Friday, March 4, 2022

නූගත්කම යනු...

 


නූගත්කම යනු ඇත්ත කුමක්ද කියා නොදැනීම පමණක්ම නොව, ඇත්ත කුමක්ද කියා සොයා බැලීමට සහ සොයා බැලූ කරැණු විශ්ලේෂණය කර ගැනීමට නොහැකි කමයි. මෝඩකම යනු ඇත්ත මොන තරම් පැහැදිලිව ඇස් පනාපිට පෙනෙන්නට තිබුනත්, තමන්ගේ මතය සමඟ එය සමපාත නොවන නිසා එය පිළිගැනීමට මැළි වීමයි. අප කැමති වුවත් අකමැති වුවත් කොතරම් තිත්ත වුවත් ඇත්ත වෙනස් නොවේ. නමුත් ඇත්තට මුහුණදීමට අකමැතිව බොරැවෙන් ජීවත් වීමට උත්සහ කලොත් ලෙසටම කෙළවී යයි. 

ඔබට පේනවා ඇති බුක් කොලිෆිකේෂන්ස්, නැතිනම් උපාධි ආදිය සමඟ ඝෘජු සම්බන්ධයක් නූගත්කමටත් මෝඩකමටත් නැති බව. වෙනත් වචන වලින් කිව්වොත්, උපාධිධාරී නූගත් මෝඩයන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ලoකාවේ අධ්‍යාපනය වගේ කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රම වලින් උපාධිධාරී නූගත් මෝඩයන් ගොඩක් බිහිවෙනවා. හැබැයි එහෙම කියල හරි හමන් අධ්‍යාපනයක් නැති අමුම අමු හරක්ට මොළ හතක් තියෙන බව හිතීමද විහිළුවක්, ඇත්තම කිව්වොත් ඇස් රතු වෙන විහිළුවක්. හරි හමන් උපාධියක් හරියට හදාරන මනුස්සයෙක්ට විෂය කරැණු වගේම ජීවිතයේ මනා පරිණත බාවයක්, සන්‍යමයක්, සහ බුද්ධියක් ලැබෙනවා. ඒ නිසා,  නූගත්කමටත් මෝඩකමටත් ඝෘජු සම්බන්ධයක් නැතත්, වක්‍ර සම්බන්ධයක් උගත්කම සමඟ තියෙනවා. 

Gayan Chamudya Sapuge ගේ පෝස්ටුව ඉදිරිපත් කිරීමට සිතුනේද ලoකාවේ මිනිස්සු දැන්වත් දේශපාලණ අඳබාලත්වයෙන් එළියට ආ යුතු නිසාත් මේ පෝස්ටුව එයට වැදගත් ප්‍රවේශයක් සපයන නිසාත් ය.

cmct1ion7t665olrh572d7  · 

වැඩ ගොඩක හිර වෙලා ඉන්න ගමන් ඩිඇක්ටිවේට් කරපු එකවුන්ට් එකත් ඇක්ටිව් කරගෙන ආවෙ මෙන්න මේක කියලා යන්න.

ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද?

පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ කපුටාස්ටත් වඩා උඩින්.

ඕකුන් දෙන්නගෙන් අර මහ වාචාලයා තමයි IMF එක බිල්ලෙක් කියන තඩි බොරුව මේ රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න ලොකුම දායකත්වය දුන්නෙ.

"අපි IMF ප්ලග් එක ගලවනවා" 

කියලා ස්ටේජ් උඩ මයික් පැලුවේ ඕකා තමයි. IMF එක ලංකාවට යෝජනා කරපු අපේ රටේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරන යෝජනාව ලස්සනට ක්‍රියාත්මක කරගෙන එද්දී ඒ වැඩේ කඩාකප්පල් කළේ ඕකා තමයි.

"එක රස්සාවක්වත් දෙන්න බැරි ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද?"

කියලා තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් මුළු රටකම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විනාස කළේ ඕකා තමයි.එහෙම  කරලා තුන් ලෝකෙටම වැඩක් නැති රස්සාවල් වලින් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු,සංස්ථා ලක්ෂ ගාණක් පුරවන්න මහින්ද රාජපක්ෂව ගයිඩ් කළේ ඕකා තමයි.අපේ අයවැය ලේඛණයට ඕකා කරපු ඒ විනාසය තව අවුරුදු විසි පහකට තිහකකටවත් නිවැරැදි කරන්න පුළුවන් වෙයි ද කියලා සැකයි.

අදටත්, අපි ආර්ථික අතින් නන්නත්තාර වෙලා තෙල් නැතුව,ගෑස් නැතුව,ලයිට් නැතුව කෙලවිලා ඉද්දිත් IMF යනව ද නැද්ද කිය කිය හැමිණි හැමිණි ඉන්න සිද්ධ වෙලා තියෙන්න ඕකා හදපු බොරු බටහිර විරෝධය නිසා තමයි. *ක කහන්න නියපොත්තක් නැති මේ හුණ්ඩුවක් වගේ රටකට විරුද්ධව කුමන්ත්‍රණ කරන එක ඇරෙන්න බටහිර රටවල් වලට වෙන වැඩක් නෑ කියලා රටේ එක පරම්පරාවකටම කන්වින්ස් කළේ ඕකා තමයි.

මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැරි බොරු දේශීය ආර්ථිකයක් ගැන පම්පෝරි ගහලා, ජී මේල් එපා,කොකා කෝලා එපා කිය කිය ස්ටේජ් උඩ කටින් මලපහ කළේ ඕකා තමයි.

මහ වාචාලයා ඊයෙ කියනවා.

"අපිට ඩබල් පුරවැසිභාවක් නෑ" ලු. "මේක රටක්" ලු.

ඒ වුණාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහපු ඩබල් පුරවැසියෙක්ව මේ රටේ ආර්ථිකයේ ලොකුම තනතුරට පත් කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දෙ දුන්නු පව්කාරකමට ඕකාත් දායක වුණා.එදා ඌට මතක් වුණේ නෑ මේක රටක් කියලා.

ඇමෙරිකන් ආණ්ඩුවෙන් සත පහක පොළියක් නැතුව අපිට දුන්නු ඩොලර් මිලියන 480 ක MCC Grant එකට විරුද්ධව රටේ මිනිස්සුන්ගෙ හිත් වල බොරු බිල්ලො මවා පෑමේ න්‍යායාචාර්‍යවරු ඕකුන් දෙන්නා තමයි.අර ලංකාව මැදින් ඇමෙරිකන් කොරිඩෝවක් යනවා කිය කිය අවුරුදු විස්සට අඩු අහිංසක ළමයින්ගෙ මොළ හෝදපු ටියුෂන් කාරයන්ගෙත් මොළ හේදුවෙ මුං දෙන්නා තමයි.

ඕකුන් දෙන්නගෙන් එකෙක් කොමස් කරලා ඒ ලෙවල් වලින් ලංකාවේ පළවෙනියා වුණු ඇත්තටම ඉකොනොමික්ස් ගැන අවබෝධයක් තියෙන එකෙක්.ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක රටේ වැදගත්ම අමාත්‍යාංශයක් පාලනය කරන්න ගිහින් ඒ වැඩේ කොච්චර අමාරුද කියලා දැන් ඌට සත්‍ය අවබෝධ වෙලා ඉන්නෙ.ඒ වුණාට පහුගිය ආණ්ඩුව කාලෙ කරපු ඉන්ධන මිල සූත්‍ර යෝජනාව,අතිරික්ත එළවළු ෆ්‍රීස් කරලා තියාගෙන එළවළු මිල පාලනයට කරපු යෝජනාව,ඉන්දියන් ගිලන් රථ ව්‍යාපෘතියට දොස්තර සංගම් එක්ක එකතු වෙලා කරපු අකුල් හෙළීම් කිසිවක් අමතක වෙන්න දෙන්න හොඳ නෑ.

හෙට අනිද්දට ඕකුන් ස්ටේජ් උඩ කියන කතා අහලා මයිල් කෙලින් වෙලා හැඟීම්බර වෙන්න කලින් මේ කියපුවා මතක් කර ගන්න.ඕකුන් දෙන්නා වගේ තක්කඩි දෙන්නෙක් දේශපාලනයෙන් සදහටම අතුගෑවෙන්න ඕනෑ මිස ඕකුන් හේත්තු වෙන හෝ උන්ව හේත්තු කර ගන්නා කිසිම ව්‍යාපාරයකට නිවැරැදි ප්‍රතිපත්ති එක්ක හරි ගමනක් යන්න බැරි බවත් මතක තියා ගන්න.

මේ කියල තියන දේත් හිතේ තියාගෙන අපි ලන්කාවේ දත්ත හෙවත් මහපොළොවේ යථාර්ථය දිහා පොඩ්ඩක් බලමු. 

පහත පෙන්වා ඇති දත්ත වල වර්‍ෂ 2020දී ලන්කාවේ ඇසයිලම් නොහොත් සරණාගත වීසා ඉල්ලූ පිරිසගේ විස්තර දැක්වේ. පුදුමයකි, (මොනතරම් පූටින්ට කඩේ ගියත්) තමන්ට කෙළ වූ විට ලන්කාවේ මිනිස්සු හඬාගෙන අනේ මාව බේරාගනියෝ කියා උදව් ඉල්ලන්නේ අර තමන් වෛර කරන බටහිර රටවලිනි, ඇමරිකාවෙනි, ඔස්ට්‍රේලියාවෙනි, කැනඩාවෙනි, ඊශ්‍රායලයෙනි, කොටින්ම මේ ලැයිස්තුවේ අම්ම මුත්ත කාලේවත් අහපු නැති නාවුරැ කියල වැඩියෙ කවුරැවත් දන්නැති රටෙනුත් 33ක් ඉල්ලලාය. හැබැයි තෙල් පෝළිමේ තැපල ගෙදර ඇවිත්, ලයිට් කපල කරැවලේ  ඉන්දැද්දී පවා පූටින්ට වර්ණනා ලියන මිනිස්සු ඉන්න, රැසියාවේ කතන්දර පොත් කියවල හැදුන වැඩුන, අර සේපාල් අමරසිoහ කියන්නා වගේ "රැසියාවට වඩා ලොකුයි ඉරිසියාව" කියල ඉඩියම් එකක්ද තියෙන රටේ, "අනී රැසියාව ලoකාවට පක්‍ෂව 2021 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී ඡන්දය දුන්නේ ඒ අපේ මිත්‍රයෝ අර බටහිර හා ඇමරිකාව අපේ හතුරෝ" කියන රටේ , එකෙක්වත් රැසියාවෙන් සරණාගත වීසා ඉල්ලලා නැත. හැබැයි ඒ අසළ ඇති යුක්‍රේනය, අසර්බයිජානය, ස්ලෝවෙකියා, ස්ලෝවේනියා සහ වැලේ වැල් නැති ලෙබනනයෙන්ද උදව් ඉල්ලා ඇත. හරි පුදුමයි නේද?  තමුන් එලෙස පූටින්ගේ ග්‍රහනයෙන් පුළුවන් තරම් ඈත් වී ඉඳගෙන, පුළුවන් නම් බටහිර රටකටද  පැනගෙන, ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, යස ඉසුරැ භුක්ති විඳින හො විඳින්නට සිහින දකින ගමන්, පූටින්ට සහ වෙනත් ආඥාදායක බටහිර විරෝධීන්ට වන්දනාමාන කරන මේ කුහක මිනිසුන්ගේ සැබෑ නිරැවත මෙයයි. ඈත ඉඳන් පුටින් දෙස බලාගෙන ස්වයo වින්දනයේ යෙදෙනවා මිසක මොවුන් ඒවායේ ගොස් රැසියාවේ මිනිස්සු, චිනයේ මිනිස්සු විඳින බලු දුක විඳින්නට ලෑස්ති නැත.  

 පූටින්ට ආවඩන එකෙක්වත් රැසියාවේ පී ආර් ගන්නට,  රැසියාවේ රස්සා කරන්නට, කොටින්ම අඩු මුදලකට ලාබෙට දොස්තර හෝ වෙනත් උපාධියක් ගන්නට හැර  රැසියාවේ හොඳ ජීවිතයක් සොයමින් මයිග්‍රේට් වන්නට හිතන්නේ නැත.  හිතුවත් උන්ගේ වීරයා පුටින් එහෙම කරන්නට දෙන්නේද නැත. ලන්කාවේ මානව හිමිකම් තිබුනත් නැතත්  පුටින් ට කමක් නැත. කාඩිනල් පාස්කු ප්‍රහාරයේ අවනඩුව කියන්නට ගියේ පුටින්  ලඟට නොවේ. ලoකාවේ එතෙක් මෙතෙක් ඇති වූ අවනඩු සියල්ලේම වින්දිතයන් අවනඩු කියන්නට ගියේ  පුටින්  ලඟට හෝ චීනයට නොවේ. පුටින් ලන්කාවේ මානව හිමිකම් වින්දිතයන් කාටවත් ඇසයිලම් දුන්නේද නැත. පූටින්ට ලoකාවේ වින්දිතයන් උන්නත් මළත් කමක් නැත. පූටින් ලoකාවට පක්‍ෂව 2021 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී ඡන්දය දුන්නේ ලන්කාව  මානව හිමිකම් රකින නිසා නොව තමන් මානව හිමිකම් තඹයකට මායිම් නොකරන නිසා සහ මම උඹට සප් එක  දෙන්නම් උඹ මට සප් එක දීපන් න්‍යායට අනුව බව නොතේරෙන්නට හේතුවක් නැත. පූටින් මෙන් අනිත් ලෝක නායකයන්ද හිතුවා නම් අද ලෝකයේ සියලුම රටවල්  මිහිපිට අපායවල්  මෙන් තිබෙනු ඇත. ලoකාවේ ඇති  දූෂිත මජර දේශපාලනය ලෝකයේ තිබුනා නම් තත්වය මඳක් හිතන්න. පූටින් ලෝක බලවතා වී අපේ ජොනියා ඉන්දියාවේද මයිනා සහ පවුල් සමාගම බ්‍රිතාන්‍යයේද මෝඩ පුතානෝ ඇමරිකාවේද ගොම්මන්පිළ ඔස්ට්‍රේළියාවේද ආදී ලෙස දූෂිත මෝඩ බලලෝභී මානව හිමිකම් යනු මොනවාද වත් නොදන්නා අමන රැළක් ලෝකය මෙහෙයවුවහොත් අවුරැදු කීපයකින් ලන්කාවට දැන් තිබෙන සවුබාගය ලෝකයටම උදා වී පෘථිවියම සෞරග්‍රහ මණ්ඩලයෙන්ද අතුගෑවි යනු ඇත. පූටින් ලoකාවට පක්‍ෂව 2021 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී ඡන්දය දී මානව හිමිකම් යෝජනා නිශේධ කරපු එකෙන් ලoකාවට සෙතක් උනාද කෙළඋනාද? ගෘහස්ථ ගෑස් ටැන්කි පුපුරා බල්ලන් බළළුන් මෙන් මිනිසුන් මැරෙන්නේ, පෝර නැතිව ගොවියන් හඬන්නේ, කෑම නැතිව දරැවන් හාමතේ නිසා තාත්තලා දිවි නසා ගන්නේ, පෙට්‍රල් ඩීසල් නැතිව රටම අඩපණ වෙනේනේ, කිසි ප්‍රමිතියක් නැති නිසා වස විස කෑමට එකතු වන්නේ මූළිකම මානව හිමිකම් පවා අහිමි වූ රටකය. එදා පුටින් නිශේධ බලය පාවිච්චි නොකර මානව හිමිකම් ක්‍රියාත්මක කරන්නට ඉඩකඩ  දුන්නා නම් ලoකාව බන්කොළොත් නොවීමට  තිබිනි. ඒත් එක අතකට එහෙම වෙච්ච එක හොඳය. නැත්නම් ලoකාව බන්කොළොත් නොවී මානව හිමිකම් දියුණු උනත් බයියන් අම්ම මෝ නැතිව බටහිර රටවලට බැන වදිනු ඇත.

අනිත් අතට බෞද්ධ රටක් වන ටිබෙටය, චීනය විසින් ආක්‍රමණය කරද්දී, චීනය තායිවානයට, හොන්කොන් වළට කෙණහිළිකම් කරද්දී ලoකාවේ අයට ගාණක්වත් නැත. ටිබෙටයේ අධ්‍යාත්මික නායකයාට තම රටට යන්නට අදටත් බැරිය. තවත් බෞද්ධ රටක් වන මියන්මාරයේ දැන් හමුදා පාලනයකි. ඒවා යක්ඛ පුත්තු නොදැක්ක ගානට හිඳී. පේන්නේ බටහිර වැරදි පමණකි. කොටින්ම මුස්ළිම් මිනිස්සුන්ට කෙළවපු නිසා සුකීව උඩදාගෙන හිටපු බයියන්ගේ මුදුන් මල්කඩ බඳු නළින් උන්නැහේ සුකි වෙනුවෙන් යමක් කරනු වෙනුවට ශේප් එකේ මියන්මාර තානාපතිකම අතහැර ගෙදර ආවේය. 

අදද ගෝඨාට බනින්නේ ඇමරිකන් කාරයා කියාය. ඇමරිකාව මුන්ට බලෙන් පුරවැසිකම දුන්නේ නැත. ලෝකයේ රටවල දේශපාළන වින්දිතයන් ආරක්‍ෂා කර ගැනිමට ඇමරිකාව සහ බටහිර දේශපාලන රැකවරණ ලබා දීම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ලොකු සහයකි. රජ පැටියා හොරට නීති විභාග ලියා රෙකෝඩ් තබමින් පාස් වන විට ඒ ගැන හෙළි කල නිසා දඩයමට ලක් වූ  තුෂාර අද ඉන්නේ ස්විට්සර්ලන්තයේය. ඒ එකක් පමනි. එවැනි වැදගත් ක්‍රමවේදයක් අවභාවිතා කර බොරැ බේගල් දෙසා සරණාගත කාඩ් එකෙන් පුරවැසිකම ගත් දේශපාලකයන් ගේ ඕනෑතරම් රෙඩ් ෆ්ලෑග්ස් දැක දැක නොදැක්ක ගානට උඩදාගෙන ඡන්දය දී - ඒ කාලයේ ඇමරිකන් කාරයා හොඳ විය- අද කෙළවී බයියන් බනින්නේ ඇමරිකාවටය. 

මේ දීර්ඝ පැහැදිළි කිරීමෙන් මට අවශ්‍ය වූයේ ලoකාවේ බහුතරයක් මිනිසුන්ගේ ඇති උග්‍ර බටහිර විරෝධය, සහ විශේෂයෙන්ම කොමියුනිස්ට් ආඤාදායකයන් කෙසේහෝ සාධාරණීකරණය කරන්නට යාම ගැන අදහසක් දීමටයි. මේ මට්ටමට ලන්කාවේ මිනිසුන්ගේ මොළ ශෝධනය කිරීමට දායක වූ ප්‍රධාන සෙට් එකක් වන විමලේ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් ගහන්නට හදන ප්‍රධානම තුරැම්පුව නම් ඇමරිකන් කුමන්ත්‍රණ තුරැම්පුවයි. ලන්කාවේ මිනිසුන් දැන් වත් වැරැද්ද වැරැද්දක් ලෙස මිසක ඒක කලේ කවුද යන්න දෙස බලා ඒ අනුව තීරණ ගැනීම නොහොත් පටන් ගැන්මේදී කියූ මෝඩකමේ නිර්වචනයට අනුව වැඩ කිරීම නැවැත්විය යුතුය. වඳ කොත්තු, වඳ යට ඇඳුම්, වඳ සැත්කම් ගැන කිය කිය මුස්ළිම් මිනිස්සු ඩීමනයිස් කර කර සින්හළ මිනිස්සු උසි ගැන්නුවාක් මෙන්ම අනාදිමත් කාලයක සිට බටහිර කුමන්ත්‍රණ කිය කියා  බටහිර රටවල්  ඩීමනයිස් කර කර සින්හළ මිනිස්සු උසි ගන්වා බඩ වඩා ගන්නා අපරාධ කාරයින් ය. 


 


https://www.thehindu.com/news/international/unhrc-adopts-resolution-against-sri-lankas-rights-record/article61923005.ece



https://www.worlddata.info/asia/sri-lanka/asylum.php#:~:text=3%2C996%20people%20from%20Sri%20Lanka,asylum%20applications%20have%20been%20rejected.






1 comment:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...