Sunday, February 28, 2021

ඔබ ගැහැණියක් තෝරාගත්තේ නම් - දුලන්ති කොස්තා

 

Ladies Only

ඇය......!!!
🧡ඔබ රැකියාවක් කරන ගැහැණියක් තෝරාගත්තේ නම්,
ඔබ පිළිගත යුතුයි ඇයට නිවසේ සියලුම කාර්යන් කළමනාකරණය කරගැනීමට කාලය ප්රමාණවත් නොමැති බව
🧡ඔබ ගෘහණියක් තෝරාගත්තේ නම්,
ඇය නිවසේ සෑම කාර්යක්ම හරියටම ඉටු කරනු ඇත නමුත් ඔබ පිළිගත් යුතුයි ඇය මුදල් උපයන්නෙ නැති බව
🧡ඔබ කීකරු ගැහැණියක් තෝරාගත්තේ නම්,
ඔබ පිළිගත යුතුයි ඇය ඔබෙන්ම යැපෙන බව..
බොහෝවිට මානසික සිතුවිලි වලින් පවා ඇය ඔබ පසුපස ඒවි
🧡ඔබ ඉතා නිර්භය, නිර්භීත ගැහැණියක් තෝරාගත්තේ නම්, ඔබ පිළිගත යුතුයි ඇය මුරණ්ඩු මෙන්ම ඇයගේම මතයට වැඩ කරන කෙනෙක් බව
🧡ඔබ ලස්සන ගැහැණියක් තෝරාගත්තේ නම්,
ඔබ පිළිගත යුතුයි ඒ සඳහාද වියදම් ඇතිවන බව
🧡ඔබ උදාර ගති ඇති ගැහැණියක් තෝරාගත්තේ නම්,
ඔබ පිළිගත යුතුයි ඇගේ තද හා ස්ථීර බව
🧡සෑම ගැහැණියක් ම මින් එකක් හෝ කිහිපයක එකතුවකි...
කිසිම ගැහැණියක් පරිපුර්ණ නැත..
ඇය සතුව ඇයටම ආවෙනික " හොඳ ගුණාංග" නිර්මාණය වී ඇත්තේ ඇය ඇයම වන්නටය....
ඒ වගේම ඇය කිසිම විටක සැසඳීමෙන් වලකින්න.. සැසඳීමෙන් ඔබ කරන්නේ ඇගේ ආත්මයම විනාශකර ඔබත් විනාශ වීමයි..
චෝදනාවට පෙර ඇය හඳුනාගන්න...!💕
හඳුනාගත නොහැකි නම්.. චෝදනා නොකර ඈත් වන්න...!💕

No comments:

Post a Comment

ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක

  කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නො...