බලවත් පිරිමි සමඟ යහන්ගතවී කන්ටෑක්ස් හදා ගත් හයි ක්ලාස් ගණිකාවක්වත් නිසා මිසක ඒව ඇත්ත  කාන්තා නියෝජන නොවේ. ඒ නිසයි මිනිස්සු කාන්තා දේශපාළකයින්ට අකමැති. මොකද සුදුසුකම් නැතිව ආව මෝඩ ඒසියො රැළක් නිසා මුන් හිටගෙන පිස්සු කෙළිනවා. නමුත් ඒකට ඔබ දොස් කිව යුත්තේ කාන්තාවන්ට නොවේ පීතෘමූලික සමාජ ක්‍රමයට නේද? 

මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරන ජපානයේ සහ දකුණු කොරියාව ආදී රටවල දරැ උපත් ගණන මර.ණ ගණනට වඩා අඩු වී ඒ රටවල ජනගහණය කාලය සමඟ වේගයෙන් අඩු වීමේ අවදානම ගැන ටිකක් කතා කරමු. මේ රටවල් වල තියෙන පීතෘමූලික  සමාජ වල කාන්තාවන්ට ළමයි ඉන්නව නම් හොඳ රැකියා වලට යන්නට ඒක මූළික නුසුදුසුකමක් ලෙස සළකනවා. තව පැත්තකින් මව්වරැන්ට බොහෝ විට දරැවන් බලා ගැනීමට අවශ්‍ය පහසුකම් (නිවාඩු, ගෙදර සිට වැඩ කිරීමේ අවස්ථා, දරා ගත හැකි මිළකට සපයන ඩේ කෙයා, ගෙදර වැඩට උදව් වෙන සහකරැවෙක්) නැහැ. ඉතින් ඒ ගෑනු ළමයි නොහැදීම පුදුමයක් නෙමේ. මීට පරම්පරා දෙක තුනකට පෙර මෙවැනි සමාජ වල ගෑනු මොන අවාසි තිබ්බත් දත කාගෙන කසාද බැන්දා ළමයි හැදුවා,දුක්කසාද වලට හිරවෙලා මැරෙනකම්ම පව් ගෙව්වා. උපත් පාලනය වගේ විද්‍යාත්මක සොයාගැනීම් නොතිබූ නිසාත්  ඒ කාලේ ගෑනුන්ට අධ්‍යාපනය ලබා නොදුන් නිසාත්, සමාජ මාධ්‍ය ආදිය නොතිබූ නිසාත්, කසාද බැඳීම ළමයි හැදීම උත්කර්‍ෂයට නංවලා රැවටීමට ගෑනු පහසු උනා. නමුත් අද ගෑනු ඒතරම් මෝඩ නැහැ. 

සම්ප්‍රදායිකව තිබූ මිනිහා ඉපයීමත් ආරක්‍ෂාවත් ගැහැනිය ළමයි හදන් ගෙදර වැඩ කිරීමත් යන ශ්‍රම විභාජනය අද තිබෙන්නේ කොතැනද? ගැහැනිය ඉපයීම සහ ළමයි හදන් ගෙදර වැඩ කිරීම යන දෙකම සිදු කරන ගමන් තමන්ව ගෙදර පිරිමියාගෙන් (බේබදු හින්සාකාරී හෝ ඉහළට යාමට වළ කපන ඊරිසියාකාරී ආදී) සහ ඔහුගේ මිතුරන් ආදී අහක ඉන්න මරාළ වලිනුත් බේරා ගත යුතු නම් එබඳු කසාද වල සිර වීම ගැහැණුන් ක්‍රමයෙන් අඩු කරනවා.

වැටුප් හෝ නිවාඩු රහිත ෆුල් ටයිම් කෝකියා, ෆුල් ටයිම් ක්ලීනින් සර්විස් එක, බේබි ඉන්කියුබේටර් එක, ෆුල් ටයිම් නැනී, ෆුල් ටයිම් වයසක ඉන් ලෝ ගේ කැතකුණු අදින එල්ඩර් කෙයා, ළමයින්ගේ සහ මුුළු ගෙදරම  ඉමෝෂනල් සපෝට් එක වෙලා කේක් කෑල්ලත් මම කේක් කන්නෙ නෑ කියල අනිත් අයට දීපු ගෑනු, ඒ කරලත් කිසිම හොඳක් නාහපු, පොඩ්ඩ ඇත්නම් කුණුබැනුම් අහපු පහර කාපු ගෑනු, ඒකරලත් වටේ ගියපු පිරිමි නිසා හිත බිඳුන ගෑනු, දැන් ඒ චරිතයෙන් නිහඬවම ටික ටික රිසයින් වෙනවා. 

මෙයට තවත් හේතුවක් වන්නේ පිරිමින් තෘප්තිමත් කිරීම සඳහා ගෑනුන්ට දමා ඇති ස්ටෑන්ඩඩ්ස් අන් රියලිස්ටික් මට්ටමටම  ඉහළ යාමයි. උදාහරණයකට, ලන්කාවෙ ගෑනු කසාද බඳිනකන් පෙට්ටි කඩා නොගෙන පිරිමියෙක්ගේ අතින්වත් නො අල්ලා සිටින තරමට කොළිටිය වැඩිය. කසාද බැන්ද දාට පසු දා සිට ඒ ගෑනි ලෝකෙ හොඳම පෝන් ස්ටාර් මෙන් පර්ෆෝම් කල යුතුය. පැහැදිළිවම මේක අන් රියලිස්ටික් බලාපොරොත්තුවකි. බැරි වෙලා වත් ගෑනියෙක් මේ හාස්කම කලොත් මේකි මීට කලින් මේව කරල පුරැදු එකියක්‍ය යන සැකය මත ඇයට කෙළවේ.  බාහිර පෙනුම ගත්තොත් කඳ බඩ මහත පට්ට කැත පිරිමි පවා ගෑනුන්ගේ කකුලේ සුළැඟිල්ලේ සිට බාහිර පෙනුම විවේචනය කරයි.ඒ නිසා සිරැර මේන්ටේන් කළ යුතුය, නමුත් ඊට වියදම් කරන්නටද ඉඩ නොදේ. හොඳට ඇන්දත් කැතට ඇන්දත් විවේචනය කරයි. උගත් රැකියා කරන ගෑනු හප් කියපු ගමන් නට්ට කකුල් අස්සේ ගහන් ගෙවල් වලට වී ෆුල් ටයිම් හවුස් වයිෆ්ලා විය යුතුය, තමන්ගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන පවුළ ගැන පමණක් සිතීම (මම බළපු ගෑනු කරපු යූ ටියුබ් චැනල් ගණනාවක් ඒව ජනතාව අතරට යද්දි උන්ගෙ මිනිස්සුන්ගෙ ජෙල නිසා මඟදි නැවතුනා, ෆින්ලන් ඩ් කෙල්ල නම් මැරැව), හැමෝගෙන්ම වන හැම අසාධාරණයක්ම ඉවසීම ආදිය ඉන් කිහිපයකි. 

ගමන් සගයෙකු මිසක තරඟකරැවෙක් සමඟ කිසි විටක ජීවිතය බෙදා ගන්න එපා. 


Wednesday, January 29, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ -2

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ - 1 යටතේ දකුණු ආසියාව සම්බන්දයෙන් මම කතා කලේ අපේ කළින් පරම්පරාවල් වල තිබුන උදාහරණ ගැනයි.මෙම දෙවන ලිපියෙන්  නූතන පීතෘමූලිකත්ව සමාජ වල, ඒ කියන්නේ අපේ සහ අපේ දරැවන්ගේ පරම්පරා වල කාන්තා විරෝධී ලක්‍ෂණ නිසා පිරිමි කන කටු ගැන කීපයක් සළකා බළමු. 

කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මේ ලිපි මාලාවේ අරමුණ කුමක්ද කියලා. මේ ලිපි මාලාවේ අරමුණ  පිරිමින්ට පහර ගැසීම නෙමෙයි, මොකද පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ස්වභාවයට උපරිම දායකත්වයක් ලබා දෙන්නේ බොහෝ විට එම කාන්තා විරෝධී භාවයෙන් හොඳටම බැට කාපු, වයස්ගත, ඇරියස් සහගත සහ ඒ බැටකෑමේ අතුරැපළයක් ලෙස නොයෙකුත් මානසික සහ පෞරැෂ ආබාධ වලට ලක් වූ කාන්තාවන් ටික මිසක පිරිමින් නොවේ. පොඩ්ඩක් බලන්න කාන්තා විරෝධී "බණ" කියන චීවරධාරීන්ට ඒවාට උඩගෙඩි දෙන, සාදු කාර දෙන දායකයන්ගෙන් බහුතරය ඒ වගේ වයසක ඇරියස් තද උන කාන්තාවන්. අනිත් අතට කාන්තා විරෝධී භාවය කුඩා පිරිමි ළමයින්ගේ මුල් ළමා වියේදී ඔවුන්ගේ ඔළුවට වැඩිපුරම දමන්නේත් ඔවුන්ගේ අම්මලා. ඒ නිසා මේ ලිපි මාලාවේ අරමුණ ලිංග භේදයකින් තොරව නූතන සමාජයේ අධික  කාන්තා විරෝධී ස්වභාවයට නොදැනුවත්ව සපෝට් කරන අයට සෙල්ෆ් අවෙයානස් එක ලබා දීමට උත්සහ කිරීම සහ තරැණ කාන්තාවන්ට නූතන සමාජයේ අධික  කාන්තා විරෝධී ස්වභාවය මගින් එල්ල වන අභියෝග ගැනත් ඒවායෙන් බේරීමට කල යුතු පෞරැෂත්ව වෙනස් කම් ගැන අදහසක් ලබා දීමට උත්සහ කිරීමයි. 

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම පිරිමියෙක්, පීතෘමූලිකත්ව සමාජ වල මට  කාන්තාවන් පාලනය කිරීම වගේ වරප්‍රසාද ලැබෙනවා, ඒ නිසා මම ඇයි   පීතෘමූලිකත්ව සමාජය ගැන වද වෙන්නේ කියල. ඒ ඔබ දකින්නේ උඩින් පේන සරළ චිත්‍රයයි.  පීතෘමූලිකත්ව සමාජ වල පිරිමිත් අම්බානකට කටු කනවා. අපි මේ ගැන ටිකක් කතා කරමු. 

පීතෘමූලිකත්ව සමාජ වල පිරිමි පට්ට ගැම්මෙන් ඉන්න ඕනෙ, හැඟීම්බර වීම පිරිමි කමට නිගාවක් ඒ නිසා තදට ඉන්න ඕනෙ, මොන ප්‍රශ්නයක් ආවත් තනියම ගිලගෙන. මේක පිරිමින්ගේ මත් ද්‍රව්‍ය වලට ඇති තද ඇබ්බැහිය, පිස්සු කෙළල හිරේ හෝ එළොව යාමේ වැඩි නැඹුරැව, සියදිවි නසා ගැනීමේ වැඩි නැඹුරැව (ස්ක්‍රීන් ෂොට් එක බලන්න) වගේ විශාල අවාසි සහිත දෙයක්. හැඟීම්බර වීම පිරිමි කමට නිගාවක් ය යන මතය  සමාජගත කලේ පීතෘමූලිකත්ව සමාජ වල, පීතෘමූලිකත්වයට උඩගෙඩි දෙන ගෑනු සහ පිරිමි යන දෙකොට්ඨාශම උනාට පිරිමි හුඟක් වෙලාවට මේ ගැන චෝදනා කරන්නේ ගෑනුන්ට. හොඳට මතක තබා ගන්න, හැඟීම්බර වීම පිරිමි කමට නිගාවක් ය යන මතයට පක්‍ෂව පීතෘමූලිකත්වයට උඩගෙඩි දෙන ගෑනු සහ පිරිමි යන දෙකොට්ඨාශම චෝදනා ලැබිය යුතුවාක් මෙන්ම  හැඟීම්බර වීම පිරිමි කමට නිගාවක් නොවේය යන මතය වෙනුවෙන් පීතෘමූලිකත්වයට උඩගෙඩි නොදෙන ගෑනු සහ පිරිමි යන දෙකොට්ඨාශම පෙනී සිටින බව.


https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC11023397/#pgph.0003054.t001 

පීතෘමූලිකත්ව සමාජ වල පැවැත්ම සඳහා පිරිමි හැඟීම්බර නොවන රොබෝල කරන්නට අවශ්‍ය ඇයි? 

පීතෘමූලිකත්ව සමාජ වල ගැහැණුන්ට/ඌණවරප්‍රසාදිතයන්ට/කුළහීනයන්ට පිරිමි විසින් තම අණසක පැතිරවීමට කරනා වෛරී සාපරාධී අමානුෂික ක්‍රියා සිදු කිරීමට නම් පිරිමි හැඟීම්බර නොවන රොබෝල වීම අත්‍යවශ්‍ය උනා. තාත්තල දුවලව ඔනර් කිලින් කියල ම.රා දැමීම, කාන්තාවන්ව ඇඳුමේ සුළු වරදකට දඬුවම් ලෙස කස පාර දීම හෝ ෂොට් එක දීම, ඉතාම සුළු "වරදකට" රොඩී කුළයට බිරිඳ හෝ දියණියව පහ කරල ගනුදෙනු අත හැරීම වගේ වෛරී සාපරාධී අමානුෂික ක්‍රියා සිදු කරන්නට නම් පිරිමි හැඟීම්බර වෙන්නට බැහැනේ. අමු තිරිසන් යක්කු වගේ වෙන්න එපෑ. පීතෘමූලිකත්ව සමාජ වල පැවැත්ම සඳහා කාන්තාවන් පාලනයට මෙවැනි දැඩි දඬුවම් අත්‍යාවශ්‍යයි. එතරම්ම තද නැතත් නූතන ලන්කාවේ සමාජයේ ඇතැම් විට සැමියා අණ කරන ඉතාම අසාධාරන දේවල් - රස්සාව අතහරින්න, දෙමාපියො අතහරින්න, මොන අසනීප තිබ්බත් ගෙදර වැඩ කරන්න, මොන තරම් අසාධාරන උනත් නැන්දම්මගෙ වධ හින්සා කරබාගෙන ඉවසන්න, අසාධාරන ලෙස තමන්ගෙ මුදල් දේපොළ පවරන්න- වගේ, ඔළුව නවාගෙන කරන්නටත් වාචික මානසික සහ ශාරීරීක හින්සනයටත් ගැහැණුන් ලක් වෙනවා.  

පීතෘමූලිකත්ව සමාජ වල පිරිමි කන තවත් සුපිරිම කට්ටක් තමා පොඩිකාලේ ඉඳල සමාජයේ කාන්තා විරෝධී භාවයෙන් හොඳටම බැට කාපු, ඇරියස් සහගත සහ ඒ බැටකෑමේ අතුරැපළයක් ලෙස නොයෙකුත් මානසික සහ පෞරැෂ ආබාධ වලට ලක් වූ කාන්තාවක් සමඟ විවාහ වන්නටසෑහෙන සම්භාවිතාවක් තිබීම. මෝබිඩ් ජෙලසි, බියසුළු පෞරැෂ, ඕවතින්කින්, හීනමාන, ඊර්‍ෂ්‍යා පරවශ, සුළු දේ ටත් යකා නටන, කා එක්කවත් හොඳින් ඉන්න බැරි, නීඩි, ලිංගිකව පට්ට උදාසීන ආදී ලක්‍ෂණ මේ මානසික සහ පෞරැෂ ආබාධ වලට උදාහරණ. මේ වගේ ගෑනු එක්ක වසන එක ඉතින් දිට්ට ධම්ම වේදනීක කර්මයම තමා.

 ඒ වගේම චීස් කෑලි වගේ ලස්සන, උගත්, යහපත් කොළිටි කෙල්ලො එක්කො පීතෘමූලිකත්ව අදහස් නැති විදේශිකයො බඳිනව, එක්කො නොබැඳ ඉන්නව. අර ඔයාල පිස්සු වැටුන ජගුවර් ඉන්ජිනියර් නෝන සෙට් වෙලා ඉන්නෙ සුද්දෙක් එක්ක, එතකොට ඔස්ට්‍රේලියාවේ ඉන්න සින්දු කියන කාටුන් අඳින පට්ටම ලස්සන ඉන්ජිනේරැ නෝන විවාහ වෙලා ඉන්නෙ සුද්දෙක් එක්ක, පට්ටම ලස්සන පෝසත්  ක්ලාසි සින්දු කියන හිරැෂි ජයසේන තිහ පැනල තනිකඩයි නිළියො අතර වැදගත් උගත් කියල හිටපු එකම නිළිය යශෝධා තනිකඩයි (නූගත් පට්ට ඩොටේ මෙලෝ වැදගත්කමක් නැති කැත නිළි ගණිකාවො ටික නම් මිනිස්සු තුන හතර බැන්දා, මොකද ඒ වයිබ් එක තමයි ඒ කොළිටියට මැච් වෙන්නේ.) කරැමෙට පීතෘමූලිකත්ව මරාළ කරගහ ගත්ත හොඳ නිළියො/සෙළිබ්‍රිටි කෙල්ලො එක්කො ගුටි කාගෙන ළමයි එල්ලගෙන එලියට බැස්ස, එක්කො මළා,එක්කො දාර බඩු උනා, එක්කො තමන්ගෙ සෙළිබ්‍රිටි ස්ටේටස් එක කුණු මුල්ලට දාල සර්වයිවල් මෝඩ් (ෆ්‍රී ලේබර්) සර්වන්ට් සහ බේබි ඉන්කියුබේටරයක් උනා. සතුටෙන් පවුල් කෑවෙ එහෙමත් එකියක්ඔය අපි හැමෝම දන්න සෙලබ්‍රිටිලනෙ. මෙහෙට පීඑච්ඩී එන එන තනිකඩ  ක්ලාසි කෙල්ලො විදේශිකයො එක්ක යන ප්‍රවනතාව හරිම වැඩියි. මොකද ක්ලාසි, ස්වාධීන, මොළයක් තියෙන කෙල්ලෙක්ට සහකරැවෙක් සමඟ ජීවිතේ ෆුල් පොටෙන්‍ෂල් එක විඳීම මිසක අමනුස්සයෙක් යටතේ පාලනය වෙමින් සර්වයිවල් මෝඩ් ෆ්‍රී ලේබර් සර්වන්ට් සහ බේබි ඉන්කියුබේටරයක් වීමට තරම් මොළේ අමාරැවක් නෑ.




Tuesday, January 28, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්ෂණ - 1

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධීභාවය අනිවාර්‍යයෙන්ම දකින්නට ලැබෙන ලක්‍ෂණයක්.

ඇෆ්ගනිස්ථානය පීතෘමූළික සමාජ වල වර්ණාවළියේ අන්තයටම ගිය සමාජයක්. එහි කාන්තාවන් ගේ ශරීරය, හැසිරීම සහ සිතුවිළි යන පැවැත්මේ සියළු ආකාරයේ කොටස් පිරිමින් මඟින්,  පිරිමින්ට අවශ්‍ය ආකාරයට, පිරිමින්ට වාසිදායක ආකාරයට පාලනය කරනවා. දකුණු ආසියාතික සමාජයේ කුළ ක්‍රමයද පීතෘමූළික සමාජ වල වර්ණාවළියේ අන්තයටම ගිය (තලේඛාන්ට මදක් අඩු) පීතෘමූළික ක්‍රමයක්. එහිදීද තලේඛාන් තරම් නැතත් කාන්තාවන් ගේ ශරීරය, හැසිරීම සහ සිතුවිළි යන පැවැත්මේ සියළු ආකාරයේ කොටස් පිරිමින් මඟින්  පිරිමින්ට අවශ්‍ය පිරිමින්ට වාසිදායක ආකාරයට පාලනය කරනවා. 

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ස්වභාවය පැහැදිළි කිරීමට මම සරළ උදාහරණයක් ගත්තොත්, “පරප්පෙට්ටි” ලෙස ලෙස හඳුන්වන,  මලයාලම් දින දර්ශනයට අනුව හය වන මාසය වන “මකරම්” (ජනවාරි සහ පෙබරවාරි අතර යෙදෙන) මාසයේ විසි අට වෙනි දිනයේ  කරනු ලැබූ චාරිත්‍රය  ගන්නම්. ඉඩම් හිමියන් විසින් කුළහීනයන්වරැන්ට ලබා දුන් අවසරයකින් කුළහීනයන්ගේ කිසිදු ක්‍රියාවක් ඉඩම් හිමියන් විසින් මෙදින ප්‍රශ්න කරනු නොලැබේ. නීතියේ සීමා මායිම් නොමැතිව ගම පුරා සැරිසැරීමට ඔවුන්ට මෙදින නිදහස තිබේ. මෙම දිනයේ දී, නීතියට පටහැනි බැවින්, ඉහළ කුලයට අයත් කාන්තාවන්ට ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යාමට අවසර නැත. කිසියම් කුළහීනයෙකු අහම්බෙන් හෝ නිවසින් පිටත සිටින ඉහළ කුලයට අයත් කාන්තාවක් දුටුවහොත්, ඔහුට එම කාන්තාව රැගෙන යාමට සහ ඇයව ඔහුගේ දේපළක් ලෙස සැලකීමට අවසර ඇත. එවැනි කාන්තාවන් දෙමාපියන් අහිමි වූ අය ලෙස සලකනු ලැබේ. මෙම චාරිත්‍රය ප්‍රධාන වශයෙන් පැවතියේ කුට්ටනාඩු ප්‍රදේශයේය. (රාඕ සහ රෙඩ්ඩි, 2009).

ඉහත චාරිත්‍රයේ ඇති පීතෘමූළික සහ කාන්තා විරෝධී ලක්‍ෂණය බලන්න. කුළහීනයෙක් පරප්පෙට්ටි දවසේ කුළවත් පිරිමියෙක් දැක්ක කියල ඒ කුළවතාට වෙන අවුළක් නැහැ. නමුත් කුළවත් ගෑනියෙක්ට එය මරණයටද වඩා දරැණු කුළයෙන්/නිවසින්/ළමයින් සහ නෑ හිත මිතුරන්ගෙන් පිටමන් කිරීමක්. මේක ඔයාට උනොත් මොකද හිතෙන්නේ? කුළයෙන් පිටමන් කිරීම විතරක් නෙමේ අර නොදන්න මනුස්සයගෙ දේපළක් ලෙස දූෂණයට ලක් වෙවී, තාඩන පීඩන වලට ලක් වෙවී ඉන්න වෙනවා. හිතන්න ඔයාව එකපාරටම ගෙදර මිනිස්සු විසින් අතහැරල දාල පාරෙ හිඟන්නෙක්ට දෙනව කියල. තමන්ගෙ සැමියා ළමයි දෙමාපියන් තමන් දැක්කත් නොදැක්ක ගානට යනව බලාගෙන ඉන්නටත් වෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? මේක කුළවත් පිරිමි කාන්තා විරෝධී ආයුධයක් කරගත්තේ කොහොමද කියල තේරෙනව ඇතිනේ. ඉතාම නරක සැමියන්ට පවා "මම කියන විදිහට වැඩ නොකළොත් පරප්පෙට්ටි දවසට උඹව එළියට දානව" කියන තර්ජනය මත පමණක් ගෑනුන්ව පහසුවෙන් යටත් කර ගැනීමට පුළුවන් උනා.

අපි දැන් ලන්කාව දිහාට හැරෙමු. බුද්ධාගම ටෙක්නිකලි ජෙන්ඩර් නියුට්‍රල් ආගමක් උනාට බුද්ධාගම එන්න ගොඩක් කාලෙකට කළින් ඉඳල පැවතගෙන ආව කුළ ක්‍රමය (අන්තිමේ එක යුගයක ඉන්දියාවේ ප්‍රධානම ආගම වූ බුද්ධාගම පසුව ඉන්දියාවෙන් සහමුළින්ම වාගේ අතුගා දමන්නටද මෙය හේතු උනා) නිසා  චුල්ලපදුම කුස සහ වෙස්සන්තර ජාතකය වගේ පට්ට ස්ත්‍රී විරෝධී බෞද්ධ කතා ලන්කාවේ සමාජයේ මුල් බැස ගත්තා. 

ලන්කාවේත් මීට සමගාමීව රජවරැ පවා තම කුළවත් ඉහළ පෙලේ රදළ කාන්තාවන් රොඩියන්ගේ රැහැට පිටමන් කලා. (රොඩියන් ගේ සම්භවය උනා කියන්නෙත් රත්නවල්ලි කියන රජ කුමරිය කුළයෙන් එළවා මාළිගයට මස් සපයන වැද්දාට විවාහ කර දුන් පසුව කියලි ජනප්‍රවාදයේ තියෙන්නේ. ලොවීනා ආදී රෑමත් රොඩී කාන්තාවන් රැහේ බහුළ වීමටත් එක හේතුවක් තමා නිතරම ලස්සන රදළ ගෑනු දඬුවම් ලෙස රොඩී රැහැට පිටමං කිරීම නිසා ඒ ගෑනුන්ට දාව ලස්සන රොඩී ළමයි ලැබීම )  ඇහැළේපොළ කුමාරිහාමිටත් එක්කෝ රොඩියෙක් සමඟ යෑම හෝ දියේ ගිළී මිය යාම යන දඬුවම් දෙකෙන් එකක් තෝරා ගැනීමට ලැබුනා. ඇය දියේ ගිළී මිය යාම තෝරා ගත්තා. ඊට අනතුරැව තමයි බෝගම්බර පිටියේ ඛේදවාචකය උනේ. ඇය සහ දරැවන් එසේ මිය ගියේ ඇහැළේපොළ අධිකාරම් රාජද්‍රෝහී වීම නිසාත් රජතුමා ඇහැළේපොළ කුමාරිහාමිට ලයින් උනාට ඇය ඊට අකමැති වීම නිසාත් කියලයි ඉතිහාසයේ තියෙන්නේ. ඇහැළේපොළ අධිකාරම්  බෝගම්බර පිටියේ ඛේදවාචකයෙන් ටික දවසකට පස්සෙ  කුමාරිහාමිව විවාහ කර ගන්නවා. 

පීතෘමූලිකත්ව සමාජයක් ලෙස බ්‍රේන් වොෂ් වීම නිසා ලන්කාවේ ඉතාම සුළුතරයක් හැර කිසි කෙනෙක් වෙස්සන්තර තමන්ව කැළයේ පළවැළ සොයා පෝෂණය කරන මද්‍රි දේවියගෙන් නොඅසා ළමයි වැඩකාරකමට දීමවත්, තනිකරම රෑපය මත ආකර්ශණය වී, හොර බොරැ කර කුස විසින් පබාවතීව බැඳගෙන, ඇයට ගෘහස්ථ හින්සනයන් සිදු කිරීම වත්, චුල්ලපදුම තම මල්ලිලා සමඟ නෑනලාව බඩගින්නට මරා කෑම වත් ප්‍රශ්න කරන්නේ නැහැ. එතැනිනුත් එහාට ගිහින් එම චරිත වීරත්වයෙන් පුදනවා.   

 ඇහැළේපොළ කුමාරිහාමිට වෙච්ච දේ ඉතිහාස පොත් වල පොල්ගෙඩි අකුරෙන් තිබුනට  ඇහැළේපොළ අධිකාරමගේ සල්ළාල භාවය (රදලයන්ගේ සල්ළාල භාවය කොහොමටත් සාමාන්‍යකරණය වෙලා තිබුනේ) හෝ ඇහැළේපොළ කුමාරිහාමි මැරිල රස්නෙ යන්නටත් පෙර සිදු වූ දෙවන කසාදය හෝ ඇහැළේපොළ අධිකාරම ඒ ඛේදවාචකය වෙනුවෙන් කිසිම දෙයක් (ලේඛනයක්/ස්මාරකයක්/වෙනත්) නොකිරීම ප්‍රශ්න කරන්නෙත් නැහැ.


Monday, January 27, 2025

What is a boundary?

 

 බලන්න මේ පහළ පෝස්ටුව දිහා.

"මේ ළගදි ශෝක් වැඩක් උනා. 
අම්මගෙ නංගි කෙනෙක්ගෙ පුතෙක්ට ඩෙංගු හැදිලා කියලා හොස්පිටල් ඇඩ්මිට් කලා. 
කොල්ලට තාත්තත් නෑ , කවුරුත් නැති නිසා අපෙ මල්ලි ඒ කොල්ලා හිටපු දවස් ගාණටම ළඟ හිටියා. ඒත් මහ ලොක්කි වටේ කියලා තිබ්බා ඩොක්ටර් ආපුවාම අත්‍යාවශ්‍ය දෙයක් අහගෙන නෑ කියලා. 
අනේ ඉතින් අපි චොක්ලට් ෆ්ලේවර් සස්ටජන් එකක් යැව්වා . වැඩි හොදට.  ලොක්කි ඒකටත් හැමතැනම කියලා තිබ්බා අපි වැනිලා ෆ්ලෙවර් එව්වෙ නෑ ,බඩ වේළනවා මේකට ගාගා. 
ඇත්තටම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උදව්වක් විදියට ඒ වෙලාවෙ මේ දේවල් කලේ. අපිට හැමතැනම එක එක කතා කියලා තිඋනා. 🥺"

ගොඩක් දෙනෙක් මේ වගේ අවස්ථා වල උපදෙස් දෙන්නේ
"ඔයාල කලේ ලොකූ පින්කමක්... එයාලගෙ වචන වලට ඔයාලගෙ සිතුවිලි වෙනස් කරගෙන හිත අපහැදගන්න් එපා... ඒ එයාල්ගේ මෝඩකමනේ... ඒ ගැන එච්චර හිතන්න එපා...😊"

මේක පින්කමක් වෙන්නෙ දෙන කෙනා පහන් සිතින් දීම මත. (ඒකෙ ප්‍රබලත්වය ගන්න කෙනාගේ පහන් සිත සහ වෙනත් කොළිටීන් මත වැඩි වෙනවා), නමුත් මෙතන දුන්න එකා පට්ට අවුළෙන් (සාධාරණ හේතු මත). ඒ අනුව මෙතන වෙච්ච දෙලොව අයහපත වැඩී. මොකද මේ ඇරියස් එක පසුකාළීනව ඇදිල එනව මේ ලෝකෙදි රණ්ඩු අමනාපකම් සහ පරලෝකෙදි දුගතිගාමී වීමට උදව්වක් ලෙස (චුති සිත ලෙස පහළ උනොත් බඩුම තමා). 

දැන් මේ සෙනාරියෝ එක සළකන්න.

මේ දුන්න කෙනා සහ ගත්ත කෙනා නෑයො උනාට  දුන්න කෙනා හොඳට බවුන්ඩරීස් දාන්න දන්න නිසා ගත්ත කෙනාව අතේ දුරින් ආශ්‍රය කරන්නේ. ඒ නිසා චොක්ලට් ෆ්ලේවර් සස්ටජන් යවන්නෙත් නෑ මල්ලි යන්නෙත් නෑ. ඉතින් මේ හිත් අමාරැකමුත් නෑ. පිනක මුවාවෙන් පවු කරගෙනත් නෑ. නෑදෑ කමත් රැකිලා (අතේ දුරින්). සස්ටජන් දෙන්න ළමා නිවාසයකට. හොඳ පිනක්.

බවුන්ඩරීස් නැති කරැණාවන්තකම කියන්නේ ගොන් කමට කියන තවත් නමක්. හිත හොඳ ගෑනි හැමදාම බඩ උන බව මතක තබා ගන්න. බවුන්ඩරීස් සහිත කරැණාවන්තකම කියන පෞරැෂය එම්පවර්ඩ් එම්පාත් කියල හඳුන්වනවා. මේ අය කරැණාවන්ත උනාට ටොක්සික් උදවියට නටවන්නට බැහැ. 

එම්පවර්ඩ් එම්පාත්ල උදව් කරන්නේ කිසිම ස්තූතියක් බලන් නෙමේ, බැන්නත් හිනාවෙලා එන්න පුළුවන් ඒවගේම කෙනෙකුට දෙපාරක් ඔළුවට අත හෝදන්න දෙන්නෙත් නැහැ. එක එක බනිසට එක එක කෙසෙල් ගෙඩිය වගේ එක එක ටොක්සික් පෞරැෂයට දෙන්න ඕන බෙහෙතත් දන්නව. 
මේ ගැන තවත් විස්තර සඳහා බලන්න;
https://www.youtube.com/watch?v=so1ztD7Edas

Thursday, January 23, 2025

සද්ධර්මාලංකාරය පුස්කොළ පොතින් පරිගණකගත කිරීම නොහොත් ආට් ෆැකල්ටි වල විද්යාර්ථීන්ගේ වැදගත්කම

 පසුගිය කාලයේ සද්ධර්මාලංකාරය කියවීමට සිතී එය බාගත කර ගෙන බලන විට එය පුස්කොළ පොතින් පරිගණකගත කිරීම මොනතරම් අභියෝගාත්මකද යන්න ඉගෙන ගැනීමට ලැබුනා.දහ හතර වන සියවස අග භාගය සහ පහළොස්වන සියවසෙහි මුල් භාගයේ (ක්‍රි. ව. 1341-1408) පැවති ගම්පොළ රාජධානි සමයේ විසූ ජයබාහු ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරය අද දවසේ ඇමරිකාවේ සිටින මට ඇඟිල්ලක් පරිගණක යතුරැ පුවරැව මත එබීම මගින් එසේ ලබා ගත හැකි වූයේ ආට් ෆැකල්ටි වල විද්‍යාර්ථීන්ගේ ඉමහත් වෙහෙස මහන්සිේ ප්‍රතිපලයක් ලෙසයි. එය එහි හැඳින්වීමෙහි සඳහන් විස්තරයෙන් හොඳින්ම පෙනේ. ස්ටෙම්  ස්ටෙම් ගගා වැළලෙන සමාජයකට  ආට් වල වටිනාකම පෙන්වීම සඳහා මම එය උපුටා දක්වනවා.

රටක් සමබරව දියුණු වීමට නම් science, technology, engineering and mathematics (STEM) වගේම Art අංශයේ ප්‍රාමාණික උගතුන් අවශ්‍යයි.
















ස්ථිර ප්‍රතිපත්තියක් නැති මිනිස්සු

 ෆේක් නැත්නම් බොරැ ප්‍රතිරෑපයක් මවාගෙන ඉන්න මිනිස්සු හඳුනා ගැනීමට ලක්‍ෂණ කීපයක් සඳහන් කරපු පෝස්ට් එකක් දැකල මට මගේ සතපහ කියන්න හිතුනෙ. ඒ පෝස්ට් එකේ තිබ්බ ලක්‍ෂණත් ඇත්ත, ඒව අතර බලය තියෙන මිනිස්සුන්ට පමණක් සැළකීම, ඕපදූප කීම, තමන්ගෙ සැඟවුන අරමුණ ඉටු කර ගන්න තාක් හොඳ මූණ පෙන්නීම, අනුන්ව සතුටු කරන්නන් වීම, පහසුවෙන් පොරොන්දු දීම (ඒවා රකින්නෙ නැත), ඕනෑම සෝෂල් ඉවෙන්ට් ආදී සමාජයීය කාරණා වලට අනිවා සහභාගී වීම, ඒ තැන් වල මුදුනා වීමට අවශ්‍ය වීම ආදී ලක්‍ෂණ තිබුනා. නමුත් මගේ අදහස නම් ෆේක් මනුස්සයෙක් හඳුනා ගැනීමේ ප්‍රධානම ලක්‍ෂණය වන්නේ  ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීමයි.

ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම කාණ්ඩ කීපයකට බෙදන්නට පුළුවන්.

1. මූළික හර පද්ධතියේ ඇති ප්‍රතිපත්ති තමන්ගේ වාසියට වෙනස් කිරීම.

2. මූළික හර පද්ධතියේ ඇති ප්‍රතිපත්ති තමන් ආදරේ කරන අයට එක විදිහකට සහ පිට අයට එක විදිහකට වෙන පරිදි පවත්වා ගැනීම

3. මූළික හර පද්ධතියක් නොමැති වීම

ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති මිනිස්සු වීම තරම් තවත් ප්‍රෝඩාවක් නැහැ. එක අතකින් ඒක තමන් තමන්වම පාවා දීමක්. 




Thursday, January 2, 2025

අත්හැරීම

මම පහුගිය වතාවෙ ලන්කාවට ගිහාම කුඩා පිරිමි දරැවන්ගෙ නිවාසයකට ගියා එයාලට අවශ්‍ය දේවල් අරගෙන. එතන ඇති වූ කතා බහේදී ඒ ළමයි කියපු එක දෙයක් තමා එයාල ලොකු වෙලා හොඳ තැනකට ගිහින් කවදහරි ගන්න වාහන මොනවද කියන එක. එතන හිටපු හැම දරැවෙක්ටම ඕනෑ උනේ විසාල අධි සුඛෝපභෝගී වාහන, සමහර ඒව මම දන්නෙත් එදා. ඒ ළමයි අතර කිසි කෙනෙක් අවශ්‍යතාවයට ගැළපෙන, ඉන්ධන පිරිිමහන, පරිසරයට හිතකාමී සාමාන්‍ය මට්ටමේ වාහනයක් පිළිබඳ සිහින දැක්කෙ නෑ.

එක්තරා ටියුෂන් ගුරැවරයෙක්ගේ වීඩියෝවක ඔහු අවධාරණය කරනවා ළමයින්ට ලොකු හීන දකින්න කියල, උදාහරණයකට, උසස්පෙළ බයෝ ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙලා ගමේ ඩිස්පෙන්සරියක් දා ගැනීම වගේ පොඩි හීනයකට වඩා තමන්ගෙ ක්ශේත්‍රයේ විශේෂඥයෙක් වෙලා ලෝකයේ කරක් ගහල අත්දැකීම් සහ මුදල් යහමින් හම්බ කිරීම වගේ. මේ වීඩියෝ එකට යටින් එක උසස්පෙළ ළමයෙක් කොමෙන්ටුවක් දාල තිබ්බ මෙහෙම. සර් කියන ජීවිතය විඳීම සාපේක්‍ෂ දෙයක්. මට නම් ජීවිතේ උපරිම විඳීම තියෙන්නෙ බස් එකේ ජනේලෙ ලඟ සීට් එකක වාඩිවෙලා නුවර ගිහින් දළදා මාළිගාව වැඳීම තුල මිසක ලෝකෙ වටේ ඇවිදින එක වත් ගොඩක් සල්ලි හොයන එකවත් නෙමේ කියල.

මේ සිද්දි දෙකම මතක් උනේ සමාජ මාධ්‍යයේ දැකපු පෝස්ටුවක් නිසා. පෝස්ටුවේ මුල් අයිතිකරැගේ නම හොයා ගන්න නොහැකි උනා. ඉහත සඳහන් කරපු සිද්දි දෙකේම පොදු සාධකය තමයි තමන් කවදාවත් විඳපු නැති "සුවයක්" පිළිබඳ හදාගත්ත ෆැන්ටසියක් තිබීම. වෙනස්කම තමයි නිවාසයේ ළමයි තමන්ගේ වර්තමාන ජීවන තත්වයට වඩා ෆැන්ටසිය අගය කිරීම සහ උසස්පෙළ සිසුවා ෆැන්ටසියට වඩා වර්තමාන ජීවන තත්වය අගය කිරීම. නමුත් මෙතන ලොකුම ගැටළුව වන්නේ තමන් කවදාවත් නොලබපු අත්දැකීමක් ගැන දැනටම දැඩි පූර්ව විනිශ් යයක  හිඳීමයි. මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලිය මෙතැනදී මතක් වෙනවා.


තට්ටු ගානක ලොකු ගෙයක් දැක්කම අනේ මටත් ඒ වගේ ගෙයක් තිබුන නම් කියනවට වඩා අපෝ ඕව නඩත්තු කරන්න ගියාම පට්ට මහන්සියි, කොච්චර ලොකු වුනත් අපි පාවිච්චි කරන්නෙ බොහොම පොඩි කොටසයි. අවශ්‍යම පහසුකම් එක්ක පොඩි කාමර දෙකක ගෙයක් තිබුනම ඇති කියල හිතෙන්න උඹට ලොකු ගෙයක අත්දැකීම තිබිල තියෙන්නම ඕන. 

     තඩි ජීප් එකක් පාරෙ යද්දි අනේ මටත් ඒකක් තිබුනනම් කියල කියනවට වැඩිය. ඕවගෙ තෙල් බොනවා, ටයර් පට්ට ගනන්, මේන්ටෙනන්ස් වලට වියදම් වැඩියි කියල කියන්න නම් උඹත් ලොකු වාහනයක අයිතිකාරයෙක් වෙලා තියෙන්නම ඕන. 

     ලස්සන කෙල්ලෙක් දකිනකොට අනේ මටත් මේ වගේ කෙල්ලෙක් හිටිය නම් කියනවට වැඩියි කොච්චර ලස්සන වුනත් ඕව පට්ට වාත, නඩත්තුව අමාරුයි, සම්භන්ධතා ඇතුලෙ තියන කටුක බව අවබෝධ කරගන්න නම් උඹටත් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ඉඳල තියෙන්නම ඕන. 

       පීස හට්, මැක්ඩොනල්ඩ්, KFC දකිද්දි මටත් මේවගෙන් කන්න තිබුන නම් කියල හිතනවට වඩා ඔය තැන් වල කරන්නෙ බොරු නමක් මාකට් කරල අපෙන් සල්ලි හූරං කන එක, ඔයිට වැඩිය රසට ඔයිට වැඩිය අඩුවට කන්න පුලුවන් තැන් ඕන තරම් තියනව කියල කියන්න නම් උඹත් ඒ තැන් වලින් කාල තියෙන්නම ඕන. 

        තමුන්ගෙ තරමට ආදායමට නොගැලපෙන බොරු පොශ් සීන් වලට ගිහින් වෙන්නෙ නිකං අතේ තියන කීයට හරි කෙලව ගන්න එක සහ තමුන් කවද හරි ආර්ථික අර්බුදයකට වැටෙනව කියල අවබෝධ වෙන්න නම් උඹ ඒ පොශ් තැන් වලට ගිහින් ඔය කියන පොශ් ලයිෆ් එක ගතකරල තියෙන්නම ඕන. එතකොට තේරෙයි ඕව ඇතුලෙ අපි මොක මොකාගෙ හරි මාකටින් කැම්පේන් වල ඉත්තො වෙලා ඉඳල තියෙන්නෙ කියල. 

         ඔය සමහරු කිසිම අවබෝධයක් නැතුව නැති කමට සියලු දේ අත්හරින්න කිව්වට හැමදේම කරල අවබෝධ කරගෙන අත්හැරීම තමයි හරිම අත්හැරීම. ඒ අත්හැරීම සදාකාලිකයි. ලයිෆ් එකේ ඇරියස් තියාගෙන අත්හැරීම පුරුදු කරන්න එන එවුන් තමයි පස්සෙ කාලෙක ආපහු ඕව කරන්න ගිහින් නෝන්ඩි වෙන්නෙ. 😂. ඒ හින්ද අවබෝධයෙන් අත්හරින්න.