Thursday, January 29, 2026

පිරිමි ආදරයේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් කාන්තා ඔබ දැනගතයුතු කරුණු - වැලන්ටයින් දාට අහවල් වැඩේ කිරීමට පෙර කියවන්න

 සැළකිය යුතුයි: මෙය සෑම පිරිමියෙකුටම හෝ සෑම කාන්තාවකටම පොදු නොවේ.

කාන්තාවකගේ ශරීරය සඳහා පිරිමියෙකුට භෞතික ප්‍රවේශය ලැබුණු පසු ඔහු එම සම්බන්ධයේ "බලය මාරු වීම (shifting power dynamics)"  අත්විඳියි. මෙතෙක්කල් කාන්තා ඔබට සම්බන්ධයේ වැඩි බලය හිමිව තිබුනි. උදාහරණයකට, ඔහු ආදරය අයැදිමින් ඔබේ පසුපස එන්නට ඇත, තෑගි දෙන්නට හෝ කාලය සහ අවධානය නොමසුරුව ඔබට දෙන්නට ඇත. ඒ සම්බන්ධයේ වැඩි බලය තිබුනේ කාන්තා ඔබට නිසාය (බොහෝ පිරිමි මෙය ඔබ දැනගන්නවාටවත් කැමති නැත)

දැන් ඔබ ඔහු සමඟ යහන්ගතවූ පසු ඒක අනිත්පැත්ත ගසා ඇත. දැන් කාන්තා ඔබ කවදාද දෙමව්පියන්ට කියන්නේ, කවදාද මාව විවාහ කරගන්නේ ආදී ලෙස ඔහුගේ පසුපස යමින් අසනා අඩු බලැති පුද්ගලයා බවට නිතැතින්ම පත්වේ. 

ඔබ තෝරාගත් පිරිමියා "හොඳ" පිරිමියෙකු නම් මෙහි ගැටළුවක් නැත. 

නමුත් ඔබ තෝරාගත් පිරිමියා හුදෙක් ඔබ හා යහන්ගත වූයේ විනෝදයට මිසක දීර්ඝකාළීන ලෙස කැපවීමට සූදානම් ආදර සබඳතාවයකට නොවේනම් එය ඔහුට තවත් "අහඹු හමුවීමක්" පමණි.

සුරාන්තයෙන් පසු සමහර පුද්ගලයින් අත්විඳින බොහෝ විට මානසික තත්වයේ සහ චිත්තවේගීය දැනුවත්භාවයේ වෙනසක් සමඟ පැහැදිලි හැඟීමක් තිබේ, ඉංගිරිසියෙන් එයට "Post-Nut Clarity" කියන අතර මම දන්න තරමින් ඊට සිංහල භාෂාවේ වචනයක් නැත. .

පිරිමියාගේ ස්වභාවය මත මෙම රමණයට පසු ඇතිවන හැඟීම/ Post-Nut Clarity වෙනස් වේ.

චිත්තවේගීය දුරස්ථභාවය (Emotional distance) සහ "Post-Nut Clarity":

1. ලුහුබැඳීම අවසන් වීම නිසා කාන්තාව කෙරේ ඇතිවන චිත්තවේගීය දුරස්ථභාවය: බොහෝ පිරිමින් සඳහා ලුහුබැඳීම (Pursuit) කාන්තාව කෙරේ ඇතිවන ආකර්‍ෂණයේ සැලකිය යුතු කොටසකි. ඔවුන් කාන්තාව සමඟ යහන්ගතවූ පසු ඔහුගේ ඉලක්කය සපුරා ඇති අතර, ඔවුන් දිගුකාලීන සම්බන්ධතාවයක් සොයන්නේ නැත්නම් ඔවුන් කාන්තාවට තමන්ව එපා කරවා දුරස්ථභාවයක් නිර්මාණය කිරීමට කාන්තාවගේ සුළු වැරදි ඉලිප්පීම (යහන්ගත වීමට පෙර ඔබ ලෝකයෙන්ම ලස්සනම කාන්තාව වුවද දැන් ඔබ මහත වැඩිය, කෙට්ටු වැඩිය ආදී) හෝ නැතිවැරදි ගැන චෝදනා කිරීම භාවිතා කළ හැකිය.(යහන්ගත වීමට පෙර ඔබේ වයස ගැටළුවක් නැතත් දැන් හදිසියේම වයස ගැටළුවකි, ඔහුගේ මව ඔබේ කුළයට ආගමට හෝ වෙන දෙයකට අකමැති වනු ඇත. ඒබව මුලදී කිව්වානම් ඔබ යහන්ගත නොවේ.) 

2. පශ්චාත්-කෝටල් ඩිස්ෆෝරියා (Post-Coital Dysphoria /PCD): සමහර පිරිමින්ට, පශ්චාත්-කෝටල් ඩිස්ෆෝරියා -එනම් ලිංගිකව හැසිරීමෙන් පසු "හොඳ හැඟීමක්" ඇතිකරන හෝමෝන (ඩොපමයින්/ඔක්සිටොසින්) හි හදිසි පහත වැටීමක් අත්විඳිය හැකි අතර, එමඟින් ඔවුන්ට කෝපයක්, දුකක් හෝ වෙන්වීමක්/දුරස්ථභාවයක් (Irritable, sad or detached) දැනිය හැකිය.

3. ස්වයං පාලනය නැවත ලබා ගැනීම: පිරිමි පාර්ශවයට බොහෝවිට ලිංගිකත්වයේ ගැඹුරු, සමීප එකමුතුවෙන් පසු නැවත "පිරිමිකම" ලබාගෙන ස්වාධීන තත්වයට පැමිණීමට නම්, ඔවුන් නැවත පෙරදී හුන් තමාම බවට නැවත පත්වීම සඳහා කාන්තාවගෙන් රමණයට වහාම පසු දුරස්ථ වීම හෝ කාන්තාව කෙරෙහි විවේචනාත්මක ලෙස ක්‍රියා කිරීමට පෙළඹේ.

4. කැපවීමට ඇති බිය: පිරිමියෙකු ඕනෑවට වඩා සමීප වීමට හෝ කැපවීමට බිය වන්නේ නම්, සම්බන්ධතාවය ස්වයං-කඩාකප්පල් කර (Self-sabotage) ඉවත්ව යාම සාධාරණීකරණය කිරීමේ මාර්ගයක් ලෙස ඔහු කාන්තාවගේ කුඩා වැරදි මත රඳා සිටිය හැකිය.

5. අවදානම වළක්වා ගැනීම: පිරිමියෙක් කුඩා වැරදි අල්ලාගෙන ඒවා උළුප්පමින් ක්‍රියා කිරීම (nitpicking) යනු ඔහුට සම්බන්ධතාවය වඩාත් දුරදිග ගෙනයෑම නැවැත්වීමට මාර්ගයකි. එය ඔහුගේ චිත්තවේගීය අවදානමට (emotional vulnerability) එරෙහිව ආරක්‍ෂක බාධකයක් ලෙස ක්‍රියා කරයි.

ජීව විද්‍යාත්මක හා සමාජීය සාධක

1. හෝමෝන මාරුවීම්: ලිංගිකත්වය කාන්තාවන් තුළ ඔක්සිටොසින් (බන්ධන හෝමෝනය) වැඩි කරයි, සම්බන්ධතාවයේ අවශ්‍යතාවයක් ඇති කරයි, පිරිමින් තුළ, එය ටෙස්ටොස්ටෙරෝන් හි තියුණු පහත වැටීමකට හේතු විය හැක, එය ඉවත් වීමට අවශ්‍යතාවයක් ඇති කරයි සහ ඉඳහිට කෝපයක් ඇති කරයි.

2. ලිංගික භාණ්ඩයක් ලෙස කාන්තාව පෙනීම: පිරිමියෙකු ලිංගික ක්‍රියාව හුදෙක් ජයග්‍රහණයක් ලෙස සලකන්නේ නම්, ඔහු කාන්තාව දිගුකාලීන සහකරුවෙකු ලෙස නොව තාවකාලික සහකරුවෙකු ලෙස පමණක් සළකා ඔහුගේ සංජානනය තහවුරු කිරීමට ඇයගේ අඩුපාඩු (රතු කොඩි) සොයමින් සිටිය හැකිය.

3. දෙදෙනාගේ ප්රතිවිරුද්ධ ඉලක්ක: පිරිමියෙකුට අනියම්/තාවකාලික හමුවීමක් පමණක් අවශ්‍ය වන අතර කාන්තාවට ස්ථිර ආදරයක් අවශ්‍ය නම්, ඔහු තම උනන්දුව නොමැතිකම පැහැදිලි කිරීමට දැඩි ලෙස විවේචනාත්මක විය හැකිය, බොහෝවිට එමගින් කාන්තාවට ඇතිවන චිත්තවේගීය හානි පවා ඔහු නොසලකා හරියි.

4. යථාර්ථවාදී නොවන අපේක්‍ෂාවන්: සමහර පිරිමින් කාන්තාවන් සඳහා යථාර්ථවාදී නොවන ප්‍රමිතීන් තබාගන්නා අතර (ලිංගික චිත්‍රපට ජවනිකාවල ඉරියවු, ලස්සන පිළිබඳ අපේක්ශා- නිරෑපිකාවකගේ දේහය), කාන්තාවක් එම යථාර්ථවාදී නොවන නිර්ණායක සපුරා නොමැති විට ඔවුන් අධික ලෙස විවේචනාත්මක වන බව සටහන් කරයි.

සටහන: සමහර අවස්ථාවලදී, මෙම හැසිරීම චිත්තවේගීය වශයෙන් අපයෝජනය, පාලනය කිරීම හෝ හැසිරවීමේ ප්‍රවණතාවල ලකුණක් වන අතර, එහිදී පුද්ගලයා අනෙකාගේ වටිනාකම අඩපණ කිරීමට විවේචන භාවිතා කරයි.

කාන්තාවක් ආදරයෙන් පරාද නොවීමට නම්,

මිනිසෙකුට හොඳ සහකාරයෙකු වීමට හැකිද යන්න දැනගැනීමට ආරම්භයේදීම ඔහුව පරීක්‍ෂාකිරීමට ක්‍රම තිබේ. ඔහු තීරණ ගන්නා ආකාරය, සමාජ ගැටළු හෝ ආකල්ප ගැන ඔහුගේ මතය (කාන්තාවක් විවාහයට පසු රැකියාවක් කිරීම සුදුසුද, කාන්තාවකට විවාහය තුළ ලිංගික තෘප්තියක් ලැබීමට අයිතියක් තිබේද ආදී) විමසන්න. කිසිවිටක ඔබේ අදහස මුළින් පවසන්නට එපා, වංචාකාරයන් එවිට ඔබේ අදහසට එකඟ අදහස් පවසයි. ඔහුගේ මිතුරන්ගේ හැදියාව දෙස බලන්න. සමාජ මාධ්‍යය භාවිතය බලන්න. ඔහුට වාසියක් නොලැබෙන අවස්ථාවල මිනිසුන්ට සළකන ආකාරය බලන්න. කෝප වී හැසිරෙන ආකාරය බලන්න. විනය බලන්න. 

ආදරය යනු ජීවිතයේ එක කොටසක් ලෙස මිසක මුළු ජීවිතයේම එකම අරමුණ කර නොගන්න (පිරිමින් ජීවත්වන විදිහ බලන්න, ගැහැණිය ජීවිතයේ එක කොටසක් පමණයි). ඔබට ධනෝත්පාදන ක්‍රමයක්, විනෝදාංශ, ආශ්‍රය සඳහා යහපත් මිත්‍ර කවයක්, එළියට ගොස් හෝ නිවසේ තනිව විනෝදවීමට තරම් තමා සමඟ ගැඹුරැ සම්බන්ධතාවයක්, ආගමක් හෝ අධ්‍යාත්මික වටිනාකමක්, සොබාදහම සමඟ බැඳීමක්, ශාරීරික සුවතා සැළැස්මක් ආදී දේ තිබියයුතුය. ඔබව දිනාගැනීමට ඇති අභියෝගයක් ලෙස පෙනෙන තරමට පිරිමියා ඔබට බැඳේ. 

හැඟීම් වලට වහල් වී තීරණ ගන්නට එපා. කාන්තාවනි, ඔබ ගන්නා තීරණයේ බළපෑම ඔබේ ළමයින්ටද පරම්පරාවටද බලපානු ඇත. අද ඔබට අත උස්සන සහකරුවා ඔබේ නවයොවුන් පුතුටද අත ඔසවනු ඇත. අද ඔබට අගෞරව කරන සහකරුවා ඔබේ නවයොවුන් දියණියටද එයම කරනු ඇත. 

පුරුෂයන්ද මෙම ජීවවිද්‍යාත්මක යථාර්තය තේරුම්ගැනීම වැදගත්. ඔබට අවශ්‍ය ලිංගිකත්වය පමණක් නම්, එය කාන්තාවට සන්නිවේදනය කලයුතුය.අදකාලයේ ඔබ වැනිම ලිංගිකත්වයට පමණක්  කැමති කාන්තාවන් සිටී. සාහසික ලෙස රැවටීම් මඟින් විශාල හානි දෙපාර්ශවයටම සිදුවේ.  සමාජයක කාන්තාවන් බිඳවැටීම යනු සමාජයේ බිඳවැටීමයි.බොහෝවිට පිරිමියෙකු අතින් ලිංගිකව සූරාකෑමට ලක්වූ කාන්තාවන් මානසික අසමතුළිතතාවයට පත්වන අතර ලිංගිකත්වයට වෛර කල හැක. තමන්ට ඇති මෙම මානසික අසමතුළිතතාවය ගැන ඔවුන් නොදනී. එබැවින් ප්‍රතිකාර නොලබාම පසුකාළීනව විවාහ වූ පසු සහකරුට විශාල ගැටළු ඇතිවේ (මේ සහකරුවා ඔබ වියහැක.). ඇතැම් ඉතා යහපත් භාර්‍යාවක්/මවක් වීමට විභවය තිබූ කාන්තාවන් කිසිදා විවාහ නොවේ. ඇතැම් ඉතා යහපත් භාර්‍යාවක්/මවක් වීමට විභවය තිබූ කාන්තාවන් කෙළවර විය හැක්කේ ඉතා අවාසනාවන්ත ලෙස රෝහලේ, පොලීසියේ හෝ කනත්තේය. ඒනිසා ඔබේ ආශාවන් සඳහා අනෙකෙකු පාවිච්චි කරන්නට එපා.



No comments:

Post a Comment

පිරිමි ආදරයේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් කාන්තා ඔබ දැනගතයුතු කරුණු - වැලන්ටයින් දාට අහවල් වැඩේ කිරීමට පෙර කියවන්න

 සැළකිය යුතුයි: මෙය සෑම පිරිමියෙකුටම හෝ සෑම කාන්තාවකටම පොදු නොවේ. කාන්තාවකගේ ශරීරය සඳහා පිරිමියෙකුට භෞතික ප්‍රවේශය ලැබුණු පසු ඔහු එම සම්බන්ධ...