Friday, October 18, 2024

මොකක්ද මේ " සෙල්ෆ් ලව් " කියන්නේ .... - by Gumiho's Diary

 


මේ ඉහළ තියෙන පින්තූරෙ ප්‍රින්ට් කරල තියාගෙන හැමදාම බැලුවත් පාඩු නෑ, අර ඔයාට බර පටවල අමාරැවෙන් එල්ලිලා ඉන්නකොට ඒ දිහා බලන් ආතල් ගන්න අසංවේදී සෙට් එකේ ඉන්න අපතයො කව්ද කියල බලන්න. ජීවිතේ සමහර කාල වල ඒ අය අතර පාට්නර්, දෙමාපියො, නෑයො, යාළුවො, ඔෆිස් එකේ බොස්, ඔෆිස් එකේ අය, ළමයි, අසල්වැසියො ආදී නොයෙක් අය ඉන්න පුළුවන් ඒ අතර. එවිට, අදාළ බවුන්ඩරීස් දැමීම මගින් ඔයා උපක්‍රමශීලීව බේරෙන්න, සමහර වෙලාවල් වල සමහර අයව ආශ්‍රය නොකර ඉන්න හෝ සමාව දීල අතහරින්න වෙනවා. කොටින්ම සෙල්ෆ් ලව් කියන්නෙ ඒකට. දියසේන බේරගන්න එනතුරැ නොහිඳ ඔයාම ඔයාව බේරගන්න එකට.

ඔයා ඔයාට සළකන විදිහ අනිත් අය ඔයාට සළකන විදිහට ගොඩක් බලපාන නිසා අර පින්තූරේ ඔයා දුක් විඳින කොට ෆන් ගන්න සෙට් එක ඇත්තටම නරක අය නෙමේ සමහර වෙලාවට. උදාහරණයකට, ඔයා ඔයාගෙ බැරි අමාරැකම් හෝ අකමැත්ත නොපෙන්වා ලෝකෙ හොඳම අම්මා  ටයිටල් එක ගන්න නම් ඔහොම එල්ලිලා ඉන්නෙ, ඒක 90% විතර ඔයාගෙ ප්‍රශ්නයක්.

ඒ මොනව උනත්, වැඩි කාලයක් ඔහොම එල්ලිලා ඉන්න බැහැ කියල ඔයාට තේරෙන්න ඕනේ. ඒ සඳහා කරන්න පුළුවන් දේවල් මොනවාද?

1. තත්වය පිළිගන්න: ඔබ සිටින තත්වය පිළිගන්න. ගැටලුව ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ නොසලකා හැරීමෙන් එය පහව යන්නේ නැත. පිළිගැනීම ඔබට සන්සුන්ව සිටීමට සහ විසඳුමක් සොයා ගැනීමට උපකාරී වේ.

2. විසඳුම කෙරෙහි අවධානය යොමු කරන්න: ගැටලුව කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, විසඳුමක් සෙවීමට අවධානය යොමු කරන්න. එක් විසඳුමක් ක්‍රියා නොකරන්නේ නම්, ඔබ ක්‍රියා කරන එකක් සොයා ගන්නා තෙක් තවත් විසඳුමක් උත්සාහ කරන්න.

3. උපකාර පතන්න: උපකාර ලබාගැනීමට බිය නොවන්න. මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ චිකිත්සකයෙකු වැනි ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කරන්න. ඔවුන්ට ඔබට සහාය සහ උපදෙස් ලබා දිය හැකිය.

4. ඔබ ගැන සැලකිලිමත් වන්න: ව්‍යායාම කිරීම, භාවනා කිරීම හෝ සොබාදහමේ කාලය ගත කිරීම වැනි ඔබ ප්‍රිය කරන දේවල් කිරීමෙන් ආතතිය සමඟ කටයුතු කරන්න.

5. ඔබේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න: සෑම දුෂ්කරතාවයක්ම ඉගෙන ගැනීමට අවස්ථාවක්. සිදු වූ දේ, ඔබ ඉගෙන ගත් දේ සහ අනාගතයේ දී ශක්තිමත් සහ වඩාත් ඔරොත්තු දීමට ඔබට මෙම අත්දැකීම භාවිතා කළ හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

මොකක්ද මේ " සෙල්ෆ් ලව් " කියන්නේ .... - by Gumiho's Diary

අද කතා කරමු මේ ගැන ...

ඔයා ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තම ඔයාගේ පාට්නර් ගැන හිතනවා නේද ..එයාව සතුටින් තියන්නේ කොහොමද ..එයාට තෑගි අරන් දෙන්න ඕන...එයාට ආස දෙයක් අරන් දෙන්න ඕන..එයාව ආදරෙන් බලා ගන්න ඕන ..එයාට ශක්තියක් වෙන්න ඕන .. නිතරම එයාව දිරිමත් කරන්න ඕන..එයාව වට්ටන්න බෑ ..එයාට පළමු තැන දෙන්න ඕන.....

ඒ විදියට ඔයා ඔයාගේ පාට්නර් ට ආදරේ කරනවා. ඉතිං සෙල්ෆ් ලව් හෙවත් තමන් තමන්ට ආදරය කරනවා කියන්නේ ඔයා ඒ පාට්නර්ට ආදරේ කරනවා හා සමානව ඔයා ඔයාට ආදරේ කිරීම...

කොහොම ද ඔයා ඔයාට ආදරේ කරන්නේ ..? 

මේ ටිප්ස් කිහිපයක්.

✅ඔයා ඔයාව පිළිගන්න. ඔයා ඔයාව විවේචනය කරනවා වෙනුවට ඔයාව ආදරෙන් පිලිගන්න. ඔයා ඔයාව ලස්සනට දකින්න .

✅ සෘණාත්මක සිතිවිලිවලට යන්න දෙන්න.

✅ ' Perfect ' වෙනවා වෙනුවට තමන්ට පුළුවන් විදියට සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිතයක් වෙන්න. 

✅ඔයා ඔයත් එක්ක ගත කරන කාලය කොලිටි ටයිම් එකක් හෙවත් ගුණාත්මක වෙලාවක් කර ගන්න. 

උදාහරණයක් : ඕපදූප හොයනවා වෙනුවට පොතක් කියවන්න.

✅ තමන්ට නරකක් නපුරක් වෙන තීරණ ගන්න එපා .

✅ ගතිගුණවලින් සහ පැවැත්මෙන් ටොක්සික් නොවන පුංචි සර්කල් එකක් හෝ හදාගන්න තමන්ගේ ආශ්‍රයට... ( Quality Over Quantity )

✅ තීරණ ගන්නා විට තමන් ගැන හිතන්න.

✅ සෙල්ෆ් කෙයා ( Self Care ) ඒ කියන්නේ ඔයා ඔයාව ආදරෙන් බලාගන්න. ඔයාගේ පෙනුම , දැනුම , බාහිර දේ , සෞඛ්‍ය මේ වගේ දේවල් ගැන අවධානය දෙන්න.

✅ඔයාගේ මානසික සුවය ගැන හිතන්න. මානසික සුවය නැති කරන කිසිම දෙයක් ජීවිතේ තුළ පවත්වා ගන්න එපා ! 

✅ වෛර නොකර සමාව දී , අත් අරින්න ..අමතක කරන්න.

✅තමන් වෙනුවෙන් යහපත් පුරුදු ඇතිකර ගන්න.

තමන් තමන්ට ආදරය කිරීම තුළින් ඔයාට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් බලමුද ....

✔️  තමන්ට තමන් ගැන විශ්වාසය වැඩි වීම.

✔️ මානසික පීඩනය අවම වීම .

✔️ සාර්ථකත්වය පහසුවෙන් ආකර්ෂණය වීම.

✔️ ඉලක්ක ජය ගත හැකි වීම

✔️දිනෙන් දින පෙනුම පවා ලස්සන වීම .

✔️ ඔයාට ගැළපෙන අවංක ආදරණීය මිනිසුන් මුණ ගැසීම 

✔️ ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළට යාම නිසා සාමකාමී, සාර්ථක ජීවිතයක් ගත කරන්නට ලැබීම.

තමන් තමන්ට ආදරය කරන මිනිස්සු කියන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු නොවේ. එයාලා සතුට බෝ කරන , ආදරණීය අය. තවත් කෙනෙක් ගේ දියුණුවේ දි සතුටු වෙන , කිසිම කෙනෙක්ට හිරිහැර නොකරන මිනිස්සු ! 

ඉතිං ඔයත් ඔයාට ආදරේ කරන්න...

තවත් කෙනෙක් මත ජීවිතය රඳවන්නේ නැතුව ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න , 

එතකොට ප්‍රශ්න විසඳිලා , ලැබෙන්න පුළුවන් හොදම දේවල් ඔයාට ලැබෙනවා . ජීවිතේ සතුටින් , මානසික සුවයෙන් පිරෙනවා ❤️

- Gumiho's Diary -

No comments:

Post a Comment

මොකක්ද මේ " සෙල්ෆ් ලව් " කියන්නේ .... - by Gumiho's Diary

  මේ ඉහළ තියෙන පින්තූරෙ ප්‍රින්ට් කරල තියාගෙන හැමදාම බැලුවත් පාඩු නෑ, අර ඔයාට බර පටවල අමාරැවෙන් එල්ලිලා ඉන්නකොට ඒ දිහා බලන් ආතල් ගන්න අසංවේද...