කුඩා කාලයේ මුදල් නැතිව, කන්න නැතිව, අඳින්න නැතිව, එක එකා කියන දේවල් කරමින්, අනේක තාඩන පීඩනයන්ට ලක් වෙමින්, නරක දෙමව්පියන්, නෑයන්, අසල්වැසියන්, ගුරැවරැන් ආදී "වැඩිහිටියන්" ඉදිරියේ අගතියට පත් වූ අපව බේරා ගන්නට ඉදිරිපත් වූයේ දියසේනයෙක් නොව, ඒ විෂම චක්‍රයෙන් මිදී වැඩිහිටියන් බවට පත් වූ අපමය. අපේ දරැවන්ට අප කියා දිය යුතු වැදගත්ම පාඩම එයයි.
ඉන්ද්රානි විජේබණ්ඩාර ගායනා කරන රතු පාට මල් මට තාම මතකයි ගීතයේ අවසාන කොටසේ කියනවා "මගෙ පන්තියේ උන්, මා දැන් කොහේදෝ, මොනවා උනාදැයි නොතේරේ" කියල. අතේ සතේ නැතිව අනුන් යටතේ කිසිම නිදහසක් නැතිව පට්ට දුකක් විඳපු ඉස්කෝලෙ කාලේ, නිදහස් වැඩිහිටියන් ලෙස ඉන්දැද්දි තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙ කියල හිතෙනවනම් ඒක ලොකු අවුළක්. පෞරැෂය හදාගෙන ඉදිරියට යමු.
ධනාත්මක චින්තනය. + Positive Thinking for You. ·
Niluka Sanjeewani ·
·
Copied 💙
ගැහැණියෙකුට තියෙන්න ඕනි පෞරුෂයක් ...
ඕනිම කෙනෙක් ලඟ යට නොවන පෞරුෂයක් ...
ඒකට ගැහැණියකට ඕනි
තමන් ගැන විශ්වාසයක්...
තමන්ගෙ පැහැය සුදු උනත් කළු උනත්..
තමන් උස උනත් මිටි උනත්...
තමන් ගැන තමන්ගෙ රූපය තමන්ගෙ දැනුම තමන් ගැන විශ්වාසයක්...
ඕනිම තැනක බය නැතුව කෙලින් කතා කරන්න පුළුවන් හැකියාවක්..
වාචාලකමට නෙමෙයි..
ඒත්..
අවශ්‍ය තැන අවශ්‍ය දේ කෙලින් කතා කිරීමෙ පුරුද්දක්..
දෙයක් දැක්කම අවස්ථාවක් ලැබුනාම බයෙ හැංගෙන..
අනේ මට බෑ කියන පුරුද්දක් නෙමෙයි..
කොන්ද කෙලින් තියන් නැගි හිටින්න පුරුද්දක්..
වශී වෙන කාන්තිමත් ඇස් දෙකක් විතරක් නෙමෙයි...
ඕනිම කෙනෙක් දිහා කෙලින් බලලා කතා කරන්න පුරුද්දක්..
පිළිවළකට අදින්න..
පිළිවළකට කොණ්ඩෙ පීරන්න..
ලස්සනට ඉන්න..
පුරුද්දක්..
ඔයාට යම් විලාසිතාවක් ගැන ...
ඔයාගෙ ඇඳුමක් මෝස්තරයක් ගැන විශ්වාසයක් නැත්නම් අදින්න එපා..
ඔයාට ඔයාව විශ්වාසනම්...
ඕනිම දෙයක් කරන්න..
ගැහැණියකට තමන්ගෙ හයිය හිතයි..
තමන්ගෙ පෞර්ෂයයි එක්ක..
ජීවිතේ ඕනිම දුරක් යන්න පුළුවන්..
එහෙම ගැහැණුන්ට සමාජය බයයි..
කතා කියයි..
හැබැයි මූණට නෙමෙයි...
මොකද මිනිස්සු දන්නවා එහෙම ගැහැණු වට්ටන්න ලේසි නෑ කියලා..
එහෙම ගැහැණු ජීවිතේ
ලේසියෙන් දිනනවා..
කොයි තරම් වැටුනත්..
ආයෙම නැඟිටිනවා..
ඒක විස්වාසයි.
Copied
No comments:
Post a Comment