Friday, April 19, 2024

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු වෙලාවේ (https://www.youtube.com/watch?v=AGI_ZcqvAB0), choose your battles සඳහා හොඳම නිදසුනක් ලෙස ඒ වීඩියෝව මම දැක්කේ. මම මීට පෙර ලිපි වල විස්තර කරපු බටහිර රටවල තියෙන ඉන්ඩිවිජුවලිස්ටික්  සමාජයේ සහ පැරණි අතීතයක් සහිත ඇතැම් ආසියානු අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල් ආදියේ තියෙන කලෙක්ටිවිස්ට් සමාජයේ මිනිස්සුන්ගේ වෙනස්කම් සහ මිනිසුන්ගේ ටොක්සික්භාවය/ටොක්සික් මිනිසුන් ප්‍රමාණය සමාජයේ එන්න එන්නටම වැඩි වීම නිසා කලෙක්ටිවිස්ට් සමාජය මුහුනදෙන අභියෝග මේ වීඩියෝවේ හොඳින් පේන්නට තියෙනවා. ඊට අමතරව, ඒ වීඩියෝ එකේ තිබූ විදේශ සන්චාරකයාගේ, කොත්තු වෙළෙන්දාගේ, කොත්තු කඩේ හිටපු පිරිසගේ සහ යාබද අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ හැසිරීම ඉතාමත්ම රසවත් සහ සමාජ විද්‍යාත්මකව ඉතාමත්ම ලොකු අධ්‍යාපනික වටිනාකමක් සහිතයි. 

වයස අතින් ගත්තොත් විදේශ සන්චාරකයා තරැණයෙක් සහ කොත්තු වෙළෙන්දා මැදි වයසේ කෙනෙක්. නමුත් පරිණතභාවය අතින් ගත්තොත් විදේශ සන්චාරකයා ඉදිරියේ කොත්තු වෙළෙන්දා ළදරැවෙක් ලෙස අපරිණතයි. ඒකට ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ ඉන්ඩිවිජුවලිස්ට් සමාජයේ දරැවන් කුඩා කාළයේ ඉඳල හදන්නේ තමන්ගේ ජීවිතයේ තීරණ ගන්න නිදහස දෙන ගමන් ඒවා වල වගකීම් තමන්ට දරා ගන්නට පුරැදු  කරල නිසා ඒ සමාජයේ ළමයි ඉක්මනට පරිණත වෙන නිසා.

විදේශ සන්චාරකයා ගේ පරිණත හැසිරීම ආකාර ගණනාවකින් මම දකිනවා.

1.Self awareness - විදේශ සන්චාරකයා තමන්ට නොදන්නා රටකදී අනපේක්‍ෂිත අසාධාරණ අඩත්තේට්ටමක් සිදු වූ මොහොතේ හැසිරැනේ පුදුමාකාර සoයමයකින් යුතුව හොඳ සෙල්ෆ් අවෙයානස් එකකින්. ඔහුගේ චිත්ත ආවේග පාළනය කර ගැනීම,  කටහඬ පාළනය කර ගැනීම, වචන පාළනය කර ගැනීම, බොඩි ලැන්වේජ් එක පාළනය කර ගැනීම ඉතාම ප්‍රශස්ථ මට්ටමක තියෙනවා, විශේෂයෙන්ම තරැණයෙක් විදිහට. කොත්තු වෙළෙන්දාගේ සෙල්ෆ් අවෙයානස් එක ගැන ඉතින් කතා නොකර ඉමු. 

2. De-escalation approach - සුළු වෙළඳාමක් කරගෙන එදිනෙදා ගැටගහගන්නා මැදි වියේ   කොත්තු වෙළෙන්දාට නැති වෙන්නට ගොඩක් දේවල් නැහැ නමුත් ඊටවඩා හොඳ ජීවන තත්වයක් තියන ලොකු අනාගත බලාපොරොත්තු තියන විදේශ සන්චාරක තරැණයාගේ ජීවිතයේ හොඳම කාළය තියෙන්නේ ඉස්සරහට නිසා ඔහුට රැක ගත යුතු ගොඩක් දේ තිබෙනවා. මෙතන පිහි ඇනුමක් හෝ වෙනත් අනතුරක් දක්වා සිද්ධිය දුර දිග ගියොත්, හරි වැරැද්ද කෙසේ වෙතත්, වැඩියෙන් පාඩුව සිදු වන්නේ තරැණයාටයි. ඒ නිසා වෙළෙන්දා ගේම ඉල්ලද්දී විදේශ සන්චාරකයා එතන උණුසුම තව වැඩි වෙන ආකාරයට එකට එක කියාගෙන අතපය වනාගෙන යෑම වෙනුවට මිත්‍රශීලී ආකාරයට පුළුවන් තරම් තත්වය ඩීඑස්කැලේට් කරන්න හදල අනතුරැව එතනින් පන්නපුවම ඊගෝ එක මැඩ පවත්වගෙන නිහතමානීව ඉවත් උනා (choose your battles!).  ඒ සුළු මොහොතේ සුළු සටනක් දිනල පොර උනාට වීදි වෙළෙන්දා නොදැනුවත්ව ඒ දිනුම ලබා ගන්න  ඊට වඩා ගොඩක් ලොකු වැදගත් සටන් ගණනාවකින් තරැණයාට පැරදුනා.

3. Positive Vibe - සාමාන්‍යයෙන් අනපේක්‍ෂිත අඩත්තේට්ටමක් සිදු වූ පසු තරහ ගිහින් පැයක් වත් මූඩ් අප්සෙට් කර ගන්න එක අපට සාමාන්‍ය උනාට ඊළඟ අයිස්ක්‍රීම් කඩේට යන ටිකට ඔහු රිකවර් වෙනවා. වෙනත් වචන වළින් කිව්වොත්, ඔහු ඔහුගේ ජීවිතයේ එක විනාඩියක්වත් නොවටිනා මිනිහෙක් නිසා තරහ අරන් අවුල් වෙලා අපතේ යැව්වේ නැහැ. 

4. Not afraid to have a difficult conversation - තරැණයා තමන්ව ගොනාට ඇන්දවීමට ඉඩ නොදෙමින් අසාධාරණ මිළ ගණන් ගැන නපුරැ වෙළෙන්දාගෙන් නොබියව ප්‍රශ්න කරන්නට තරම් එඩිතර වන අතරම වෙලෙන්දා ආචාරශීලී නැතත් තර්කාණුකූළ නැතත් තමන් ආචාරශීලී ලෙස හැසිරීමට වග බලා ගනී. තමන් වෙනුවෙන්  ඒ වෙලාවෙ වෙන කවුරැ පෙනී නොසිටියත්, වචනයකින් තබා බැල්මකින්වත් සහාය නොදුන්නත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් නැගී සිටීමට කොන්දක් තිබුනා.  

ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ අවසරයක් නැතිව තරහට හෝ යාළුකමට හෝ මොනම හේතුවකටවත් අවසරයකින් තොරව ශරීරය ස්පර්ශ කරන්නට දෙන්නේ නැහැ. කුඩා කාලයේදීම දෙමව්පියන් ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තියක් ලෙස හුරැ කරනවා. එබඳු පුරැද්දක් ලන්කාවේ වගේ කලෙක්ටිවිස්ට් සමාජ වල නැති නිසා  එක වෙලාවක වෙළෙන්දා තරැණයගෙ ඇඟ ස්පර්ශ කරනවා, එවිට ඔහු ඊට ක්‍ෂණිකව තම විරෝධතාවය සාමකාමීව නමුත් ස්ථිරසාරව පෙන්වනවා. 

5. ද්වේෂසහගත නොවීම - මේ සන්චාරකයා වෙළෙන්දාට එරෙහිව නීතිය ඉදිරියට යාම ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ වගේම වීඩියෝවේ ලන්කාව වර්ණනා කරල තියෙනවා මේ සිද්ධිය අදාළ කර නොගෙන. ඔහුගේ වීඩියෝවේ කැප්‍ෂන් එකට ලන්කාවට යන්න එපා වගේ කැප්‍ෂන් එකක් දැම්මේ නැහැ. 

6. Making lemonade from lemons - ඔහු ගේ වයිරල් වූ වැඩිදෙනෙක් නැරඹූ වීඩියෝව බවට ඔහු එය පත් කර ගත්තා. 

දැන් අපි බලමු කොත්තු කඩේ ඒ වෙලාවේ කෑම ගනිමින් හිටපු මිනිසුන්ගේ හැසිරීම කොහොමද කියලා. මම හිතනව ඒ හැසිරීම  කලෙක්ටිවිස්ට් සමාජයේ ස්වභාවය හොඳට පෙන්වන බව. සන්චාරකයා නම් යන්න යයි අපිනේ කඩෙන් කන්න ආයෙ එන්න ඕනේ ඒ නිසා අපි ශේප් එකේ අහක යන ගෝරි වලට මැදිහත් නොවී ඉමු කියල කරබාගෙන  ඉන්න හැසිරීමක් මම දැක්කේ. විදේශිකයන් පමණක් නොවෙයි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගෙ නුත් මේ වගේ ගසා කනවා. කිසිම මිල නියාමකයක් නැති නිසා හිතෙන හිතෙන ගණන් වලට  කෑම විකුණනනවා. නමුත් වචනයකින් හෝ ඔවුන් ගේ සහාය ලබා ගන්නට සන්චාරකයා කිහිප වරක් උත්සහ කරන නමුත් ඒ වෙලාවේ අයි කන්ටෑකට් එක පවා මඟහැරල තමන් මේ ගැටළුවට මැදි නොවී ඉන්නට ඔවුන් උත්සාහ කරන බව පෙනෙනවා. තව පැත්තකින් ඔවුන් ඒක යම් විහිළුසහගත බවකට හරවගෙන්න හදන බව පේනවා, ඒක තමා  ඔවුන් දන්න ඩීඑස්කැලේට් ඇප්‍රෝච් එක. මේ වගේ මිනිස්සුන්ව තග දාල බය කරල හෝ ලැජ්ජ කරල පාලනය කරන එක ලේසියි. ඊටත් වඩා ආතල් වැඩේ තමයි සන්චාරකයාට ශ්‍රී ලාන්කිකයොන්ගේ සහය ඕනැ උන සිද්ධිය උන වෙලාවේ මිනිහව මඟහැරල සන්චාරකයාගේ වීඩියෝ එකට යටින් කොමෙන්ට් දදා අයි ඇපොලොජයිස් ඔන් බිහාෆ් ඔෆ් බ්ලා බ්ලා බ්ලා ගගා ශ්‍රී ලාන්කිකයො එතන පෝළිමේ වැළලෙන්න හදන එක. සාමාන්‍යයෙන් කලෙක්ටිවිස්ට් සමාජයක ස්වභාවය ඒකයි. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ. 

 අයිස්ක්‍රීම් වෙළෙන්දා බොහෝ දුරට ඊට යාබදව ඇති උන සිද්ධිය දකින්නට ඇති. අයිස්ක්‍රීම් වෙළෙන්දා ඒ නිසාමදෝ සන්චාරකයාව සතුටු කරන්නට සෑහෙන්න මහන්සි වෙනවා. එකළඟ ඉන්න වෙළෙන්දො දෙන්නෙක්ගෙ අතර වෙනස මොනතරම්ද? පසෙකින් කුඩා දැරියක් වඩාගෙන ඉන්න කාන්තාව හරිම සිරියාවන්තයි. ඔවුන්  ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම්මඟින් සන්චාරකයාට ඉමෝෂනල් සප් එකක් දෙනව වගේ මම ඒ හැසිරීම දැක්කේ.  

ඇත්තම කිව්වොත් කොත්තු මුදලාළි ගැන මට ඇති වෙන්නේ දුකක්. සරළවම කොත්තු මුදලාළි කියන්නේ ෆේල් දෙමාපියන්ගේ,  ෆේල් ගුරැවරැන්ගේ, සහ ෆේල් සමාජයක ෆේල් ප්‍රොඩක්ට් එකක්. නමුත් ඒ මනුස්සය වගේ අය ගේ ටොක්සික් හැසිරීම නිසා කලෙක්ටිවිස්ට් සමාජය දරැණු අභියෝගයකට ලක් වෙලා. ඒ නිසා කලෙක්ටිවිස්ට් සමාජය දැන් ඉන්ඩිවිජුවස්ටික්  සමාජයේ ඇතැම් හැසිරීම් ඉගෙනගෙන කලෙක්ටිවිස්ට්-ඉන්ඩිවිජුවලිස්ට් හයිබ්‍රිඩ් එකක් බවට පත් විය යුතුව තියෙනවා. රසික ජයකොඩි, රෙෂිලා ගොඩකන්ද, අනීශා ජයකොඩි ආදී බොහෝ ලයිෆ් කෝචින් කරන අය පළ කරන ලිපි සරළවම ගත්තොත් එසේ ඉන්ඩිවිජුවලිස්ටික්  සමාජයේ ඇතැම් හැසිරීම් උගන්වන ලිපි බව කිව යුතුයි.

 ප්‍රරජාතන්ත්‍රවාදය ප්‍රැක්ටිස් කරනව කියන්නේ මේ විදේශිකයා වගේ බුද්ධිමත්ව කරැණු සොයා බලා, ගොනාට ඇඳ ගන්නේ නැතිව, තගට බය නොවී, පරිණතව සහ කොන්ද කෙළින් තියන් හොඳ පොසිටිව් වයිබ් එකකින් ජීවිත් විඳින ගමන්, නව තාක්‍ෂණයට බැන බැන ගල් යුගයට යන්න හදනව වෙනුවට නව තාක්‍ෂණය උපරිමව තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගෙන, තමන්ගේත් තමන් අවට සමාජයේත් සාධාරණය වෙනුවෙන් නිතරම පෙනී සිටිමින් ජීවත් වීමයි. 

ලන්කාවේ නමට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ඇයිද කියල කඩේ එවෙලෙ හිටපු මිනිස්සු හැසිරෙන විදිහෙන්ම තේරෙනවා.  සාධාරණය වෙනුවෙන් කතා කරන්න බයයි, කතා කරත් පරිණත නැති නිසා ඒක එස්කැලේට් වෙලා ඊටත් වඩා චාටර් වෙනවා,  සාධාරණය වෙනුවෙන් පෙනී සිටින එකාව තනි කරනවා, තමන්ගෙ කල්ලියෙ එවුන් සුද්ද කරනවා  වගේ කලෙක්ටිවිස්ට් සමාජයේ අවුල් ප්‍රජාතන්ත්‍රවාදයට මරැ පහරක්.  

කොත්තු මුදලාලි රනිල් මහින්ද හෝ වෙනත් දූෂිත දේශපාලකයෙක් ලෙසත් කඩේ එවෙලෙ හිටපු මිනිස්සු ලන්කාවේ මහජනතාව ලෙසත් මම දකිනවා. ලන්කාව දියුණු රටක් වෙන්නේ කඩේ එවෙලෙ හිටපු මිනිස්සු විදේශිකයාගේ පරිණතභාවයෙන් බාගයක්වත් අත් පත් කරගත්ත දවසකදී. එවැනි දවසක කොත්තු වෙළන්දා වැනි අයට එතැන පැවැත්මක් නැහැ. 


Collectivist සන්ස්කෘති වල මූළික ලකෂණ කිහිපයක් ;

Values personal interdependence.

1.මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ මම අහවලාගෙ පුතා, නෑයා ආදී ලෙස සමාජ සම්බන්ධතා සමඟයි. මම අහවලාව අඳුනනවා ආදී සෝෂල් කන්ටෑක්ස්  පොර ටෝක්ස් එමට ඇත. අළුත් තැනකදී මිනිස්සු ඔබෙන් පදින්චි කොහේද ගම කොහේද අපේ අහවලා ඒ හරියෙ, තාත්ත කවුද කොහේද වැඩ කරන්නේ මගේ අහවලාගෙ අහවලා වැඩ කරන්නේ එතැන ආදී අන්තර් සම්බන්ධතා හදා ගනී.  

2. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ.

3. තමන්ගේ කල්ලියට ලෝයල් වීම ඉතා වැදගත් කොට සළකයි. තමන්ට වරදක් නොකරපු මිනිස්සුන්ට කල්ලියේ බලපෑම නිසා බලු වැඩ කරපු නැති අය හරි අඩුයි, ඒවගේම මොන ජරා වැඩේ කලත් තමන්ගෙ එකාව සුද්ද කරන එක හරි සුළබයි.

4. තීරණ ගන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ/තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහා නොව කට්ටියේම සුභසිද්ධිය සඳහාය. කසාද වලදී ආදරයට හරස් කපා සල්ලිකාරයෙක්ට දුව දෙන එක, රස්සාවකට පිට රටකට හෝ පළාතකට යන එකට විරැද්ධ වීම ආදී උදාහරණ එමට වේ. 

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය වේ.

6. තනි තනි ජයග්‍රහණ වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණ අගය කරයි.

7. පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් තමන්ගේ අයිතීන් වලට වඩා වැදගත් වේ.

Individualistic සමාජ වල ඊට හාත්පසින් වෙනස් වැලියුස් ඇත. එනම්;

Values personal independence.

1. මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ තමන් ගේ නම් ගම් වතගොත වලිනි. පවුල් වල අන්තර් සම්බන්ධතා හොයන්නේ නැත. අම්ම අප්පා හොයන්නේ හෝ අම්ම අප්පා  අනුව ළමයාව ජජ් කරන්නේ නැත.

2. මෙවැනි සමාජයක හැමෝම තනි තනිව තමන්ගේ වැඩ කර ගනී. මුදල් ගෙවා අවශ්‍ය සේවා ලබා ගනී.

3.  කල්ලි සහ ඒවාට ලෝයල් වීම අත්‍යාවශ්‍ය නැත. කල්ලි වල වාසි නැතිව වුවත් තනියම ජීවත් වීමට බාධා නැත. 

4. තීරණ ගන්නේ තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහාය.

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

6. තමන්ගේ අයිතීන්  පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම්  වලට වඩා වැදගත් වේ.

7. ප්‍රශ්න කෙලින් කතා කරයි, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

Wednesday, April 17, 2024

පොඩී පොඩි තරඟ වළට පොර කා හෙම්බත්වී ලොකු තරඟ පැරදෙමුද? Choose your battles

 අළුත් අවුරැද්දට පසු චමල් අකලoක දාපු පෝස්ට් එකක චූටි දුවෙක් බනිස් කෑමේ තරඟයකදී නිවී සැනසිල්ලේ බනිස් කාපු ආකාරය ගැන පෝස්ට් එකක් දාල තිබුනා. මේ ලිපියේ පහතින් මම එය පළ කරනවා. ඒ පෝස්ට් එකට ඌණ පූර්ණයක් මෙසේ  අළුත් අවුරැද්දේ ලියන්නට හිතුවේ චමල් අකලoකගේ පෝස්ට් එකට වැටිල තිබුන නා නා ප්‍රකාර ප්‍රති කොමෙන්ට් දැකපු නිසා.

 "ළමයෙක් නෙමෙයි කවුරු උනත් තරග කරන්න ඕන තැන තරග කරන්න ඕනෙ. තරගයට බය නොවෙන්න ඕනෙ. තමන්ට මොන දක්ෂතාවය තිබ්බත් ඒක සමාජයේ තරගයක්. නැත්තම් සියල්ල තරගයක් උන ලෝකෙක ඔතෑනි ළමයෙක් හදලා බලන්න."

"තරග කරන්න ගියා නම් තරග කරන්න ඕනෙ. නැත්නම් ගෙදර ඉදන් නිවාඩු පාඩුවෙ බනිසක් අරන් කන්න ඕනෙ. ඉස්කෝලේ paper එක අපි blank තියලා ආපහු ටීචර්ට දෙන්නෙ නැහැනෙ. ඒ වගේ තමයි. මෙහෙම හැමදෙයක්ම හිතුවොත් ජීවිතේ ආපස්සට යාමක් තියෙන්නෙ. මෙතන ටිපර් පාක් කරන්න එපා. තමන්ට මොකක් හරි කියන්න තියෙන නම් වෙනම comment එකක් විදිහට දා ගන්න."

මේ වගේ  චමල් අකලoක අදහසට ප්‍රතිපක්‍ෂව ලියපු කොමෙන්ට් තව සැළකියයුතු ගණනක් එතන තිබුනා. මේ ප්‍රතිපක්‍ෂව ලියපු  අයගේ අදහස් වල තියෙන අවුල එකින් එක අපි ලිහමු.

 පළමුවම, අපි අපගේ තරඟ සිලෙක්ටිව් නොහොත් තෝරා බේරා ගැනීමකින් යුතුව කළ යුතුයි, මොකද අපට එදිනෙදා තරඟ වැදීමට සිදු වන හැම ලොකු හා කුඩා තරඟයක්ම සටන් වැදීමට අවශ්‍ය ශාරීරික ශක්තිය, මානසික ශක්තිය, ආර්ථික ශක්තිය, කාලය, සමාජයීය වටපිටාව හෝ resources නැහැ. ළමයෙකුට කුඩා කාලයේ ඉඳල මෙම තරඟ තෝරා බේරා ගැනීම/choosing your battles ගැන දෙමව්පියන් ඉගැන්වීම හරිම වැදගත්. එහෙම නැත්නම් හැම තරඟයටම පොරකාල ඒ ළමයි ඉක්මනට හති වැටෙනවා (fatigue), ප්‍රමුඛතාව ලැබියයුතු වැදගත් තරඟ වලට එවිට තරඟ වදින්නට වෙන්නේ දුර්වල ආකාරයට.  මේ තරඟය ගමේ අවුරැදු උත්සවයේ බනිස් කෑමේ තරඟයක්, ළමයෙකුගේ ජීවිතයේ කිසිම වැදගැම්මකට නැතිම තරඟයක් (සoස්කෘතිකව වැදගැම්මකට නැති තරඟයක් නොවේ, වරදවා වටහා ගන්න එපා). ඒ නිසා මෙතන පොරකාගෙන, දඟලගෙන, ලේ කෝප කරගෙන  නටන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ ළමයා තමන්ගේ ශක්තිය ඊට වඩා වැදගත් තරඟයකට යොදවා ගැනීමට ඉතිරි කර ගනීවි.

 දෙවන වැදගත් කාරණය තමයි ජීවිතය කියන්නේ එන එන හැටියට එදිනෙදා රස විඳියයුතු දෙයක් මිසක අනවශ්‍ය තරඟකාරීත්වයක් නිසා අපායක් කර ගත යුතු දෙයක් නොවේ. ගමේ අවුරැදු උත්සවයේ බනිස් කෑමේ තරඟය වගේ ඒව තනිකරම ආතල් එකක් ගත යුතු අවස්ථා. ආතල් එකක් ගත යුතු අවස්ථා අනවශ්‍ය ලෙස තරඟකාරී කර ගැනීමෙන් වෙන්නේ ආතල් එක කුඩු වෙලා තරහ වෛරය ද්වේශය එක්ක පැහි පැහී ඉන්නයි.  ළමයෙක්ට ජීවිතය නිවී සැනසිල්ලේ රස විඳීමට දෙමව්පියන් කියල දිය යුතුයි.

මේ වීඩියෝවේ ළමයා හිමීට බනිස් කෑවේ බඩ පිරී තිබීම නිසාද බඩ රිදීම නිසාද බඩ බුරුල්ව තිබීම නිසාද බනිස් පරණ වීම නිසාද බනිස් වලට අකමැති වීම නිසාද වගේ බාහිර හේතුවක් නිසාද ඇත්තටම දෙමාපියන් බුද්ධිමත් ලෙස ළමයව කෝච් කරන නිසාද දන්නැති උනත් සන්කේතාත්මකව ඒ සිද්ධිය වටිනවා.

ලන්කාවේ අවුරැදු ක්‍රීඩා දකිනකොට මතක් උනේ, ඇමරිකාවේ නත්තල් කාලෙට ආයතනයක, පාසළක, පවුළක හෝ වෙනත් සමාජ කවයක හැම තැනම වගේ වයිට් එළිෆන්ට් යනුවෙන් හඳුන්වන තෑගි හුවමාරැ කර ගන්නා තරඟයක් පවත්වනවා. සාමාන්‍යයෙන් ඩොලර් දහයේ උපරිමයකට යටත්ව හැමෝම "ලාබ" තෑග්ග බැගින් තනි තනිව ඇරගෙන තෑගි ඔතන කොළ වල ලස්සනට ඔතල ගෙනත් නතතල් ගහ යට අසුරනවා. දහදෙනෙක් සාදයට ආව නම් තෑගි දහයක් නතතල් ගහ යට තියෙනවා. වයිට් එළිෆන්ට්තරඟයේදී කොනකින් පටන් අරන් වරකට එක් අයෙක් බැගින් අර නතතල් ගහ යට තෑග්ගක් අරන් ඒක ඕපන් කරල හැමෝටම පෙන්වලා අගය කරලා ස්තූති කරලා තමන්ගේ නතතල් තෑග්ග ලෙස ලබා ගන්නවා. ඊළඟට නතතල් ගහ යට තෑග්ගක් අරගන්න අවස්ථාව ආව කෙනාට ගහ යටින් අළුත්ම තෑග්ගක් ගන්න හෝ මේ දක්වා නතතල් ගහ යට තෑග්ගක් අරන් ඒක ඕපන් කරපු තරඟකරැවන්ගේ තෑග්ගක් ඩැහැ ගන්න පුළුවන්. එලෙස තෑග්ගක් ඩැහැ ගත් පසු තෑග්ග නැති උන පරණ තරඟකරැවාට නැවත අවස්ථාවක් ලැබෙනවා ගහ යටින් අළුත්ම තෑග්ගක් ගන්න හෝ මේ දක්වා නතතල් ගහ යට තෑග්ගක් අරන් ඒක ඕපන් කරපු තරඟකරැවන්ගේ තෑග්ගක් ඩැහැ ගන්නට. මෙලෙස කිසියම් එක තෑග්ගක් ඩැහැ ගන්නට පුළුවන් වන්නේ තුන් පාරක් පමණයි. එය ඩැහැ ගත්  තුන්වැන්නාට අයිති වෙනවා. ඉතින් මේ තරඟයේ ආතල් එක තියෙන්නේ නොදන්නා තෑග්ගක් ඕපන් කරන එක, තම හිතවතුන් සමඟ සතුටු වන එක, තෑග්ගක් ඩැහැ ගන්නකොට ආතල් එක වගේ දේවල මිසක තෑග්ගේ වටිනාකම මත නෙමේ, මොකද හැම තෑග්ගම ලෝ බජට් ඒවා. ඒක හිතලම ලෝ බජට් කරල තියෙන්නේ නැත්නම් තෑගි වල වටිනාකම මත තරඟයේ සතුට විනාශ වෙන ගැටළු ඇති වන නිසා. මේ තරඟයේදී අධික ඝෘණාත්මක තරඟකාරී මිනිස්සු ඉතා අශෝභන ලෙස හැසිරෙන ආකාරය මම දැකල තියෙනවා. මේ ඒවායින් කීපයක්;

(මගේ වැඩිහිටි මුළු ජීවිතකාලෙම ගෙවුනේ විශ්වවිද්‍යාළ වල එක්කෝ ශිෂ්‍යයෙක් නැතිනම් වෘත්තිකයෙක් ලෙස නිසා මා දුටු බොහෝ තරඟ විශ්වවිද්‍යාළ වල  ඒවා වන අතර දුප්පත් යැයි පවසන්නේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකට අනුවය.)

1. වතාවක් තමන්ගෙ දුප්පත් ඉන්ටනැෂනල් ශිෂ්‍යයන්ට ලැබුණ එක කුඩා සෙල්ලම් බඩු තෑග්ගකට අධික ලෝභයෙන් විශාල පඩියක් ගන්නා මහාචාර්‍යවරියක්  පන්න පන්න ගොස් ඒ තෑග්ග ඩැහැ ගැනීම.

2. පිළිකා රෝගියෙක් තමන්ට ලැබුන කුඩා තෑග්ග එම රෝගයේ වේදනාව අඩු කරන කොළර් එකක් හෝ එවැනි යමක් වීම නිසා මහත් සතුටින් ඒ බව පවසා සිටියදී වෙන කෙනෙක් එය ඩැහැ ගැනීම

3. ඉතාමත් ධනවත් මහාචාර්‍ය බිරිඳක් තම සැමියාගේ දුප්පත් ශිෂ්‍යයන්ගේ වයිට් එළිෆන්ට් තරඟයේදී ලැබුන තෑග්ග ඕපන් කර බලද්දී එය දුප්පත් හැඳි සෙට් එකක් වීම නිසා තරහ යෑම

4. වර්ණ අන්තවාදියෙක් මුහුණ පුළුටු කරගෙන තමන් (අනිත් හමේ පාටවල් සහිත අය සමඟ) මෙම තරඟයට සහභාගී නොවන බව පැවසිම   

5. හැම විටම පරපෝශිත ලෙස හැසිරෙන අයෙක් තෑග්ගක් නොගෙන පැමිණ ඒ බව නොකියා තරඟයට සහභාගී  වීම ආදී සිදුවීම් ගණනාවක් මම දැක තිබෙනවා.

ඒ වගේම ඉතා සුන්දර ආකාරයට හැසිරෙන යහපත් මිනිසුන්ද වයිට් එළිෆන්ට් තරඟ වලදී මා දැක තිබෙනවා.

1. තෑගි ගෙනෙන්නට බැරි වූ අය ඉඳී අනුමාන කර තෑගි හතර පහ ගෙනාපු මිනිස්සු

2. තරඟය අවසානයේ තමන්ගේ තෑග්ග කාටහරි පරිත්‍යාග කරපු මිනිස්සු

3. අනිත් අය ඩොළර් දහයේ තෑගි ගේන බව දැන දැන ඩොළර් සීයක විතර මාසෙ කන්න ඇති තරම් බඩු පට්ටි ඇරන් දුප්පත් ශිෂ්‍යයන්ගේ වයිට් එළිෆන්ට් තරඟ වලට ආපු පෝසත් මහාචාර්‍යවරැ

4. වටිනා තෑගි තමන්ට ලැබුනම ඒව දුප්පත් ශිෂ්‍යයන් ඩැහැ ගනිද්දී අවන්කවම සතුටින් ඒවා අතහැරපු, ලාබම තෑග්ග ලැබෙන්නට පතමින් හිතලම කුඩාම තෑගි තෝර ගත්ත පෝසත් මහාචාර්‍යවරැ ගණනාවක් මම දැක තිබෙනවා.

කල්පනා කරල බලද්දී වයිට් එළිෆන්ට් තරඟයේ නැට්ට පාගගෙන පොරකාපු අයගේ හැමෝම වගේ පවුල් ජීවිත අවුල්, ළමයි එයාලව අතහැරල දාල, හරිහමන් යාළුවො නැහැ, නෑදෑයො ඉන්නෙ සල්ලි කඩා ගන්න පමණයි, පරණ ශිෂ්‍යයො එක්කො කතා කරන්නෙවත් නෑ නැත්නම් රෙකමන්ඩේෂන් ලියුම් ඕනෙ නිසා අතේ දුරින් හිටියා, සෞඛ්‍ය ගැටළු ගොඩයි, හිතේ කිසි සතුටක් නෑ කොටින්ම වයිට් එළිෆන්ට් තරඟෙ දින්නට ජීවිතේ වැදගත්ම තරඟ සියල්ලම පාහේ පැරදිලා. 

වයිට් එළිෆන්ට් තරඟයේ පරාර්ථකාමීව හැසිරැණ හැමෝටම හොඳ පවුල් ජීවිත තිබ්බ එක්කො තම මතයට තනිකඩව සතුටින් හිටියා, ළමයි හදපු අයට ළමයි එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබුනා, හොඳ සමාජ සම්බන්ධතා තිබ්බා,  පරණ ශිෂ්‍යයො  දරැවන්ටත් වඩා ආදරයෙන් හොයල බැලුවා, පුදුම තෘප්තියක් තිබුනා, ඔවුන් පොහොසත් උනාට පට්ට පෝසත් වෙන්නට ධනය ගොඩ ගැසුවේ නැහැ, සමාජ සේවය කලා, දරැකමට ළමයි හදා ගත්තා, ලෝකය වටේ ඇවිද්දා. කොටින්ම වයිට් එළිෆන්ට් තරඟෙ විහින් පැරදුනාට ජීවිතේ වැදගත්ම තරඟ සියල්ලම පාහේ දිනලා. 

මෙහි පුදුම වීමට දෙයක් නෑ. ඕනෑ එකට සහ එපා එකට තරඟ කරන්නට පුරැදු වූ ළමයි වැඩිහිටියන් වූ පසු සමාජය සමඟ ගණුදෙනු කරන්නේ විශාළ ඝෘනාත්මක තරඟකාරීත්වයකින් නිසා කිසිම සමාජ සම්බන්ධතාවයක් නීරෝගී නැහැ. ඔවුන්ට කපටි අවස්තාවාදී බොරැ යහළුවන් ඇති නමුත් සැබෑ යහළුවන් නැත, මන්ද තමන්ගේ යහළුවා සමඟද තරඟයක යෙදෙන ඔවුන්ට කල්‍යාණ මිත්‍රකම් පවත්වා ගැනීම අමාරැය, එලෙසම ඔවුන්ට නෑයන් ඇති නමුත් සැබෑ නෑයන් නැත, කාර්‍යාළ වල අම්බ ටොක්සික් වර්ක් කල්චර් පවත්වා ගනී, ගෙදරද සහකරැවා සහ ළමයින්ගේ ඔළු කයි, තමන්ටද සතුටක් නැත.

ඒ නිසා Always Choose Your Battles.

 නියම තරඟ නම් තමන්ගේ සෞඛ්‍යය ඉහළ නoවා ගැනීමේ තරඟය, තමන්ගේ දුබලතා හඳුනාගෙන පිළියම් යෙදීමේ තරඟය, තමන්ගේ අධ්‍යාපනික ඉලක්ක ළඟා කර ගැනීමේ තරඟය, තමන්ගේ වෘත්තීමය ඉලක්ක ළඟා කර ගැනීමේ තරඟය, තමන්ගේ පවුලේ සතුට වැඩි කර ගැනීමේ තරඟය, තමන්ගේ විශ්‍රාම දිවියට මුදල් ඉතිරි කරගෙන සැළසුම් කිරීමේ තරඟය ආදියයි. මේ තරඟ බොහොමයකදී ඔබේ ප්‍රතිවාදියා වන්නේ අනුන් නොව ඔබමය. එය බනිස් කෑමේ තරඟ වලට වඩා අසීරැය.

එබැවින්  වයිට් එළිෆන්ට් තරඟ, බනිස් කෑමේ තරඟ, කාර්‍යාලයේ ලස්සනටම අඳින නෝනා වීමේ තරඟ, පොර වීමේ තරඟ, පෙට් වීමේ තරඟ, පාට් දාපු එකාට එකට එක කිරීමේ තරඟ, අසල්වැසියන්/නෑයන්ට වඩා මොකකින් හෝ ඉහළ යෑමේ තරඟ වගේ පොඩි පොඩි තරඟ උඩ පැන පැන තරඟවැදීම අතහරින්න.

ඒ ඉතිරි කරගත් ශක්තිය ඊට වඩා විශාල, ඊට වඩා වැදගත් තරඟ වලට යොදවන්න. 

Always Choose Your Battles

"අවුරුද්දෙ දැකපු ලස්සනම වීඩියෝ එක තමයි පුංචි දුවෙක් බනිස් කෑමේ තරගයකදි සීරුවට හිමිට බනිස් කන වීඩියෝ එක.

 ඉපදුණ දවසෙ ඉඳන් අපේ දරුවන්ව අපි බලෙන් තරගෙකට ඇදලා දානවා.  පොඩි එකාගෙ ඇඟේ අවයව ටිකවත් හරියට තියනවද කියලා නොදැන ලොකු ඉස්කෝල හොයනවා. 

ඉස්කෝලෙන් චිත්‍රයක් ඇඳන් එන්න කිව්වම අම්මා චිත්‍රයක් ඇඳලා යවනවා. ඇයි ඒ. අනිත් පොඩි උන්ට වැඩිය තමන්ගෙ එකාව උඩට දාන්න. අම්මට ඕනෙ පොඩි එකාට චිත්‍ර අන්දන්න නෙමෙයි. උගෙ නිර්මාණශීලී බව වැඩිකරන්න නෙමෙයි. අනිත් ළමයි අතර විශේෂ කරන්න. ඒ හින්දම මගේ පුතා මෙහෙමයි කියලා ආඩම්බර වෙන්න. කාවද මේ රවට්ටන්නෙ ?. 

සිස්සත්ත විබාගෙ වෙද්දි අවුරුදු දහයක දරුවෙක්ට බල කරනවා එක පේපර් එකකට ලකුණු 90 ක් ගන්න. ඔව් 90 ක් !!  90 ක් ගත්තමත් 180 යි. ඒත් මදි. 200 ළමයි 5 දෙනෙක් ඉන්නවා ලංකාවෙම.

ඉස්කෝලවල, විශ්වවිද්‍යාලවල ළමයින්ගෙ පොත් හොරකම් වෙන්නෙ ඇයි, හය හතර නොතේරෙන පොඩි එවුන් විබාගෙදි යාළුවට නොපෙනෙන්න ෆයිල් එකකින් වහගෙන ලියනවා තරගෙට. 

ඔය තරගෙ ඔහොම්මම ඉස්සරහට යනවා. අපි ගෙවල් හැදුවෙ තරගෙට. අරයගෙ ගෙට වැඩිය හොඳ එකක් හදන්න. වෙඩින් ගත්තෙ. වාහන ගන්නෙ තරගෙට. ඡන්දෙ දෙන්නෙ දිනන පැත්තට. හම්බකරන්නෙ තරගෙට. අඳින්නෙ තරගෙට. අරයා ඇන්ද එක මටත් ඕනෙ. ඉගෙනගන්නෙ තරගෙට. ෆැෂන් කරන්නෙ තරගෙට. අල්ලපු ගෙදරට කාරෙකක් ගෙනාවොත් අපිටත් ඕන වෙනවා. ඕස්ට්‍රේලියාවේ ලොක්ඩෞන් වෙලාවෙ සුපර්මාකට් වල ටොයිලට් පේපර් රෝල් පිටින් ගෙවල්වල අරන් ගිහින් ඉවරවුනා. අපි පරදින්න බයයි. අහිමිවීම් වලට නැති වීම්වලට බයයි. අපි හැමතිස්සෙම අපේ තෘප්තිය තීරණය කලේ අනෙකාගේ හැසිරීමක් මත. 

ඔබ වගේම මම කරන්නෙත් මේ රේස් එක දුවන එක. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මම ද ඇතුළුව අපි හැමෝවම බලෙන් මේ තරගෙට ඇදලා දාලා තියනවා කියන එක. අපිට තේරෙන්නෙ නැහැ අපි අනුන් හදපු රේස් එකක් දුවනවා කියලා.

අපි හැමෝම ජීවිතේ හැම වෙලාවෙම මේ ගේම් එකේ ඉන්නෙ. මේ ගේම් එකට කැරට් අලය විදිහට අපිට අසීමිත ආසාවන් සිස්ටම් එක විසින් පෙන්නලා දුවන්න දීලා තියනවා. අපි කෙලවරක් නොදැන හැල්මේ දුවනවා. අපි දන්නෙ නෑ අපි මොකක් පස්සෙන්ද මේ හැල්මේ දුවන්නෙ කියලා. 

නමුත් අන්තිමේදී  මේක තේරෙනකොට හතිවැටිලා ඉවරයි. අපේ විමුක්තිය අනෙකා මත තීරණයවෙන දෙයක් නෙමෙයි කියලා තේරුංගන්නකොට අපි සෑහෙන ප්‍රමාදයි.

මම ලියන්න ආසා කෙනෙක් විදිහට අනිත් අය පොත් ලියන හින්දා මාත් එකදිගට ලිව්වොත් මොකද වෙන්නෙ. මම ලියලද. මම ලියන තරගයක් කරලද. උඹේ පොත ඉවරද කියලා අහන බනින යාළුවො දන්නවා. මට දැන් මේක හරි කියලා හිතෙනකං ඉන්නවා. මං තරගෙට පොත් ලියලා මොනවා දිනන්නද. ? මට තරගෙ තියෙන්නෙ මං එක්ක. මට සැටිස් වෙන තරමට ලියන එක විතරයි මට වැදගත් වෙන්නෙ. 

මම මේ කියන්නෙ ක්‍රිකට් සෙල්ලං කරන්න එපා, ඔලිම්පික් යන්න එපා, තමන් ඔහේ ඉන්න එක වගේ කතාවක් නොවන බවට ඔබට තේරුම් ගන්න පුළුවන්. මොකද තරගය කියන එක ලස්සනටම කරන තැන තමයි ක්‍රීඩාව කියන්නෙ. ඒකයි ඒ ජීවගුණය නැතුව හොර කරන තැන්වලදි අපි ඒකට විරුද්ධ වෙන්නෙ. 

නමුත් දුවගෙ වීඩියෝ එකත් එක්ක මේ කතා කරන්නෙ අපේ ජීවිතත් එක්ක කරන රේස් එක ගැන.  මේ දුව අපිට උගන්නන පාඩම තමයි ඒක. මොකද මේ දරුවගෙ හිතේ එහෙම අනිත් අය පරයා යාම පිළිබඳ කිසිම අදහසක් ව්ධිමත් ක්‍රීඩාවක් සම්බන්ධයෙන් හෝ නැහැ. වැඩිහිටියන්ගෙ හිතේ තියන ජය හෝ පරාජය සම්බන්ධයෙන් කිසිම අදහසක් නෑ. දුවට අපිට වගේ අනෙකෙක් නැහැ. පුංචි අම්මගෙ දුව බැන්දම ඒකිට වැඩිය හොඳට නෑයොන්ට රිදෙන්න ගේමට අපේ දුවගෙ වෙඩිම ගන්න අපිට හිතෙනවා වගේ එයාගෙ යාළුවො හදිස්සියෙ බනිස් කෑවා කියලා මේ දුවට වේගෙන් කන්න හිතෙන්නෙ නෑ.. එයාගෙ යාළුවො වේගෙන් තරගෙට කෑවා කියලා එයාට රිදෙන්නෙ නෑ. 

මේ දුව ඉන්නෙ දුවන අපි දිහා බලාගෙන නැවතිලා. 

තමන් නොහිතා ලෝකය විසින් බලෙන් ඇදලා දාපු රේස් එකක හැල්මේ දුවමින් හිටපු අංගුලිමාලට,  බුදුහාමුදුරුවො මීට අවුරුදු දෙදහකට විතර කලින් මේ ජීවිත රේස් එක ගැන හොඳම උත්තරය දුන්නා.  

මේ මුළු සටහනම සහ දුවගේ වීඩියෝ එක වචන පහකට ගන්න බුදුහාමුදුරුවො අංගුලිමාලට දීපු ඒ  උත්තරේට පුළුවන්.

මම නැවතී සිටිමි. ඔබද නවතින්න !

සුබ අලුත් අවුරුද්දක් වේවා !!

-Chamal Polwattage (https://www.facebook.com/chamalap)

Friday, April 12, 2024

ලාන්කික වැරදි ආකල්ප එළියට ආපු ගීත රචනා

Stalking නොහොත් ඉතා සූක්‍ෂම සහ රහසිගත (බොහෝවිට තමන් කරන්නේ නුසුදුසු දෙයක් බව තමන්ම දන්නා නිසා)  ආකාරයට තවත් කෙනෙක් ගැන සෙවීමට ඇබ්බැහි වීම දියුණු රටවල දඬුවම් ලැබියහැකි වරදක්. විශේෂයෙන්ම යමෙක් රහසේ ලුහුබැඳීම, කරන කියන දේ සෙවීමට ඇබ්බැහි වීම, කිසිම ආකාරයකට හිරිහැර වන ලෙස හැසිරීම ආදිය දඬුවම් ලැබියහැකි වැරදි. නමුත් ලන්කාවේ නම් ඕව සාමාන්‍යයිනේ. ඉතින් නෙලූ අධිකාරී ගයන මම යන්නම් ගීතය තනිකරම stalker කෙනෙක්ගේ ගීතයක්. 

 මම යන්නම් . . .

ඔබ කියන විටක යන්නම්

ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්

මොහොතක් හෝ . . .

ඔබ දැක ගනිමින් යන්තම්

ඒ වනතුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම් . . .

ඒ වනතුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම් . . 

පුදුම වැඩේ කියන්නෙ ලන්කාවෙ සින්දුවක ගීත රචකයා හෝ සන්ගීතඥයාව සඳහනක් වත් නැහැ, ඒව ගන්න ඩේට බේස් එකක් නැහැ, ඉතින් මේක ලිව්වෙ කවුද කියල මම දන්නෙ නැහැ. හැබැයි, කොම්පියුටරේ පද ටික ටයිප් කරපු එකාගේ නම නම් පොල්ගෙඩි අකුරින් දානව. සුනිල් ආරියරත්න පද රචනය කරපු බවක් නෙලූගෙ යූටියුබ් චැනල් එකෙන් අනුමාන කරන්නට පුළුවන්.

ඒ කිව්වම මතක් උනේ, ඔරිජිනල් පොත ලියපු එකාගෙ නම කූඹි අකුරැ වලින් දාල පරිවර්තනය කරපු එකාගෙ නම පොල්ගෙඩි අකුරින් දානව. සමහර ඒවල එහෙමවත් නෑ, අඩුම තරමින් තමන් පරිවර්තකයා බව වත් සඳහන් නොකර තමන් ලිව්ව වගේ. ආතර් කොනන් ඩොයිල් ගේ කතා තමන්ගෙ වගේ විකුනන චන්දන ලොක්ක දත් දොස්තරයෙක්නේ, හැබැයි සදාචාරය බින්දුවයි.  ඒ කතා පළ කරන්න අවසර අරන්ද දෙයියො තමා දන්නේ.



ඉතින් රන්ග ඩයස්ල ඒක ජාත්‍යන්තරවම කරන්න හදන්නේ ලාන්කික අපට වෙන කෙනෙක්ගේ බුද්ධිමය දේපළ තමන්ගෙ වගේ පාවිච්චි කරන එක සාමාන්‍යකරණය වෙච්ච නිසා, හරියට සාමාන්‍යකරණය වෙච්ච stalking වගේ.

 ඉහත ගීතය ගොඩක් මිහිරි නිසා එය ඉතා ජනප්‍රිය උනා. නමුත් එහි පද වල මොනතරම් අපුළක් තියෙනවාද? මෙලෙස ආදරය වැරදියට අර්ථකතනය කරපු ගීත ජනප්‍රිය උනාම ඒව  ඔළු වල තැන්පත් වෙනවා. ආදරය කියන්නේ අඬ අඬා පස්සෙන් යෑම හෝ තමන්ගෙ ජීවිතේ අනෙකාගේ දෙපා මුළට වීසි කිරීම හෝ stalking  ආදිය බව හිතනවා.

මම ඊළඟට තෝර ගත්තේ උපාළි රන්තිලක ගයන යමුනා මාලනී පෙරේරා ලියපු දුර කඳු යාය මටයි ගීතය. 


ඉහත ගීතයත් ගොඩක් මිහිරි නිසා එයත් ඉතා ජනප්‍රිය උනා.

 මේ පද වල බැලූ බැල්මට ඒ හැටි වැරැද්දක් නැහැ වගේම පද තම තමන්ට කැමති ලෙස අර්ථ දක්වන්නට පුළුවන්. මගේ අදහස අනුව දුර කඳු යාය (විශාල ප්‍රමුඛ දේ) සහ මුළු ලෝකයම මටයි කියන පිරිමියා තම ආදරවන්තියට ඒ කඳු යාය මත ඇති කුඩා තණපළස (කුඩා සපෝටිව් රෝල් එක) සහ තම ආදරය ඇයගේ බව පවසනවා. මේ ඇටිටියුඩ් එක තරම් අප්‍රසන්න ඇටිටියුඩ් එකක් මට තවත් නැහැ. මොකද මම ඕනෑතරම් දැකල තියෙනව ලන්කාවෙන් එකම උපාධි ඇරන් (සමහරවිට වයිෆ් ඒ උපාධියෙ ඉහළ පර්ෆෝර්මන්ස් පෙන්නපු කෙනා), ඇමරිකාවෙ ඇවිත් හස්බඬ් පශ්චාත් උපාධිය කරද්දි, කුඩා අපාර්ට්මන්ට් එකක අගහිඟකමේ ඉඳන්  ළමයි හදන් ගෙදර උයා පිහාගෙන ඉඳල, පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේදී ආසාවෙන් සැමියාගේ ලෝගුව අතගාල බලන "නිකම් ගෙදරට වෙලා ඉන්න" ගෑනු.  

මුළු ලෝකයම මට දීල මගේ ආදරේ විතරක් උඹ ගනින් කියපුවම ඒකෙ බරපතලක් නොදැන ඔළුව වනල එකඟ වෙලා, තමන්ගේ ජීවිතේ හැම හීනයක්ම, වටිනාකමක්ම සහ අනන්‍යතාවය පවා විනාස කරගෙන, හැරෙන්න බැරි දුරක් ඇවිත් නිහඬවම හූල්ලන ගෑනු මම දැකල තියෙනවා. වාසනාවකට මම තෝර ගත්තේ මගේ හීනෙ වඩාත් ලස්සනට පාට කරල මටත් වඩා ඒ ගැන එක්සයිට් වන සහකරැවෙක්. දුර කඳු යාය සහ මුළු ලොවම ඔබටයි, ඔබට අවශ්‍ය  හැමවිටම මම ඔබේ පසෙකින් ඉන්නව කියන සහකරැවෙක්. 

ප්‍රණීත් අභයසුන්දර රචනා කළ සනත් නන්දසිරි ගයන මුළු ලොව මගෙන් අසාවී සහ මිල්ටන් මල්ලවාරච්චි ගයන (රචනා කළේ කවුද හොයා ගන්න බැහැ) කෙසේ කියන්නද ඔබ මා අතහැර, අද හෙට ඔබ මා අතහැර යන බව ආදී ගීත වල පද වලින් හයිලයිට් වෙන්නේ ප්‍රේමය බිඳ වැීමේදී මම ලෝකයට කියන්නෙ මොකක්ද යන්නයි. ලෝකයට ඕනෑ පරිදි හෝ ලෝකයට මුහුණ දීමට බියේ හෝ ලෝක මාන්නයට වැඩ කිරීම කියන්නෙ ඉතින් පට්ට ගොබ්බ ශ්‍රී ලන්කන් ජානයක්. ඒක ලන්කාවේ බත් කන හරකුන්ට ජානගත කිරීමට මෙවැනි අතිශය ජනප්‍රිය වූ ගීතද ඉවහල් උනා.