පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධීභාවය අනිවාර්‍යයෙන්ම දකින්නට ලැබෙන ලක්‍ෂණයක්.
ඇෆ්ගනිස්ථානය පීතෘමූළික සමාජ වල වර්ණාවළියේ අන්තයටම ගිය සමාජයක්. එහි කාන්තාවන් ගේ ශරීරය, හැසිරීම සහ සිතුවිළි යන පැවැත්මේ සියළු ආකාරයේ කොටස් පිරිමින් මඟින්, පිරිමින්ට අවශ්‍ය ආකාරයට, පිරිමින්ට වාසිදායක ආකාරයට පාලනය කරනවා. දකුණු ආසියාතික සමාජයේ කුළ ක්‍රමයද පීතෘමූළික සමාජ වල වර්ණාවළියේ අන්තයටම ගිය (තලේඛාන්ට මදක් අඩු) පීතෘමූළික ක්‍රමයක්. එහිදීද තලේඛාන් තරම් නැතත් කාන්තාවන් ගේ ශරීරය, හැසිරීම සහ සිතුවිළි යන පැවැත්මේ සියළු ආකාරයේ කොටස් පිරිමින් මඟින් පිරිමින්ට අවශ්‍ය පිරිමින්ට වාසිදායක ආකාරයට පාලනය කරනවා.
පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ස්වභාවය පැහැදිළි කිරීමට මම සරළ උදාහරණයක් ගත්තොත්, “පරප්පෙට්ටි” ලෙස ලෙස හඳුන්වන, මලයාලම් දින දර්ශනයට අනුව හය වන මාසය වන “මකරම්” (ජනවාරි සහ පෙබරවාරි අතර යෙදෙන) මාසයේ විසි අට වෙනි දිනයේ කරනු ලැබූ චාරිත්‍රය ගන්නම්. ඉඩම් හිමියන් විසින් කුළහීනයන්වරැන්ට ලබා දුන් අවසරයකින් කුළහීනයන්ගේ කිසිදු ක්‍රියාවක් ඉඩම් හිමියන් විසින් මෙදින ප්‍රශ්න කරනු නොලැබේ. නීතියේ සීමා මායිම් නොමැතිව ගම පුරා සැරිසැරීමට ඔවුන්ට මෙදින නිදහස තිබේ. මෙම දිනයේ දී, නීතියට පටහැනි බැවින්, ඉහළ කුලයට අයත් කාන්තාවන්ට ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යාමට අවසර නැත. කිසියම් කුළහීනයෙකු අහම්බෙන් හෝ නිවසින් පිටත සිටින ඉහළ කුලයට අයත් කාන්තාවක් දුටුවහොත්, ඔහුට එම කාන්තාව රැගෙන යාමට සහ ඇයව ඔහුගේ දේපළක් ලෙස සැලකීමට අවසර ඇත. එවැනි කාන්තාවන් දෙමාපියන් අහිමි වූ අය ලෙස සලකනු ලැබේ. මෙම චාරිත්‍රය ප්‍රධාන වශයෙන් පැවතියේ කුට්ටනාඩු ප්‍රදේශයේය. (රාඕ සහ රෙඩ්ඩි, 2009).
ඉහත චාරිත්‍රයේ ඇති පීතෘමූළික සහ කාන්තා විරෝධී ලක්‍ෂණය බලන්න. කුළහීනයෙක් පරප්පෙට්ටි දවසේ කුළවත් පිරිමියෙක් දැක්ක කියල ඒ කුළවතාට වෙන අවුළක් නැහැ. නමුත් කුළවත් ගෑනියෙක්ට එය මරණයටද වඩා දරැණු කුළයෙන්/නිවසින්/ළමයින් සහ නෑ හිත මිතුරන්ගෙන් පිටමන් කිරීමක්. මේක ඔයාට උනොත් මොකද හිතෙන්නේ? කුළයෙන් පිටමන් කිරීම විතරක් නෙමේ අර නොදන්න මනුස්සයගෙ දේපළක් ලෙස දූෂණයට ලක් වෙවී, තාඩන පීඩන වලට ලක් වෙවී ඉන්න වෙනවා. හිතන්න ඔයාව එකපාරටම ගෙදර මිනිස්සු විසින් අතහැරල දාල පාරෙ හිඟන්නෙක්ට දෙනව කියල. තමන්ගෙ සැමියා ළමයි දෙමාපියන් තමන් දැක්කත් නොදැක්ක ගානට යනව බලාගෙන ඉන්නටත් වෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? මේක කුළවත් පිරිමි කාන්තා විරෝධී ආයුධයක් කරගත්තේ කොහොමද කියල තේරෙනව ඇතිනේ. ඉතාම නරක සැමියන්ට පවා "මම කියන විදිහට වැඩ නොකළොත් පරප්පෙට්ටි දවසට උඹව එළියට දානව" කියන තර්ජනය මත පමණක් ගෑනුන්ව පහසුවෙන් යටත් කර ගැනීමට පුළුවන් උනා.
අපි දැන් ලන්කාව දිහාට හැරෙමු. බුද්ධාගම ටෙක්නිකලි ජෙන්ඩර් නියුට්‍රල් ආගමක් උනාට බුද්ධාගම එන්න ගොඩක් කාලෙකට කළින් ඉඳල පැවතගෙන ආව කුළ ක්‍රමය (අන්තිමේ එක යුගයක ඉන්දියාවේ ප්‍රධානම ආගම වූ බුද්ධාගම පසුව ඉන්දියාවෙන් සහමුළින්ම වාගේ අතුගා දමන්නටද මෙය හේතු උනා) නිසා චුල්ලපදුම කුස සහ වෙස්සන්තර ජාතකය වගේ පට්ට ස්ත්‍රී විරෝධී බෞද්ධ කතා ලන්කාවේ සමාජයේ මුල් බැස ගත්තා.
ලන්කාවේත් මීට සමගාමීව රජවරැ පවා තම කුළවත් ඉහළ පෙලේ රදළ කාන්තාවන් රොඩියන්ගේ රැහැට පිටමන් කලා. (රොඩියන් ගේ සම්භවය උනා කියන්නෙත් රත්නවල්ලි කියන රජ කුමරිය කුළයෙන් එළවා මාළිගයට මස් සපයන වැද්දාට විවාහ කර දුන් පසුව කියලි ජනප්‍රවාදයේ තියෙන්නේ. ලොවීනා ආදී රෑමත් රොඩී කාන්තාවන් රැහේ බහුළ වීමටත් එක හේතුවක් තමා නිතරම ලස්සන රදළ ගෑනු දඬුවම් ලෙස රොඩී රැහැට පිටමං කිරීම නිසා ඒ ගෑනුන්ට දාව ලස්සන රොඩී ළමයි ලැබීම ) ඇහැළේපොළ කුමාරිහාමිටත් එක්කෝ රොඩියෙක් සමඟ යෑම හෝ දියේ ගිළී මිය යාම යන දඬුවම් දෙකෙන් එකක් තෝරා ගැනීමට ලැබුනා. ඇය දියේ ගිළී මිය යාම තෝරා ගත්තා. ඊට අනතුරැව තමයි බෝගම්බර පිටියේ ඛේදවාචකය උනේ. ඇය සහ දරැවන් එසේ මිය ගියේ ඇහැළේපොළ අධිකාරම් රාජද්‍රෝහී වීම නිසාත් රජතුමා ඇහැළේපොළ කුමාරිහාමිට ලයින් උනාට ඇය ඊට අකමැති වීම නිසාත් කියලයි ඉතිහාසයේ තියෙන්නේ. ඇහැළේපොළ අධිකාරම් බෝගම්බර පිටියේ ඛේදවාචකයෙන් ටික දවසකට පස්සෙ කුමාරිහාමිව විවාහ කර ගන්නවා.
පීතෘමූලිකත්ව සමාජයක් ලෙස බ්‍රේන් වොෂ් වීම නිසා ලන්කාවේ ඉතාම සුළුතරයක් හැර කිසි කෙනෙක් වෙස්සන්තර තමන්ව කැළයේ පළවැළ සොයා පෝෂණය කරන මද්‍රි දේවියගෙන් නොඅසා ළමයි වැඩකාරකමට දීමවත්, තනිකරම රෑපය මත ආකර්ශණය වී, හොර බොරැ කර කුස විසින් පබාවතීව බැඳගෙන, ඇයට ගෘහස්ථ හින්සනයන් සිදු කිරීම වත්, චුල්ලපදුම තම මල්ලිලා සමඟ නෑනලාව බඩගින්නට මරා කෑම වත් ප්‍රශ්න කරන්නේ නැහැ. එතැනිනුත් එහාට ගිහින් එම චරිත වීරත්වයෙන් පුදනවා.
ඇහැළේපොළ කුමාරිහාමිට වෙච්ච දේ ඉතිහාස පොත් වල පොල්ගෙඩි අකුරෙන් තිබුනට ඇහැළේපොළ අධිකාරමගේ සල්ළාල භාවය (රදලයන්ගේ සල්ළාල භාවය කොහොමටත් සාමාන්‍යකරණය වෙලා තිබුනේ) හෝ ඇහැළේපොළ කුමාරිහාමි මැරිල රස්නෙ යන්නටත් පෙර සිදු වූ දෙවන කසාදය හෝ ඇහැළේපොළ අධිකාරම ඒ ඛේදවාචකය වෙනුවෙන් කිසිම දෙයක් (ලේඛනයක්/ස්මාරකයක්/වෙනත්) නොකිරීම ප්‍රශ්න කරන්නෙත් නැහැ.
No comments:
Post a Comment