Saturday, September 27, 2025

රටටම ශාපයක් වූ දොස්තර උණ

 මට මේ කාරණේ ගැන ටිකක් කතාකරන්න හිතුනෙ රාජ් සෝමදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් දැකල "දොස්තර උණ"නිසා රටට වෙන වින්නැහියේ මං කලින් නොහිතපු පරාසයක් ගැන හිතුන හන්ද. ඒ සම්මුඛ සාකච්ඡාව දැක්කම මට මතක් උනේ මීට වසරකට පමණ පෙර හැලොවීන් දවසේ පීපල් වොචින් කර කර එළිමහනෙ ඉන්නකොට මං හරි අපූරු දෙයක් දැක්ක. අපි හිටපු ටව්මෙ ටවුන් ස්ක්වෙයාර් එකේ එළිමහන් අවන්හලට ඉස්සරහ තිබ්බ කෘතිම තණබිස්සෙ සෙල්ලම් කරන්න ගොඩක් දෙමාපියො එයාලගෙ පොඩි බබාලව ගෙනත් තිබුන. හැලොවීන් දවසේ නිසා ඒ බබාල හැලොවීන් කොස්ටියුම් ඇඳල හිටියෙ. මෙතන හිටපු ඇමරිකන්  දෙමාපියන්ගෙ බබාලගේ හැලොවීන් කොස්ටියුම් උනේ ස්පයිඩර් මෑන්, බැට් මෑන් අර මෑන් මේ මෑන් වගේ සුපිරි වීරයන්ගෙ චරිත. එතන හිටිය එක දකුණු ආසියාතික පෙනුමක් තියෙන කපල් එකකගෙ (වයස අවුරුදු පහහයක විතර) බබා විතරක් සුදු කබායක් ඇඳල, වෙද නළාවක් දාන් ඉන්නව හැලොවීන් කොස්ටියුම් එකට. ඇමරිකන් බබාල සුපිරි වීරයො වෙන්න මනස හැඩගස්සගන්නකොට දකුණු ආසියාවෙ බබාල ඔය කවුරුහරි ධනපතියෙක්ගෙ රෝහලක කොන්ද කඩාගෙන මාස් පඩියට වැඩකරන එක, ඒකත් ලේ හැරව සෙම සොටු දහජරාව එක්ක, මාර මෙව්ව එකක් ය  කියල හිතන මට්ටමට තමන්ගෙ විභවය මොට කරගෙන.

රාජ් සෝමදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවෙදි ඔහුට ඉන්නේ එක දුවෙක් පමණක් බවත් ඇය දොස්තරකෙනෙක් බවත් පැවසුවා. ඒ දුව ඉගෙනගෙන තියෙන්නෙ මම ඉගෙනගත්ත සුපිරි පාසැලේ. මේ සුපිරි පාසැලේ ඉගෙනගනිද්දි මම දැකපු සංසිද්ධියක් ඒක. රටේ ඉන්න පරම්පරාගත කීර්තිමත් වෙදමහත්වරු, කීර්තිමත් සංගීතඥයො, පාරම්පරික චිත්‍ර ශිල්පියෝ වගේ කලාකාරයො (දෙකයිපනහෙ නලාකාරයො නොවේ), ඉතිහාසය, භාෂා, ආගම, සංස්කෘතිය වගේ දේවල පරතෙරටම ගියපු විශාරදයො ඔක්කොටම ඕනෙ තමන්ගෙ ළමය දොස්තර කෙනෙක් කරන්න. මේක මාර ඛේදවාචකයක්.සල්ලි, තත්වෙ ආදිය නැති උදවිය ළමයව දොස්තර කෙනෙක් කරල ඒ මඟින් සල්ලි, තත්වෙ ආදිය ලබාගන්න එක මට තේරුම්ගන්න ඇහැකි. නමුත් මම මේ කියන කුළකයට සල්ලි, තත්වෙ ආදිය පමණක් නොවේ ලෙගසි එකකුත් තියෙනව.

මේක පැහැදිලි කරන්න රාජ් සෝමදේව මහත්මයව උදාහරණයකට ගත්තොත්,  රාජ් සෝමදේව කියන්නෙ ඉතිහාසය සම්බන්දයෙන් ලෙජන්ට් එකක්. එතුමා එකතු කරගත්ත අතිවිශාල දැනුම් සම්භාරයක්, ස්කිල්ස් සම්භාරයක්, කනෙක්ශන්ස් සම්භාරයක්, ශාස්ත්‍රීය පොතපත ආදී දෑ සම්භාරයක් සහ තව මෙකී නොකී සම්පත් සම්භාරයක් තියෙනව. එතකොට හරිනම් වෙන්ට ඕනෙ එවැනි විද්වත්තු තමන්ගෙ ඊලඟ පරම්පරාවට ඒ තමන් නවත්තපු තැනින් තමන්ගෙ ලෙගසි එක ගෙනියන්න ඔළුව හදනඑක. නමුත් දැන් වෙන්නෙ ළමයව දොස්තර කෙනෙක් කරල තමන්ගෙ ලෙගසි එක එතැනින් ඉවර කරන එක.දොස්තර උණ ඒ තරම් මෝඩ විදියට ඔඩුදුවල තියෙන්නෙ. 

ඒ දොස්තරනෝන වෛද්‍ය වෘත්තියෙන් ලෙගසියක් හදන්නෙ නැහැනෙ, අනිත් හැම ඩොකාම වගේ ලෙඩ්ඩුන්ට බේත් දෙන තවත් එක රිප්ලේස් කල හැකි සේවකයෙක් පමණයි. ඒත් තාත්ත එකතු කරගත්ත අතිවිශාල දැනුම් සම්භාරය, ස්කිල්ස් සම්භාරය, කනෙක්ශන්ස් සම්භාරය, ශාස්ත්‍රීය පොතපත සම්භාරය සහ තව මෙකී නොකී සම්පත් සම්භාරය පාවිච්චි කරල වැඩිදියුණු කලානම් අද තාත්තටත් වඩා ලෙගසි එක ගෙනියන රිප්ලේස් කල නොහැකි වන් ඇන් ඔන්ලි චරිතයක්.

මේ වෙලාවෙ සනත් නන්දසිරි මහතාගෙ දුව අනුරාධා මතක් වෙනව, මොකද ඇයත් සම්මුඛ සාකච්ඡාවකදි කිව්වා උසස්පෙළ කලේ විද්‍යා අංශයෙන් දොස්තරකෙනෙක් වෙන්ටලු. වෙලාවට වෛද්‍ය විද්‍යාලෙට නොතේරැණු හන්ද අද අනුරාධා අම්මල පුංචිල තාත්තගේ ලෙගසිය යම් දුරකට ගෙනයනවා. සූලොජි, බොටනි පාඩම් කරකර හිටපු කාලෙ සංගීතයට යොමුකලා නං හොඳ තැනකට යන්ට තිබ්බ.

ගොඩක් වෙලාවට අම්මලට තමයි මේ පිස්සුව ඔළුවට ගහන්නේ. පුරුශමූළික සමාජ වල ගෑණුන්ට මහ සමාජ දැනීමක් නැති නිසා උන් දන්න එකම හොඳ රස්සාව දොස්තරකම. ළමය පවුලෙ ලෙගසිය අරන් ඉස්සරහට යවන්ට තේරෙන්නෙ නෑ.

මේක මාරම අපරාදයක්.


No comments:

Post a Comment

රටටම ශාපයක් වූ දොස්තර උණ

 මට මේ කාරණේ ගැන ටිකක් කතාකරන්න හිතුනෙ රාජ් සෝමදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් දැකල "දොස්තර උණ"නිසා රටට වෙන වින්නැහියේ මං කල...