Thursday, May 11, 2023

අළු/ගංගා ජයසිංහ පෝස්ටුව සහ මගේ සත දෙක

 ලකේ පන්කාවෙ ඉළව් බිහේවියර් එක ගැන කියල කට ගන්න කළින් ගoගා ජයසිoහ ඊට සමගාමීව හොඳ පෝස්ට් එකක් ලියල තියන නිසා ශෙයාර් කරන්න හිතුනා. ලකේ පන්කාවෙ විශාල රැල්ලක් යනව කාලෙක ඉඳල ලිවින් ටුගෙදර් ප්‍රමෝට් කරන, කොල්ලට හිතේ හැටියට අත පත ගාන්න නොදෙන කෙල්ලො වැරදියි උන්ව හලපල්ල කියල මතයක් හදන. 

මෙහෙමයි, ඕක විෂම චක්‍රයක් නිසා සම්පූර්ණ චක්‍රයම නොකඩා කෙල්ලො ලව්ව බෝයි ෆ්‍රෙන් එක්ක සෙස් කොරව ගන්න බෑ ඕයි. විෂම චක්‍රය පටන් ගන්නෙම සන්ස්කෘතිය සදාචාරෙ කිය කිය ගෑනු ළමයින්ව පොඩි කාලෙ ඉඳන් සෙස් වලට පරාණ බය කරල (කොච්චරද කියනවනම් උන් කසාද බැන්දහම වැජිනිස්මස් හැදිල, සීයට බර ගණනකට ඕගසම් නාමයක් නැති, දර කොට වගේ ඇඳ උඩ දපන මට්ටමටම), ඊළඟට රටේ අන්තිම වනචර උප සන්ස්කෘතියෙන් උන්ව මහමඟ වැඩපලේ පාසලේ බණ මඩුවෙ කඩේ පිළේ ලින්ගිකව අපයෝජනය කරල කරල, බොඩි ෂේමින් කරල කරල, අහවල් වයසට කළින් කසාද බැඳල අහවල් වයසට කළින් ළමයි හදන්න ටාගට් දීල, දෙන්න තියන උපරිමේටම ප්‍රෙෂර් කරල, කන්‍යා පටල හොය හොයා ඔළු කාල, කන්‍යා බාවෙ ඔප්පු කරල කසාද බැඳල ළමයි හදන්න දීපු ටාගට් කවර් කරපු ගමන්ම, හුස්මක් කටක් ගන්න නොදී, ඊට සම්පූර්ණ ප්‍රතිවිරැද්ද ටාගට් සෙට් එකක් දීල - ඔයාගෙ ඇඟ හදා ගන්න, ඔයා ළමයි බලා ගන්න (මෙළෝ සිහියක් නැතිව ගෑනි බඩ කරපු, ෆිගර් එක මේන්ටේන් කරන්න කිසිම සහයෝගයක් නොදෙන, ඒවට මුදල් වියදම් කරන්න අකමැති බේසිකයමයි කියන්නෙ ඈ), ඔයා ගෙදරට ආදායමක් ගේන්න ඔයා නිකන් ඉන්න එපා,(රස්සාවෙන් අස් වෙන්න, ඔච්චර ඉගන ගන්න එපා කියපු  බේසිකයමයි කියන්නෙ ඈ ),  ඔයා සෙස් වලදි ඇක්ටිව් වෙන්න (කන්‍යා බාවෙ ඔප්පු කරපු සෙස් මළදානයක් නොදැන හැදුන එකියක් හොයපු බේසිකයමයි කියන්නෙ ඈ මම අහන්නෙ, කන්‍යා බාවය ඔප්පු කරන්න රෙදි උස්සගෙන නටපු එකෙක්ටවත් ඊට පස්සෙ කන්‍යාබාවෙ රැකපු ගෑනි ගැන අගයක් ගරැත්වයක් තියෙනවද, පොඩ්ඩ බැරි උනාම ඒසි කියල කතා කරන්නෙ ඊට පස්සෙ. කන්‍යාබාවෙත් හරියට ඕලෙවල් වගේ, පාස් උනා කියල සත පහක වැඩකුත් නෑ ෆේල් උනොත් ජීවිතේම ඉවරයි) ඒ ගෑනු පණ පිටින්ම අපාගත කරනව. ඉතින් ඔය එක පැත්තකින් සන්ස්කෘතිය සදාචාරෙ කිය කිය ගෑනු ළමයින්ව සෙස් වලට බය කර කර, අනිත් පැත්තෙන් කසාදෙට පෙට්ටි නොකඩපු බඩු හොය හොය, තව පැත්තකින් ලව් කරන කාලෙ සෙස් නොකරන ගෑනු විවේචනය කර කර, තව පැත්තකින් ලව් කරන කාලෙ සෙස් කරන ලිවින් ටුගෙදර් කරන ගෑනුන්ට සිදු වෙන අපයෝජනයකදී (තබා කසාද ගෑනියකට සිදු වන හින්සනයකදී) කිසිම හරි හමන් නීතී නැතිව, ගෑනුන්ව නන්නත්තාර කරල තියෙන්නෙ. ඉතින් ලකේ පන්කාවෙ ගෑණු ඔය මික්ස් සිග්නල්ස් වලට මික්ස් රෙස්පොන්සස් දිදී පිස්සු කෙළ කෙළ හරි මොලේ බාගෙට කොළොප්පන් උනත් සම්පූර්ණයෙන්ම කොළොප්පන් නොවී,  ඔය නරා වලේ ඉන්න එක ගැන සතුටු වෙයල්ල.

ඉතාලි සබඳතා:

පළමු දිනය= ලිංගිකව හැසිරීම්

දෙවන දිනය= නැවතත් ලිංගිකව හැසිරීම.

ප්‍රංශ සබඳතා:

පළමු දිනය = චිත්‍රපට සහ පළමු හාදුව

2 වන දිනය = ලිංගිකව හැසිරීම

3 වන දිනය = නැවතත් ලිංගිකව හැසිරීම.. 

බ්‍රිතාන්‍යය සබඳතා:

පළමු දිනය = hangout සහ kiss

දෙවන දිනය = සිප වැළඳ ගැනීම

3 වන දිනය= සිපගැනීම, වැළඳ ගැනීම සහ සිපගැනීම

4 වන දිනය = ලිංගිකව හැසිරීම් සහ නැවතත් ලිංගිකව හැසිරීම 

ඇමරිකානු සබඳතාව:

1 වන දිනය = hangout

2nd day= වැළඳගන්න

3 වන දිනය= නැවතත් වැළඳ ගැනීම (උණුසුම් ලෙස)

4 වන දිනය= හාදුවක්

5 වන දිනය= දිගු හාදුවක්

6 වන දිනය= ලිංගිකව හැසිරීම 

ශ්‍රී ලංකානු සබඳතා:

පළමු දිනය= restaurant එකක් තුල 

2 වන දිනය= restaurant එකක් තුල

3 වන දිනය= නැවතත් restaurant එකක් තුල 

4 වන දිනය = කැමැත්ත ප්‍රකාශ කිරීම

5 වන දිනය = restaurant එකක් තුල

6 වන දිනය= restaurant එකක් තුල

7 වන දිනය= ඇයගේ කුසගින්නෙන් පෙළෙන මිතුර මිතුරියන් හෝ ඥාති සොහොයුරියන් තිදෙනෙකු සමඟ නැවත හමුවීම.

8 වන දිනය= hug කිරීමට උත්සහයක්..(අසාර්ථක)

9 වන දිනය= නැවතත් hug කිරීමට උත්සහයක්

10 වන දිනය = මුහුදු වෙරලක හෝ උද්‍යානයක hug කිරීමක්..

11 වන දිනය= සිප ගැනීමට උත්සාහයක් (අසාර්ථකයි) 

12 වන දිනය= සිපගැනීමක්

13 වන දිනය= දිගු සිපගැනීමක්

14 වන දිනය= චිත්‍රපටියක් නැරඹීමට යාම..

15 වන දිනය= නැවතත් චිත්‍රපටියක් නැරඹීමට යාම

16 වැනි දිනය= චිත්‍රපටයක් box එකක සිට නැරඹීමට යාම සහ ලින්ගිකත්වයට උත්සහයක්..(අසාර්ථකයි)

17 වන දිනය= ලිංගිකව හැසිරීමට උත්සාහ කළ නමුත් රණ්ඩු විය..

18 වෙනි දවස= එකිනෙකා එකිනෙකා සමග කතා කරන්නේ නැත...

19 වෙනි දවස= එදිනද කාන්තාව අතිශය තරහයින් සිටීම..

20 වැනි දිනය= පුරුෂයාගෙන් ඇමතුමක් ලැබීම සහ කාන්තාව " මාව අමතක කරන්න.. මං එහෙම කෙල්ලෙක් නෙමෙයි ඔයා එහෙම ඒවට කැමති කෙල්ලෙක්ව හොයාගන්න.." ලෙස පිළිතුරු දීම සහ එක දිගට පුරුෂයා සමාව අයදීම..

21 වන දිනය= කාන්තාව විසින් පුරුශයාගේ සමාව අයදීම භාරගැනීම...

22 වන දිනය= වැළඳ ගැනීම..

23 වන දිනය= හාදුවක්..

24 වන දිනය= දිගු හාදුවක්

25th day= නැවතත් box එකක් තුල චිත්‍රපටයක් නැරඹීමට ගොස් යම් මට්ටමකින් ලිංගිකව හැසිරීම..

26th day= නැවතත් box එකක් තුල කරනු ලබන ප්‍රාථමික මට්ටමේ ලිංගික හැසිරීම්.. 

27th day= ලැගුම් හලකට එකකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම.. 

28 වන දිනය= නැවතත් ලැගුම් හලකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම

29 වන දිනය= පුරුෂයාගේ වෙනස් වීම.. 

30 වන දිනය = ඔහු සතුව පෙම්වතියන් එක්මිලියන හාරකෝටි තිස්තුන්දහසක් සිටින බවත් එම නිසා තමා අම්බානකට රැවටී ඇති බවත් එම කාන්තාව තේරුම්ගෙන facebook හි අතිශය දුක් සහිත වේදනාකාරී post share කිරීම

31 වන දිනය = මෙසේ මාස දෙකක් ගත කරන විට එම දුක කීමට තෝරාගනා පුරුෂයෙක් සමග නැවත සම්බන්දකමක් ආරම්භකර ඉහත දහවන දිනයෙන් ඔබ්බට සිදුවන දෑ ඒ පිලිවෙලින්ම නැවත සිදු කිරීම...

ගංගා ජයසිංහ

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...