Thursday, February 16, 2023

බලෙන් උපදෙස් අවවාද දෙන පුරැද්ද නවත්වමු


පහුගිය කාලෙ කාර්‍යබහුළත්වය නිසා ගොඩක් කාළීන ටොපික් මිස් උනත්, කෙටියෙන් හරි "මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ්"  පෝස්ටුවට මගේ ජනප්‍රිය නොවන මතය කියන්න හිතුවා.


'' පාරේ බයික් වැඩ දදා පදින අවස්ථාවක අන්තරාය දුටු නිසා හෙල්මට් පළදින ලෙස ඉතා සුහදශීලීව අවවාද කළ රංග විරාජ් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය. ඔහු මාස 11ක දියණියකගේ පියෙකු වූ අතර අනපේක්ෂිත සිද්ධියෙන් දියණියට ආදරණීය පියෙකු අහිමිවී ඇත...''


සිද්ද වූ දෙය ඛේදවාචකයක් සහ එම පාසල් සිසුන් වැරදි බව ඇත්ත, එහි විවාදයක් නෑ, නමුත් ලන්කාවෙ එවුන්ට අනුන්ට අවවාද අනුසාසනා උපදෙස් දීමට ඇත්තේ පට්ටම උණක්. දැන් මෙතනදීත් තමන් අඳුනන්නෙවත් නැති මදාවි ටිකකට බලෙන් උපදෙස් දෙන්න ගිය නිසානෙ මේ මනුස්සය මලේ. කරැණාකරල අනුන්ව හදන්න යන්න එපා. ඒක ඔයාට කරන්නට බැහැ, විශේෂයෙන්ම අනිත් පාර්ශවයට තමන්ගෙ වරද තේරෙන්නැත්නම්. වැරැද්දක් දැක්කොත් පොලීසියට කියන්න. ෆොටෝ ඇරන් සමාජ මාධ්‍යයක දාන්න.  තමන් එතැන රඟන්න එපා. තමන්ට මහේස්ත්‍රාත් හෝ පොළිස් බලතල කවුරැවත් දීල නෑනෙ. අම්ම අප්පට ජීවිත කාලයේම හදන්න බැරි එවුන් ඔබට හදන්නට බැහැ, එක අතකට ඔබට අයිතියකුත් නැහැ. ලෝකෙ නරකම වැඩ කරපු මිනිස්සුත් පස්සෙ කාලෙක හොඳම මිනිස්සු වෙලා තියෙනව අවශ්‍ය පරිණත භාවය සහ තමන්ට විපාක ලැබුනම. මේ මනුස්සය එතනින් රඟන්නෙ නැතුව ගියා නම් අදටත් පවුල් පහක් සතුටින්. ඒ නිසා;

1. මිනිස්සුන්ව යන එන ගමන් හදන්න යන්න එපා. 

2. වැරැද්දක් දැක්කම හරක වගේ කොන්ෆ්‍රන්ට් කරන්න එපා සතා කවුද නොදැන

3.  වැරැද්දක් දැක්කම නීතිය අතට ගන්න එපා, නීතියට සහය වෙන්න 

4. තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න ඉගෙනගන්න. 

5. තමන් අනුන්ව හදන රීහැබිලිටේෂන් සෙන්ටර් එකක් නොවන බව මතක් කර ගන්න.

6. අනුන්ට බලෙන් උපදෙස් දෙන්න එපා

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...