අද වන විට ලන්කාවෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න හරි අමාරැයි. කෑම ස්ටොක් කර ගන්න, අරක ස්ටොක් කර ගන්න, මේක ස්ටොක් කර ගන්න වගේ සිල්ලර උත්තර වළින් තමුන් ටික කාලයකට ගොඩ දාගන්න පුළුවන් උනාට ඒක ඉතින් ගිලෙන නැවක වීණා වාදනය කිරීමක් වගේ. සිල්ලර උත්තර වළින් පිටතට ගිහින් ඊට වඩා දෙයක් ගැන හිතල බලන්න ඕන කියල මට හිතුනා. මට හිතෙන හැටියට අපි මේන මේව කල යුතුයි.
1. මුළින්ම අපි මේ ගැටලුව තේරැම් ගන්න ඕනේ. ඒකෙ ගැඹුර තේරැම් ගන්න ඕනේ.
බාබා වැන්ගගෙ හරි ඥානක්කගෙ හරි සාස්තර බැලිල්ලට වඩා හොඳට, පිළිගත් ආර්ථික විශේෂඥයින් කාලෙකට කළින් පුරෝකථනය කරපු දේවල් මේ දැන් වෙන්නෙ. බලන්න මේ යූ ටියුබ් වීඩියෝස්, මාස කිපයකට කළින් ආර්ථිකය ගැන දන්න මිනිස්සු කියපු දේවල්. මේ කීපයක් පමණයි, තව බොහෝ හොඳ අදහස් දැක්වීම් සෑම සමාජ මාධ්‍යයකම පළ වුනා.
1. මන්ජු නිශ්ශන්ක- 1. https://www.youtube.com/watch?v=Q1Klyyo6YpQ, 2.https://www.youtube.com/watch?v=BeVt5-k2FVA 3. https://www.youtube.com/watch?v=JB74r_okvYw&t=337s
2. මහාචාර්ය රොහාන් සමරජීව- https://www.youtube.com/watch?v=HwUoEHlV1ZY
3. ආචාර්‍ය නිශාන් ද මෙල්- 1. https://www.youtube.com/watch?v=x8SV_Qr8GiY, 2. https://www.youtube.com/watch?v=qkldB8feLHc&t=1453s
4. ආචාර්ය W. A. විජේවර්ධන- https://www.youtube.com/watch?v=K1RsAUROCtw
තව ගොඩක් දෙස් විදෙස් වල ආර්ථික විද්‍යාව උගතුන් කට කැඩෙනකම් මේක කිව්ව. රසික ජයකොඩි වගේ මාධ්‍ය ක්‍රියාකාරීන් මේක කිව්ව. හැබැයි ඔබ බොහෝ දෙනෙක් මේක ගණන් ගත්තෙ නෑ. සුපුරැදු ආතල් ගත්ත. මගේ ඥාති මල්ලි කෙනෙක් ජයට මඟුල් කෑව. මම ඒත් කියන්න බැලුව මේ වෙලාවෙ අනවශ්‍ය වියදම් කරන්න එපා, විවාහය චාමෙට ගෙදර අරගෙන මුදල ආයෝජනය කරන්න කියල, මොන පිස්සුද?
මීට මාස කීපයකට කළින් මගේ ආයතනයේ කටයුත්තකට මනුස්සයෙක් මාව මුණගැහෙන්නට ආව. මෙක්සිකන් වගේ පෙනුමකුයි, අමුතු ඇක්සන්ට් එකකුයි තියෙන. වැඩේ ඉවර කරල මේ මනුස්සය ටිකක් සාමීචියේ යෙදුන, ඒ අතර ඇහුව මම මොන රටෙන් ඇමරිකාවට ආව කියලද ඔබ හිතන්නේ කියල. මම කිව්ව මෙක්සිකෝවෙන්ද කියල. මේ මනුස්සය කිව්ව නෑ මම වෙනිසියුලාවෙන් ආවෙ කියල. ඊට පස්සෙ මම ඇහුවෙත් නැතුව වක්කඩ කැඩුව වගේ පැයකටත් වඩා කියෝගෙන කියෝගෙන ගියා, ඒ මනුස්සයට සමහර විට කාටහරි මේක කියල හිත හෑල්ලු කර ගන්න ඕන වෙලා තියෙන්න ඇති. පුදුම වැඩේ කියන්නෙ මේ කාලේදිම මට මේ මනුස්සය මේක කියපු එක. ඒ කියපු දේවල් සමහරක් කියන්නම් මේ අර්බුදයේ භයානක කම ගැන අදහසක් ගන්න. මම මේ කියන්නෙ වෙනිසියුලාවෙන් පිට වෙන්නට වාසනාව තිබුන ඔරිජිනල් වෙනිසියුලාවේ මිනිහෙක් කියපු දේවල්, පිළිගත් මූළාශ්‍ර සමඟ හොයල තහවුරැ කරගෙනයි. (https://www.cfr.org/backgrounder/venezuela-crisis, https://www.theguardian.com/global-development/2021/jun/21/latin-america-will-never-be-the-same-venezuela-exodus-reaches-record-levels
වෙනසුවෙලාව කියන්නෙ ලෝක රෑ රැජිනන් බිහි කළ, ස්වභාවධර්මයෙන් අනූන, ලෝකයේ විශාලම තෙල් නිධිය සහිත දකුණු ඇමරිකානු රටක් වේ.
Angel falls- Venezuela (https://www.planetware.com/tourist-attractions/venezuela-ven.htm)Morrocoy National Park - Venezuela (https://www.planetware.com/tourist-attractions/venezuela-ven.htm)
ඒවගේම කලකට පෙර වෙනසුවෙලාව කියන්නෙ දකුණු ඇමරිකාවෙ පෝසත්ම රටක්. රටේ පිහිටීම අනුව වෙනසුවෙලාවේ මධ්‍යම පන්තියෙ මිනිස්සු සති අන්තයට ඇමරිකාවේ ෆ්ලොරීඩාවට විනෝද වීමට නිතර ආව ගියා. බලන්න එහෙ දුම් රිය මාර්ග එහෙම මොන තරම් හොඳද කියලා.
Caracas Metro - Venezuela (https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fwww.railway-technology.com%2Fprojects%2Fcaracas-metro%2F&psig=AOvVaw1Pgkub4cTo0nsCBUYg3OB5&ust=1648755008766000&source=images&cd=vfe&ved=0CAsQjRxqFwoTCIiUt5jJ7vYCFQAAAAAdAAAAABAD)වෙනසුවෙලාව බන්කොළොත් වීම කෙටියෙන් මෙතනදී කියන්නේ, මේ ගැන ඕනෑ තරම් හොඳ ලිපි සමාජ මාධ්‍ය වල තියෙනවා.
හියුගෝ චාවේස්ගෙ පාලනය කාලයේදී ගත්ත අන්තනෝමතික තීරණ වෙනසුවෙලාවේ ආර්ථික අර්බුදයට ගොඩක් බලපෑවා. පුදුම වැඩේ කියන්නෙ චාවේස් ගෙයි ගෝඨාබයගෙයි සමාන කම් ගොඩක් තියෙනව, උදාහරණයකට දෙන්නම හිටපු හමුදා නිළධාරීන්, දෙන්නම ජාතිකවාදය ඡන්ද තුරැම්පුව ලෙස යොදා ගත්තා, දෙන්නම උද්දච්ච ලෙස හොයන්නෙ බලන්නෙ නැතුව එක රැයින් දරැණු මෝඩ තීරණ තම හිතුමතයට අරගත්තා, දැන් ගෝඨාබය කාබනික පෝර වලට එක රැයින් කෘෂිකර්මය මාරැ කලා වගේ චාවේස් එක රැයින් සියලු විජාතික තෙල් සමාගම් වලට යන්න අණ කලා, එහි අරමුණ උනේ වෙනිසියුලාවේ තෙල් නිපදවීම දේශීය සමාගම වන state-owned Petroleos de Venezuela, S.A. (PDVSA) යටතට ගැනීමයි. මෙතනදි තව දෙයක් කියන්න ඕනෙ. චාවේස් කියන්නෙ සමාජවාදී කඳවුරේ සපෝටර් කෙනෙක්. ඒ නිසා ප්‍රතිවිරැද්ධ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඇමරිකාව හා බටහිර එක්ක ගැටුමක් ඔහුට තිබුනා. ඒකත් මේ තීරණයට බලපෑවා.
ගෝටාබයගෙ කාබනික පෝර තීරණය වගේම චාවේස්ගෙ තෙල් නිපදවීම දේශීය සමාගමට ගැනීම බැලූ බැල්මට හොඳ තීරණ වගේ පෙනුනට ඒවා දුර දිග නොබලා හදිස්සියේ ඒ ක්‍ෂේත්‍ර වල ප්‍රවීනයන්ගෙන් නොඅසා ගත්ත උද්දච්ච ඒකාධිපති තීරණ. ඒ වගේ විශාල බලපෑමක් සහිත තීරණ ගන්නකොට කල යුතු රිස්ක් එක සොයා බලල උවමනා කාලය දීල කාවවත් තරහ කර නොගෙන කරන උපක්‍රමශීලී ක්‍රමයක් තියෙනවා. නමුත් බලයෙන් උමතු වූ විට ඕව අදාළ නෑනෙ. අනික ගෝටාබයගෙ කාබනික පෝර තීරණය ඩොලර් නැති නිසා මිසක සැබෑ උවමනාවකින් ගත්ත එකකුත් නොවේ. චාවේසුත් තෙල් ලබා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය ගැන නොදැනයි ඕක කලේ. ඉතින් අර සමාගම් රටෙන් පිට උනාට පස්සෙ තමා මෑන්ට කල්පනා උනේ තාක්‍ෂණය ගැන. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ රටවල් එක්ක තරහ නිසා උදව්වට හිටියෙ සමාජවාදී රටවල් නමුත් තාක්‍ෂණය සහ මානව සම්පත් හිඟය (අර තෙල් කොම්පැනි වල හිටපු පුහුණු සේවකයන් සියල්ලම දැන් නැති නිසා) නිසා සැළසුම අසාර්ථක වෙලා විශාල ආර්ථික අර්බුදයක් දිහාට රට තල්ලු වෙනවා. මේ අතර අර තෙල් කොම්පැනි වල බිල්ඩින් ආදී ඇසෙස්ට්ස් ආදියත් චාවේස් අල්ලා ගන්නවා. තෙල් කොම්පැනි නඩු කියනවා අලාබය අය කර ගන්න. ඔය අතරෙ චාවේස් සහ ඔහුගේ මරණයෙන් පසු ආ අනුප්‍රාප්තිකයාගෙ ආඥාදායී ක්‍රියා කලාපය නිසා රටේ කලබළත් ලෝක වෙළඳපොලේ තෙල් මිළ පහල යාම නිසා රජයේ ආදායම් අඩු වීමත් බලෙන් අල්ලපුවගේ වන්දි ගෙවීමට වීමත් ආර්ථික සම්බාධකත් ආදී දේවල් නිසා රට කඩා වැටෙනවා. රටේ ව්‍යුහය කඩා වැටෙනවා. මිනිස්සු රටින් පලා යන්නට පටන් ගන්නවා.
පහතින් පෙන්නල තියෙන්නේ වෙනසුවෙලාවෙ මිනිස්සු අතට අහු උන දේවල් අරන් රටින් පලා යන හැටි සහ ඒ අවට රටවලට පලා ගිය ප්‍රමානයන්. දළ වශයෙන් මිලියන තිහක ජනගහණයක් හිටපු රටෙන් මිලියන පහයි දශම හයක් (පනස් හය ලක්ශයක්, හැට නමයට චුට්ටයි අඩු) ඒ අවට රටවලට පලා ගියා (මේ වන විට).
වෙනිසියුලානු මුදල් ඒකකය කඩා වැටුනා. බඩු මිළ අහස උසට ගියා. කළු කඩ බිහි උනා. ජනතාව කෝළාහල කර ගන්නට පටන් ගත්තා. රටේ නීතිය සහ ව්‍යුහය කඩාගෙන වැටුනා. මිනිස්සු කන්න බොන්න නැතුව අපා දුකට වැටුනා. වහල දාපු ගෙවල් ආදි ගොඩනැගිලි රජයට හෝ මිනිස්සු බලෙන් අල්ල ගත්තා තැන තැන මැර කල්ලි වල පාලනයට නතු උනා. ඒ මනුස්සය කියපු විදියට මිනිස්සුත් පොලීසියට වඩා මැර කල්ලි වල පාලනයට කැමතියි, මොකද පොලීසිය මැරයින්ට අන්තයි. කොටින්ම පොලිස් කාරය ගෙ හිරිහැර වලින් තමනව බේරා දෙන්න කියල මැර කල්ලි වල ට කියන තැනට මිනිස්සු පත් වෙලා, මොකද උන් පොලිසියට වඩා සාධාරණයි. සියලුම උගතුන් රටෙන් ගිය නිසා සුදුසුකම් නැති අයට රස්සා කරන්නට උනා, ඒකත් සොච්චම් පඩියකට නිසා රස්සා කරන්නේ පිනට වගේ. උදාහරණයකට පාැසැළක සුදුසුකම් සහිත ගුරැවරැ නැති නිසා දහය වසරෙ ළමයා පහේ පන්තියට උගන්නන්න දාන්න වෙනව. කිසිම බඩුවක් ලේසියකට හොයා ගන්න නෑ.
https://www.newyorker.com/news/news-desk/venezuelas-food-crisis-reaches-a-breaking-point
ඕගොල්ලො කැමතිද එදා කිරිබත් උයන් කාපු හන්දියෙ යූ එන් එකෙන් බතුයි පරිප්පුයි උයල ඕගොල්ලො පිඟන් අරන් පෝළිමේ ගිහින් බත් හැන්දයි පරිප්පු හැන්දයි ඉල්ල ගන්න? ඕගොල්ලො මොන ලොකු ලොක්කො උනත් රටේ කෑම නැත්නම් හම්බ කරපු සල්ලි, රත්තරන්, ඉඩම් කන්න බෑනෙ. ලන්කාවෙ සුපිරිම දනපතියො ටික ඇර අනිත් හැමෝටම ඕක වෙනව තව දුරටත් බකන් නිලාගෙන හිටියොත්. තාමත් පරක්කු නෑ, හැබැයි දැන්ම ඇහැරෙන්න, සුරන්ගනා ලෝක වලින් එළියට එන්න, සඳළු තල වලින් බිමට බහින්න. අර අන්තිම පින්තූරෙ හොඳට බලන්න, එතැනට නොවැටෙන්න නම් දැන්මම වෙනස් වන්න.
More than three million Venezuelans have fled the country in the years since the crisis began, and those who remain have seen their quality of life deteriorate to previously unthinkable levels.
2. දෙවනුව හිත ශක්තිමත් කර ගන්න, බය වෙන්න හෝ පැනික් වෙන්න එපා. ඔබ උත්සහ කලොත් මේ ව්‍යසනයෙන් වසර කීපයකින් ගොඩ ආ හැකියි. මාස කීපයකින් හැම දෙයක්ම හරි යයි වගේ බොරැවට හිත රවට්ටා ගන්න එපා, ඇත්තට මුහුණ දෙන්නට හිත හදා ගන්න.
තනි තනිව කල හැකි ලොකුම දෙයක් තමයි ඕනැවට වඩා සරළව හෝ ඕනැවට වඩා දරැණුවට මේක ගැන හිතීම. අපි මේ වගේ අර්බුදයකට මූණ දුන්න පලවෙනි හෝ අන්තිම රට නෙමේ. බය උනා කියල වැඩක් නෑ, අටලෝ දහම අනුව හිත හදා ගන්න. හැබැයි අවම කාලයකින් මේකෙන් ගොඩ එන්නට පුරවැසියෙකු වශයෙන් උපරිම දායකත්වය රටට දෙන්නට අදිටන් කර ගන්න.
ඒක කරන්නෙ කොහොමද?
ඊලඟ ලිපියෙන් කියන්නම්. දැනට තුන් වෙනිදා එලියට බහින්න please.- මන්ජුගෙ යූ ටියුබ් එකේ කතාවට පසු මමද ඉල්ලා අස් කර ගන්නට කැමතියි.
3 වෙනිදා විරෝධය පරිස්සමින් .. යන්න කලින් අනිවාර්යෙන් අහන්න Manju Nishshanka #NOWorNEVER
https://www.youtube.com/watch?v=NZPfr22MBx8
භාරත මහත්තයගෙ මේ කතාව අනිවාර්‍යයෙන් අහන්න.
https://www.youtube.com/watch?v=1vnM54O4PrU&t=650s
ඔබේත් මගේත් දේශපාලනෙන් වැඩක් නැත. මේ පාලනය ව්‍යවස්ථානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තිබේ. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නැත.
වෙන කරන්න දෙයක් නැත. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බසිති.
මේ වැඩේ සංවිධානය කරන්නේ ඔබයි සහ මමයි. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගනිමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනුවෙන් පාරට බසිමු.
ඒ සඳහා whatsapp group කීපයක් ගොඩක් නගර වලට සාදා තිබේ. තමන්ට අදාල නගරයට අදාල group එකට joint වෙන්න. පහත links වලින් ගැලපෙන එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න, තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්ථානයටද කියන එක.
⋆ හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්. පුළුවන් නම් කළු කොඩියකුත් අරන් එන්න.
⋆ ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ෂයකින් කරන වැඩක් නොවෙයි.
⋆ දන්නා හැමෝම එක්කගෙන එන්න.
⋆ දරුවන්වත් රැගෙන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වැරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ටත් කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
⋆ මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
⋆ මොනවා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.
මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගණන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.
"යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"
මහනුවර
https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu
කොළඹ
https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY
කුරුණෑගල
https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd
අනුරාධපුර
https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe
ගාල්ල
https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC
ගම්පහ
https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7
දඹුල්ල
https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm
නුවරඑළිය
https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj
කළුතර
https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG
මාතර
https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg
රත්නපුර
https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t
අවිස්සාවේල්ල
https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6
හම්බන්තොට
https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0
කුලියාපිටිය
https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3
කිරිබත්ගොඩ
https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG
පොලොන්නරුව
https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG
මාතලේ
https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b
මොණරාගල
https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz
යාපනය Jaffna
https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty
අම්පාර Ampara
https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1
කෑගල්ල
https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5
Muditha Jayasuriya ගේ ලිපිය පහළින් පල කරනවා මේ මාතෘකාවට අදාළ නිසා.
අපි ඉස්සරහට කතා කරන්න අවශ්‍ය වෙන්නේ ළිඳේ පතුලේ නොගිලී ජීවත්වෙන එක ගැන.
ආහාර අර්බුධය සහ පොසිබල් බෙහෙත් හිඟයන් විසින් අපිව මරණය සහ මරාගැනීම් දක්වා රැගෙන යාම වලක්වා ගන්නේ කොහොමද කියන එකයි අපි ඉස්සරහා තියෙන මාතෘකාව. ආපහු කලින් හිටියා වගේ සැපේ සොමියේ ඉන්නේ කොහොමද වගේ හීන පැත්තකින් තියලා කරන්න පුලුවන් දේවල් තමයි හිතන්න ඕන.
විදේශ සංචිත සහ බලශක්තිය භාවිතයට ප්‍රයෝරිටි ලිස්ට් එකක් අවශ්‍යයි. මේකෙන් අපේ සමහර ආතල් කුඩු වෙයි. ඒත් සමාජයක් විදියට නොමැරී, මරානොගෙන ඉන්න මේක නොකර වෙන විදියක් නෑ. ඒ හින්දා ආහාර නිෂ්පාදනය, අත්‍යවශ්‍ය භාණ්ඩ, සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය, ඒ වගේම රට උකසට සින්න වීම නවත්තන්න ණය ගෙවන්න අවශ්‍යවෙන අපනයන කර්මාන්ත කරගෙන යන්න පුලුවන් වෙන විදියට ප්‍රයෝරිටීස් හදන්න අපිට සිද්ධ වෙනවා. මේවා නැතුව තාමත් පාරවල් පළල් කරනවා, හයිවේ හදනවා වගේ රෙද්දේ සංවර්ධන වැඩ වලට සල්ලි පාස් කරන ඒවට මිනිස්සු විරෝධය දක්වන්න ඕන. සංවර්ධන මේනියාව අපිව දාලා තියෙන අමාරුව හොඳටෝම ඇති.
රජයේ වියදම් වෙනුවෙන් සල්ලි අච්චු ගැහීම ධනපතියෝ ඇරෙන්න ඉතුරු ඔක්කොම එවුන්ට දරුණුම විදියට කෙලවීම අනිවාර්යයි. දැනටමත් පහල පන්තිවල මිනිස්සු මේකෙන් අප්‍රමාණ පීඩාවකට ගිහින් ඉන්නේ. සල්ලි තියෙන එවුන්ගෙන් බදු නොගෙන ඒ අමාරුව සල්ලි නැති එකා පිටින් යැවීම වහාම නතර කරන්න ඕන.
හැබැයි වසංගත, ආර්ථික අර්බුධ අස්සෙත් තමන්ගේ ධනය ඉහළ දාගත්තු ජාවාරම්කාරයන්ව, ධනපතියන්ව ටැක්ස් කරන්න මුන්ගේ කකුල් පණ නෑ. ඉහල ආදායම් ලබන වෘත්තිකයන්ගෙන් ටැක්ස් ගහගන්න බැරුව නැට්ට පස්ස පැත්තේ ගහගන්නවා. රාජ්‍ය සේවයේ ලොකු පුටුවල ලක්ෂ ගණන් පඩි කන එවුන්ගේ පඩියට සීලිං එකක් දානවා තියා ඒක ගැන හිතන්නත් මුන් බයයි.
අපිට අලුත් ආණ්ඩුවක් ඕනේ ඔය වැඩ කරන්න. ඒවා ලේසි නෑ. අමාරුයි. ඒවා අමාරු බව පිලිගන්න එක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. උස් තැන් දැකලා ඇකිලෙන මිටි තැන්වලට පුප්පන නිවටන්ට සහ උපන්ගෙයි හොරුන්ට ඒවා කරන්න බෑ. ඒක නිසාමයි බලයට එන්න ඉන්න පාර්ශව මේ දේවල් වලට අදාල ප්‍රතිපත්ති කියලා මිනිස්සුන්ගේ විස්වාසය ගොඩනගාගන්න සහ ඒවට මිනිස්සුන්ව එකඟ කරගන්න එක කරන්න ඕන. දේශපාලනේ නම් රාජපක්සලාටත් කරන්න පුලුවන් දේශපාලනික එළඹුමකින් වැඩ කරන එකයි අමාරු වැඩේ. ඒකට මිනිස්සුන්ව එකඟ කරගන්නේ නැති උනොත් ආයේ දුවන්න වෙන්නේ පරණ රවුමමයි.
"අපි මෙන්න මෙහෙම කරන්න එකඟයි. ඒවා කරන්න උඹලට බෑ. ඔළුවෙන් හිටගෙන මොනවා කිව්වත් අපි උඹලව විස්වාස කරන්නේ නෑ. ඒ නිසා උඹලා ගෙදර පලයව්" කියන එක තමයි මේ වෙලාවේ මිනිස්සුන්ගේ පැත්තෙන් එන්න අවශ්‍ය දේශපාලනික එළඹුම වෙන්නේ.
දේශපාලනික වීම මිනිස්සු වගේම මිනිස්සු සංවිධානය කරන පක්ෂත් මග අරින්න කැමති දෙයක්. ඒ වෙනුවට ආතල් ඉල්ලීම සහ ආතල් දීම තමයි දිගටම උනේ. ඒක ඉවරයි. ස' කියන්නේ ආතල් ඉල්ලීමේ සහ ආතල්දීමේ දේශපාලනයේ හාස්‍යජනක අවසානය. මේ අගාධේ කියන්නේ ඒක වෙනුවෙන් අපි ගෙවපු වන්දිය.
දේශපාලනික මිනිස්සු විදියට විරෝධය ගොණු කරමු.
සටහන - Muditha Jayasuriya
No comments:
Post a Comment