Thursday, May 19, 2022

මේ වෙලාවෙ රට ගොඩ දාගන්න ලන්කාවෙ මිනිස්සුන්ට තනි තනිව කරන්නට පුළුවන් දේවල් මොනවාද? දෙවන කොටස

 



ලන්කාව නිල වශයෙන්ම බන්කොළොත් වී ඇති මේ මොහොතේ, තනි තනිව ගෙවල්වල ඉන්න බාල මහළු ගෑනු පිරිමි ඔබට විශාල කාර්‍යභාරයක් පැවරී තිබෙනවා. ඒ තමයි ඔබේ කොමියුනිටි එකේ මූළික අවශ්‍යතා සඳහා සහජීවනය මත පදනම් වූ ක්‍රමවේදයක් ඇති කර ගැනීම. ඒ ඇයි? ඉස්සරහට එන්නේ මූළික අවශ්‍යතා ඉටු කර ගන්නට පවා මාරම යුද්දයක් කරන්නට සිද්ද වෙන යුගයක්. ඒකට හරියාකාරව මූණ නොදුන්නොත් සියළු දෙනාම විපතට පත් වෙනවා, නෑ  පට්ටම පෝසත් සියයට එකක් දෙකක් හැර ඉතිරි සියළු දෙනාම විපතට පත් වෙනවා. 

ඔබේ කොමියුනිටි එක කියල මම අදහස් කලේ ඔබ ඉන්නේ ගමක නම් ගම, නගරයක නම් ඔබේ ගෙදරට යන ලේන් එක, ඔබේ තට්ටු නිවාස සන්කීරණය ආදී හඳුනා ගත හැකි කොමියුනිටි ඒකකයක්. මේ වෙලාවෙ වාද බේද අතහැරල ජීවිතය බේරා ගැනීම සඳහා එකතු වෙන්න. 

මූලිකවම මේ කොමියුනිටි ඒකක පොදු කුස්සියක එක වේලක්වත් උයන්නට පටන් ගන්න. කිසිම කෙනෙක්ව හලන්න කොන් කරන්න එපා. එක අතකින් ඒක මිනිස් කමට නිගාවක්, අනිත් අතට මේ වෙලාවෙ මිනිස්සු ඉන්න මානසිකත්වය එක්ක බඩගින්න දරා ගන්න බැරිව හොර මැර කමට යොමු වෙන එක වැළකෙනවා. පොදු කුස්සියක උයන එකේ වාසි තමා අරපිරිමැස්ම, සහයෝගය, ඒවගේම පිටරටවල ඉන්න මිනිස්සුන්ට පවා උදව් කරන්න පහසුයි.  ආධාර දෙන කොට විදේශිකයෙක්ට උනත් ලොකු පැහැදීමක් ඇති වෙන්නෙ  ආධාර ලබන මිනිස්සු අරපිරිමැස්මෙන් සහයෝගයෙන් ඒව පාවිච්චි කරන කොට. තව දෙයක් තමයි ගම් මට්ටමේ නායකයො මේවයින් බිහි වෙනවා, මිනිස්සුන්ට සමාජ පරිවර්තනය උදෙසා ආත්ම තෘප්තියෙන් කරන්න වැඩක් ලැබෙනවා, ඒක මේ වෙලාවෙ මානසික පීඩනය අඩු කරන්න හොඳයි.  

දෙවනුව ඔබේ කොමියුනිටි එකේ ආහාර සුරක්ශිතතාවය සඳහා පුළුවන් සෑම බිම් අඟලක්ම වගා කරන්න, ඇතැම් විට ලොකු ඉඩමක් තියන වයසක මනුස්සයෙක්ට ඒක වගා කරගන්න හයියක් නෑ, හයිය තියන තරැණයින්ට වගා කරගන්න ඉඩමක් නෑ. මේ නිසයි සහයෝගයෙන් වැඩ කිරීම ඉතාම වැදගත්. ගමේ කුකුළ් කොටුව  කිරි හරක් මාළු ඉන්න ඇළ දොළ රැක ගෙන වැඩි දියුණු කර ගන්න. 

ඊළඟට කොමියුනිටි එකේ සියළුම දෙනාගෙ දක්‍ෂතා සහ සුදුසුකම් හඳුනා ගන්න. කොමියුනිටි එකේ ගුරැවරැ, හද හෙදියො, උයන්න ළමයි රැක බලා ගන්න හැකි ගෘහණියො, දොස්තරල, අයිටී ෆීල්ඩ් එකේ අය, වෙළෙන්දො, ශිෂ්‍යයො ආදී සියල්ලන්ම  එකට එකතු වෙන්න. ඉස්සරහට පාසල් අධ්‍යාපනයට අබ සරණ වුනොත් අර කොමියුනිටි එකේ ගුරැවරැන්ට කොමියුනිටි එකේ සියලුම ළමයින්ට උගන්වන්නටත්, ඒකෙන් උදව් ලබන කොමියුනිටි එකේ වෙළෙන්දො නොයෙක් අත්‍යවශ්‍ය දේවල් ගුරැවරැන්ට දීමට, ගෘහණියො ගෙදර අස්පස් කරල කුඩා ළමයි බලල දීමට වගේ සේවා මූළික ස්වාධීන කුඩා කොමියුනිටි එකක් බවට මෙතන පත් කර ගන්න. තව උදාහරණයක් ගත්තොත් කොමියුනිටි එකේ දොස්තර/නර්ස්/සෞඛ්‍ය සේවකය කොමියුනිටි එකේ රෝගී වෙන අයට උදව් වෙනව. අයිටී දන්න ශිෂ්‍යයා සමාජ මාධ්‍ය යොදාගෙන අවශ්‍ය බේත් හොයනව. කළින් වගේ කොමියුනිටි එකේ වෙළෙන්දො නොයෙක් අත්‍යවශ්‍ය දේවල් ගුරැවරැන්ට දීමට, ගෘහණියො ගෙදර අස්පස් කරල කුඩා ළමයි බලල දීම වගේ දේ කරල දෙනව. 

හැබැයි මේ ක්‍රමයෙදි මෙච්චරකල් පවත්වගෙන ආව ආත්මාර්ථකාමී ලෝබ දුෂ්ඨ කුහක ඊර්ශ්‍යාකාරී අසාධාරණ මෙකී නොකී කැත පුරැදු අතහරින්නම වෙනව මොකද ඒව එක්ක මේ වගේ ක්‍රමයකට පැවැත්මක් නෑ. කොමියුනිටි එකේ ඉන්න කිසිම කෙනෙක්ව අහක දාන්න එපා, මදාවි රස්තියාදුකාර නූගත් කොල්ලා කොමියුනිටි එකේ හොඳම ආරක්ශකයා වේවි. මේ කොමියුනිටි එකේ පාලනයට  පුරවැසි කමිටුවක් තිබිය යුතුයි. ආදායම් වියදම් විගණනය විය යුතුයි. හැමෝටම සාධාරණයක් විය යුතුයි. විනයක් ඇති කල යුතුයි, විනය කඩ නොකරන තැනට වග බලා ගත යුතුයි etc.  

කොටින්ම පොඩි පාර්ලිමේන්තුවක් වගේ. මෙතනදී නායකත්වය සුදුස්සන්ට දෙන්න. ගෝටාව තෝර ගනිද්දි කරපු වැරදි, එනම් සල්ලිකාරයට, බලපුළුවන් කාරයට, නහර කාරයට, තමන්ගෙ නෑය/යාළුවට නෙමේ ගමේ සාධාරණ අවන්ක මිනිසුන්ට තැන දෙන්න. ගමේ සාධාරණ අවන්ක මනුස්සය පොල් කඩන මනුස්සය නම් නායකත්වය සුදුස්ස එයා, දොස්තර, මුදලාලි, හෝ වෙනත් හයි කාරයෙක් නෙමේ. මේ කමිටු නියෝජනයට පූජක පක්‍ෂය ගාව ගන්න එපා. පූජක පක්‍ෂය කමිටුවට යටත් විය යුතුයි. දේශපාලනය හා ආගම එකට ගාව ගන්න එපා. පූජක පක්‍ෂයට ආගමික ආයතන ඇතුලෙ ඉඳගෙන කමිටුවට සහයෝගය දීම හැර කමිටුවට නායකත්වය දීම නොකළ යුතුයි. ඒවගේම කිසිම පක්‍ෂයකට මේක හයිජැක් කරන්න දෙන්න එපා. ඕනෑම කොමියුනිටි එකක බැසිල් වගේ උපන් හොරෙක්, මහින්ද වගේ උපන් කපටියෙක්, විමල් වගේ ගේම් කාරයෙක්, අනුර වගේ කයිවාරැ පප්පෙක්, ගෝඨ වගේ අමු ගවයෙක්, රනිල් වගේ බල ලෝභී නමුත් වැඩබැරි එකෙක්, පාදෙණිය වගේ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න එකෙක් ආදී වශයෙන් මිනිස්සු ඉන්නවා, ඒ නිසා තමයි නායකත්වය තේරීම ගොඩක් වැදගත්. ඒ වගේම ේකෙ සිස්ටම් එක ගොඩක් වැදගත්. රටේ සිස්ටම් එක වෙනස් කරන්න නම් ඔබේ කොමියුනිටි එකේ  සිස්ටම් එක වෙනස් කරන්න. රටේ නායකයින් හරියට තෝරන්න නම් ඔබේ කොමියුනිටි එකේ  නායකයින් හරියට තෝරන්න. මෙවැනි කොමියුනිටි වලින් අනාගත නායකයන් බොහෝදෙනෙක් බිිහි වේවි. 

මේ කොමියුනිටි එකේ තින්ක් ටෑන්ක් එකක් තිබිය යුතුයි. කොහොමද කොමියුනිටි එකට ඩොලර් ටිකක් පොම්ප කර ගන්නේ? යූටියුබ් චැනල් එකක්, වෙනත් සේවා සැපයීමක්, කලාකරැවෙක් ඉන්නවනම් ඒ කලාත්මක දෙයකින් නැතිනම් සොෆ්ට්වෙයාර් ඩිවෙලොපින්? මතක තබා ගන්න ලාන්කික ඩයස්පෝරාව ඔබට මේ සඳහා හැම අතින්ම උදව් කරන්නට ලෑස්තියි. උදාහරණයකට හිතන්න ඔයාලගෙ කොමියුනිටි එකේ වැඩ වලට කිරි හරක් ටිකක්, එහෙම නැතිනම් කොම්පියුටරයක් ගන්න ඕන නම් ඔයාල කොමියුනිටි එක ගැන විස්තර කියල ඩයස්පෝරාවෙන් ඉල්ලුවොත් ඒක අනිවා ඩයස්පෝරාවෙ අපි  කරල දෙන්නම්.  

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...