Friday, August 7, 2020

ඡන්ද ප්‍රතිපල

 ලංකාවේ ධනවාදය තුල ජීවත්වන මිනිසුන්ගේ ආත්මයේ කේන්ද්රය පුද්ගල ආර්ථිකයයි. එය භ්රමණය වන්නේ නිවසක්, මෝටර් රථයක්, ඉලෙක්ට්රික් බඩු ගොඩක් සහ තමාට වඩා ඒ දේවල් ගොඩනගා ගත හැකිවන ලෙස දරුවන්ට අධ්යාපනය ලබාදීමත් වටාය. මෙය මිනිසුන්ගේ පරම සිහිනයයි.

උගත් නාගරික මිනිසෙකුට ව්යවස්ථාවේ සිදුවන වෙනස්කම්, අන්තර්ජාතික ගිවිසුම්, ගෝලීය පාරිසරික අර්බුධ වැනි කාරණා තම ජීවිතයට අසම්බන්ධිත අවශේෂ කාරණාවන්ය. ඔහු ඒවා ගැන උනන්දුවෙන් හොයන්නේ නැත. ඒවා කට පාඩමින් දන්නේද නැත.
එහෙත් සුසුකි Wagon R රථයක මිළ ගනන්, ඒවායේ එංජින් ධාරිතාව, නාන කාමරයට හොඳ ටයිල් විශේෂ, මේ දිනවල 50% ඔෆර්ස් ලබා දෙන හෝටල්, දිවයිනේ ප්රථමයා බිහිකරන ගුරුවරුන්, ජනප්රිය පාසලකට හොර පාරෙන් ළමයෙක් දමා ගන්නා ආකාරය, ලීසිං සහ ලෝන් රේට් ආදිය ගැන ඔවුන්ටා කටපාඩමින් ඔබට කියාදිය හැක.
ජීවිතය යනු ඒවා මිස ඊට පිටතින් ඇති ඒවා නොවේ.
කලබල විය යුත්තේ ලයිට් දැමූ උස කුළුණු, අධිවේගී මාර්ග, වාහන තීරු බදු අඩු කිරීම ආදිය ගැන මිස සමානාත්මතාව, ප්රකාශන නිදහස, වනාන්තර වැනි ඒවා ගැන නොවේ.. සැබැවින්ම ඒවා ගැන කළබල වී දඟලන්නන් පොල් බූරුවන් මෙන් ඔවුන්ට පෙනී යයි.
ග්රාමීයව අලි මිනිස් ගැටුමට මැදිවූ ගොවියෙකුගේ වටිනාකම් යනු ඉහත ඒවයේ බඩී සයිස් එකය.
අලි ප්රශ්නයට විසඳුම වනාන්තර පද්ධතිය වැඩි කිරීම වැනි ඒවා නොව අලින් අල්ලා නිර්වින්ධනය කර පින්නවලට දැක්කීමයි. එවිට ඉතිරි වන වනාන්තර ටික කපා දමා ඒවාගේ මහාපරිමාණ වගාවන් කිරීම, වැලි ටිකක් ගොඩ දැමීම, ගල් කොරියක් දාගැනීම සහ ප්රාදේශීය දේශපාලකයෙක් හරහා පුතා රස්සාවට දැමීමත් මොකක් හෝ කර උගන්වා දුව විශ්ව විද්යාලයට යවා දැනට වඩා හොඳ පුද්ගල ආර්ථිකයක් ගොඩනගා ගැනීමත්ය.
ඒවා වෙනුවට වෙන බයිලා කියන අය මේ මිනිසුන්ට පේන්නේ අමු පිස්සන් ලෙසය.
මිනිස්සුන්ගේ ඡන්දය යනු එක්තරා ආත්ම ප්රකාශණයකි. මිනිස්සු හෙන මෝඩයන් හෝ වහළුන් ලෙස නාමකරණය කිරීම තේරුමක් නැත.
මිනිස් ආත්මය පුද්ගල ආර්ථිකයට ඌනනය වීම දවසින් විසදිය හැකි ප්රශ්නයක් නොවේ. අපේ විවේචන අක්ෂය එල්ලවිය යුත්තේ හුදෙක් ආණ්ඩුවලට හෝ දේශපාලන පක්ෂවලට නොවේ. මේ ධනවාදී මිනිස් ආත්මයටයි!
ගෝලීය පාරිසරික අර්බුධය විසින් ඉඩ ලබා දෙන්නේ නම් එය දිගුකාලයේදී වෙනස් කල නොහැකි දෙයක්ද නොවේ.
එක්සත් ජාතික පක්ෂය යනු ලංකාවේ මේ තියන පුද්ගල ආර්ථික ආත්මය ගොඩනැංවීමේ මූලික කාර්යය කල පක්ෂයයි. ඔවුන් තැනූ ලෝකයෙන්ම ඔවුන් පිටමං කර තිබීම නම් දේව දඩුවමක් බඳු වැඩකි.
.
.
.



5 comments:

  1. ලංකාවේ බහුතරයකගේ මව්බස සිංහල. අනිත් අයගෙනු වැඩි දෙනාට සිංහල පුළුවන්. ඒත් ලංකාවෙදී සිංහලෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක්. ඉංජිනේරුවෙක් වෙන්න බෑ. ඒකත් ලොකු ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. ඒකයි මේකයි අතර සම්බන්දය පැහැදිලි කරන්න

      Delete
  2. ඇත්තෙන්ම Angel ඒ පුද්ගල ආත්මය වටා කැරකෙන ධනවාදී (නමුත් දුගී) ප්‍රාණියා ගැන අනුකම්පා කල යුතු වුවත් එසේ කරන්නා ද හෙන ගොබ්බයෙක් බව ඒ ප්‍රාණියා විසින් සිතනු නොඅනුමානය. මේ පුද්ගල කේන්ද්‍රීය භාවය උත්කර්ෂයට නැංවුයේ එක්සත් ජාතික පක්ෂය පිහිටවූ 77 ආණ්ඩුව බවත් බොහෝ දෙනාට අමතකය. දැන් හැම පාලකයාමත් ඔවුන්ගේ අනුගාමිකයනුත් යන්නේ ඒ විවර කල මග නිසා විය යුතුය.

    ReplyDelete
  3. ඇත්තෙන්ම angel ඒ පුද්ගල ආත්මය වටා කැරකෙන ධනවාදී (නමුත් දුගී) ප්‍රාණියා ගැන අනුකම්පා කල යුතු වුවත් එසේ කරන්නා ද හෙන ගොබ්බයෙක් බව ඒ ප්‍රාණියා විසින් සිතනු නොඅනුමානය. මේ පුද්ගල කේන්ද්‍රීය භාවය උත්කර්ෂයට නැංවුයේ එක්සත් ජාතික පක්ෂය පිහිටවූ 77 ආණ්ඩුව බවත් බොහෝ දෙනාට අමතකය. දැන් හැම පාලකයාමත් ඔවුන්ගේ අනුගාමිකයනුත් යන්නේ ඒ විවර කල මග නිසා විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලනී, ඇත්තටම මේ අදහස මුදිත ජයසූරිය මහත්මයගේ. ඔබේ අදහසට එකඟයි. ඇත්තටම මම දැන් ලියන පෝස්ටුවත් ඒවගේ සිද්ධියක් ගැන.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...