Tuesday, October 22, 2024

නර්සරි බබාගේ සත්තු වත්තේ ට්‍රිප් එකේ බස් එක පිටිපස්සෙ බබාට හොරෙන් කාර් එකේ යන තාත්තා හරිද වැරදිද

 මම දැක්ක එක සමාජ මාධ්‍යයේ සැරිසරණ වීඩියෝ එකක්. ඒක සමාජ මාධ්‍යයේ දාපු තාත්තා තමන්ගේ නර්සරි යන බබා සත්තු වත්තේ ට්‍රිප් එකක් යන බස් එක පිටිපස්සෙ බබාට හොරෙන් කාර් එකේ ගිහින්  බබාව වීඩියෝ කරල සමාජ මාධ්‍යයේ දාල තමන්ගේ ආදරය මේම මේමලු. මේ  තාත්තා හරිද වැරදිද කියල විශාල කතිකාවක් කොමෙන්ටු වල. කරැමෙ කියන්නෙ කොමෙන්ටු සිය ගානකින් එකකවත් මේ තාත්තගේ ඇත්තම වැරැද්ද හඳුනාගෙන තිබුනෙ නැහැ. තාත්ත වැරදියි කියපු හැමෝම අල්ලගෙන තිබ්බෙ වැරදි තැනින්. ළමය ස්වාධීන කරන්නලු. හත්වළාමෙ ළමයට හොරෙන් බස් එක පිටිපස්සෙන් ගියපු මේ සීන් එකේ ළමය ස්වාධීන කරන එක වෙලා තියෙනවා. මෙතන තියෙන අවුළ ළමයගෙ බම්බු ස්වාධීනෙ නෙමේ. දැන් මොකක්ද මේ පස්සෙන් යෑමේ ඇත්තම තේරැම? ප්‍රශ්නයකදී තමන්ගෙ ළමයට වැඩිපුර චාන්ස් එකක් ගන්නනෙ. අනතුරකදී චීචර්ලට දොස්තරලට හරි කෑ ගහල මගේ ළමයව ඉස්සරල බලපන් කියන්නනෙ හා නැද්ද?

මේ තාත්ත තමන්ගේ කාළයෙන් වරැවක්, මුදල් සහ ශ්‍රමය ළමය පස්සෙ යන්න වැය කිරීම හෙවත් මෙලෝ ප්‍රොඩක්ටිවිටි එකක් නැති ගොන් වැඩකට වැය කිරීම මෙතන එක ප්‍රධාන ගැටළුවක්. මේ හැසිරීමට හේතුව ළමයට ආදරේ නෙමේ, යම් භීතිකා තත්වයක්. ඒකට මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්නවනම් හොඳයි. ළමයට ආදරේනම් ඒක ට්‍රිප් එක පිටිපස්සෙන් කාරෙකේ ගිහින් ඔප්පු කළ යුතුද?  රියැදුරා නරකයි නම් ඒ නිසා බස් එක පෙරළුනොත් ළමය පස්සෙ ගියා කියල ළමයට අනතුරක් වීම වළක්වන්න පුළුවන්ද? ඉතුරැ ළමයි ටිකේ තාත්තල බහුතරයක් බස් එක පිටිපස්සෙන් ආවෙ නැත්තෙ ඒ ළමයින්ට ආදරේ නැති නිසා නෙමේ (එහෙමත් දෙතුන් දෙනෙක් ඇති)  ඒ මිනිස්සු නෝමල් මිනිස්සු  වීම නිසා. නෝමල් මිනිස්සු ඒවගේ අනවශ්‍ය භීතිකා වලින් පෙලෙන්නේ නෑ. ඒ මිනිස්සු දන්නව බස් එක පිටිපස්සෙන් ගියා කියල බස් එක අනතුරකට ලක් උනොත් හරි ඒලියන්ල බස් එක ඉස්සුවොත් හරි තමන්ට කරන්න පුළුවන් බම්බුවක් නැති බව. සල්ලි හෝ බලය තිබුන පමණින් සමහර දේවල් තනි තනියම ඇචීව් කරන්න බැහැ, සමාජයම පරිවර්තනය වෙන්න ඕනෙ. ඔය තාත්තට බැහැනේ කොළඹ තදබල වායු දූෂණයෙන් දුවව බේර ගන්න ඔක්සිජන් ටැංකියක් පිටේ එල්ලල ළමයව යවන්න, අන්න ඒ වගේ. මෙතනදීත් දෙමව්පියන් සාමූහිකව ළමයින්ට ආරක්ශිතව ට්‍රිප් එකක් යන්න අවශ්‍ය පරිසරය හදල දෙන එකයි වෙන්න ඕනෙ, රියැදුරාගේ කොළිටිය, බස් එකේ කොළිටිය, ටීචර්ලගේ කොළිටිය, සේෆ්ටි ප්‍රිකෝෂන්ස් වගේ ඒව  වලට දෙමාපිය මැදිහත්වීම මත දැඩි ජාතික ප්‍රතිපත්ති හදනව වගේ. එහෙම නැතුව, අනුන්ගෙ ළමයින්ට හෙණ ගැහුවත් මට මොකෝ මගේ ළමය විතරක් බේර ගන්න ළමය පස්සෙ මම යනවා මානසිකත්වයෙන් හැසිරීම නෙමේ.  සීට් බෙල්ට් නොදා ගිහින් වාහනයක් අනතුරට පත් උනොත් ඔය වයසෙ ළමයෙක් බේරෙන්නෙ නැති තරම්, ඒත් ඔය තාත්ත ළමයව වාහනේ එක්ක යද්දි සීට් බෙල්ට් දානවද තමන් සීට් බෙල්ට් දානවද? 


ළමයින්ට ආදරේ කියන්නෙ මළපෙරේතයො වගේ ළමයින්ට අරක්ගෙන ළමයි මත්තෙ වැටිල යන යන තැන පස්සෙන් යන එක නෙමේ, ළමය බෑ කියල අඬද්දීත් කරැණාවෙන් තේරැම් කරල සීට් බෙල්ට් එක දැම්මවීම, තමන්ගේ දේශපාලන පක්‍ෂය වෙනුවෙන් නෙමේ ළමයගෙ අනාගතය ගැන හිතල ඡන්දය දැමීම වගේ ඒවා.


මේ වගේ තාත්තල අම්මල ඉන්න ආයතන වල මම වැඩ කරල තියෙනවා, විශ්වවිද්‍යාල වල මම ඉගෙනගෙන තියෙනවා. මෙයාල මේ ළමයි මත්තෙ වැටිල යන යන තැන පස්සෙන් යන වැඩ වලට ගොඩක් වෙලාවට යොදා ගන්නෙ රස්සාවෙ කාලෙ. තමන්ගේ රාජකාරීමය කාලෙ කද්දි රැකියා වල අතපසුවීම් ගණනාවක් වෙනවා. යන්තම් පැයක් ලෙක්චර් කරල රෝයල් යන පුතාගෙ ඩ්‍රයිවර් කම කරන්න ඉතිරි පැය හය හත යොදවපු කොළඹින් පිට විශ්වවිද්‍යාලයක  මහාචාරියෙක්ගෙන් මම කාලයක් ඉගෙන ගත්ත, මිනිහ කවදාවත් ප්‍රශ්නයක් අහන්න ඔෆිස් එකේ නෑ, තමන්ගේ ලැබ් එක තියෙන වෙලාවේ ළමයින්ගේ වගකීම කණිෂ්ඨ කථිකාචාර්‍යලට පවරල මිනිහ ගිහින්. ඒ කණිෂ්ඨ කථිකාචාර්‍ය කටු කාපු මම දන්නව ඒකෙ ආතල් එක, මුගෙ රස්සාව අපි කරා කියල වැඩිපුර සතයක්වත් ලැබෙන්නෙත් නෑ අහකයන වගකීම් අපේ කරේ - දවසක් ළමයෙක් ලැබ් එකේ ඉද්දි අනතුරක් උනා. මෙයා වෙනුවට වැඩ බලපු කණිෂ්ඨ කථිකාචාර්‍ය වරයා තමා අමාරැවේ වැටුනේ. මේ ජාතියෙ තාත්තල අම්මල රස්සාව කරන තැන් වල තමන්ගේ රැකියා අවභාවිතාවට උදව් කරන කල්ලියට හොඳට සළකනවා ඒවා ප්‍රශ්න කරන අයව එළෝ ගන්නවා. ඒ නිසා මේ වගේ එවුන් නම් ඇත්තටම සාප.ඒක නිසා, මේ හැංගිමුත්තම් සෙල්ලම කරන්න මහජන මුදල් සහ මහජනයට අදාළ කාලය හෝ සම්පත් (රාජකාරි වාහන) පාවිච්චි කරනව නම් ඒක වැරදියි. ඔයා පරම්පරාගත ධනපතියෙක් නම් වර්කින් ක්ලාස් නෙමේ රස්සා කරල හම්බ කරන්න අවශ්‍ය නැති අපර් ක්ලාස් නම් ඔයා මෙහෙම හැසිරීම ඒ වරදින් නිදහස්.

හැබැයි පස්සෙ කාලෙක ඔය කෙල්ලව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න අපි උඹලට කලේ මේම මේමයි කියන්නවත් ඇරියස් කවර් කරන්නවත් එපා, මේක ළමය ඉල්ලපු දෙයක් නෙමේ තාත්ත විහින් කාපු කට්ටක්. 

නිවාඩු දවසක උනත් හොඳට නාල කාල රිලැක්ස් වෙනව වෙනුවට ළමයි පස්සෙ පන්නන එකෙන් වෙන්නෙ අනවශ්‍ය ආතතියක් හදා ගන්න එක. ඒත් ඔයාට එහෙම කොලිටි ලයිෆ් එකක් ඕනෙ නැත්නම් අපෙ මොකෝ. හැබැයි ඊට පස්සේ තමන්ගෙ ආතතිය අනුන්ගෙන් කවර් කර ගන්නව නම් ඒක අවුල්.

මෙතන ලොකුම අවුල තමයි මේ තාත්තා හදන්න උත්සාහ කරන ට්‍රෙන් ඩ්එක. ඔච්චර ඕනෙ නම් ළමය පස්සෙන් ශේප් එකේ යනව වෙනුවට, ළමයව වීඩියෝ කරල, මම හොඳ තාත්තෙක් ඒකයි මේ කියල සමාජ මාධ්‍ය වල දාපු එක අන්තිම වැරදී. තමන්ගෙ පටු අවශ්‍යතා වලට ළමයින්ව සමාජ මාධ්‍ය වල දාන එක බරපතල වැරැද්දක්. ඒ වගේම ළමයට ආදරේනම් ඒක ට්‍රිප් එක පිටිපස්සෙන් කාරෙකේ ගිහින් ඔප්පු කළ යුතුය යන ට්‍රෙන් ඩ් එකක් ඇති කරන්නට යාම බරපතල වරදක්. ඒ වගේ ගොන් ට්‍රෙන් ඩ් සමාජයට පට්ට ටොක්සික්. (වෙඩින් එක තරැ හෝටලයක ගැනීමත් එහෙම හදපු ගොන් ට්‍රෙඬ්  එකක් දැන් ආපිට හරව ගන්න අමාරැ. පවුල් කීයක් නම් බංකොළොත් වෙලාද මේ නිසා? රට බංකොළොත් වෙන එක පුදුමයක්ද කිසිම මූල්‍ය කළමණාකරනයක් නැතිව පරම්පරාගත ඉඩකඩම් හරි විකුණල හෝටල් වලට සල්ලි පූජ කරනකොට?) එක පැත්තකින් තාත්තල හැමෝටම ළමය පස්සෙ ට්‍රිප් ගිහින් ආදරේ ඔප්පු කරන්නට වීම තුළ තාත්තගේ වාහනය රස්සාව පෙනුම ආදී සාධක අනුව පන්ති භේදයක් ඇති වෙනව, තව පැත්තකින් ටීචර්ලට පුදුම පීඩනයක් අපි කවුරැවත් කැමති නෑ අපේ බොස් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවට, රස්සාවක් හරියට කරන්න නිදහසක් ඕනේ, තව පැත්තකින් රටට මිනිස් පැය ගණනක් නාස්ති වෙනව, තෙල් ලීටර් ගානක් නාස්ති වෙනව ආදී විශාල අවුලක්.පාරවල් ඇහිරෙනව වායු දූෂණය වෙනව නිකරැනේ.   සමහර තාත්තල නිකම් ඉන්නෙ නෑ තමන්ගෙ ළමයට බීම එකක් හරි දෙනව ඒක අනිත් ළමයින්ට අවුල් මොකද එයාලට බීම දෙන්න කෙනෙක් නෑ, හදිසි අනතුරකදි මේ ආත්මාර්ථකාමී මානසික රෝගී තාත්තල අනිත් ළමයි පාගගෙන හරි තමන්ගෙ ළමය බේර ගන්න හදන, අනිත් ළමයගෙ ඔක්සිජන් බටේ ගලවල තමන්ගෙ ළමයට ගහන ජාතියෙ අමු සක්කිළි ලෙස හැසිරෙන්නේ. තමන් හොඳ තාත්තෙක්‍ය කියන එක පෙන්නන්න තමන්ගෙ පොඩි එකාව හොරෙන් වීඩියෝ කරල (අම්ම දන්නෙවත් නැතුව ඇති සමහර වෙලාවට) සමාජ මාධ්‍යවල දාන තාත්තලත් ඉන්නවනෙ අම්මප. තමන්ගෙ පොඩි දරැවන්ව තමන්ගෙ ඇජෙන්ඩා වලට සමාජ මාධ්‍ය වල දාන දෙමාපියෝ ඩීප් ඩවුන් ළමයින්ට ආදරේ නැති ආදරේ වගේ රඟපාන (තමනුත් සමහරවිට තමන්ගෙ රඟපෑමට රැවටිලා ඉන්න) මන්ද මානසික ඩයල්.  


No comments:

Post a Comment

නර්සරි බබාගේ සත්තු වත්තේ ට්‍රිප් එකේ බස් එක පිටිපස්සෙ බබාට හොරෙන් කාර් එකේ යන තාත්තා හරිද වැරදිද

 මම දැක්ක එක සමාජ මාධ්‍යයේ සැරිසරණ වීඩියෝ එකක්. ඒක සමාජ මාධ්‍යයේ දාපු තාත්තා තමන්ගේ නර්සරි යන බබා සත්තු වත්තේ ට්‍රිප් එකක් යන බස් එක පිටිපස්...