Monday, March 7, 2022

මුහුණත් සමඟ තරහා වී නහය කපා ගැනීම නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු නිසා ඒකාධිපතිවාදය ඉල්ලූ බයියන්ගේ ඛේදවාචකය

 




මේ  වන විට ලoකාව බයියන් ගේ තීන්දු තීරණ නිසා විශාල මෑන් මේඩ්, නැතහොත් මිනිස්සු විසින් ඇති කරන ලද-  විනාශයක් කරා තල්ලු වී යමින් පවතී. මේ අර්බුදයේ මුල් අදියරේදී බයියන් රට හැදීමට නම් ඒකාධිපතියෙකු අවශ්‍ය බව කියමින් මහ විශාල කැම්පේන් එකක් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. ඇතැම්විට ඔබ ඒ කාලයේ එය අනුමත කරන්නටද ඇත. වෙඬරැවේ උපාළි චීවරධාරියා රටට **ලර් කෙනෙක් අවශ්‍ය බව ප්‍රසිද්ධියේම කීවේය. **ලර් උපන් රට නියෝජනය කරන ජර්මන් තානාපති කාර්‍යාලය එය හෙළා දැක්ක අතර බයියන් එය හිස් මුදුනින් පිළිගත්තේය. එපමණක් නොව ඒ කාලයේ බයියන්ට අවුන් සාන් සුකීට වඩා වීරවරියක් හිටියේ නැත. 

අන්තිමේ බයියන් පැතූ පරිදිම තනි සිoහළ ආණ්ඩුවක් හදා කිරිබත් කා රතිඤ්ඥා දල්වා සතුට සැමරීය. මගේ ප්‍රශ්නය නම් **ලර් කෙනෙක් අවශ්‍ය වූ බයියන් දැන් තෙල් පෝළිමේ සිට, ගෑස් පෝළිමේ සිට, කිරිපිටි පෝළිමේ සිට, පෝර නැතිව, බේත් නැතිව, විදුළිය නැතිව වොයිස් කට් දිදී අඬන්නේ ඇයිද කියාය. හත්වලාමේ, ඒකාධිපතියෙක් කරන දරැණු වැඩ වළින් සීයට දහයක් වත් මේ ආණ්ඩුව තවම කළේ නැත. මේක හරියට කොටියෙක් ඉල්ලා සැර බළලෙක් හම්බ වී ඌ පිඹිනවාය, සූරනවාය කියා හඬන්නාක් වැනිය. සාමාන්‍යයෙන් ඒකාධිපතියන් රටක් පාලනය ක්‍රමය නම් රට තමන්ගේ බූදලය ලෙස හිතා ඒකෙ ජනතාව තමන්ගේ ප්‍රාණ ඇපයට ගෙන වැඩ කිරීමයි. පූසා වෙනුවට ඉල්ලූ කොටියා ආවා නම් ඔය වොයිස් කට් දෙන එවුන් එතනම වෙඩි තබනු ඇත. දෙතුන් පාරක් එහෙම කලාම මොනවා කලත්  කවුරැවත් මීක් කියන්නේ නැත. පූසා වෙනුවට ඉල්ලූ කොටියා ආවා නම් කැමති උනත් අකමැති උනත් ඔබවද ඔබේ බිරිඳ හා පවුලේ දහ අට පැනපු සාමාජිකයන්  කිසියම් අවම වැටුප් සහිත රස්සා වලට බළහත්කාරෙන් දමා උදේ ඉඳන් රෑ වෙනකන් මරවමින් වැඩ කර ගනු ඇත. පූසා වෙනුවට ඉල්ලූ කොටියා ආවා නම් අවට රට වලටද ගොන් පාට් දා ඉල්ලන් කනු ඇත, එවිට ජාත්‍යන්තරව වැටෙන සම්බාධක නිසා ඔබට කැඳවත් නැති වනු ඇති අතර වෙන රටකට පළා යන්නටවත් බැරි වනු ඇත. මේ සඳහන් කලේ කීපයක් පමණි. ඒ කීපය දෙස බැළුවත් ඔබට පේනවා ඇති හරිනම් ඔබ වත්මන් රජයට මල් තබා වැඳිය යුතු බව. මොකද ඔබ හරකෙක් නම්, ඔබ කලේ වසා තිබූ මස් කඩයක් ඉස්සරහට ගොස් ඒක වහාම විවෘත කරන ලෙස උද්ගෝශණය කිරීමයි. හරකුන් වන ඔබ මස් කඩය විවෘත කිරීම ඔබේ විනාශයට හේතුවන බව නොසිතුවේද? මෙතන මම හරකාට උපමා කලේ ඒකාධිපතියෙක් ඉල්ලූ ලoකාවේ ඡන්ද දායකයන් සහ මස් කඩ කරැට උපමා කලේ ලෝකය විසින් වසා දැමූ ඒකාධිපති වාදයයි. අද වන විට මස් කඩ කරැ තාම කඩය පිළිසකර කර පිහිය මුවහත් තබනවා පමණි. ඒකවත් හරක් රැළට දරා ගන්නට බැරිය. හඬති දොඩති. 

හරක් රැළ මෙසේ හැසිරෙන්නේ ඇයි?  ඇත්තටම හරක් රැළට රහසින් අවශ්‍ය වූයේ "සිලෙක්ටිව්   **ලර් කෙනෙක්" ය. එනම් ඔවුන්ගේ අසහාය වීරවරිය වූ අවුන් සාන් සුකී මෙන් එක ජන වර්ගයක් පමණක්, එක ආගමික කණ්ඩායමක් පමණක්  ඉළක්ක කරගත් **ලර් කෙනෙකි ඔවුන් ඉල්ලුවේ. දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න. තෙල් පෝළිමේ සිට, ගෑස් පෝළිමේ සිට, කිරිපිටි පෝළිමේ සිට, පෝර නැතිව, බේත් නැතිව, විදුළිය නැතිව ඉන්නට වෙන්නේ දෙමළ සහ මුස්ළිම් මිනිස්සුන්ට විතරයි නම්, ඔය ඕනෑම පෝළිමක හැඳුනුම්පතේ නම සිoහළ බෞද්ධ නම් ප්‍රමුඛතාවය ලැබෙනවා නම්, එහෙම තෙල් ගහගෙන වාහනේ යද්දි දෙමළ සහ මුස්ළිම් මිනිස්සු ෂෙඩ් වල පෝළිමේ අඬ අඬා ඉන්නව දකිද්දි මාර සතුටක් රහසින් දැනෙනකොට...කොහොමද ගැම්ම? ආන්න ඒක තමයි හරක් රැළ "සිලෙක්ටිව්   **ලර් කෙනෙක්" ගෙන් බලාපොරොත්තු උනේ.  දැන් අර  පෝර නැතිව, බේත් නැතිව, විදුළිය නැතිව ඉන්න දෙමළ සහ මුස්ළිම් මිනිස්සු බලන් ඉඳලා වෙන කරන්නම දෙයක් නැති තැන,  මේක ජාත්‍යනතරයට අරගෙන යනවා. එතකොට වරප්‍රසාද විඳින සිoහළ මිනිස්සු කියනවා, යකෝ එහෙම නෑ, මුන් බොරැ කියන්නේ. මුන් අපේ රට කනවා, මුන්ට කෙළෙහි ගුණයක් නෑ අරක මේක. 

ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙනවා කියන්නේ එක අතකින් ඉහත උදාහරණයේ පෝළිමේ ප්‍රමුඛතාවය දෙනවා වගේ වැඩක්. මේක කියවන කවුරැහරි මට උදාහරණයක් දෙන්න අසාධාරණයෙන් තොරව බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙනවා කියන එකට. ඊලඟට අර පෝළිමේ බලන් ඉඳලා වෙන කරන්නම දෙයක් නැති තැන,  මේක ජාත්‍යනතරයට අරගෙන ගිය දෙමළ සහ මුස්ළිම් මිනිස්සු වගේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධිය, ඒ වගේම කළු ජූලිය ආදිය. හරකුනේ දැන්වත් තේරැම් ගනිල්ල මෙතන ගැටළුව අන්‍ය ජාති ආගම් වල නෙමයි, මුදල් හා බලය බෙදීමේ විෂමතාවයයි. නීතිය හරියට බලාත්මක නොවීමේ ගැටළුවයි. දැන් ප්‍රමුඛතාවය ලැබෙන්නේ මුදල් හා බලය තිබෙන උදවියට බව ඇස්පනාපිට පෙනුණත් (පෝළිම් වල ඉන්නේ හැම ආගමකම ජාතියකම දුප්පත් බලය අඩු මිනිස්සු බව පේනවනේ) ඉස්සර ඕක හරියට පෙණුනෙ නෑ වගේම මුදල් හා බලය තිබෙන උදවිය ආගම ජාතිය පෙන්නලා දුප්පත් බලය අඩු මිනිස්සු කොටවල, තමුන්ට එල්ල විය යුතු විරෝධය, පීඩනය, එක්කෝ එක ජාතියකට නැත්නම් ආගමක් දිහාට හරවලා, තමන්ගෙ මුදල් හා බලය රැස්කලා. ඇත්ත තේරැම් අරගෙන ලoකාවට හැදෙනවනම් හැදෙන්නට මීට වඩා හොඳ කාලයක් තවත් නෑ. මම ඔබට ආරාධනා කරනවා අපි වෙනස් වෙමු, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙමු, ජාති ආගම් බේදයකින් තොරව අනිත් කෙනාගේ ප්‍රශ්න වලට සoවේදී වෙමු කියල. දෙමවපියන්, පරිසරය සහ පාසැල ආදියෙන් ඔළුවට දාපු සමහර ආකල්ප ඉගැන්වීම් අන් ලර්න් කරන්න, නිදහස්ව හිතන්න දැන් තමයි හොඳම කාලය.

මේක ජාත්‍යන්තර දේශපාලනයේ් ඒකාධිපතියන්ට බඩු බනිස් වුන කාළයක්. සුකීට මොකද උනේ? සුකී මුස්ලිම් මිනිස්සු එළවද්දි අද පූටින්ට චියර් කරනව වගේම මාර චියර් එකක් ලoකාවෙ බයියන්ගෙන් ලැබුනෙ. දැන් මියන්මාරයේ බයියො ටිකට සොරි ඩොට් කොම් සහ අපේ බයියො මීක් නෑ. බයියන්ගෙ අළත්ම ආතල් එක පුටින්. පුටින්ගේ කෙරැවාව මම සවිස්තරව ඊලඟ ලිපියකින්ම කතා කරන්න ඕන, මොකද පුටින්ගෙ පැත්තට තිෙන බයි ලොජක් ටිකට උත්තර දෙන්න ඕන නිසා. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි.  ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉඳගෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල තිබෙන වරප්‍රසාද බුක්ති විඳිමින් ඒකාධිපති පුටින්ට කඩේ යෑම හරිම තුට්ටු දෙකේ තුප්පහි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු හදා ගැනීමයි ඒ වෙනුවෙන් හඬ නැගීමයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල මිනිසුන්ගේ පරම යුතුකම. ලoකාවට සූටිම සූටි ඒකාධිපතියෙක් එපා කියල අඬනවා, හැබැයි රැසියාවේ දඩ ඒකාධිපතිය පුටින්ට බොක්කෙන්ම ලව්. දොන් නම් දොන්, සිමන් නම්  සිමන් දෙකම බෑ හොඳේ. 





8 comments:

  1. සරල සේ පෙනුනත් මේ අදහස් ජනගත කිරීම පහසු නොවේ. එහෙත් අධෛර්ය වියයුතු ද නොවේ. බලන්න, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පක්ෂ එකකවත් අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා ද කියා.

    ReplyDelete
    Replies
    1. //බලන්න, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පක්ෂ එකකවත් අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා ද කියා// ප්‍රජාතන්ත්‍රවාදය ඒ නිසා බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත, ඩේ ටු ඩේ ප්‍රැක්ටිස් කල යුතුය. පටන් ගන්නේ තමන්ගෙන්මයි. එදිනෙදා ජීවිතයේදී අප ප්‍රජාතන්ත්‍රවාදීද ආඥාදායකයන්ද? අපේ අසල්වැසියාට අසාධාරණයක් වෙද්දී අප ඊට එරෙහි වනවාද? ප්‍රජාතන්ත්‍රවාදය අන් කවර දාකටත් වඩා අභියෝගයට ලක් වූ මේ යුගයේ වෙන ඊට වඩා හොඳ මොඩලයක් හොයා ගන්නකම් එය රැක ගැනීමට සටන් කල යුතුය. ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඩ් සිදු වීමේදී, අහ්මඩ් අබ්‍රි සිදු වීමේදී, යුක්තිය ඉල්ලා පාරට බැස්සේ, වෙඩි කෑවේ, හිරේ ගියේ ඒ මිනිස්සුන්ව පෞද්ගළිකව දන්න වත්, ඒ මිනිස්සුන්ගේ ආගමේ හෝ හමේ පාට මිනිස්සු විතරක් නෙමේ. කළු ජාතික අහ්මඩ් අබ්‍රි සිදු වීමේදී චූදිත සුදු මිනිස්සු වැරදි බව ඒකමතිකව තීරණය කලේ බහුතරය සුදු මිනිස්සු ඉන්න ජූරියක්. ඇමරිකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් අල්ලපු ගෙදර මිනිස්සු ගැන දන්නෙ නැති උනාට නොදන්න මනුස්සයෙක් වෙනුවෙන් අරගල කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමටයි. ලoකාවේ තියෙන්නෙ කල්ලි වාදයක්. තමන්ගෙ කල්ලිය වෙනුවෙන් කඩේ යනවා. ඉතින් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නේ?තමන්ගෙ කල්ලිය වෙනුවෙන් කඩේ යන එක නවත්තල ප්‍රජාතන්ත්‍රවාදය තමන්ගේ ජීවිතයේ ප්‍රැක්ටිස් කලොත් ලොකු වෙනසක් ඇති වේවි. රට බේර ගන්න එවරස්ට් නගින්න, ඇමේසන් තරණය කරන්න, මරියානා ආගාධයේ කිමිදෙන්න වගේ අමාරැ දෙයක් නෙමෙයිනෙ කරන්න තියෙන්නෙ, සිහි කල්පනාවෙන් කතිරයක් ගහන එකනෙ.

      Delete
  2. මා සිතන්නේ කතිරය ගැසීම තමා ඔතන තියන සරලම දෙය. ඊට පෙර කළ යුතු බොහෝ දේ ඇති බවයි මගේ හැඟීම. කතිරය නිවැරදිව සිහි කල්පනාවෙන් භාවිත කළහැකි බහුතරයක් ගොඩනගා ගැනීම හා ඔවුන් අතරින්ම එම කතිරය ලැබීමට සුදුසු සංවිධාන රටාවක් ගොඩනගා ගැනීම මෙන්ම තමා එසේ තෝරාගන්නා සංවිධානය නිවැරදි මාවතේ තබාගැනීමට අරගල කිරීමට තරම් සංවේදී බවක් සමාජය තුළ ඇතිකිරීමේ දුෂ්කර කාර්යය තුළින් පමණයි ඔබ (හා මා) බලාපොරොත්තු වෙන සමාජයක් ගොඩනැගෙන්නේ. ඒකයි මා තිවිවේ අධෛර්යයට පත්විය හැකි තරම් දුෂ්කරයි කියලා.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ස්තූතියි අදහසට.

      Delete
  3. අහම්බෙන් ආවෙ. මේක මරු.

    'හරකුන් වන ඔබ මස් කඩය විවෘත කිරීම ඔබේ විනාශයට හේතුවන බව නොසිතුවේද'- ඇත්තම ඇත්ත. තමන්ට කරදරයක් වෙනකම් අනිත් අයට කරදරයක් වෙන එක ගැන සත පහක හැඟීමක් නැති මිනිස්සුනෙ. අනිත් අය අතුරුදහන් වෙද්දි, මරලා දමද්දි, ඔවුන් සහ ඔවුන්ගෙ පවුල් කොටි, ත්‍රස්තවාදියෝ නැත්නම් ජාතිද්‍රෝහීන් කියලා කෙලවරක් නැතිව නින්දා අපහාස කරනවා. ජාතියේ ගැලවුම්කාරයා ගෙනැල්ලා දැන් කන්න බොන්න නැතුව අඬා වැටෙනවා. හරක් නිසා හැමෝටම ඔහොම වුනු එකයි දුක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට. ඇමරිකාවෙ ප්‍රස්ථා පිරැළක් තියෙනව "cows cheering for burger king" වගේ එකක් හරියටම මතක නෑ ඒක තමයි ටිකක් වෙනස් කරල මෙතන ලිව්වේ. හරිම කණගාටුයි ඔයින් මෙයින් හොඳ මිනිස්සුත් අමාරැවෙ වැටිච්ච එකට.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...