Friday, February 17, 2023

බලෙන් උපදෙස් අවවාද දෙන පුරැද්ද නවත්වමු -2


"ගුරු බිරියගේ පාසලේ සිසුන්ගේ ස්කූටර් වෙට්ටු දැමිල්ලට දුන් අවවාද නිසා දිවියෙන් වන්දි ගෙවූ රංග"

ඉහත කාරණය ගැන වඩාත් සවිස්තරව කතා කල යුතුයැයි හිතුන නිසා මේ ලිපිය ලියන්නට හිතුනා. මොකද මේ කාරණයේ කතා නොකරන පැති ගණනාවක් තිබෙන නිසා.

පළමුවෙන්ම මම කතා කරන්නේ ජඩ මාධ්‍ය වාර්තාකරණය ගැන.  ලන්කාවට කෙළවීමේ පුරෝගාමී මෙහෙවර කලේ මාද්‍යවේදියො කියන ජඩ මාධ්‍ය චීත්ත. හැම ලබ්බම තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා වලට අනුව පක්‍ෂග්‍රාහීව ලියන එක මාධ්‍ය වාර්තාකරණය  කියල හිතන් ඉන්න මේ අමන රැල රංග විරාජ් ජයසිංහ නමැති 34 හැවිරිදි එක්දරු පියකුට හෙල්මට්වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ  බාල වයස්කාර කොල්ලන්ගේ සම්පූර්ණ මුහුණ සමග නම ගම ප්‍රසිද්ධ කර තිබුනා. ඒ සමඟම ඊයෙ කියපු කතාවට හාත්පසින්ම වෙනස් එකක් අද දාලා. හෙට මොකක් කියයිද දන්නෙ නෑ. ඊයෙ කියල තිබ්බෙ පාරෙ යද්දි කොල්ලො හෙල්මට් නොදා අනාරක්‍ෂිතව බයික් පදිනකොට හෙල්මට් දාන්න කියල ආදරෙන් කිව්වම (හරියට ලියපු එකා එතැන බලා හිටිය වගේ රන්ග ආදරයෙන් අවවාද කරන හැටි) ගහල මැරැව කියල, අද කියනව පාන් ගෙඩියක් ගන්න කඩේ යද්දි කොල්ලො බයික්  වලින් වෙට්ටු දාල හුටපටයක්. මට කියන්න තියෙන්නෙ මේකෙ ඇත්ත සිද්දිය මොකක්ද කියල තාම තහවුරැ කර ගන්න බෑ ජඩ මාධ්‍ය කතා බලල. පැහැදිළිවම  ජඩ මාධ්‍ය මැරැණ මිනිහව සුද්ද කරන්න මාර ගේමක් දෙනව. බැරිවෙලවත් කොල්ලන්ගෙ එකෙක් ජඩ මාධ්‍ය කාරයෙක්ගෙ පුතෙක් නම් නිවුස් යන්නෙ "පාරෙ බයික් පැද්ද දරැවාට තර්ජනය කළ මදාවියා දරැවා ආත්මාරක්ශාවට හෙල්මටයෙන් ගැසු පහරකින් මරැට" වගේ එකක්. ඒකනිසා ජඩ මාධ්‍ය කතා බලල මිනිස්සුන්ව ජජ් කරන්න එපා.

මේ කොල්ලන්ගෙ නම් ගම් ෆොටෝ දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? උන්ගෙ අනාගතය පුළුවන් තරම් විනාස කිරීම වෙන්න ඕනෙ. Well done.

මෙතන ඇත්ත කතාව මොකක් උනත් මේ පොයින්ට්ස් ටික සැළකීම වැදගත්.

1. කතාබහක් මිනී මැරැමක් දක්වා එස්කැලේට් වීම: මෙතනදී වැඩිහිටියා සහ පවර් ඉම්බැලන්ස් පාටි දෙකෙන් (රන්ග වර්සස් කොල්ලන්) වඩා බලවත් පාර්ශවය (වයිෆ් කොල්ලන්ගෙ පාසලේ ටීචර් වීම, වැඩිහිටියන්ට ගරැ කරන සන්ස්කෘතිය, කොල්ලන්ට වඩා මොළය/අත්දැකීම් තිබීම) වුනේ රන්ග. ඒ නිසා කතාබහ මිනී මැරැමක් දක්වා එස්කැලේට් වීමේදී (කොල්ලන් සැළසුම් සහගතව රන්ග මරන්න ආවේ නැත්නම්, හෙට එහෙම කියයිද දන්නෙ නෑ) වැඩි වරද රන්ගගේ (එස්කැලේට් කිරීම නැමති වරද පමණයි). රන්ග මොනවමහරි දෙයක් කියල තියෙනව වගේ කොල්ලන්ව ට්‍රිගර්  වෙන. මේ වගේ ටෙන්ස් වෙලාවක ගේම ඉල්ලීම නොකල යුතුව තිබුනා.  රන්ග මොනවමහරි දෙයක් කියල නැතිව සිද්දිය උනා වෙන්නත් පුළුවන් ඒත් අවුට් ඔෆ් ප්‍රපෝෂන් එස්කැලේට් වීමකදී මොනවහරි හේතුවක් තියෙනව ගොඩක් වෙලාවට. එක්කො පරණ වළියක් වගේ.

2. රන්ග කියන්නෙ කුඩා ළමයෙක්ගෙ තාත්තෙක් සහ රැකියාවෙන් ඉවත් වූවෙක්. තමන්ට සෑහෙන ප්‍රශ්න තියාගෙන අනුන් හදන්නට යෑම ඊගෝ එකේ ගැටළුවක්.

3. ඕනෙම මනු්සයෙකුගේ ආවේගශීලී නරක මොහොතවල් තියෙනව. ඒ වගේ ආවේගශීලී මොහොතක කරැමෙට අපේ පාත් එක ක්‍රොස් වෙලා කෙනෙක් අපෙන් ගේම ඉල්ලන කොට ඒ කෙනාගෙ මානසිකත්වය ඇසෙස් කරල කොස්ට් බෙනිෆිට් ඇනලයිසිස් එකක් කරල තමා රිඇක්ට් කරන්න ඕනෙ. ඒව මුකුත් නැතිව තනිකරම ඊගො ඩ්‍රිවන් ජජ්මන්ට් වලට ගියාම ඔහොම වෙනවා. මට මතකයි කාලෙකට පෙර අපේ  අසල්වැසි චාටර් පවුලක් හිටියා අපි රෙන්ට් කරන කාලෙ. එක දවසක් ඒ පවුලෙ මනුස්සය මත් ද්‍රව්‍ත්‍ය අරන් මාරාවේශයෙන් මගේ මහත්තයට කඩා පැන්න කාර් එක එයාගෙ කාර් එකේ ලාවට හැප්පුව කියල පාක් කරද්දි. නමුත් ඇත්තටම එහෙම එකක් උනේ නෑ. එහෙම කියල මගේ මහත්තය රන්ඩුවට ගියෙත් නෑ. හිනා වෙලා බැනුම අහන් ඉඳල ෂේප් කරළ ඩීඑස්කැලේට් කලා. ඊට පස්සෙ අපි පරිස්සම් උනා කාරෙක එයාගෙ එක ලඟින් පාක් නොකරන්න. ටික දවසකින් ඒ මනුස්සය කරපු ගොඩක් වයලේෂනස් නිසා එයාට නිවාස සන්කීරණයෙන් යන ලෙස දැනුම් දුන්න. ඔය වගේ සිද්ධි ගොඩක් තියෙනව අපට. ගොඩක්වෙලාවට මනුස්සයෙක් ගේ නරක වෙලාවක ගැටීමට වඩා මඟ හැරීම ඉතාම වැදගත්. 

4. අර මාස එකොළහේ ළමය වගේම මේ අවුරැදු දාසයේ එවුනුත් ළමයි. එකෙක් පවුලු අනිත් උන් මරන්නලු. එතකොට ෆුල් සයන්ටිෆික් ආගමේ අගුලිමාළව එහෙම මතක් වෙන්නෙ නෑ යක්ඛ පුත්තුන්ට, නරකමය කියල උන්ම කියන ආගමේ දඬුවම් තමා මතක් වෙන්නෙ. 

වැඩිහිටි අඳබාලයො තරැණයන්ගෙන් ඇරියස් කවර් කරන අළුත්ම ක්‍රමේ තමා මේ වගේ සිද්ධි අල්ලගෙන රෝන් ජෙනරේශන් කිය කියා උන්වම මරාගෙන කෑම. මොකක්හරි  ජෙනරේශන්  එකක් රෝන් වෙන්නේ උන්ගෙ අම්ම අප්පගෙ අත්ත මුත්තගෙ ජෙනරේශන්  එක රෝන් වුනාම. මොකක්හරි  ජෙනරේශන්  එකක් රෝන් වෙන්නේ උන්ගෙ අම්ම අප්පගෙ අත්ත මුත්තගෙ ජෙනරේශන් එක ඉස්සරහ ජෙනරේශන් ගාණක් ණයකාරයො කරල උකස් කරල පිස්සු කෙළියම. 

 හරිනම් පරම්පරා ගානක් උකසට තබා පිස්සු කෙළපු වැඩිහිටියෝ ඔක්කෝටම දාසයේ කොල්ලන් අතට අහු වන එකෙන්  කෙළලා ඇරිය යුතු නමුත් උන් බහුතරය තවම ඉවසද්දී අර පා.හර වැඩිහිටියෝ උන්ටම බැණ වදිති.

Don Spuz මේ ගැන හොඳින්ම කියල තියෙනවා "හතර පෝයටම බණ අහලා,පල්ලි,කෝවිල් ගිහින්, දඬුවම් දීලා, වැඩිහිටියන්ට ගරු කරන්න හදපු පරම්පරා තමන්ට වඩා වෙනස් භාෂාවක් සංස්කෘතියක් කතා කරන, රට ඇතුලෙම ජීවත් වෙන මිනිස්සු එක්ක යුද්ධයක් පටන් ගත්තා 1983 දී. මේ එක මේසෙක වාඩිවෙලා කතා කරලා විසඳගන්න බැරි වැඩිහිටි මිනිස්සු හොඳේ. ඒ යුද්ධෙ අවුරුදු 25 ක් විතර ඇදුනා. ප්‍රතිඵලය තමයි 100000 ට අධික මිනිසුන් ප්‍රමාණයකගෙ ජීවිත අහිමිවීම. යුද්ධෙ තිබුනු සම්පූර්ණ කාලේ ගත්තොත් ඒ කියන්නෙ අවුරුද්දට 4000 ක් මරාගෙන. ආසන්න වශයෙන් දිනකට 11 යි. දවසේ පැය 24 ක් තියෙන නිසා පැය දෙකකට වරක් එකාගානේ මරාගෙන. 

හතර පෝයටම බණ අහලා, පල්ලි, කෝවිල් ගිහින්, දඬුවම් දීලා, වැඩිහිටියන්ට ගරු කරන්න හදලු පරම්පරා දේශපාලනිකව වෙනස් අදහස් දැරීම නිසා විප්ලවයකට, රාජ්‍ය මර්ධනයකට යොමු වෙනවා 1987 දි. ඉවර වෙන්නෙ 1989 දි. අවුරුදු දෙකක් ඇතුලත 60000 ක් මැරුණා කියනවා.  ඒ කියන්නෙ අවුරුද්දට තිස්දාහයි. දිනකට 82 යි. පැයකට මරණ තුනයි. මරන්නෙත් හෙල්මට් වලින් ගහලා නෙමේ හැබැයි.. ඇණ මුරිච්චි ගහලා, ධර්මචක්‍රෙ දාලා, බට කම්බි ඔබලා, බාගෙට පණ තියෙද්දි ටයර්වල දාලා අලු කරලා. 

උන්ගෙ පරම්පරාවල හතර පෝයටම බණ අහපු, පල්ලි කෝවිල් ගිය, දඬුවම් දීලා උස්මහත් කරපු, වැඩිහිටියන්ට ගරු කරපු එවුන්ගෙ දේශපාලනය නිසා දැන් විභාග කරන එවුන් පාඩම් කරන්නෙ අඳුරේ,  විභාගයක් ලියන්න කොල නෑ, බස්වල යන්න එන්නවත් සල්ලි නෑ, වේල පිරිමහගන්නෙ ලෙවකාලා. 

ඒ කාලේ ඉඳන් අවුරුදු 30 ක් ෆාස්ට් ෆෝවඩ් කරාම එකපාරම amo amo දෙදාහෙන් පස්සෙ එවුන්ගෙ නැහැදිච්ච කම. මුන් තරන් murga පරම්පරාවක් අපිනන් උපන්තේකට දැකලා නෑ හත්වලාමේ. එල්ලන්නෙ නැති වරද. මුන්ට ආගමක් ධර්මයක් නෑ, වැඩිහිටියන්ට ගරු කරන්නෑ. දෙදාහෙන් පස්සෙ එවුන් සාපයක්...යැයි යැයි..

අනේ නිකන් පලෑන් බන් යන්න. ධර්මපාලල කෙලල තියෙන ටික මදෑ."




2 comments:

  1. Replies
    1. Thanks, instead of apologizing to younger generations for bankrupting the country and enjoying by selling their future, dreams and hopes, this narcissistic adults insulting them constantly. What qualifications do they have to “advise “?

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...