Monday, September 23, 2024

කුහක නොවී නව ජනපතිට සුභ පතමු

 අනුර දිසානායක මම අකමැති දේශපාළන ප්‍රවාහයක් නියෝජනය කළද ශ්‍රී ලාන්කික  බහුතර තේරීම එය බව පැහැදිළිය. අනුර දිසානායකට අකමැති සහ  ප්‍රධාන දේශපාළන ධාරාවේ  දූෂිතයන් ටද පට්ටම අකමැති ඩබල් හේටර්ස්ලා වන මම වැනි අය අළුත්ම දේශපාළන ධාරාවක් අපේක්‍ෂා කලද, අනුරට ලිට්මස් පරීක්‍ෂාවක් නොකොට එසේ  අළුත්ම දේශපාළන ධාරාවක් කවදාවත් බිහි නොවන බව මහපොළොවේ යථාර්ථය බව පෙනේ. 

ලන්කාවේ මිනිස්සුන්ට හැමදාම සිද්ද වුනේ වස ජාති කීපයකින් එකක් තෝරාගෙන බොන්නටය (pick your poison scenario), මෙදා තිබුනු වස බඳුන් වළින් අඩුම විෂ වස (අඩු වශයෙන් එසේ සිතූ, ඉතිරි වස බඳුන් බී කෙළවගෙන පුරැදු නමුත් මේක කවදාවත් නොබීපු එකකි.) බඳුන ඔවුන් තෝරා ගෙන ඇත. 

ගෝඨා නැමති ගොබ්බ තිරි.සනා එදා ජනපති නොවුනා නම් අදද අපේ උන් "සර්" ට කවි ගී ලියනු ඇත. ඌ සමඟ අනුර සැසඳීම කළ යුතු නොවෙතත්, එය මතක් කළේ,  අනුරට මෙවෙලේ චාන්ස් එක නොදුන්නොත්, අපේ උන් සදහටම "අනුරට කරන්න දුන්නෙ නෑ" යැයි කියනු ඇත. අනුරට අකමැති නිසා කකුළෙන් ඇදීමෙන් අප වැළකිය යුත්තේ දැන්වත් මොකා හරි මේ රට හරි මාවතට ගත යුතු නිසාය. පිත්තේ අනිත්පැත්තෙන් බැට් කළත් ළකුණු හම්බ වෙනවා නම් ඒ ඇතිය.

මම අනුරලාට කැමති නැතත් අනුරට කෙළවෙනු දකින්නට කැමති නැත්තේ එබැවිනි. 

ලෝක ඉතිහාසය දෙස බලා අනුරට මට කියන්නට ඇත්තේ, ඔබ දූෂිත නොබව මිනිසුන්ට පේන තාක් කුමන ප්‍රශ්න හමුවේ වුවද ඔවුන් ඔබ සමඟ හිඳිනු ඇති බවය. 

ශ්‍රී ලන්කාවේ දේශපාළනයේ සිදු වූ වෙනස හැම අතින්ම සුභදායී වේවා!

No comments:

Post a Comment

"අපේ කාලේ ඔහොම නෑ.. දැන් හැදෙන උන්ට සැප වැඩියි" කවදාවත් ඔබේ දරුවට මෙහෙම කියන්න එපා..! ✋by Amuthu Facebook Post

සමාජ මාධ් ‍ යයේ සැරිසරන විට අපට නිතරම ඇහෙන, දකින වාක් ‍ යයක් තමයි මේ. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තරුණ දරුවන් දෙස බලා නිතරම පවසන මැසිවිල්ලක...