ස්වභාවික ආපදා පාලනයට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි?
"ජෙට් ස්කි වල නැගල ගංවතුර ආධාර දෙන කොල්ලො සෙට් එකකට බැන්නා" යන ශීර්‍ෂයෙන් යුතුව සමහර නිවුස් චැනල් වල, කාන්තා වෛරී සමාජ මාධ්‍ය සමූහ වල පවා ඉතාම සංවිධානාත්මකව පන්න පන්නා එක්තරා තරැණියකට පහර දීමක් මම දැක්කා. මේ සිද්ධිය උළුප්පල තිබ්බ ආකාරයට මම මුළින් හිතුවෙ මේ කාන්තාව රෙදි උස්සගෙන පට්ට කුණුහරපෙන් අන්තිම අසාධාරණ ලෙස බැණවැදීමක් කියල. නමුත් ඒ ලින්ක් එක බලද්දි මම මෙන්න මේ ටික දැක්ක.
ඒ ගෑණි තරමක තදින් නමුත් ශිෂ්ඨ භාෂාවෙන් කියනව යටවෙච්චි තාප්ප ආදිය ජෙට් ස්කි වල වතුර පාරට කැඩෙන්න පුළුවන් නිසා ජෙට් ස්කි පදින්න එපා කියල. ඇත්තටම ඒක පටු මාවතක්. මේ වෙනකොට ඒ ලින්ක් එක https://www.facebook.com/reel/1513898013175019.
ජෙට් ස්කි කියන්නෙ කිසිසේත්ම ගංවතුරේ නොපැදියයුතු දෙයක්. එකපැත්තකින් මෝටරේට සන්බුන් ගිහින් (බේරගත්ත මිනිස්සු සමඟම) අනතුරට පත් වෙන්න ලොකු ඉඩක් තියෙනව, අනිත් පැත්තෙන් පොඩි ඉඩක් තියෙනව වටේපිටේ ප්‍රොපටි ඩැමේජ් වෙන්න.
ජෙට් ස්කි කියන්නෙ බඩු අරන් ගිහින් බෙදන්න තරම් ඉඩකඩ සහිත එකක් නොවන නිසා මේක මිනිස්සු කීපදෙනෙක් ප්‍රවාහනයට යොදාගන්න පමණයි පුළුවන්.
විශේෂයෙන්ම තරැණ, ලස්සන, ආර්ථිකව යම් මට්ටමකට සාර්තක ගෑණු විශාල සමාජ වෛරයකට ලක් කරන ප්‍රවණතාවයක් ඇතිවී තියෙනව.
මේ ගෑණුකෙනාට ප්‍රධානවම පැනනගින ප්‍රශ්නෙ ඒ පිරිමි කවුද කියන එක. ඒක අතිශය සාධාරණ ප්‍රශ්නයක්. එකපැත්තකින් මිනිස්සු නැති ගංවතුරට හසුවූ නිවෙස් වලට හොරැ පනිනව. අනිත් පැත්තෙන් ඒමොහොතේ ඒ පිරිමි දෙන්න රාත්‍රියේ ජෙට් ස්කි පදින්නෙ ආතල් එකට වෙන්න ලොකු ඉඩක් තියෙනව වීඩියෝව අනුව. ඒනිසා හටගත් නොරිස්සුමකින් ගෑණුකෙනා කියනව මේක ආතල් ගන්න වෙලාවක් නෙමේ කියල. මොකද ඒ රෑ නන්නාඳුනන පිරිමි දෙන්න රාත්‍රියේ හිස් ජෙට් ස්කි වේගෙන් පදින්නෙ, එහෙම හිතෙන එක සාධාරණයි. එයාල මිශන් එකකට යනවනම් කටක් ඇරල කියන්න තිබ්බ ඒක එවෙලෙ. එතකොට ගෑණුකෙනාගේ සැකබිය නැතිවෙනව. නමුත් හොරපූසො වගේ සද්දනැතිව හරවන් යනව.
ස්වභාවික ආපදා පාලනයට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ මේ නිසා. ගංවතුරකදී උදව් කරනව කියල ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් ඕනෑම තැනක කරන්න ඉඩ දෙන්න බැහැ. ජෙට් ස්කි එකට මිනිස්සු පටවල යද්දි මෝටරේට සුන්බුන් ගිහින් ගිළුනම වගකීම ගන්නේ කවුද?
ඒනිසා ගංවතුරකදී මොන විදිහේ බෝට්ටුද ජලයට දාන්න ඕනේ කියන එකට නියාමනයක් අවශ්‍යයි.
ගංවතුර ප්‍රදේශයන්ට හමුදා ආරක්ශාව ඕනෙ. අනවශ්‍ය පුද්ගලයන්, විශේෂයෙන්ම ගංවතුර බලන්නයි ආතල් ගන්නයි එන එවුන් සහ හොරැ තදින්ම පාලනය වියයුතුයි. සාධාරණ හේතු වලට ඇතුළුවෙන්න අවසර පත්‍ර ඕනෙ. එමගින් අනවශ්‍ය පුද්ගලයන් බඩු කොල්ලකෑම පාලනය වෙන නිසා මිනිස්සුන්ට ඔයා කවුද ඇයි ආවේ ගගා ගංවතුර අස්සෙ තව හොයන්න ඕනේ නෑ.
මේ කාන්තාවගේ සිද්ධියේදි ඉතාම වෛරීසහගත ආකාරයට හැසිරෙන පිරිමින් සැළකියයුතු ප්‍රමාණයක් මම දැක්කා. ඒ කාන්තාවට ඉතාම පහත් ආකාරයට නින්දා කිරීම, ඇයගේ බිස්නස් එක කෙළවීමට සංවිධානාත්මකව නරක රේටින්ස්/කොමෙන්ටු දැමීම, ඇතැම් අය ඇයට පාරේ බැහැල යන්න බැරි කලයුතු බවද ඇතැම් අය ඇයට තාප්ප හු.ත්ති වැනි අනවර්ථ නමක් ජීවිත කාලයටම පටබැඳියයුතු බවද ඇතැම් අය ඇයව රිපෝට් කිරීම, ඇයගේ ඡායාරෑප සහ පෞද්ගලික විස්තර කාන්තා වෛරී පිරිමින් අතර බෙදාහැරීම, ඇයට අසභ්‍ය මැසේජ්, ඇමතුම් ගැනීම, ඇය බඩගින්නේ මළත් උදව් නොකලයුතුය, ජෙට්ස්කිය වේගයෙන් පැද ඇගේ තාප්පය සහ නිවස කැඩියයුතුය ආදී වෛරී සැළසුම් යෝජනා වීම.
ඇයට මේ පිරිමි එසේ හැසිරීමේ අවිඥ්ඥාණික හේතු වූයේ ගෑණු යනු දෙවනපෙළ පුරවැසියන්‍ය, එසේ තිබියදීත් පළමුපෙළ පුරවැසියන් වන අපි තොපි පව් කියල උදව් කරන්න ආව වෙලේ අපිව ප්‍රශ්න කරන්න තොපිට හයියක් ආවෙ කොහෙන්ද? දඬුවමට මේකිට දිවිනහ ගන්න තැනට අපි එකතුවෙලා වැඩ කරනව. එතකොට උඹල ඉගෙනග්නව අපි මොනව කලත් කරබාගෙන ඉවසන්න යන ආකල්පයයි. සංවිධානාත්මකව සාපරාධී ආකාරයට කෙනෙකුගේ කීර්තිනාමය, ජීවිකාව නැතිකරන සහ පෞද්ගලිකව වෛරී පණිවුඩ/ඇමතුම් දෙන, පෞද්ගලික තොරතුරැ බෙදාහරින පුද්ගලයන් / කණ්ඩායම් ඉතාම තදින් නියාමනයට නෛතික ක්‍රියාවලියක් අවශ්‍යයි.
No comments:
Post a Comment