භූතානය කියන්නෙ දකුණු ආසියාවේ ඇති, ලෝකයේ දැවැන්තයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනයට මැදි වූ ඉතාම කුඩා රටක්. එහි ජනගහනය ලක්‍ෂ අටකට මදක් අඩුයි. ලංකාවේ ජනගහනය මිලියන විසි දෙකක්. ඒ කියන්නෙ ලංකාවේ ජනගහනය භූතානයේ ජනගහනය මෙන් විසි අට ගුණයක් පමණ වෙනවා. භූමි ප්‍රමාණය අතින් ගත්තොත් භූතානයේ භූමිය වර්ග කිලෝමීටර 38 000 පමණ වෙන අතර ලන්කාවේ එය 65 610ක්. ඒ කියන්නේ භූතානය වගේ දෙගුණයකට වඩා මදක් අඩුයි ලන්කාවේ සයිස් එක. භූතානය හිමාලය කඳු වැටිය පාදමේ තියෙන රටක් නිසා මුහුදු මට්ටමට වඩා ගොඩක් උඩින් පිහිටි, ගිරි දුර්ග ආදිය ගහණ රටක්. මෙම දත්ත සමඟ මාතෘකාවට ප්‍රවේශයක් ගත්තේ භූතානය ගැන යම් අදහසක් ලබා දෙන්නයි.
ලෝක දැවැන්තයන් දෙදෙනකු අතරට මැදි වූ ලිළිපුට්ටෙකු වන භූතානයට තම සර්වයිවල් එක සඳහා ඉතාම තරයේ තම අයිඩෙන්ටිටිය මත රඳා සිටීමට අවශ්‍ය උනා. මොකද ඔවුන්ට තමන්ට අනන්‍ය සංස්කෘතියක් නැති උනොත්, චීනයේ හෝ ඉන්දියාවේ සංස්කෘතිය වැළඳ ගත්තොත්, ඒ දෙරට මත තදින් යැපෙන (භාණ්ඩ ප්‍රවාහනය ආදී) යුධ ශක්තියෙන් හෝ ආර්ථික ශක්තියෙන් ඒ රටවල බලයෙන් සීයට එකක්වත් නැති කුඩා රටක් ලෙස ඔවුන්ගේ පැවැත්ම අභියෝගයට ලක් වෙනවා. නමුත් මෙය පහසු දෙයක් නෙමේ, මොකද ලෝකයේ පැරණිම, ශක්තිමත්ම, සහ විචිත්‍රම සංස්කෘති තියෙන රටවල් දෙකක් ඉන්දියාව සහ චීනය කියන්නේ.
ලංකාව මුහුදෙන් වෙන් වලත් ඉන්දීය සංස්කෘතිය ලංකාවේ මොන තරම් මුල් බැස ගත්තාද? උදාහරණ ලෙස ඉන්දියාවෙන් බුද්දාගම ආවා, විවිධ භාෂා සහ ජාතීන් ආවා, කුළ භේදය ආවා, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ආවා, කෑම බීම ආවා, සාරිය ඇතුළු ඇඳුම් ආවා, ක්‍රීඩා සහ විනෝදාස්වාදය සපයන දේ ආවා කොටින්ම ලන්කාවේ අනන්‍යතාවට කෙළ වුනා. නමුත් ආපු හැම දේටම ලංකාවේදී යම් අනන්‍යතාවක් ලැබුනා. උදාහරණයකට ඉන්දියාවේ කෑම බීම මෙහෙට ආවට කුළුබඩු වල සංයුතිය මදක් වෙනස්, ඉන්දියාවෙන් ආපු ඇදුරන්ගෙන් පිල්ලි යවන්න ඉගෙන ගත්තට මෙහෙ අය පිල්ලි යවන ක්‍රමය මදක් වෙනස්. ඇත්තම කිව්වොත් ලංකාව 90%ක් විතර ඉන්දියාවේම දිගුවක් අද වෙන කොට. චීනෙට වඩා ඉන්දියාව ඩිමොක්‍රැටික් වීම නිසාාත්, මුහුදෙන් වට වෙලා නිසා ඈඳා ගන්න එක කේස් වීම නිසාත් ලංකාව නමට හරි තාම ස්වාධීන රටක්.
ලොකු බලවත් රටක ආසන්නයේ පොඩි රටක් වේ නම්, ඒ රට තමන්ට ඈඳා ගන්නට ලොකු රට කරන ප්‍රධාන තර්කය පොඩි රටේ සංස්කෘතිය තමන්ගේ සංස්කෘතියේම දිගුවක් නිසා එයට නියම අනන්‍යතාවක් නොමැති බව පෙන්වීමයි. යුක්‍රේනය ඈඳා ගැනීමට යද්දී රැසියාව මෙම තර්කය ඉදිරිපත් කලා. ලන්කාවේ බොහෝ දෙනෙක් එය අනුමත කලා. මම යුක්‍රේනයේ සංස්කෘතිය රැසියාවට වඩා මොන තරම් වෙනස්ද යන්න දන්නවාා මොකද අප යුක්‍රේන සිසුන් සමඟ මේ ගැන කතා කලේ යුද්ධයටද බොහෝ කාලයකට පෙර පටන් නිසා. නමුත් ලන්කාවේ මිනිස්සු 99%කට යුක්‍රේනයේ සහ රැසියාවේ සංස්කෘතියේ වෙනසක් පේන්නේ නැහැ මොකද කවදාවත් ඒ ගැන හොයල බලල නැති නිසා. ඒ වගේම තමයි ඒ රටවල මිනිස්සු 99%කට ලන්කාවේ සහ ඉන්දියාවේ සංස්කෘතියේ වෙනසක් පේන්නේද නැහැ. යුක්‍රේනය ඈඳා ගැනීමට යද්දී රැසියාවට හුරේ දාපු ලන්කාවේ මිනිස්සු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඩ බලාගෙන කෙළ ගසා ගන්නා බව ඔවුන්ගේ නූගත්කම නිසා ඔවුන්ට තේරෙන්නේ නැහැ.
තඩි වෝල්මාට් එකක් පොඩි නගරයක විවෘත වුනාම ඒ අහළ පහළ සිල්ලර බඩු විකුණන, ඇඳුම් මහන, සපත්තු හදන, වඩේ බදින, පළතුරැ බීම හදන ආදී කුඩා ව්‍යාපාර කරන ගම්මුන්ගේ කඩ ටික වැසී යන පරිදිම තමා ලොකු බලවත් රටක් අසළ කුඩා රටවල් වල සංස්කෘතික අංග පරිහාණියට පත් කරන්නේ. හැබැයි බඩු ගන්න පාරිභෝගිකයන් කිසියම් කුඩා ව්‍යාපාරයක අනන්‍යතාවයට මහත් ලෙස කැමතියි නම්, හරියට සිල්ලර බඩු විකුණන මුදලාලි පොතට බඩු දීම, ඇඳුම් මහන අක්කට විතරක් පුළුවන් ලස්සන මැහුම් මෝස්තර, සපත්තු හදන අයියා ඒවා කැඩුනාම නොමිලේ මසා දීම, වඩේ බදින හෝ පළතුරැ බීම හදන නැන්දගේ කෑම වල රස වගේ, තනිකරම ලාභය පමණක් සෙවීම ටාගට් එක වෙච්ච ලොකු වෙළඳසැළට ඒ හපන්කම කරන්නට බැහැ. සංස්කෘතිය මඟින් කරන්නේත්් එක අතකට එවැන්නක්. කිසියම් රටක ජන කොටසක් ඒ රටේ දේශීය කෑමබීම, ඇඳුම් පැළඳුම් හෝ වෙනත් සංස්කෘතික අංග වලට තදින් අනුගතව සිටින තාක් ලොකු රටට එම පොඩි රට ග්‍රහණයට ගන්නට බැහැ. නමුත් ඒක කරන්න නම් ඒ රටේ මිනිස්සු අවංකවම තමන්ගේ සංස්කෘතික අංග වලට කැමති වෙන්න ඕනේ. ඒ සංස්කෘතික අංග මිනිස්සුන්ගේ අවංක කැමැත්ත ගැනීමට හැකි ඒවා වන්නටත් ඕනේ. වෙනත් වචන වලින් කිව්වොත් කිසියම් සංස්කෘතියක මිනිස්සුන්ට ඒක රකින්නට කියල කටු ඔටුනු දා ගැනීමට කොතෙක් බල කලත් ඒක සිද්ද වෙන්නේ කැමැත්තෙන් නොවන නිසා එවැැනි සංස්කෘති විනාශ වෙනවා.
ඉහත පෙනෙන්නේ භූතානයේ ජාතික ඇඳුම්. මේ සැහැල්ලු ඇඳුම් එදිනෙදා භාවිතයට හරි පහසුයි. භූතාන ජාතිකයන්ට පිටට යද්දි තම ජාතික ඇඳුම් ඇඳිය යුතු බවට රජය නියම කරල තියෙනවා. ඒකට කාගෙන්වත් විරැද්ධත්වයක් නැහැ, මේ හේතු නිසා.
1. මේ නියමයට ස්ත්‍රී පුරැෂ, වත් පෝසත් කම් හෝ වයස ආදී භේද නෑ හැමෝටම අදාළයි.
2. ඇඳුම සැහැල්ලු, මිළ අඩු, සේෆ්, එදිනෙදා පාවිච්චියට ගැළපෙන, දේශගුණයට ගැළපෙන, සංවර එකක් නිසා හැමෝටම එකඟ විය හැකියි.
3. භූතාන සංස්කෘතියේ ඇඳුමේ සමානාත්මතාවය සහ ෆලෝ කිරීමේ පහසුවත්, රජය විසින් එය නියාමනයත් නිසා මිනිස්සු ඊට කැමැත්තෙන් ගෞරව කිරීම
මේ රටේ තවත් ඒ රටටම පමණක් ආවේණික ලක්‍ෂණ කීපයක්ම තියෙනවා.
1. මේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සීයට හැටක්වත් කැළෑ ලෙසම පැවතිය යුතු බවට (මොනම ආකාරයටවත් එළි කරල "සංවර්ධනය" නොකල යුතු බවට රජය නීතිගත කරල තියෙනවා). ඒ නිසාම, ලෝකයේ එකම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඝෘණ අගයක් ගන්නා රට මෙයයි. දුප්පත් රටක් උනත් මේ රටේ මිනිස්සු එසේ පරිසරය සුරැකීමට කැප වී සිටිනවා.
2. මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉතා තදින් නියාමනය කරනවා. මේ රටට ඇතුළු වන සංචාරකයන් දවසකට ඩොළර් සියයක සස්ටේනබල් ඩිවෙලොප්මන්ට් ෆී එකක් ගෙවිය යුතුයි. එමෙන්ම, සංචාරකයන් රටට ඇතුළු වීම හා රට ඇතුළේ සංචාරය කිරීම ඒ රටේ බලයලත් මඟපෙන්වන්නෙකුගේ අධීක්‍ෂණය හරහා පමණක් සිදු වේ. මේ මඟින් සංචාරකයන් තමන්ගේ සංස්කෘතිය විනාශ කිරීම, වෙනත් අපරාධ/වැරදි කිරීම වළකන අතර සංචාරකයන්ට ආරක්ශිතව උපරිම ෆන් එකක් ගැනීමටද අවස්ථාව ලැබේ. මෙම බලයලත් මඟපෙන්වන්නන් ඉතාම ආචාරශීලී වන අතර සහ සංචාරකයන් රවටා ගසාකනනන් නොවේ. කොච්චර මුදල් අඟ හිඟකම් තිබ්බත් සංචාරකයන් වටකරගෙන එක එක දේවල් විකුණන්න පොර කන මිනිස්සු මෙහි නැහැ. ඔවුන් පාඩුවේ තමන්ගෙ වැඩ කරනවා. එසේ ලෝකයේ සංචාරකයන් ගෙන් ලැබෙන මුදළට කෑදරකමට වඩා රටට ඇති ආදරයට ප්‍රමුඛත්වය දී සංචාරක ව්‍යාපාරය නියාමනය කරන එකම රට මෙයයි.
3. ලෝකයේ ට්‍රැෆික් ලයිට් නැති එකම රට මෙයයි. සංවර්ධනය මැනීමට මුදල් වත්පොහොසත්කම් සහ භෞතික දියුණුව වෙනුවට මිනිස්සු කොතරම් ස්වයංපෝෂිතද කොතරම් සරළද කොතරම් අධ්‍යාත්මිකද කොතරම් එකිනෙකා ගැන සොයා බලා උදව් උපකාර කරනවාද කොතරම් සතුටින්ද ආදී මිනුම් භාවිතා කරයි. ලෝකයේ බහුජාතික ෆාස්ට් ෆුඩ් ජාලා හෝ හෝටල් නැති එකම රට මෙයයි. එමෙන්ම මෙහි දුම්පානයද සිදු නොවේ. මිනිස්සු පෝෂ්‍යදායක කෑම උයාපිහාගෙන කෑමට හුරැ වී ඇති අතර කුඩා පවුල් ව්‍යාපාර අවන්හල් පමණක් ඇත.
5. මේ රටේ නීති සම්මත කිරීමේදී බලන පළමු සාධකය එම නීති වලින් රටේ මිනිස්සුන්ට සස්ටේනබල් දියුණුවක් ලැබේද යන්නයි. (Gross National Happiness (GNH, the well-being and happiness of its people over purely economic measures like Gross Domestic Product (GDP)
ඉතින් භූතානය එහෙමයි යෝධයන් දෙදෙනෙක්ට මැදි වෙලාත් ඔළුව කෙළින් තබාගෙන ඉන්නේ.
ඇඳුම උදාහරණයකට ගත්තොත් ලන්කාවේ වෙලා තියෙන්නේ මොකක්ද? ගෑනුන්ගේ සංස්කෘතික ඇඳුම සාරිය වීම ලන්කාවේ ජාතික ආහාරය පීසා වීම වැනි විකෘතියක්. අදින් වසර පනහකට සීයකට පසු අනාගතයේ දවසකට යන්නට ලැබුනොත් ඒ වන විට ලන්කාවේ ජාතික ආහාරය පීසා බවත්, පීසා නොකා (බත් සහ අල බතල කන) අය ජාති ද්‍රෝහීන් ලෙසත් සළකන බවත්, තුන් වේලට පීසා කාල තරබාරැව දියවැඩියාව ආදී රෝග හෙම්බිරිස්සාව මෙන් කොමන් වී ඇති බවත් ඔබට පෙනුනොත් ඇති වන හැඟීම කබඳුද? ඒ හැඟීමමයි සාරි ඇඳීම ගැන ඔබට ඇති විය යුත්තේ. සාරිය මෑතකදී ලංකාවට ආව ඉන්දියානු ඇඳුමක්. ලංකාවේ ආදී යුගයේ දේශීය ගෑණු ඇන්දේ යටි කයට රෙද්දක් හෝ රෙද්දක් සහ සැහැල්ලු හැට්ටයක් වැනි ඇඳුම්, බොහෝ දුරට ඒක අදට ගැළපෙන්න මොඩ් කරා නම් භුතාන ඇදුමට කිට්ටු වේවි. භුතාන ඇඳුමේ වාසි ටික නිසා ගෑණුත් ආසාවෙන් අඳීවි, සංස්කෘතියත් රැකේවි. නමුත් දැන් වෙලා තියෙන්නෙ මිළ අධික, ඇඟට අපහසු, සේෆ් නැති, අඩ නිරැවත ප්‍රමෝට් කරන, හෝදන මදින අඳින වැඩේට කාලයක් යන විදේශීය ඇඳුමක් බලෙන් ගෑණුන්ගෙ පිටේ පටවල සංස්කෘතිය රක්කවන, දේශීය ඇඳුම් ඉවතලා විදේශීය ඇඳුම් ලා ගත් පිරිමි බිහි වෙලා.
කාටහරි සංස්කෘතිය රකින්න ඕනෑ නම් අනුන් ලව්වා ඒක රක්කනවා වෙනුවට තමන් ඒක රකිින්න. නැෂනල් එක ඇඳන් පිටතට යන්න. දේශීය පොතපත කියවන්න. එළු බාශාව ඉගෙනගෙන ගමේ පන්සලේ පුස්කොළපොත් ටික විනාශ වෙන්න පෙර පිටපත් කර ගන්න. පැරණි පොතපත කියවල ලන්කාවේ සැබෑ සංස්කෘතිය හදාරන්න. ඔය පිරිමින්ට කරන්න පුළුවන් දේ කිහිපයක්.
ඇමරිකාවෙ මම දකිනව දකුණු ආසියාතික පවුල් වල වයසක ගෑණු පුරැද්දට මෙහෙ සාරි අඳින හැටි, සාරි කැතට පටළවගෙන, සාරි ජැකට් හරිම කැත විසාල ඒවා, තව ටෙනිස් ෂූස් දාන්, සීත කාලේ ජැකට් තොප්පි දාන්, ඇත්තම කිව්වොත් බල්ලො බත් කන්නෙෙ නෑ ඒ තරම් බලන්න අජූතයි.
ඇමරිකාවට ආවත් හරි මම සාරි ඇඳිල්ල දෙයියනේ කියල අතෑරිය. මම අඳින ඇඳුම් වල ෆැබ්‍රික් එක ඩ්‍රයර් එකෙන් එළියට එද්දි අයන් වෙලාම එන නිසා ඇමරිකාවට ආවත් හරි මම රෙදි මදින්නෙත් නැහැ. ගෙදර හෝදන්න බැරි ඒව ක්ලීනින් එකට දෙනව. හොඳට ඇඳුම් අඳින්න පැය ගණන් නැහෙන්න ඕන නෑ. ජීවිතය හරි කෙටියි. ඒ ඉතිරි වෙන කාලෙ මම ආස වැඩ වලට යොදවනවා.
යමක් කමක් තියෙන උදවිය තමන්ගෙ ළමයි මහණ නොකර, යමක් කමක් නැති උදවියගෙ ළමයින්ව ඒ මිනිස්සුන්ගෙ අසරණකම අවභාවිතා කරල මහණ කරවල උන් ලව්ව ආගම රක්කවගන්න හදනව.
එහෙම අනුන්ගෙ පානෙන් එළිය බලන්න බැහැ සංස්කෘතිය සම්බන්ධ කාරණා වලදී. මොකද සංස්කෘතිය ජන ජීවිතයට බද්ධ වෙන්න නම් උගුරට හොරා බේත් බොන්න බැහැ. සංස්කෘතියේ තියෙන අවුල් විසඳගන්න ඕනෙ. මොන අතින් බැළුවත් සාරිය පට්ට චාටර් ඇඳුමක්. ඒක සංස්කෘතියේ සංකේතය නම් සිංහළ අළුත් අවුරැද්දට අඳින්නැත්තේ ඇයි? ඇයි සිංහළ අළුත් අවුරැද්දට රෙදි හැට්ට අඳින්නේ? ඇයි භූතාන ඇඳුම වගේ එකක් ජාතික ඇඳුම නොකරන්නේ? ඇයි තමන්ගේ ළමයි මහණ නොකර අනුන්ගේ ළමයි මහණ කර කර නිවන් යන්න හදන්නේ? ඇයි තමන්ගේ ළමයි බය සැක නැතිව මහණ කරන්න පුළුවන් මට්ටමට ශාසනය වෙනස් නොකරන්නේ? විකෘති කටු ඔටුණු සංස්කෘතියක් හදාගෙන, මෙවැනි ලව් හේට් රිලේශන්‍ෂිප් එකක් එම සංස්කෘතිය ගැන තබාගෙන, බළලුන් ලවා කොස් ඇට බාවන්නාක් මෙන් අනුන් ලවා ඒක රක්කවන්නට යාමේ කිසිදු පලක් නැත. ලංකාවේ වගේ ෆේක් සංස්කෘතියක් ගෑණුන් ලවා බලෙන් රැක්කවීමට (බටහිර කලිසම් ගහගෙන භූතාන පිරිමි ටික) හැදුවා නම්, භූතානය ලෝක සිතියමෙන් මැකිලා බොහෝ කල් වන්නට තිබුනා.