Wednesday, August 12, 2020

Undercover Charity රස කතා - 2

 එක්තරා සමාජ මාධ්‍යයක තමාට මුණගැසුනු දිරිමත් තරැණයෙකුගේ මානුෂීය අවශ්‍යතාවයකට උපකාර ඉල්ලා එක්තරා උගත් වැදගත් මහත්මයෙක් පල කර තිබූ අදහසක් දුටු මට එම ව්‍යාපෘතියට උදව් කිරීමට අදහසක් ඇති විය. මම ඒ මහතාට එය දැන්වූවෙමි. මෙම තරැණයාට උදව් කිරීමට එම මානුෂීය අවශ්‍යතාවයට මුදල් ටිකක් දීම ප්‍රමාණවත් නොවන බව මට පෙනී ගියේ විශ්ව විද්‍යාලවල වසර ගණනාවක් තරැණ තරැණියන් සමඟ ගනුදෙනු කර ලබා ගත් පලපුරැද්දෙනි. බොහෝවිට බිඳුනු පවුල් පසුබිමක අන්ත දිළිදු තත්ව යටතේ සහ අසරණ එමෙන්ම නූගත් දෙමව්පියන් සමඟ හැදී වැඩෙන දරැවන්ට පෞරැෂමය වශයෙන් විශාල අඩු ලුහුඬුකම් පවතී. එම  අඩු ලුහුඬුකම් මගහරවාගැනීමට සහ මග පෙන්වීමට කිසියම් කෙනෙකුගේ මැදිහත් වීමක්ද අවශ්‍ය වේ. නැතිනම් සිදුවන්නේ අපේක්ශිත අරමුණට ලඟා වීමට නොහැකි වීමයි. මා දුටු හොඳම උදාහරණයක් නම් මා පළමු උපාධියට විශ්ව විද්‍යාලයට ගිය කාලයේ මහපොළ ගත් දිළිඳු ශිෂ්‍යයන් එම මුදල් මත්පැන්, ගණිකාවන් ආදී දේවලට යොදාගනු දැකීමයි. එම නිසා මේ කියන තරැණයාට මුදල් ටිකක් දීම වෙනුවට මුදල්, ඇමරිකාවෙන් පොතපත, මගපෙන්වීම ආදී සියල්ල ඇතුළත් පැකේජයක් ලබා දීමට මට අවශ්‍ය විය. එහිදී මට සිදු වූ අපහසුතා මෙහි සඳහන් කරන්නේ ඔබටද එම අත්දැකීම් වැදගත් වියහැකි බැවිනි.


1. මෙම තරැණයා ගැන හෙළිදරව් කල මහතාගේ හැසිරීමේ ව්‍යාකූල බව: "අනේ පුළුවන් කෙනෙක් මෙයාට උදව් කරන්න" කියා කියූ ඒ මහතා මම උදව් කරන්නට කැමති වූ පසු අදාළ තරැණයාගේ ටෙලිෆෝන් නොම්මරය දී මාරැ විය. මම ඒ මහතාගෙන් ඊට වඩා උද්‍යෝගයක් සහ සහයෝගයක් අපේක්‍ෂා කලෙමි. විශේෂයෙන්ම මම විදේශගතවී ඉන්න නිසා මට ඊට වඩා සහයෝගයක් අවශ්‍ය විය. අනිත් අතට උදව් ලබන සහ උදව් කරන පාර්ශ්ව එකිනෙකා සමඟ කෙළින්ම ගනුදෙනු කිරීම ඉතාම නුසුදුසුය. උදව් කරන මුවාවෙන් ලිoගික/වෙනත් අපරාධකරැවන් ගොදුරැ සොයති. අනිත් අතට උදව් ලබන්නා අනුග්‍රාහකයාව  නොයෙක් ලෙස අපයෝජනයට ලක් කල හැක. වැඩිපුර මුදල් ඉල්ලා කරදර කිරීම එයට එක උදාහරණයකි. මේ නිසා මම ලoකාවේ කුඩා ළමුන් කීපදෙනෙකුට උදව් කරන Child Fund නම් ඇමරිකානු ආයතනය කිසිම විටක මගේ පෞද්ගලික කරැණු එම දරැවන්ගේ පවුල්වලට හෝ එම දරැවන්ගේ පෞද්ගලික කරැණු මට ලබා නොදේ. මම එම දරැවන්ට ලිපි ලියන අතර එම දරැවන් මටද ලියති. ඒවා එම ආයතනයේ නියෝජිතයන් කියවා බලා අනුමත කළ යුතු අතර එම ආයතනයේ නියෝජිතයන් හරහා එම ලිපි හුවමාරැව සිදු වේ. මේ නිසා අනවශ්‍ය ගැටලු ඇති වීම වළකා ඇත. 

විශේෂයෙන්ම මෙවැනි තරැණයෙකුට පිරිමි role model එකක් හෝ father figure එකක් මඟ පෙන්වීම හරිම වටිනවා. ඒක මම කියද්දීත් මෙතන සිද්ද වුනේ අර මහත්මයා පසු බැසීමයි. මම ඒ මහත්මයට කිව්වා ඔහුට බැරි නම් දන්න වෙනත් හොඳ  මහත්මයෙක්වත් නැතිද කියලා, ඒකටත් හරි උත්තරයක් ලැබුනෙ නෑ. මට හිතෙන්නේ  ඊට කාරණා කීපයක්ම බලපාන්න ඇති. උගත් වැදගත් මහත්මයාට හරි සැළසුමක් තිබුනෙත් නෑ, මේ වැඩේ මුදුන වෙන්නත් ඕන උනාද කියල හිතෙනවා. වැඩෙන් පබ්ලිසිටියකුත් ගත්ත මගේ කිසිම අවසරයක් නැතිව අපගේ පුද්ගලික පණිවිඩ හුවමාරැවේ  screen shot සමාජ මාධ්‍යයක පල කරල. ඒකත් ඉවසල හිටිය කියමුකෝ. මම කාටවත් විශේෂ ගරැසරැ කරන හෝ කාගෙන්වත් විශේෂ ගරැසරැ ඉල්ලන කෙනෙක් නෙමේ. මේ වගේ අයට ඒක දිරවන්නෙ නැති වෙන්නත් පුළුවන්.  

ඔබ කාටහෝ අනුග්‍රාහකයෙකු සොයන විට ටෙලිෆෝන් නොම්මරය දී මාරැ වීමට වඩා කිසියම් කැපකිරීමක් කරන්නේ නම් වඩා හොඳය. එමෙන්ම බොරැ ෂෝ නොදමා අනුග්‍රාහකයාට නිසි ලෙස සළකන්න.

2. ඔබ දුප්පත් අසරණ මනුස්සයෙකුට උදව් කරද්දී පහත සඳහන් ගැටළු මතු වීමට බොහෝ ඉඩ තිබේ;

a. දුප්පත් අසරණ මිනිස්සු ඔබ ඔවුනට උදව් කරන්නේ ඔබට සල්ලි වලට කරන්නට දෙයක් නැති නිසාය, ඔබ ඔවුන්ගේ කිසියම් දෙයක් සොරකම් කිරීමටය නැත්නම් ඔබ ඔවුන්ගේ යම් දෙයකට වසඟ වීය ආදී අකෘතඥ ආකල්ප වල සිටීම. එයට හේතුව නම් ඔවුන් හිතන්නේ පුද්ගල කේඳ්‍රීය ආත්මාර්ථකාමී ආකාරයට නිසා අනුන්වද තම මිම්මෙන් මැනීමයි. දියුණු බටහිර රටක කුඩාකල සිටම සැපසේ හැදුනු ධනවත් තරැණ වෛද්‍යවරයෙක් ඈත අන්ත පිටිසර අප්‍රිකානු රටක මාරාන්තික එබෝලා වසoගතය මැඩීමට තමන් නොදන්නා මිනිසුන් බේරා ගන්න ගියේ මන්දැයි ඔවුන්ට කිසි ලෙසකින්වත් නොතේරේ.

b. ආත්මාර්ථකාමී බව: මේ කියන තරැණයා මට කිසියම් බැoකු ගිණුමක විස්තර ලබා දුන්නා. නමුත් ඇමරිකාවේ කොරෝනා වසoගතය තදින්ම පවතින මේ කාලයේ මට මුදල් එවීමට වඩා පහසු ආරක්ෂාකාරී ක්‍රමය වෙනත් එකක්. ඒබව තරැණයාට පැහැදිලි කරන්න උත්සහ කරත් ඔහු කියනවා ඔහු ඉන්නෙ දුෂ්කර පළාතක නිසා අර කියපු බැoකු ගිණුමටම මුදල් එවන්නලු. මට පහසු ක්‍රමය ලඟපාතක නැතිලු. මේ තරැණයාගෙ තැන මම හිටියනම් කියන තැනකට ගිහින් මුදල් ගන්නවා කෘතවේදීව. නැතුව මගේ පහසුවම බලන්නෙ නෑ. 

c. අවිඥ්ඤානික පුරැෂ මූලිකත්වය: මෙම තරැණයා සහ උගත් වැදගත් මහත්මයා යන දෙදෙනාගේම හැසිරීමේ අවිඥ්ඤානික පුරැෂ මූලිකත්වය දැකිය හැකියි. ඉහත 1 සහ 2 කරැණු වලදී ඔවුන් හදන්නේ මාව ඔවුන්ට අවශ්‍ය පරිදි හසුරවා ගන්නටයි (මම අනුග්‍රාහකයා වුවත්). 


3. වටේ ඉන්න කාක්කෝ: උගත් වැදගත් මහත්මයා මාරැ වී ගිය පසු තරැණයාට පිරිමි role model එකක් හෝ father figure එකක් සොයා කීපදෙනෙකුට කතා කළෙමි. එවුන් මගෙන් මේ කාරණයේ අලගිය මුලගිය තැන් වල සිට අසමින් දවස් ගණනක් මගේ කාලය, මුදල්, සහ ශක්තිය කාබාසිනියා කර අන්තිමේ බෑ කීහ. බෑ කියා නිකම් හිටියේ නැත, මේ වැඩේ අතහැර ඔවුන්ගේ චැරිටි වලට කොන්ට්‍රිබියුට්  කරන ලෙස කීහ. මොවුන් මුළ සිටම වැඩ කර තිබුනේ මොවුන්ගේ ඇජෙන්ඩාවට මාව සෙට් කර ගන්නටය. කරැණාකර ඔබට යමක් කරන්නට බැරි බව දැන දැන දවස් ගණන් අනවශ්‍ය තොරතුරැ අසමින් උදව් ඉල්ලන්නාව රස්තියාදු කරන්නට එපා. තවද මේ කතාවේ තරැණයා හැර සියල්ලෝම  වෛද්‍ය ඉන්ජිනේරැ මහාචාර්‍යවරැ ආදී ධනවත් බලවත් මහත්වරැ බව කිව යුතුය.




No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...