Tuesday, September 30, 2025

සමාජමාධ්‍ය වල දුක කියමින් අඬන ගෑණු

 තමන්ගෙ මනුස්සයගෙ වැරදි නිසා සමාජමාධ්‍ය වල දුක කියමින් අඬන ගෑණුම තමා ගෑණු ඔය වලේ වැටෙන එක අපි ගැන කතාකරනකොට ඉස්සරලම රෙද්ද උස්සගෙන ආපු පික්මී උට්ටියො ඒකාලේ.

ගෑණියෙක් පිරිමියෙකුට සෙට් වෙන්නෙ උන්ගෙ ආත්ම ගෞරවයේ සහ පරිණතියේ ප්‍රමාණය මත. 

 ආත්ම ගෞරවය සහ පරිණතිය සහිත ගෑණු තනිකඩව හිටියත් ගේම්කාරයන්ට සෙට් වෙන්නෙ නැහැ වගේම  ආත්ම ගෞරවය සහ පරිණතිය සහිත පිරිමි ගේම් ගහල ගෑණු දඩයම් කරන්නෙත් නැහැ.

 

Monday, September 29, 2025

දොස්තරලගෙ වාහන ස්ටිකර් ගැලවීම - මගේ සත දෙක

 සංකීර්ණ කතිකාවක් උනත් පුළුවන්තරම් කෙටියෙන් මගේ සතදෙක කියන්න හිතුවා. ඉතා දල වශයෙන් ලංකාවේ දොස්තරල වෙන දෙපිරිසක ඉන්නව.

1. දොස්තරල වෙන්නෙ අවංකවම ඒ වෘත්තියට කැමති,ඒ වෘත්තියට අවංකව  කැපවෙලා වැඩකරන්න ලෑස්ති, ඉන් සාධාරණ ආකාරයට උපයල, ප්‍රතිපත්ති ගරැකව, වැදගත්ලෙස ජීවත්වෙන්න කැමති කුළකය

2. දොස්තරකම තනිකරම ධනය, බලය, සමාජ තත්වය ගන්න ලීවරේජ් එකක් ලෙස පාවිච්චි කරන්න දොස්තරල වෙන කුළකය - මේ කුළකයට නීතිරීති, ආචාරධර්ම මොනවත් අදාල නෑ. ඒවගේම මේ කුළකය තමන්ගෙ වරප්‍රසාද අවභාවිතා කරන්න දෙපාරක් හිතන්නෙ නෑ වගේම ඕනෑම නීතියක හිඩැස් අතරින් රිංගනවා

මේ කුළක දෙක දොස්තරට පමණක් පොදු එකකුත් නෙමේ, ඕනෑම වෘත්තියක තියෙන කුළක දෙකක්.

දොස්තරලගෙ වාහන ස්ටිකර් අවභාවිතාවය කියන්නෙ ඇතැම් දොස්තරල කඩන  නීතිරීති, ආචාරධර්ම,වරප්‍රසාද අවභාවිතා කිරීම් වලින් සමාජයට අඩුම බලපෑමක් වන වරප්‍රසාද අවභාවිතා කිරීමක්. මුළුමහත් සමාජයටම බලපාන දොස්තර නීතිරීති, ආචාරධර්ම,වරප්‍රසාද අවභාවිතා කිරීම් ගත්තොත්, 

1.ඉතාම දූෂිත දේශපාලකන්ට හොර වෛද්‍ය වාර්තා දීම

2. නඩු වලදී බලවතුන්ට වාසි වන ආකාරයට හොර වෛද්‍ය වාර්තා දීම

3. ප්‍රමිතියකින් තොර බෙහෙත්,බෙහෙත් කොම්පැණි වල අල්ලසට යටවී ජෙනරික් නම වෙනුවට බ්‍රෑඬ් නමින් බෙහෙත් නිර්දේශ කිරීම ආදී දේ වලින් ගසාකෑම්, බොරැ ශල්‍යකර්ම මගින් ගසාකෑම් ආදී දේ

4. වෛද්‍ය නොසැලකිලිමත්කම නිසා රෝගීන් අගතියට පත් වීම සහ එම සිද්ධි යටගැසීම

5. රජයෝ රෝහලේ වැඩ කල යුතු කාලයේ පෞද්ගලික ඩිස්පෙන්සරි වල වැඩ කිරීම ආදී දේ දක්වන්න පුළුවන්.

මෙන්න මේ දොස්තර සෙට් එකේ බහුතරය අර දෙවන කුළකයට අයත්. මං හිතනවා ඉහත සඳහන් ලොකු වැරදි කරන එක දැඩි දඬුවම් දීමෙන් (බෙහෙත් දීම ජීවිතකාලයටම තහනම් කිරීම ඇතුළුව) දෙවන කුළකයේ දොස්තරල බිහි වීම අධෛර්‍යමත් කලොත් ඉබේම දොස්තරලගෙ වාහන ස්ටිකර් අවභාවිතාවය වගේ පොඩි කේස් නවතිනවා. මොකද පලමු කුළකයේ දොස්තරල කොහොමත් එවැනි දේ කරන්නෙ නෑ.

 දොස්තරලගෙ වාහන ස්ටිකර් අවභාවිතාවය කියන මාතෘකාවට පක්‍ෂව වගේම විපක්‍ෂවත් 50%:50% තර්ක කල හැකි වීම මෙහි අනිත් අවාසියයි. දැන්  "රජයේ රෝහලේ වැඩ කල යුතු කාලයේ පෞද්ගලික ඩිස්පෙන්සරි වල වැඩ කිරීම" කියන කාරණේ ගත්තොත් ඒකට පක්‍ෂව සහ විපක්‍ෂවත් 50%:50% තර්ක කරන්න බැහැ. ඒක 100% වැරදියි. මේවගේ සොලිඩ් වැරදි ඉතාම තදින් නියාමනය කිරීමයි ස්ට්‍රැටජික් විදිහට කල යුත්තේ.එවිට දෙවන කුළකයේ දොස්තරල බිහි වීම අධෛර්‍යමත් කලහැකියි. එහෙම නැතිව වාහන ස්ටිකර් අවභාවිතාවය අල්ලාගැනීම  ස්ට්‍රැටජික් නැහැ.

Saturday, September 27, 2025

රටටම ශාපයක් වූ දොස්තර උණ

 මට මේ කාරණේ ගැන ටිකක් කතාකරන්න හිතුනෙ රාජ් සෝමදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් දැකල "දොස්තර උණ"නිසා රටට වෙන වින්නැහියේ මං කලින් නොහිතපු පරාසයක් ගැන හිතුන හන්ද. ඒ සම්මුඛ සාකච්ඡාව දැක්කම මට මතක් උනේ මීට වසරකට පමණ පෙර හැලොවීන් දවසේ පීපල් වොචින් කර කර එළිමහනෙ ඉන්නකොට මං හරි අපූරු දෙයක් දැක්ක. අපි හිටපු ටව්මෙ ටවුන් ස්ක්වෙයාර් එකේ එළිමහන් අවන්හලට ඉස්සරහ තිබ්බ කෘතිම තණබිස්සෙ සෙල්ලම් කරන්න ගොඩක් දෙමාපියො එයාලගෙ පොඩි බබාලව ගෙනත් තිබුන. හැලොවීන් දවසේ නිසා ඒ බබාල හැලොවීන් කොස්ටියුම් ඇඳල හිටියෙ. මෙතන හිටපු ඇමරිකන්  දෙමාපියන්ගෙ බබාලගේ හැලොවීන් කොස්ටියුම් උනේ ස්පයිඩර් මෑන්, බැට් මෑන් අර මෑන් මේ මෑන් වගේ සුපිරි වීරයන්ගෙ චරිත. එතන හිටිය එක දකුණු ආසියාතික පෙනුමක් තියෙන කපල් එකකගෙ (වයස අවුරුදු පහහයක විතර) බබා විතරක් සුදු කබායක් ඇඳල, වෙද නළාවක් දාන් ඉන්නව හැලොවීන් කොස්ටියුම් එකට. ඇමරිකන් බබාල සුපිරි වීරයො වෙන්න මනස හැඩගස්සගන්නකොට දකුණු ආසියාවෙ බබාල ඔය කවුරුහරි ධනපතියෙක්ගෙ රෝහලක කොන්ද කඩාගෙන මාස් පඩියට වැඩකරන එක, ඒකත් ලේ හැරව සෙම සොටු දහජරාව එක්ක, මාර මෙව්ව එකක් ය  කියල හිතන මට්ටමට තමන්ගෙ විභවය මොට කරගෙන.

රාජ් සෝමදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවෙදි ඔහුට ඉන්නේ එක දුවෙක් පමණක් බවත් ඇය දොස්තරකෙනෙක් බවත් පැවසුවා. ඒ දුව ඉගෙනගෙන තියෙන්නෙ මම ඉගෙනගත්ත සුපිරි පාසැලේ. මේ සුපිරි පාසැලේ ඉගෙනගනිද්දි මම දැකපු සංසිද්ධියක් ඒක. රටේ ඉන්න පරම්පරාගත කීර්තිමත් වෙදමහත්වරු, කීර්තිමත් සංගීතඥයො, පාරම්පරික චිත්‍ර ශිල්පියෝ වගේ කලාකාරයො (දෙකයිපනහෙ නලාකාරයො නොවේ), ඉතිහාසය, භාෂා, ආගම, සංස්කෘතිය වගේ දේවල පරතෙරටම ගියපු විශාරදයො ඔක්කොටම ඕනෙ තමන්ගෙ ළමය දොස්තර කෙනෙක් කරන්න. මේක මාර ඛේදවාචකයක්.සල්ලි, තත්වෙ ආදිය නැති උදවිය ළමයව දොස්තර කෙනෙක් කරල ඒ මඟින් සල්ලි, තත්වෙ ආදිය ලබාගන්න එක මට තේරුම්ගන්න ඇහැකි. නමුත් මම මේ කියන කුළකයට සල්ලි, තත්වෙ ආදිය පමණක් නොවේ ලෙගසි එකකුත් තියෙනව.

මේක පැහැදිලි කරන්න රාජ් සෝමදේව මහත්මයව උදාහරණයකට ගත්තොත්,  රාජ් සෝමදේව කියන්නෙ ඉතිහාසය සම්බන්දයෙන් ලෙජන්ට් එකක්. එතුමා එකතු කරගත්ත අතිවිශාල දැනුම් සම්භාරයක්, ස්කිල්ස් සම්භාරයක්, කනෙක්ශන්ස් සම්භාරයක්, ශාස්ත්‍රීය පොතපත ආදී දෑ සම්භාරයක් සහ තව මෙකී නොකී සම්පත් සම්භාරයක් තියෙනව. එතකොට හරිනම් වෙන්ට ඕනෙ එවැනි විද්වත්තු තමන්ගෙ ඊලඟ පරම්පරාවට ඒ තමන් නවත්තපු තැනින් තමන්ගෙ ලෙගසි එක ගෙනියන්න ඔළුව හදනඑක. නමුත් දැන් වෙන්නෙ ළමයව දොස්තර කෙනෙක් කරල තමන්ගෙ ලෙගසි එක එතැනින් ඉවර කරන එක.දොස්තර උණ ඒ තරම් මෝඩ විදියට ඔඩුදුවල තියෙන්නෙ. 

ඒ දොස්තරනෝන වෛද්‍ය වෘත්තියෙන් ලෙගසියක් හදන්නෙ නැහැනෙ, අනිත් හැම ඩොකාම වගේ ලෙඩ්ඩුන්ට බේත් දෙන තවත් එක රිප්ලේස් කල හැකි සේවකයෙක් පමණයි. ඒත් තාත්ත එකතු කරගත්ත අතිවිශාල දැනුම් සම්භාරය, ස්කිල්ස් සම්භාරය, කනෙක්ශන්ස් සම්භාරය, ශාස්ත්‍රීය පොතපත සම්භාරය සහ තව මෙකී නොකී සම්පත් සම්භාරය පාවිච්චි කරල වැඩිදියුණු කලානම් අද තාත්තටත් වඩා ලෙගසි එක ගෙනියන රිප්ලේස් කල නොහැකි වන් ඇන් ඔන්ලි චරිතයක්.

මේ වෙලාවෙ සනත් නන්දසිරි මහතාගෙ දුව අනුරාධා මතක් වෙනව, මොකද ඇයත් සම්මුඛ සාකච්ඡාවකදි කිව්වා උසස්පෙළ කලේ විද්‍යා අංශයෙන් දොස්තරකෙනෙක් වෙන්ටලු. වෙලාවට වෛද්‍ය විද්‍යාලෙට නොතේරැණු හන්ද අද අනුරාධා අම්මල පුංචිල තාත්තගේ ලෙගසිය යම් දුරකට ගෙනයනවා. සූලොජි, බොටනි පාඩම් කරකර හිටපු කාලෙ සංගීතයට යොමුකලා නං හොඳ තැනකට යන්ට තිබ්බ.

ගොඩක් වෙලාවට අම්මලට තමයි මේ පිස්සුව ඔළුවට ගහන්නේ. පුරුශමූළික සමාජ වල ගෑණුන්ට මහ සමාජ දැනීමක් නැති නිසා උන් දන්න එකම හොඳ රස්සාව දොස්තරකම. ළමය පවුලෙ ලෙගසිය අරන් ඉස්සරහට යවන්ට තේරෙන්නෙ නෑ.

මේක මාරම අපරාදයක්.


Wednesday, September 24, 2025

ශෙනාල් එක්ස් සමඟ කෝපි බීම ගැන මගේ සත දෙක

 ශෙනාල්  කියන එකාව මං දන්නෙත් ඇත්තටම කිව්වොත් එක්ස් එක්ක කෝපි බීල ලැබිච්ච ප්‍රසිද්දියෙන්.  

ඒ කෝපි බීම ගැන හරි වැරදි කතා කරන්ට ප්‍රමාණවත් දත්ත නැහැ. එඩියුකේටඩ් ගෙස් එකක් කරන්ටත් ප්‍රමාණවත් දත්ත නැහැ. උදාහරණෙකට, ඒ කෝපි බීම ගැන එක්ස් ගෙ මනුස්සය දරන මතය, ශෙනාල්ට සහකාරියක් ඉන්නවනං ඒකි දරන මතය, එක්ස් දරන මතය, තමන්ගෙ පෞද්ගලික ෆොටෝ සමාජ මාධ්‍ය වල හෑළි සමග දාන්න එක්ස් කොන්සෙන්ට් එක දුන්නද කියන එක, කොටින්ම උන්ගෙ සම්බන්දකම් වල දිග පළල ගැඹුර ගැන මෙලෝ අදහසක් ගන්ට බැහැ ඒ කොන්ටෙන්ට් එකෙන්. ඉතින් ඒ නිසා තමන්ගෙ ඔළු වල තියන කුණුහරැප ඒ මිනිස්සුන්ට ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිව ඉන්න එක තමා වඩාත් හොඳ.

ඒක එක්කම මං මේ දේ කියන්ට කැමතියි. ගෑණුන්ව ඒ ගෑණුන්ට සමීප පිරිමින් අතින් හරියට පාවිච්චි වෙනව. මෙතනදිත් මේ එක්ස් ශෙනාල් විසින්පාවිච්චි කලා මං පොර ජාතකය මගින් ප්‍රසිද්ධිය ලබා ගන්ට. ඒක විතරක් මට නිසැකවම කියන්න පුළුවන්.

මට ගෑණුන්ට කියන්න තියෙන්නෙ, තමන් කොන්සෙන්ට් එක දුන්නෙ නෝමල් ෆොටෝ එකක් ගන්ට උනාට මූණට මූණ තියන් ෆොටෝ එකක් ගත්තොත්, කට ඇරල කියන්න තමන් කොන්සෙන්ට් එක දුන්නෙ නෝමල් ෆොටෝ එකක් ගන්ට කියන එක,තමන් කොන්සෙන්ට් එක දුන්නෙ නැත්නං තමන්ගෙ ෆොටෝ සමාජ මාධ්‍ය වල දාන්ට දෙන්න එපා, ඒ ෆොටෝ වලට හෑළි ලියනව නම් ඒ හෑළි තමන්ගෙ කොන්සෙන්ට් එක දුන්නොත් ඇර  සමාජ මාධ්‍ය වල දාන්ට දෙන්න එපා. කොටින්ම එක එකාට ආදරයේ හිතවත්කමේ නාමයෙන් තමන්ව පාවිච්චි කරන්න දෙන්න එපා. 

මීට සමාන්තර පුවතකට චින්තන ලියපු කතාව මෙතෙන්ටත් තරමක් අදාලයි.මොකද එක්ස් එක්ක කරන රෙද්දක් අති පුද්ගලික නිසා.

අර කවුරු හරි කෙල්ලෙක් අඩමින් පෙම්වතා එක්ක හුරතල් වෙන වීඩියෝවක් දකින්න ලැබුනා. ඒ කෙල්ලට බැනලා අපහාස කරලා පෝස්ට් තොගයක් ෂෙයාර් වෙනවා. මට තේරුම් ගන්න බෑ උන් දෙන්නා ලව් කරන අස්සෙ කරපු පුද්ගලික වීඩියෝවක් එහෙම කැත විවේචනවලට යොදාගන්න එකේ සදාචාරය මොකක්ද කියල. ඒ ආශාවත් එක්තරා පරපීඩක kink එකක්.
ඒ වීඩියෝව පෙම්වතා විසින් අන්තර්ජාලයට දැම්මද නැත්නම් අත්වැරදීමකින් රිලීස් වෙලාද කියන්න මං දන්නෙ නෑ. ඒත් ඒක ඒ දෙන්නාගෙ ආදරය ඇතුලෙ රසවිඳින එක්තරා ෆෙටිෂයක් බව පේනවා. සමහර අය ඒ අයගෙ ආදර සම්බන්ධතා ඇතුලෙ පොඩි ළමයින්ගේ භූමිකා රඟ දක්වනවා. ඒකෙන් ලිංගිකමය ආස්වාදයක් ලබනවා. ඒක ඒ දෙන්නාම රස විඳින දෙයක් නම් ඒකෙ ඇති වැරැද්දක් නෑ. සමහර අය පොඩි උන් වගේ ඩයපර්ස් ඇඳීම දක්වාම මේ ෆැන්ටසි අරන් යනවා. මේකත් අපේ පොදු සංස්කෘතිය ඇතුලෙ තියෙන ෆෙටිෂ් එකක් වන, අම්මි තාත්ති කියල දෙන්නට ආමන්ත්රණය කරගන්නවා හා සමානම තත්වයක්. එහෙම කරන එවුනුත් මේකට හිනාවෙන්න අරගෙන.
යම් වීඩියෝවක් යම් කෙනෙක් කරන අති පුද්ගලික අවස්ථාවකින් උපුටලා අරන් සමාජ මාධ්යයකට අතෑරියාම එතන තියෙන්නෙ විකෘතියක්. ඒ විපරීතය ඇති කරන්නෙ ඒ සොරාගැනීම කරන්නා විසින්. ඉතින් එතන ඉඳන් ඒකට බනිමින්, ඒ ගැන උපදෙස් දෙමින් තමන් වඩා උසස් යැයි පෙන්වීමේ සමූහ විපරීත තත්වය ආරම්භ වෙනවා.

Friday, September 19, 2025

යක්ක පුත්තු PR දෙන සුද්දියන්ගේ කන්‍යාබාවය හොයන්නේ නැත AKA power of money

 මුදල් හම්බකිරීමට අවශ්‍ය වන්නේ ඔබට ඕනෑම දෙයක් මිළදී ගැනීමේ හැකියාව ලඟා කර ගැනීමට නොවේ.

මුදල් හම්බකිරීමේ ප්‍රධානතම අරමුණ විය යුත්තේ කිසිවෙකුට ඔබව මිළට ගැනීමට ඉඩ නොදීමයි.

සැබෑම පොහොසත්කම නම් අත දිග හැර නොයෙක් සුඛෝපභෝගී භෞතික දේවල් හෝ සේවා ලබා ගැනීමේ හැකියාව නොව නිදහස ලබා ගැනීමේ හැකියාවයි.

සැබෑම පොහොසත්කම නම් බය නැතිව අකමැති දේට බෑ කීමේ හැකියාවයි. දෙවරක් නොසිතා පීඩාකාරී තැන් හෝ පුද්ගලයන්ව අතහැර ඉවත් වී යාමට ඇති හැකියාවයි. ඔබේ ජීවිතය ඔබට කැමති පරිදි ගත කිරීමේ හැකියාවයි. කිසිවෙකුගේ ධනයට හෝ අනුමැතියට අනුව පාලනය වන වහළියක් වහළෙක්,  රෑකඩයක්, ඉත්තෙක්, හෝ බඩගැත්තෙක් නොවී සිටීමේ හැකියාවයි.

ඔබ මුදල් පසුපස හඹා යන්නේ තත්වය හෝ  සැප සම්පත් ලඟා කර ගැනීමටම පමණක් නම් ඔබ මුදල් වල වහලෙකි. නමුත් ඔබ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගන්නේ නිදහස ලබා ගැනීමට නම් ඔබට මුදල් යනු හුදෙක් මෙවලමක් පමණි. එවිට මුදල් ඔබේ මෙවළමක් මිසක ඔබ මුදලේ මෙවළමක් නොවේ.

ඔබේ ඉලක්කය විය යුත්තේ මුදලින් භෞතික දේවල් අයිති කරගැනීම නොව ඉන් ඔබේ කාලය, ඔබේ තේරීමේ නිදහස සහ ඔබේ අනාගතය අයිති කර ගැනීමයි. මුදල් යනු දැනට පවතින ඉහළම ලීවරේජ් (highest leverage) එකයි. එය ඔබට විකල්ප ලබා දෙයි, එය ඔබට පාලනය ලබා දෙයි, කිසිවෙකුට ඔබේ වටිනාකම බාල්ද කළ නොහැකි බව සහතික කරයි. ඔබ සැබවින්ම ධනවත් වන්නේ ඔබ සැබවින්ම නිදහස් වූ විට පමණි.

සරළම තේරැම - හෑළි ලියන අතේ සතේ නැති මෝඩ හරකියන්ට නොරැවටී කාන්තාවනි ඔබ මුදල් හම්බ කරන්න. හොඳට බලන්න, යක්ක පුත්තු PR දෙන සුද්දියන්ගේ කන්‍යාබාවය හොයන්නේ නැත. 

Thursday, September 18, 2025

ගෑණුන්ගේ සාර්ථකත්වය - පෙරළුන පිට හොඳයි කියන මෝඩ ගෑණු

ගෑණුන්ව බැඳල තියෙන දම්වැල් ඔවුන්ට ආභරණ කියල කිව්වාම ඔවුන්ව ලේසියෙන්ම හිර කරල තියාගන්ට පුළුවන්.

මම සෑහෙන්න පෝස්ට් ප්‍රමාණයක් දැක්කා වැරදි හේතු වලට, වැරදි පිරිමි සෙට් කරන්, ඒ පිරිමි අවම මට්ටමෙන් සළකන එක (giving breadcrumbs) උපරිම මට්ටමෙන් සැළකීම ලෙස අර්තකතනය කරන් ඉඳල, ඒ පිරිමි දාල ගියාම ජීවිතේ ප්‍රයිම් එකේදි  පට්ට දුකක් විඳල, නාකි උනාම යන්තං ඉහ ගහගෙන මට්ටමට ඉන්න තරම් ගොඩ ගියපු ගෑණු තමන් පට්ට සාර්තක බව හිතාගෙන ලියපුවා.

පටාචාරා ඉෆෙක්ට් කියල මේක හඳුන්වන්න පුළුවන්. පටාචාරා කියන්නෙ පට්ට පෝසත් වැදගත් පවුලක පට්ට ලස්සන කෙල්ලක්. දෙමව්පියො කසාදෙට සිටු පුතෙක් සෙට් කරන්න හදන ටිකට ඉවසගෙන ඉන්න බැරිව මේකි මාලිගාවෙ හිටපු, ඒකිට ඉන්ටරෙස්ට් එකක් නොතිබුන, දුප්පත් කුළහීන වැඩකාර කොල්ලෙක්ව පොළඹවගෙන කොටු පැනල බඩක් හදා ගන්නව. ඊට පස්සෙ කතාව මම කියන්න යන්නෙ නෑ මොකද හැමෝම දන්නව.

විශාඛා ගත්තොත්, ඒවගේ කිසි කරදරයක් නැතිව මොලේ කල්පනා කරල වැඩ කරල පටාචාරා කාපු කටු වලින් දශමයක්වත් නොකා ආතල් එකේ ඉන්නව.ඕනෙනං විශාඛටත් තිබ්බ මාළුකාරයහරි කිරිකාරයහරි වැඩකාරයහරි එක්ක පැනල ගිහින් ළමයි හදන් කටු කාල ශක්තිමත්ම ගෑනියක් වෙන්න නැද්ද මං අහන්නෙ?

මේ දෙන්නගෙන් ගිහි කාලෙ ගත කරපු ආකාරය මත වඩාත් හොඳ දිරිය කාන්තාව සම්මානය දෙන්න ඕනෙ කාටද?

ඇටෙන් පොත්තෙන් එළියට එද්දි හැඟීම් පාලනේ කර ගන්න බැරිව අහූන එකා කසාද බැඳන් කටු කාපු ගෑනිද, මොලේ පාවිච්චි කරල ජීවිතේ අවම ලෙස කටු කාපු ගෑනිද?

ලංකාවෙ ගොන්ගස් වලට අනුව කටු කෑම තමයි ගෑණීයෙක්ගෙ ශක්තියේ මිම්ම.

මොකද ගෑණුන්ව බැඳල තියෙන දම්වැල් ඔවුන්ට ආභරණ කියල කිව්වාම ඔවුන්ව ලේසියෙන්ම හිර කරල තියාගන්ට පුළුවන්.

නමුත් ස්මාට් තීරණ ගැනීම තමයි ගෑණීයෙක්ගෙ ශක්තියේ මිම්ම වියයුත්තේ.

පින්ක් බේබි කියල තියෙන හෑල්ල අනුව සති පූජාව තමා ඊටත් වඩා හොඳම මිම්ම ගෑණියෙක්ගෙ ශක්තිය මනින්න. මධූ වීරසිංහට තියෙන්නෙ පටාචාරා සිඬ්‍රෝම් එක.දිස්නා දමයන්තිට අනුවත් වැඩිපුරම තමන්ට කෙලෝගන්න තරමට තමා ගෑණු දිනන්නෙ.

රැකියාවක් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් අසාවෙන් ගිය රැකියාව අත් අරින්න පුලුවන් අම්මා කෙනෙක් කියන්නේ මං දකින විදියට හරිම ශක්තිමත් ගැහැණියක්...💪💪💪
මොකද වසර ගානක් අධ්යාපනය හාදාරා අමාරුවෙන් හොයා ගන්න රැකියාව නැති වෙනවා,
තමන් ආශ්රය කරපු හිතවතුන් සමකාලීන් නැති වෙනවා,
කලින් තිබුන මානව සම්බන්ධතා අඩු වෙනවා,
එක දිගට වැඩ කරපු ජිවිතේ වෙනස් වෙනවා, රාජකාරි වගකීම නැති වෙන්වා,
තමන්ට තිබුන පිලිගැනීම හා ගෞරවය අඩු වෙනවා,
ඉගෙන ගත්ත දේ අමතක වෙනවා,
මේ හැම දේම එක්ක ගෙදර බිත්ති වලට හිර වෙලා පුංචි පැටියා බලාගන්න සිද්ද වෙනව...
එකම එක ආදරණීය හේතුවක් නිසා ජිවිතේ සතුට, නිදහස, ආත්ම තෘප්තිය ලබපු දේ නැති වෙලා යනවා... 😔😔😔
ගෙදර ඉන්න නිසා, දහසකුත් දේ තනියෙන් කරගන්න සිද්ද වෙනවා දහසකුත් දුක්, වේදනාවෙන්, අපහසුතා දාරාගෙන සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙලා ජිවත් වෙන්න වෙන්වා..☹️
ඔෆිස් ගිහින් හිනා වෙලා කතා කරලා සතුටින් හිටිය කෙනා කතා කරන්න බැරි පුංචි පැටියෙක් එකක් දවසම ගෙදර තනි වෙලා ගෙදර වැඩ තනියෙන් කරගන්න වෙනවා...
එක ලොකු දෙයක් නෙවෙයිද?
ඉතින් මේ හැම පීඩනයක්ම දාරා ගෙන දරුවන් වෙනුවෙන් ගෙදර ඉන්න හිත හදා ගන්න එකම මදිද.. ඒ නිසයි මං මුලින්ම කිවේ දරුවන් නිසා රැකියාව අත් අරින අම්මා හරිම ශක්තිමත් කියලා.💪💪💪💪
ඔබත් එවැනි අම්මා කෙනෙක් නම් ඉතින් කිසි විටක හිතෙන් වැටෙන්න එපා. සතුටු වෙන්න ඔබ ඔබේ ශක්තිය ගැන... දරුවෝ හැමදාම පොඩියට ඉන්නෑ ඉක්මනින් ලොකු වෙන්වා අන්න ඒ දවසට ආයෙත් පියාඹන්න අත්තටු දෙක ශක්තිමත්ව පරිස්සමෙන් තියගන්න...💪
Copied .....



Madhu Weerasooriya

 ·

Follow

September 11 at 9:40 AM

 ·

මට වයස විසිපහයි, මගේ මහත්තයා කුලී වැඩ කළා. නමුත් අපි හරිම සතුටින් ජීවත් වුණා. 

මගේ ලොකු පුතාට අවුරුදු තුනක් වෙද්දී, අපේ පුංචි පුතා මේ ලෝකෙට ආවා.

චූටි පුතාට අවුරුද්දක් වෙද්දී, එයා ටික ටික ඇවිදින්නත්, කතා කරන්නත් පුරුදු වුණා. එහෙම දුව පැන ඇවිදින මගේ පුතාගේ බෙල්ලේ පොඩි ගැටිත්තක් මට දැනුණා. මුලදී මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කාලයත් එක්ක ඒ ගැටිත්ත ටිකෙන් ටික ලොකු වුණා.

"දෙයියනේ, මේක ටික ටික ලොකු වෙනවා නේද."

මම පුංචි පුතාව වඩාගෙන රෝහලට ගියා. වෛද්‍යවරු කිව්වේ ඉක්මනින්ම සැත්කමක් කරන්න ඕනේ කියලා. මම ලොකු පුතාව මහත්තයා ළඟින් තියලා, පොඩි පුතා එක්ක රෝහලේ නැවතුණා. සැත්කම සාර්ථක වුණා. පුතාට හුස්ම ගන්න පහසුවෙන්න උගුරට බටයක් දැම්මා.

ටික දවසකින් පුතාව ගෙදර එක්ක යන්න පුළුවන් වුණාම මගේ හිතට දැනුණේ පුදුම සැනසීමක්. ඒක හරියට මගේ හිතේ තිබුණු බර ගඟේ ගහගෙන ගියා වගේ, මට පුදුම නිදහසක් දැනුණා. මම පුංචි පුතාව තුරුළු කරගෙන ගෙදර ආවේ ආපහු අපේ සාමාන්‍ය ජීවිතය පටන් ගන්න බලාපොරොත්තුවෙන්.

ඒත්, මගේ හිතේ සතුට වැඩි දවසක් තිබුණේ නැහැ. මම දුටුවා පුංචි පුතා කලින් වගේ ක්‍රියාශීලී නැහැ කියලා. එයා ඇවිදින්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. මගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා.

"මොකද දෙයියනේ මේ මගේ පැටියට වෙලා තියෙන්නේ?"

මම ආයෙත් දරුවෝ දෙන්නවම අරගෙන රෝහලට දිව්වා. වෛද්‍යවරු පුතාව පරීක්ෂා කරලා කිව්ව දේ ඇහුවම මාව ක්ලාන්ත වුණා.

"සැත්කමෙන් පස්සේ මොළයට විෂබීජයක් ගිහින් පුතාගේ මොළයට හානි වෙලා. ආයෙත් කලින් වගේ ඉන්න බැරි වෙයි."

එතැන් පටන් මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා.

මාසෙකට සැරයක් බෙහෙත් ගන්න සායනවලට යන්න සිද්ධ වුණා. ඒකට ලොකු වියදමක් ගියා. ඒත් ඒ දුක දරාගන්න සිදු වුණේ මට තනිවමයි. මගේ මහත්තයා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.

"මේ ඔක්කොම වුණේ ඔයාගේ පව්කාරකම නිසා!"

ඔහු මට දොස් කිව්වා, රණ්ඩු කළා. දවසක් උදේ ගෙදරින් ගියපු ඔහු ආපහු ආවේ නැහැ. දින, සති ගෙවිලා ගියා. මා ළඟ තිබුණු කරාබු දෙකයි, මාලයයි උගස් කරලා අපි තුන්දෙනා ජීවත් වුණා. නමුත්, ඊටත් වඩා හදවතට රිදුණේ ඔහු මට දික්කසාද නඩුවක් දාලා කියලා දැනගත්තමයි.

මහත්තයා නැති නිසා ජීවත් වුණ නිවසේ කුලිය ගෙවාගන්න බැරිව අපි ගෙදරින් එළියට බැස්සා. දරුවන්ට කන්න දෙන්න විදිහක්, ඉන්න තැනක් නැති වුණාම, මම දරුවෝ දෙන්නාවත් අරගෙන ආයෙත් රෝහලට ආවා.

"අම්මේ, ඔයාට මොනවද කරන්න පුළුවන් දේවල්?" රෝහලේ දොස්තර මහත්තයෙක් මගෙන් ඇහුවා.

"මට හොඳට මහන්න පුළුවන් සර්. මම මීට කලින් ගාමන්ට් එකක වැඩ කරල තියෙනවා."

මට ඒ මොහොතේ ජීවිතේට තියෙන එකම බලාපොරොත්තුව වුණේ ඒ පුංචි දැනුම. මට වැටහුණේ, ජීවිතයේ මොනම මොහොතක හෝ අසරණ වූ විට නැවත නැගී සිටින්නට පුළුවන් වෙන්නේ අපටම කියා යම්කිසි දක්ෂතාවක් හෝ හැකියාවක් තිබුණොත් විතරයි බව. ඒ වෙලාවේ රෝහලේ මා නැවතී සිටි වාට්ටුවේ හෙද සහ වෛද්‍යවරු සියලු දෙනාම මුදල් යොදලා මට ජුකී මැෂිමක් අරන් දුන්නා. ඒ වගේම, වාට්ටුවේ ලොකු දොස්තර මහත්තයා මගේ ව්‍යාපාරය දියුණු වෙනකම් ජීවත් වෙන්න කියලා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දුන්නා. ඒ වෙලාවේ මට ඇඬුණා, ඒ දුකටද සතුටටද කියලා හිතාගන්න බැරි තරම් හැඟීමකින් මගේ හිත පිරිලා තිබුණා.

මම දරුවෝ දෙන්නව අරගෙන ආපහු මගේ අත්තම්මා ළඟට ගියා. එතන ඉඳන් මම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් මම සාර්ථක ගැහැනියක්. මගේ ලොකු පුතාව ගමේ පාසලකටත් ඇතුළත් කළා.

මගේ පුංචි පුතාව බලාගෙන, මගේ ව්‍යාපාරය කරගෙන මම කාටවත් අත නොපා ජීවත් වෙනවා. අන්තයටම වැටුණු මොහොතේ මට ජීවිතය තවදුරටත් අත් නොහැර අල්ලාගෙන ඉන්න ශක්තිය දුන්නේ දරුවන් කෙරෙහි වූ මගේ අසීමිත ආදරය. ඒ වගේම, කිසිම සම්බන්ධයක් නැති නමුත් මනුස්සකමින් සහ ආදරයෙන් පිරුණු හෙද සහ වෛද්‍යවරු පිරිසක්. ඔවුන්ට මම සදා ණයගැතියි.

ජීවිතය කියන්නේ අභියෝගවලින් පිරුණු ගමනක්. අපි ඒ අභියෝගවලට මුහුණ දීලා, උත්සාහයෙන් සහ අධිෂ්ඨානයෙන් ඉන්නවා නම්, අපට උදව් උපකාර කොහෙන් හෝ ගලාගෙන එනවා. 

ඇතැම් විට රෝහලක් කියන්නේ රෝගවලින් ජීවිත බේරා ගැනීමක් විතරක්ම නොවෙයි. බලාපොරොත්තු බිඳුණු, අසරණ වූ අප වැනි ජීවිතවලට පිහිටක් සහ සැනසීමක් ගෙන දෙන මිනිසුන් ද සිටින තැනක්.

(සත්‍ය කතාවක් ඇසුරෙන්)


Disna Damayanthi's post



ඔබ දිනපු ගෑනියෙක් කියන්නේ කාටද???....
දිනපු ගෑනියෙක් කියන්නේ...බිදුනු ගෑනියෙක්...රිදුනු ගෑනියෙක්. රැවටුනු ගෑනියෙක්.සාගරයක් තරම් ආදරය දීලත් පුංච්වත් ආදරයක් නොලබපු.ගෑනියෙක්.
කාට හරි පිරිමියෙකුට මුදු හිතම දීලා දුක විතරක් ඉල්ල ගත්ත ගෑනියෙක්.....යුතුකම් වගකීම් අමතකරපු මිනිස්සු ලග ඒව තමන්ගේ කරගෙන....අමාරුවෙන් හරි ඉෂ්ඨ කරපු. ගෑනියෙක්.
හැමෝම අමතක කරලා දාද්දී තමන් තමන්ව අමතක නොකරපු ගෑනියෙක්.කදුලු.පාරවල් නොපෙනෙන්න...මූනට පවුඩර් ගාපු ගෑනියෙක්.....රිදුනු සලකුනු නොපෙනෙන්නෙ තොල්වල ලිප්ස්ටික් ගාපු ගෑනියෙක්.
ඔව්...දිනපු ගෑනියෙක් කියන්නේ කුඩුපට්ට්ම් වෙලා ගිය කෑලීවලින් පැලැස්තර හදාගෙන...තාමත් හුස්ම ගන්න ගෑනියෙක්.තාමත් හීන දකින ගැනියෙක්.බලාපොරොතුතු පොදි ගහන ගෑනියෙක්.ඕනෙන්ම්....තාමත් පපුවේ ආදරේ තියෙන ගෑනියෙක්.


ලංකාවේ කාන්තා නවකතා ලියන්නියන්ගෙන් මතුවන කාන්තා හින්සනයේ ටෞමාව

  මේ වෙන කොට මම ලංකාවේ කාන්තා නවකතා ලියන්නියන්ගේ සෑහෙන්න විෂම ලිංගික ආදර නවකතා ප්‍රමානයක් කියවල තියෙනව. මේ ලේඛිකාවෝ නරක පිරිමියෙකුගෙන් (තාත්...