Thursday, January 23, 2025

ස්ථිර ප්‍රතිපත්තියක් නැති මිනිස්සු

 ෆේක් නැත්නම් බොරැ ප්‍රතිරෑපයක් මවාගෙන ඉන්න මිනිස්සු හඳුනා ගැනීමට ලක්‍ෂණ කීපයක් සඳහන් කරපු පෝස්ට් එකක් දැකල මට මගේ සතපහ කියන්න හිතුනෙ. ඒ පෝස්ට් එකේ තිබ්බ ලක්‍ෂණත් ඇත්ත, ඒව අතර බලය තියෙන මිනිස්සුන්ට පමණක් සැළකීම, ඕපදූප කීම, තමන්ගෙ සැඟවුන අරමුණ ඉටු කර ගන්න තාක් හොඳ මූණ පෙන්නීම, අනුන්ව සතුටු කරන්නන් වීම, පහසුවෙන් පොරොන්දු දීම (ඒවා රකින්නෙ නැත), ඕනෑම සෝෂල් ඉවෙන්ට් ආදී සමාජයීය කාරණා වලට අනිවා සහභාගී වීම, ඒ තැන් වල මුදුනා වීමට අවශ්‍ය වීම ආදී ලක්‍ෂණ තිබුනා. නමුත් මගේ අදහස නම් ෆේක් මනුස්සයෙක් හඳුනා ගැනීමේ ප්‍රධානම ලක්‍ෂණය වන්නේ  ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීමයි.

ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම කාණ්ඩ කීපයකට බෙදන්නට පුළුවන්.

1. මූළික හර පද්ධතියේ ඇති ප්‍රතිපත්ති තමන්ගේ වාසියට වෙනස් කිරීම.

2. මූළික හර පද්ධතියේ ඇති ප්‍රතිපත්ති තමන් ආදරේ කරන අයට එක විදිහකට සහ පිට අයට එක විදිහකට වෙන පරිදි පවත්වා ගැනීම

3. මූළික හර පද්ධතියක් නොමැති වීම

ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති මිනිස්සු වීම තරම් තවත් ප්‍රෝඩාවක් නැහැ. එක අතකින් ඒක තමන් තමන්වම පාවා දීමක්. 




No comments:

Post a Comment

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්ෂණ - 1

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධීභාවය අනිවාර්‍යයෙන්ම දකින්නට ලැබෙන ලක්‍ෂණයක්. ඇෆ්ගනිස්ථානය පීතෘමූළික සමාජ වල වර්ණාවළියේ අන්තයටම ගිය සමාජයක්...