මම මැදිවයසෙ කෙනෙක්. ටීනේජ් කාලෙ ලෝකය දැකපු විදිහට මම දැන් ලෝකය දකින්නෙ නැහැ. ඒනිසා මේවගේ පොත් වල මෙලෝම රසක් සාහිත්‍යමය වශයෙන් මට දැනෙන්නෙ නැහැ. මේකෙ සමරිසි උට්ටක් තිබීම සමරිසිබව ප්‍රවර්ධනය කරනවැයි කියන අයට මට කියන්ට තියෙන්නෙ ඊටවඩා අතිශයින්ම සමරිසිබව ප්‍රවර්ධනය කරන්නේ ඔය ඇල්ෆමෝල් ආදි මානසිකත්ව තියෙන උන්, ගෘහස්ථ හින්සන කරන උන් ආදී ඇග්‍රෙසිව් ආත්මාර්තකාමී පිරිමින්. සමරිසිබව කියපු ගමන්ම මගේ ඔළුවට එන්නෙ බෝයි ජෝර්ජ්. බෝයි ජෝර්ජ්ට වඩා ගෑණු පෙනුමක් සහ විලාසිතා කරපු කොටින්ම ගෑණු පිරිමියෙක් ඒකාලෙ මම දැකල නැහැ. කල්චර් ක්ලබ් හරහා බෝයි ජෝර්ජ් ගායනා කරපු කර්ම කැමිලියන් ගීතය මාර ලස්සනයි. ඉන්ටවිව් එකකදී බෝයි ජෝර්ජ් කියනව ඔහු කුඩා කාලයේ දැක්කලු පියා මවට විලාසිතා කරන්නට ඉඩ නොදෙන ආකාරය. ඒ හන්දාම (අම්මට තාත්තා කරපු අඩත්තේට්ටම් වලට රිඇක්ශන් එකක් ලෙස) තමන් ලෙස දැඩි වශයෙන් කාන්තා විලාසිතාවන්ට නැඹුරැ උන බව ඔහු කිව්වා. ඇල්ෆමෝල් ආදි මානසිකත්ව තියෙන කාන්තා පීඩක පිරිමි සෙට් කරන් සසර කළකිරැණ ගෑණුත් යම් ප්‍රතිශතයක් නැවත පිරිමින්ව සෙට් කරගන්නේ නැහැ. ඉතින් කාටහරි හිතෙනවනං සමරිසිබව ප්‍රවර්ධනය නොකර ඉන්න, ඇග්‍රෙසිව් ආත්මාර්තකාමී විෂමලිංගික පිරිමින්ට එරෙහි වෙන්න. මේ ඉන්නෙ එහෙම උට්ටෙක්, මුං එක්ක සෙට්වෙන එවුන් සමරිසි නෙමේ සූසයිඩ් කරගන්නෙ.
Tuesday, October 7, 2025
සේපාලිකා එක ගැන මගේ සතදෙක
පිරිමින් විසින් දේවල් ගොඩ නගද්දි ගැටව් කරන්නේ දේවල් කඩලා බිඳලා සුණු විසුණු කරලා දාන එක! ඒක ඔබේ හදවත ද නැතිනම් භෞතික යමක් ද කියන එක ඔවුන්ට වැදගත් නැහැ. ඔවුන් විසින්, ඔවුන්ගේ පරිණතභාවය එක්ක, සිදු කළ යුත්තේ ගොඩ නැගීම ද නැත්නම් බිඳ දැමීම ද කියන එක තෝරා ගනීවි. මම හිතන්නේ ලෝකය පුරාම පිරිමි අඩුයි, බහුතරයක් ඉන්නේ ජීව විද්යාත්මකව වයසට ගිය ගැටවරයෝ. ඉතින් ඔවුන් ඔවුනට සුපුරුදු කඩා බිඳ දැමීමේ ක්රියාවලිය සිදු කරාවි. මොකද පිරිමියෙක් වෙන්න පහසු නැහැ, ඒකට ගොඩක් ධෛර්යය, කැප කිරීම් සහ හෘද සාක්ෂ්යයක් වුවමනා කරනවා. ඔවුන් විසින් තමන්ගේ අඩුපාඩු, දුර්වලතා පිළිබඳව ඇගයීමක් කරනවා වගේම ඒවා නිවැරදි කරගන්න උත්සාහ කරනවා. හැබැයි ගැටව් හිතන්නේ තමන්ගේ දුර්වලතා තමයි තමන්ගේ ශක්තිය කියලා, ඉතින් ඔවුන් තම දුර්වලතා ගැන බොහොම ආඩම්බර වෙන ගමන් ඒවා ඉදිරි පරම්පරා වලටත් දායාද කරනවා. කුණාටු සහිත දුෂ්කර මාර්ගයක ගමන් කරමින් කැප කිරීම් කරන පිරිමියෙක් වෙනවද එහෙමත් නැත්නම් තමන්ට වුවමනා විදියට දේවල් සිද්ධ නොවුනම වියරු වැටිලා සියලු දේ විනාශයට පත් කරන කොලු ගැටයෙක් වෙනවද කියන එක තමන්ගේ තීරණයක්..
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා එක ගැන මගේ සතදෙක
මම මැදිවයසෙ කෙනෙක්. ටීනේජ් කාලෙ ලෝකය දැකපු විදිහට මම දැන් ලෝකය දකින්නෙ නැහැ. ඒනිසා මේවගේ පොත් වල මෙලෝම රසක් සාහිත්‍යමය වශයෙන් මට දැනෙන්නෙ ...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
No comments:
Post a Comment