Monday, March 28, 2022

මනෝජ් රාජපක්‍ෂට කන් කෙඳිරි ගාන අයට...

 මේ දවස් වල සෑහෙන්න අහන්න ලැබෙන දෙයක් තමයි ගෝටාගේ පුතා මනෝජ්ට කරන ඉල්ලීම්, තාත්තව ඇමරිකාවට ගෙන්න ගන්න අරක මේක කියල. මෙහෙමයි, ලන්කාවෙ බයියො ගෝටා දේශපාලනයට ඇදගන්න කොට ඊට තදින්ම විැද්ධ උන කෙනෙක් තමයි මනෝජ්. ඒ නිසා ලන්කාවෙ බයියොන්ට දැන් මනෝජ්ට කන් කෙඳිරි ගාන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

ගෝටා ජනාදිපති වෙච්ච මුල් කාලෙ ලන්කාවෙ බයියොන්ට මාර ඇම්මක් තිබ්බෙ නාමල්, යෝෂිත, සහ චිචී වගේ මනෝජ් එක්ක හුරතල් වෙන්න. උදාහරණයක් කිව්වොත් ඒ කාලෙ මට මතකයි මුන් ටික මීම් හැදුව මනෝජ්වයි නෝනවයි චෙන්නායි එක්ස්ප්‍රස් හින්දි චිත්‍රපටයේ පෝස්ටරයකට එඩිට් කරල, බයියො මනෝජ්ට හුරතලේට කිව්වෙ පොඩි රාළහාමි කියල. මනෝජ් නෙමෙයි බයියන්ට අහු උනේ. තත්වෙ තියාගෙන පාඩුවෙ හිටිය.

අනික මනෝජ්ල සාමාන්‍ය රස්සා කරගෙන  ජීවත් වෙන මිනිස්සු මිසක බේබිල වගේ මිනිස්සුන්ගේ පිනට කකා ඉන්න අයත් නෙමේ.

මම මේකෙන් කියන්න උත්සහ කලේ ලන්කාවේ තියෙන කැතම ගතියක් වන තමන් වැරැද්දක් කලාම ඒකට වගකීම බාර අරගෙන ඒක හදන්න හදනව වෙනුවට කාටහරි බෝලෙ පාස් කිරීම නැවැත්විය යුතු බව යි.

මනෝජ්ගෙ තාත්තව එපා කියද්දි කරේ තියන් ගිහිල්ල රජ පුටුවෙ වාඩි කරවල කෙළවෙනකොට ඒකට සටන් කරන්න කොන්ද පණ නැතිව ඊසි බීසි සොලියුෂන් එක විදියට මනෝජ්ට කියනව තාත්තව ඇමරිකාවට ගෙන්න ගන්නලු. සෝක් නේ? 

6 comments:

  1. වැඩ බැරි ටාසන්ට ඇල්ලු අත්තත් පය ගැසූ අත්තත් දෙකම නැති වෙලා නේද දැන් ?

    ReplyDelete
    Replies
    1. එයාට නම් පරම්පරා හතකටවත් හම්බ කරගෙන නැතෑ, මෝඩ බයියන්ට තමා ඕක උනේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැටිල ඉන්න රටක් තියෙනව දැන්. Thank you for your comment.

      Delete
  2. කියන්නකෝ බලන්න බයියන්ට විරුද්ධ වීමට ඔබට තියෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මට සදාචාරාත්මක අයිතියක් නෑ තමා, උන් කලේ පාන් කියාගන්න බැරි වෙන්න ලන්කාවෙ හෘද සාක්‍ෂියක් තියන, මහන්සි වෙලා වැඩ කරන, රටට බරක් නැති, සුළුතරයක් මිනිස්සුන්ට ඇරපු එක කියන වැඩේ.

      Delete
  3. දැන් ආපහු යන්න නම් මුල ඉඳන් පටන් ගන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. I honestly have no answer at the moment. කවුදෝ කියල තියෙනව "Questions you can not answer are usually far better than answers you can not question" කියල. මම හිතන්නේ මේ ස.කිලි දේශපාලුවොන්ගෙ answers you can not question වලට වඩා උන්ව බලයෙන් පහ කරල ලැබෙන questions without answers හොඳයි, ඒව විසඳ ගන්න අමාරැ උනාට බැරි නෑ. Thank you.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...