උක්ත ගැටළුව මට ඇති උනේ ඉහත රෑප රාමුව දැකීමෙන්. මිනිමලිස්ට් ජීවිතයක් ගත කරපු බුදුන් ගේ ශාසනයේ පැවිදි වූ කිසිම මාර්ගපළයක් නැති පුහුදුන් භික්‍ෂුවක් තඩි උස පුටුවක ඉඳගෙන, ඒ මදිවට කකුළ් ස්ටූල් එකක තියන්, තමන්ගේ වැඩසටහනේ ආරාධිත සම්පත් දායකයා වන තමන්ගෙ ක්‍ෂේත්‍රයේ උගතෙක් පුටු කබලක විසිබලි අන්කම්ෆටබල් ලෙස වාඩි කරවල, තමන්ට කන්න දෙන පන්සල් හදල දෙන කොටින්ම හැම දේම පිනට දෙන දායකයො වයස් ලෙඩ රෝග බේදයකින් තොරව බිම වාඩි කරවලා.
උපාසක උපාසිකාවො නැත්නම් භික්‍ෂූන්ට කොහොමත් පැවැත්මක් නැහැ. ඒවගේම බුද්ධ ධර්මය කියන්නෙ මේ ආකාරයට පුටුවෙ ඉඳල, කිසි මනුස්සකමක් නැතිව (ශාරීරික යෝග්‍යතාවවත් නොබල මිනිස්සුන්ගේ අපහසුතා නොසළකා) උස් පහත් භේද ආරක්ශා කළ යුතු ආගමකුත් නොවේ.
මාර්ගපළ ලාභී හාමුදුරැකෙනෙක් නම් තව කමක් නෑ.
හැබැයි මේ මිනිස්සුන්ගේ මොළ ශෝධනය කොතරම්ද කියනව නම්, මේ ගිහි සෙට් එකේ එකෙක්වත් තමන් වෙනුවෙන් කතා කරන්නෙ නෑ වගේම එහෙම කතා කරන එකාවත් නැති කරනව.
ඒ කරල තමන්ගෙ ළමයි ටිකත් ඔය විශම චක්‍රයේම යවනව.
රෙනෝ සිල්ව තමන්ගෙ අල ගෙඩි වගේ පුශ්ටිමත් ළමයි ළඟ තියන් දුප්පත් කැහැටු ළමයි මහණ කරනකොට මේ වාහෙල සාදු කියනවා.
දුප්පත් කැහැටු ළමයගේ මානසිකත්වයෙන් හිතුවොත්, මෙච්චර කාළයක් දුප්පත්කම නිසා ගමේ එවුන් සතේකට ගණන් නොගත්තු, කොන් කරපු, ගහපු බැණපු, ඉස්කෝළෙදි මෝඩයි කියල ටීචර්ගෙන් ටොකු කාපු පොඩි එකාට සිවුර දාපු ගමන් අර සතේකට ගණන් නොගත්තු, කොන් කරපු, ගහපු බැණපු, ඉස්කෝළෙදි ටොකු ඇනපු ගෑණු පිරිමි සෙට් එකම ක්‍ෂණිකව වෙනස් වෙලා හෝ ගාල දානෙ පූජ කරල වැඳල ඒ බැරි නම් තව සෙක්සි කෑලි ටිකක් කෙස්වලු කඩල දාල (ඒ කෙස්ස පින්කමට ගන්නෙ කෙල්ලොම විතරයි වයසක ඩෑල් ගන්නෙ නෑ ඇයිද දන්නෑ අපේ හාන්දුරැවනේ) ඒක උඩින් යවල දහඅට පාළිය නටනවා. ඒ වයසට උනත් පොඩි සාදුට එක දෙයක් තේරෙනව, ඒ තමයි මට ඒ කාලෙ පාට් දාපු මුන්ව නටවන්න දැන් මට පුළුවන් කියන එක.
තඩි උස පුටුවක ඉඳගෙන, ඒ මදිවට කකුළ් ස්ටූල් එකක තියන්,අරැන්ව එක්කො අතපය අකුළවල පුටු කබල් වලට හරි කකුළ හිරි වැටි වැටි බිම හරි දප්පවල ඇරියස් කවර් කරන එක එක අතකට හරි ඉතින්.
No comments:
Post a Comment