Monday, November 14, 2022

ඇරියස් තියාගන්න එපා -අනිශා ජයකොඩි

 

අනීශා ජයකොඩිගේ පහත පෝස්ටුව ගොඩක් වටිනවා. ළමයි හැදීම ගැන කතිකාවක් ඇති වීම ගොඩක් හොඳයි, මොකද මේ මෑතක් වන තුරැම  ළමයි හැදීම ගැන කිසිම කතිකාවක් නැතිව අන්දභූත විදියට ළමයි බෝ කරපු එක තමයි ළන්කාවේ ට්‍රෙන්ඩ් එක වෙලා තිබුනෙ. මේ ගැන හොඳ කතිකාවක්  ඇති උනා ජේම්ස් බණ්ඩගෙ ලිපියකින් (දරු කට්ට කෑම සහ දරුවන්ට කට්ට දීම,https://asammathasatahan.wordpress.com), හැබැයි මට හිතෙනව ජේම්ස් බණ්ඩ අල්ලගත්තෙ හරි කොනෙන් නෙමේ. 

ඔබ නොකා නොබී කට්ට කාගෙන ළමයි හැදීමෙන් පැත්තක සැපට ඉඳල වාසි ලබන කොටස් තුනක් ඉන්නව, 

1. දේශපාළකයින් 

2. පූජකයින් 

3. බිස්නස් කාරයන් 

 ඔබ හදන ළමයි මේ තුන් කල්ලියේ පාක්‍ෂිකයන්, අනුගාමිකයන් සහ පාරිභෝගිකයන් බවට පත් වෙනව, ඒක මේ තුන් කල්ලියේ පැවැත්මට අත්‍යවශ්‍යයි, මොකද පාක්‍ෂිකයන්, අනුගාමිකයන් සහ පාරිභෝගිකයන්  වැඩි වන තරමට ඔවුන්ගේ ප්‍රොෆිට් එක වැඩි වනවා. ඒ වගේම ඔබේ ළමයි නූගත් මොට්ට ඩැමේජ්ඩි කාළකන්නි වෙන තරමට මේ තුන් කල්ලියට රිසි සේ වන්චා දූෂණ කරන්නට පුළුවන්.  ඔබ හරියට කොළිටියට ළමයෙක් හදනවට වඩා කැළේට කොළේට ළමයි තුන හතරක් හදන එක මේ තුන් කල්ලියට වාසියි.  

ඒක නිසා තමයි ලෝකයේම ප්‍රොපගැන්ඩා එකක් තියෙන්නේ ළමයි අපට සම්පතක් ය, ලෝකයේ උතුම්ම පදවිය මව් පදවියය වගේ. නමුත් විද්‍යාත්මකව ඇත්ත නම් ඉපදෙන හැම ළමයෙක්ම ලෝකයට බරක් බවයි. (අද වන විට, ප්‍රස්ථාරය දිහා බලන්න)

ඔබගේ නිවස දෙස බලන්න. එහි ඔබගේ පවුලට සුවසේ වාසය කල හැක, මන්ද ඔබේ නිවස සැළසුම් කර තිබෙන්නේ ඔබගේ පවුලට සුවසේ වාසය කල හැකි ආකාරයටය. එහි අමුත්තන් සඳහාද අමතර කාමරයක් තිබිය හැක. දැන්, ඔබගේ නිවසට එක දවසකට අමුත්තන් එකා බැගින් ඇතුළු කරන්න. මුල් අමුත්තන් එකා දෙන්නා සඳහා එහි ඉඩ ඇත. ඔබට ආගන්තුක සත්කාරද කල හැක.  නමුත් අමුත්තන් හත අටක්, දහය දොළහක් එහි පිරෙන විට ගෙදර වැසිකිළි, නාන කාමර, මුළුතැන්ගෙහි පහසුකම් ක්රමක්රමයෙන් මඳ වී ඔබට මහත් පීඩාවක් දැනේ, ඔබට ආගන්තුක සත්කාර තව දුරටත් කල නොහැක. අමුත්තන් ගෙදර වැසිකිළි, නාන කාමර, මුළුතැන්ගෙහි පහසුකම් සඳහා කළහ කර ගනී.  ප්රතිපලය වනු ඇත්තේ පිරිසක් හොඳින් හෝ නරකින් ඉවත් වීමයි.

දැන් ඉහත උදාහරණයේ අපගේ නිවස පෘථිවිය ට සමාන කලොත් සහ ලෝක ජනගහණය අමුත්තන්ට සමාන කලොත්, පෘථිවිය ඇති ආහාර, ජලය, ඉඩකඩ ආදී සම්පත් අනුව එයට දැරියහැකි උපරිම ජනගහණය බිලියන 9-10 අතර බවට ගණනය කර තිබේ. අද වන විට ලෝක ජනගහණය බිලියන 7.9 කි. මෙම අධික ලෝක ජනගහණය විසින් විශාල ගැටළු ප්රමාණයක් නිර්මාණය කර තිබේ.  

ඔබට තේරෙනව ඇති  මිනිස් ශිෂ්ඨාචාරයේ මුළදී ළමයෙක් හැදීම යනු ඇත්තටම ගමට රටට සම්පතක් මොකද ගමේ අඩු ජනගහණය නිසා ගම වල් නොවැදී තබා ගන්න එකම ලොකු සටනක් වූවා. නමුත් අද එය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.


https://www.statista.com/statistics/1006502/global-population-ten-thousand-bc-to-2050/

ඒ නිසා ළමයෙක් හරියට හදන්න ආස සහ ඒ කැපවීම හදවතින්ම සතුටින් කරන්න පරිසරයක් සහ මානසිකත්වයක් ඇත්නම් විතරක් ළමයි හදන්න. කවුරැහරි ඇහුවොත් නෙමේ තමන්ගෙ හෘද සාක්‍ෂිය ඇහුවොත්  ඇයි ළමයෙක් හැදුවෙ කියල "ලෝකයට වඩා හොඳ මිනිසකු ‘තෑගි’ කිරීම" වගේ බොරැ බයිල නොකියා "පරම්පරාව ගෙනියෑමට, වයසට ගියාම බලා ගැනීමට, අනිත් උන් කරන නිසා, ලෝකෙට පෙනීමට" වගේ ගොබ්බ හේතුත් නොවන "මම හදවතින්ම ආස නිසා"  කියන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ කතාව ආත්මාර්ථකාමීද? ඔව්. අපි හැමෝම ළමයි හැදුවත් නැතත් ආත්මාර්ථකාමීයි. අනුන්ට වද නොදී ආත්මාර්ථකාමී වීමේ කිිසිම වරදක් නෑ. 

අකමැත්තෙන් සහ (දේශපාළකයින්, පූජකයින්, බිස්නස් කාරයන්ගේ) ප්‍රොපගැන්ඩා එකට අහු වෙලා ළමයි හදන්න එපා. ළමයි හදනවට වඩා ට්‍රැවල් කරන්න, කාල බීල හොඳට නිදාගෙන නිදහසේ ඉන්න ආස අය දෙයියන් කියල එහෙම ඉන්නවල. ඒ කතාව ආත්මාර්ථකාමීද? ඔව්. අපි හැමෝම ළමයි හැදුවත් නැතත් ආත්මාර්ථකාමීයි. අනුන්ට වද නොදී ආත්මාර්ථකාමී වීමේ කිිසිම වරදක් නෑ. 

ඇරියස් තියාගන්න එපා ✌️ - by Anisha Jayakody

මේ කතාව ප්‍රශ්නයක් විදිහට අරගෙන ආවේ මැදිවියේ කාන්තාවක් ,

මගෙ මහත්තයා හදිසි අනතුරකින් මැරෙනකොට පුතා පොඩියි .

මට වෙන කසාදයක් කරගන්න ඕන තරම් ඉඩ තිබ්බා,ඒත් පුතා ගැන හිතලා මම බැන්දේ නැහැ ,

රස්සාවෙනුත් අස්වෙලා ගෙදරට මහත්තයාගේ පැන්ෂන් එකෙන් පුතාව ලොකු කළා .

යාලුවෙක් එක්ක ට්‍රිප් එකක්වත්  ගියේ නැහැ දරුවා නිසා .

ඒ වගේ දේවල් නිසා පවුලේ අය අතරේ වුනත් මාව කොන් වුනා වගේ උනා කිව්වොත් හරි .

කොහොමින්  කොහොම හරි දරුවා ඉක්මනට ලොකු වුනා .

අම්මා ටිකක් ලෝකෙත් එක්ක ගැටෙන්න ඕන කියලා මට මේ ෆේස් බුක් එක හදල දීලා හොඳ පේජ් ටිකක් හොයල කියවන්න කිව්වෙත් පුතාම තමයි .

එයා දැන් ඉංජිනේරුවෙක් , 

දැනට මාස තුනකට කලින් ඒ කැම්පස් එකේම හිටපු දුවෙක්වම කසාද බැන්දා ,

පුතා වගේම ඒ දුවත් හොඳ දරුවෙක් ,පෙන්නලා කියන්න කිසි වැරද්දක් නැහැ ,

පුතා වගේම ඒ දුවත් මට ආදරෙයි .

ඒත් ,

මට ඒ දුවව දැක්කම කියා ගන්න බැරි තරහක් එනවා .ඒ ළමයා ලස්සන ඇඳුම් ඇඳගෙන මෝස්තර කරනවා දැක්කම ,අල්ලන් ගහන්න තරම් ආවේගයක් දැනෙනවා .ඒ කාලෙ මම ඇඳුමක් වත් නොගෙන පුතා වෙනුවන්ම වියදම් කරපු හැටි මතක් වෙනවා .

කොටින්ම ඒ දෙන්නා නිවාඩු දවසට යාලුවෙක්ගෙ ගෙදර යන්න හැදුවත් මම පුතාට බැනල යන්නෙපා කියනවා .

මන් මුළු ජීවිතේ පුරාම හැමදේම කැප කරලා හදපු එකම දේ පුතා ,

දැන් එයා මාව මායිම් නොකර වෙන වෙන දේවල් වටේ එයාගෙ ලෝකේ ගොඩ නගා ගනිද්දී මට කියාගන්න බැරි අමුතු දෙයක් දැනෙනවා .

වේලාවකට මට හේතුවක් නැතුව ඇඬේනවා .

ඇත්තටම මම දන්නවා මම වැරදියි කියල ,

මොන තරම් බණ පිරිත් ඇහුවත් මට මේ දැනෙන තරහ කලකිරීම දුක අඩු කරගන්න බැහැ ..

මට වෙලාවකට බයයි ,පුතා වෙනුවෙන් මෙච්චර දේවල් කරලා එයාව ගොඩ දාපු මම ම එයාගේ ජීවිතේ ට වදයක් වෙනවා නේද කියල .

                           💧💧💧💧💧💧💧

මව්වරු ,පියවරු ,දරුවෝ මේ කවුරු උනත් අවසානය් අපි හැමෝම මිනිස්සු .

අපි පිළිගත්තත් නැතත් අපි හැමෝටම ජීවිතයෙ  එක එක විදිහේ ඇරියස් එක එක ප්‍රමාණ වලින් තියනවා .

💧ළමා කාලෙ හිතේ හැටියට සෙල්ලම් කරන්න බැරි උන වුන් ,ලොකු වෙලා පොඩි දරුවෝ සෙල්ලම් කරනවා දකිද්දී අවුල් යනවා 

💧තරුණ කාලේ ලස්සනට අඳින්න බැරි වෙලා හිතේ හැටියට මෝස්තර කරන්න බැරි වෙලා නොදැනම වයසට ගියාම , මෝස්තර කරල ලස්සනට ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඇහැට පෙන්න බැරි වෙනවා ,

ඉතින් තමන් ,සුදු කොන්ඩේ කළු කරණ ගමන් කළු කොන්ඩේ තඹ කරන අයට බනිනවා .

අපි නම් ඒ කාලේ ඔය විකාර කලේ නැහැ කියලා චෝදනා කරනවා .

💧තරුණ කාලේ රස්සාවල් විතරක්ම කර කර ඉඳලා වයසට ගියාපු මිනිස්සුන්ට ට්‍රිප් යන ,ඇවිදින ,සංචාර කරන ,ජීවිතේ විඳින තරුණ  අය ඇලජික් වෙලා පේන්න  ගන්නවා .

👉🏽එක්කෝ තමන්ට නොලබිච්ච තමන් නොවිඳපු දේ වෙන කෙනෙක් කරනවා දකිද්දී තරහා එනවා ,

එහෙමත් නැත්තම් ඒ තිබ්බ ඇරියස් වෙන වෙන ක්‍රම වලින් කවර් කරගන්න ගිහින් සමාජෙට විහිළුවක් වෙනවා .🙃

අපිට ඍජුව නොපෙනුනාට බොහෝ තැන්වල ඕක වෙනවා .

අන්න  ඒ නිසා ,

✌️ඔයා මුළු ලෝකෙම සතුටු කරන්න ඒකට කමක් නැහැ ,හැබැයි ඊට කලින් තමන් සතුටෙන් ඉන්න .

✌️දරුවෝ හදන්න ,හැබැයි එහෙමයි කියල තමන්ව සම්පුර්ණයෙන් නැති බංගස්තාන කරගන්න එපා .

✌️දරුවෝ ලොකු කරන ගමන් ආසා දෙයක් කන්න ,ආස ඇඳුමක් අඳින්න ,යාලුවෙක් එක්ක සෙට් වෙන්න අමතක කරන්න එපා .

✌️ළමා තරුණ මහළු ඔයා මේ කොයි කාලෙ හිටියත් ඒ කාලෙට ආදාළ දේවල් ටික විඳින්න දකින්න අතපහු කරගන්න එපා .

ඔයාට සාදාරන වෙලා ඔයාව බලාගන්න වගකීම වෙන කෙනෙකුට බාර දෙන්න එපා .

මොන දේ ආපහු ගත්තත් නති වෙච්ච කාලය ආපහු ගන්න බැහැ .

ඇරියස් තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න ලේසි නැහැ .

මොකද ,

අද ඔයා මග අරින ,පහු කරන දේවල් පස්සේ කාලෙක ලෝක ඇරියස් එකක් වෙලා ඔයාට වගේම ඔයා වටේ ඉන්න අයටත් වද දෙන්න පටන් ගත්ත දවසට ඔයාටවත් ඔයාව පාලනය කරගන්න බැහැ .😕

 අපි කවුරුත් මිනිස්සු ,

අපි වැඩියෙන්ම ආදරේ අපේ දරුවන්ට ,නෝනට ,අරයට මෙයාට කිව්වට ඔව්ව ඔක්කොම pබොරු ,

අපි කව්රුත් වැඩියෙන්ම ආදරේ තමන්ට ප්

අනිත් හැමෝම ඉන්නේ ඊට පස්සෙන් .ඒකයි ඇත්ත 💜

මිනිස්සු විදිහට අපි ආයාසයෙන් ඉතුරු කරගන්න ඇරියස් නිසා තමන්ට ,පවුලට විතරක් නෙමේ සමාජෙටත් සෑහෙන්න හානි වෙනවා .

 මට නම් කෙනෙක් එක්ක ,වචන දහයක් කථා කලාම ඒ කෙනාට ඇරියස් තියනවද නැද්ද කියල තේරෙනවා ,

ඔබ නොදන්නවා උනාට ඔයා හංගන්න හැදුවට 

ඔයාගෙ ඇරියස් ,ඔයාගේ වචන වලින් ,හැසිරීමෙන් ,ලෝකෙට පේනවා .ඒවා හැoගිලි බොරු 😌

අන්න ඒ නිසා දෙයියනේ කියල අවශ්‍ය දේවල් නියමිත කාලෙදි පුලු පුලුවන් විදිහට විඳගන්න , 

මොනවා ඇරියස් කරගත්තත් ජීවිතේ ඇරියස් තියාගන්න නම් හිතන්නවත් එපා .ඒක  භයානකයි .✌️

අනිශා ජයකොඩි ✍🏻


ළමයින් ට අකමැතිය කියල ඒක මානසික රෝගයක්ද අහපු මනුස්සයෙකුට ලැබුනු හොඳ උත්තරයක් පහතින්;

ඕක සෑහෙන්න නෝමල් දෙයක්. සමහර මිනිස්සු සත්තුන්ට අකමැතියි. ඒක හෙන taboo එකක් කරගන්නෙ නෑ නෙ කවුරුවත්. ඇයි ළමයින්ට අකමැති එක ඇබ්නෝමල් දෙයක් විදියට සලකන්නෙ? නෝමල් නැති එකම දේ තමයි මෙතනත් ඉන්න සමහර වර්ගවල දෙමවුපියො.

තමන්ට ළමයි හිටියා කියලා ලෝකෙ ඉන්න අනිත් හැම ගෑනිමයි මිනිහමයි ළමයින්ට කැමති වෙන්න ඕනෙ කියලා එකක් නැහැ. අනිත් එක මොකද්ද මේ කියන අමු මෝ ඩ කතාව? ළමයෙක්ට අකමැතියි කියලා ළමය විසිකරන්නද අහන්නෙ? දෙයියො ගෙනල්ල දෙන්නෙ නෑ ළමයි. ළමයින්ට අකමැති අය ඉන්නවනම් සෙක්ස් කරද්දි ළමටි නොහැදෙන විදියට ප්‍රිකෝෂන්ස් ගන්නවා. සහ ADHD, APD වගේ ලෙඩ තියෙනවා ශබ්ද ප්‍රොසෙස් කරන්න අමාරු වෙන, එහෙම උනාම ළමයි කෑගහන එක කනට මී පැනි දානව වගේ නෙමෙයි ඇහෙන්නෙ, මහ හිරිහැරයක් විදියට.

මේ පෝස්ට් එකම කලින් දාලා තියෙද්දි මම දැක්කා සමහර අම්මලා අප්පලා කියලා තියෙනව 'අනේ අපේ ලමයින්ට මෙහෙම මිනිස්සු මුන නොගැහේවා' කියලා. අපිත් ඒකම තමයි පතන්නෙ, ඔයාල වගේ නූගත් immature මිනිස්සුන්ගෙ ළමයි අපට මුන නොගැහෙන්න කියලා. මොකද ඔයාලගෙ ජාතිය අම්මලා තාත්තලා තමයි තමන්ගෙ ළමයා වෙන මනුස්සයෙක්ට ගහල මැරුවත් 'අනේ ඒ පොඩි ළමයෙක්නෙ, පොඩි ළමයි දන්නෙ මොනවද, වැඩිහිටියෙක් විදියට ඔයාල දැනගන්න ඕනෙ ලමයි කරන දේ ඉවසන්න' කියලා කියන්නෙ. මේක එක අතකට පුදුමයක් නෙමෙයි, කැමැත්ත කියන සංකල්පය ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ තාම.

හැබැයි, කළු ලමයින්ට, දෙමල ලමයින්ට අකමැති එක නම් අවුල්. ඒක ළමයින්ට අකමැතී නෙමෙයි ඔයාලා හමේ පාටටයි ජාතියටයි අකමැතියි කියන්නෙ ඔයාලා racist සහ coloristsලා කියන එක. ඒක flex එකක් නෙමෙයි.

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...