Tuesday, September 24, 2024

සෙක්සි බඩ්ඩකට වඩා ඔබ්බට කාන්තා නියෝජනය ගෙන ගිය හරිනි

 ලන්කාවේ අති සාර්ථකව ක්‍රියාත්මක වන මාෆියාවක් වන රෑපලාවන්‍යය කියා ගන්නා බිස්නස් එක, මේ වන විට චන්දිමාල් අරෑ මූ ආදී හාල් කෑලි ප්‍රකෝටිපතියන් බවට පත් කර ඇත. එසේ වී ඇත්තේ, ලන්කාවේ මැටි මෝල් එළදෙනුන් සහ හරකුන්ගේ අධික හීන මානය ප්‍රයෝජනයට ගෙන ඔයාගෙ පාට කැතයි අරක ඇදයි මේක කළුයි ඒක පොඩියි ආදී ලෙස බොඩි ෂේමින් කර තඩි මේකප් තට්ටු උලා, වස පොවා, වස එන්නත් කිරීම ආදී දේ කිරීමෙනි. 

ලන්කාවේ පරම්පරා දේශපාලනයේ පිරිමි නැති කමට කාන්තා දේශපාළනයේ යෙදුනු, මෙලෝ උගත් කමක් වැදගත්කමක්නැති ගෑනු ගොඩ දෙනෙක්තමන්ගේ හිස් බව නිසා ආ අධික හීන මානය වහගත්තේ සෙක්සි බඩ්ඩවල් ලෙස ඡන්ද දායකයන් ඉදිරියේ පෙනී සිටීමෙනි.

එහෙම බැරි වයසක බැරල් බාග විකුණා ගත්තේ අම්මා ඉමේජ් එක මාකට් කිරීමෙනි.

කොටින්ම  උස නම් සිකුරිටි  මිටි කම්කරැ න්‍යාය ලන්කාවේ ගෑනු විෂයයෙහි ක්‍රියාත්මක උනේ තරැණ නම් බඩු නාකි නම් අම්මලා ලෙසය. බඩු සහ අම්මලා හැර වෙනත් පෞරැෂ ගෑනුන්ට තිබුනේ නැත. සමාජයේ තැනකට ඒමට, ස්පොට් ලයිට් වැටීමට, එක්කෝ බඩුවක් වීම හෝ තමන්ගේ ළමයි හැදිල්ල කෙසේ වෙතත් වැදිල්ල මාකට් කර අම්ම කෙනෙක් ලෙස පෙනී සිටීම යන තෝරාගැනීම් දෙක පමණි ගෑනුන්ට තිබුනේ. 

මේ දෙගොල්ලන්ම එළි බැස්සේ ලස්සන සාරි ඇඳගෙන ඒවාට ගැළපෙන මාළ වළලු දාන් මේකප් එක තිතට දාන් ලස්සන හෑඬ් බෑග් අරන් ලස්සනට කොන්ඩ හදන් ඒ ඔක්කොටම රෑපලාවන්‍යය මාෆියාවට අත දිග හැර වියදම් කිරීමෙනි. හැබැයි මේ ගෑනු තමන් කරන ජොබ් එක ගැන මළදානයක් දැන සිටියේ නැත.

අද අගමැතිනිය ලෙස දිවු රැම් දුන් හරිනි ජනතාව හමුවේ පෙනී සිටියේ එකී සෙක්සි බඩ්ඩ ලෙස නොවේ.ඇගේ සාරිය ලස්සන මිළ අධික තිතට රැළි තැබූ එකක් නොවේ. ඇයගේ සුපුරැදු කඩා දැමූ කෙටි කොන්ඩයේ සුදු වූ කෙස් ගස් සඟවා නැත, ඇයට මේකප්ද නැත,ඇයගේ ඇහිබැමද නීට් එකට හදා නැත. නමුත් ඇයගේ පෞරැෂය මේකප් දාහකට වඩා ඇයව ලස්සන කර ඇත. ඇය ජනතාව හමුවේ පෙනී සිටියේ බඩුවකට වඩා ඔබ්බට ගිය, බුද්ධිමත් මුහුකුරා ගිය, තමන්ගේ පෙනුම ගැන අනවශ්‍ය භීතියක් නැති පෞරැෂයක් සහිත කාන්තාවක් ලෙසටය.

මම මේ වෙනසට කැමතිය.

 ගෑනු තමන්ගේ බාහිර පෙනුමට වඩා තමන්ගේ අභ්‍යන්තරයෙන් ලස්සන, මූනේ රැල්ලකින් හෝ සුදු කෙස් ගසකින් බිඳ වැටෙන පෞරැෂයක් නොවන, ඇහිබැමේ නීට් එකට වඩා කරන රස්සාවේ නීට් එක වැදගත් කොට සළකන, කොටින්ම බඩු වලට වඩා සීරියස් රෝල් එකක් සමාජයේ, විශේෂයෙන්ම දේශපාලනයේ, සිදු කල යුතුය. 

ලන්කාවේ හැදෙන ගෑනු ළමයි දකින රෝල් මොඩල් වන්නේද ප්‍රියසාද් බඩු, ඒසමාලිලා, සහ පාර්ලිමේන්තුවේ ඉන්නා මොළේ නැතත් ඇඟෙන් ගේමක් ගහපු සෙක්සි ඩයල් වැනි මෝරල් කොම්පාස් එකක් නැති කෝටිපති වෛශ්‍යාවන් සහ හෙරවල් ය,ඒ නිසා යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එද්දීම කෙල්ලන් පහසුවෙන් සල්ලි හොයන්නට සෙක්සි බඩ්ඩවල් වීමට හදති. ඒ අර්ථයෙන්ද හරිනිලා වැනි උගත් වැදගත් නිහතමානී බුද්ධිමත් පෞරැෂවත් කාන්තාවන්ට ස්පොට් ලයිට් එක වැටීම වැදගත්‍ය. 

පිරිමිද දේශපාලනයේදී දාර බඩු ෆෝම් කර පාරලිමේන්තු යැවීමේ සිට හොඳ ගෑනු පසෙකලා ලස්සන නම්දාර බඩු වලට (නිකම් ගෙවල් වලට වී බත් මර මරා, පැය ගනන් වැට දෙපැත්තේ ඕපාදූප කියවන,  කබල් චීප් නාට්ටි බල බලා ඒවායේ පහත් හැසිරීම් තමන්ගේ ජීවිතයටද එකතු කර ගන්නා, අළුත් ස්කිල් එකක් ඉගන ගැනීම හරකෙක් මස් කඩේකට දක්කනවට වඩා අසීරැඊරිසියාකාර මොට්ට ගෑනු)  කර ගැසීම දක්වා සියළුම ගොන්කම් අත් හළ යුතුය.

No comments:

Post a Comment

සෙක්සි බඩ්ඩකට වඩා ඔබ්බට කාන්තා නියෝජනය ගෙන ගිය හරිනි

 ලන්කාවේ අති සාර්ථකව ක්‍රියාත්මක වන මාෆියාවක් වන රෑපලාවන්‍යය කියා ගන්නා බිස්නස් එක, මේ වන විට චන්දිමාල් අරෑ මූ ආදී හාල් කෑලි ප්‍රකෝටිපතියන් ...