සිම්බාබ්වේ ජාතික වෛද්‍ය ජේ. නොසිපෝ මරයිරේ (J. Nozipo Maraire) ගේ කුළුඳුල් කෲතිය වන Zenzeleහි තවත් සිත්ගත් කොටසක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා. පළමු කොටසේදී සඳහන් කලා වගේ ඔබට තරැණ වියට පාතබන දියණියක් සිටී නම් මේ පොත කියවීම ඉතා ප්‍රයෝජනවත් වේවි. ඔබේ තරැණ දියණිය නොගැළපෙන ආදර සම්බන්ධයක් ඇතිකරගත්තොත් ඔබ මොකද කරන්නේ? මේ ලෝකයේ සිටි සෑම බුද්ධිමත්ම, බලවත්ම, දක්‍ෂතම, හොඳම කාන්තාවක්ම පාහේ නොමේරෑ වියේදී එබඳු වැරදි කර තිබෙනවා. හැබැයි එය සෘනාත්මක අත්දැකීමක් නොකර ජීවිතය තේරැම් ගැනීමට ධනාත්මක මගපෙන්වීමක් ලෙස යොදාගැනීමයි යහපත් දෙමව්පියන් කල යුත්තේ. මේ පොත ලියූ ලේඛිකාව නොසිපෝ එසේ මෙසේ චරිතයක් නොවේ, පළමු කොටසේ සඳහන් කළ පරිදි දිළිදු අප්‍රිකානු රටක් වන සිම්බාබ්වේහි ඈත පිටිසර ගමක ඉපදී ඇමරිකා එක්සත් ජනපදයේ අoක එකේ විශ්වවිද්‍යාලය ලෙස පිළිගන්නා හාවර්ඩ් සරසවියෙන් සහ වෙනත් කීර්තිමත් සරසවි වලින් අධ්‍යාපනය ලබා විශේෂඥ වෛද්‍යවරියක් ලෙස වෘත්තීමය ජීවිතයත් දරැවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක් ලෙස පෞද්ගලික ජීවිතයත් සාර්ථකව ජයගත් කාන්තාවක්. නමුත් ඇයත් ඉතා තරැණ සමයේදී නොගැළපෙන ආදර සම්බන්ධයක් ඇතිකරගත් බවත් ඊට ඇයගේ පියාගේ ප්‍රතිචාරයත් මෙම පොතෙහි ඇය ලියා තිබෙනවා. මේ ඉන් කොටසක්.
මම තරැණ දැරිවියක් කාලයේදී වතාවක් මගේ පියා මාව පැත්තකට අඬගැසුවා. එතකොට මම කෙතේ සිට තනිවම නිවසට පැමිණුනා පමණයි. මගේ මව අපේ ගෙවත්තෙන් නෙළූ නැවුම් බෝoචි වගයක් අරන් ඇයගේ මවගේ නිවසට ගොසින්. එදිනම උදෑසන මම ජීවිතයේ පළවෙනි වතාවට පාසලෙන් කට්ටි පැන්නා. මම එක්තරා තරැණයෙකුට ආදරය කරන්නට පටන්ගෙන තිබුනා, නැතිනම් අඩුතරමේ මම එහෙම හිතාගෙන හිටියා. ඔහුගේ ඉල්ලීමට එදා උදෑසන මම ඔහු සමග අසල තිබූ කුඩා කඳුවැටියක් නැගීමට ගිය නිසා එදා උගන්නපු ලිවිඞ්ස්ටන් සහ රෝඩ්ස් ගැන පාඩම මඟහැරැණා. අද දක්වාම මම දන්නෙ නැහැ මගේ පියාට මේවගක් ආරoචි වුනාද කියලා. ඒ මොකද ඔහු බොහෝදේ දකින නමුත් බොහෝ කලාතුරකින් කතාකරන කෙනෙක් නිසා. මගේ මව වගේම ඔහුත් කෙනෙකුගේ හිස් වචන වලට වඩා ක්‍රියාවන් බලගතුබව විශ්වාස කල නිසා. ඉතින් මම පඩිපෙල නැගගෙන එනකොට පෝටිකෝවේ අබලන් පරණ පුටුවේ ඔහු වාඩිවී සිටිනු දුටුවා. මැදින් පහත් වී එක ඇන්දක් කැඩී තිබුනත් තවමත් ඔහු ඒ පුටුව වැඩ ඇරී පැමිනෙන හැමදාම හවස්වරැවේ සාලයෙන් වැරැන්ඩාවට ඇදගෙන, සුරැට්ටුවක්ද උරමින් වාඩිවී, හිරැ හෙමින් බැහැගෙන යන අපූරැව බලා ගෙන ඉන්නවා පුරැද්දට වාගේ. කඳු වළල්ල නිසා සෙවණවුනු නිම්නය හා ගoගාව ඇත්තටම ඉතාම චමත්කාර දසුනක් තමයි. මම බයෙන් බිරාන්ත වෙලා හිටියේ තාත්තාට මo ගැන ඉව වැටිලාවත්ද කියලා. ඒත් දැන් ඉතින් පැනලා දුවන්ටත් පරක්කු වැඩි නිසා බයෙන් බයෙන් කොහොමහරි ඉතුරැ පඩි දෙක තුනත් නැග ගත්තා.
https://img0.etsystatic.com/000/0/5606401/il_570xN.192175384.jpg (9.2.2019)
"සුභ සැන්දෑවක් තාත්තේ" මම පැවසුවා. "මගෙ දුවේ, පොඩ්ඩකට මෙහෙන් වාඩි වෙන්න." තාත්තා ඒවගේ ගැඹුරැ සන්සුන් හඞින් කතාකරන වෙලාවට දැනෙන්නේ හරියටම පල්ලියෙ පූජකතුමා ආශීර්වාද කරනකොටයි උසාවියෙ නඩුකාරඋන්නාන්සෙ නඩු අහල අවසන් තීන්දුව දෙනකොටයි ඇතිවෙන හැඟීම්වල සම්මිස්‍රනයක්. තාත්තට හැමදේම තේරෙනව, ඒවගේම දකිනකොටත් බය හිතෙනව. කබල් පුටුවට ටිකක් මෙහායින් වෙන්නට වැරැන්ඩාවේ සීතල බිම මම දණගසා ගත්තා. ඒකාලෙ අපි වැඩිහිටියන් සමග සම අසුන්වල වාඩිවෙන්නෙ නැහැ, විශේෂයෙන්ම වැරැද්දක් කරපු වෙලාවට. මම හිස පහත් කරගෙන බලා හිටියා දඬුවම් ලැබෙනතුරැ. එතකොට මට පෙනුනා කලු කූඹි රැළක් ලැසි ගමනින් බිම දිගේ පහත බිත්තියට නගිනවා, උන්ගේ සිරැරැ බැසයන හිරැ එලිය වැදී තද රතු-දුඹුරැ පාටට දිලිසුනා. ඒවිතරක් නොවෙයි, මුකොමා එඩී එයාගෙ ගව පට්ටිය අසල පාරෙන් දක්කගෙන යන නිසා හරකුන්ගෙ ගෙලබැඳි සීනුවලින් නැගුනු "ක්ලින් ක්ලින්" සද්දෙත් හැන්දෑ අඳුරේ රැව් පිළිරැව් දුන්නා. "මට ඔබට කියන්න තිබෙනවා කථාන්දරයක්, ඔබ අහගෙනද ඉන්නේ මගෙ දරැවො?" "ඔව් තාත්තේ" මම කඳිරිලි හඬින් පැවසුවා. මට හිස ඔසවා ඔහු දෙස බැලීමට තරම් ධෛර්‍යයක් තිබුනෙ නෑ. කොහොමටත් මගේ හිස ලැජ්ජාව නිසා බරවේගෙන එන බවක් දැනුනා. එදා ඔහු මට කියූ ඒ කතාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
https://i.pinimg.com/originals/7d/1e/b9/7d1eb9dab00f442dc8b9f7a359ddc056.jpg (9.3.2019)
චිමනිමානි කඳු පාමුළ තිබුනු නිහඞ කුඩා ගමක එක කුඩා පවුලක්- සැමියා, බිරිඳ සහ ඔවුන්ගේ කුඩා අතදරැවා- ඉතා සතුටින් ජීවත් වුනා. වයසින් මුහුකුරාගිය සැමියා තරැණ බිරිඳට කරැණාවෙන්, මෘදු ලෙස සැලකුවා වගේම විශ්වාසය රැක්කා. නමුත් මෙහෙම කලක් ගතවෙනකොට බිරිඳ ටික ටික වෙනස්වෙලා අන්තිමට එක දවසක් අල්ලපු ගමෙන් ආපු තරැණයෙකුට ආදරය කරන්නට පටන් ගත්තා. මාස කීපයක් ගතවෙනකොට ඇගේ අළුත් පෙම්වතාට ඔවුන්ගේ රහසිගත හමුවීම් ඇති වුනා. ඉතින් ඔහු ඇයට සැමියාගෙන් වෙන්වී තමන් සමග විවාහ වන ලෙස බැගෑපත් වුනා. මුලදී ඇය ඊට දැඩිව විරැද්ධ වුනා. ඒත් කාලයක් යද්දි පෙම්වතාගේ බලපෑම හමුවේ ඒ විරෝධය ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. එක දවසක් ඔහු ඇයට මෙහෙම කිව්වා. "රත්තරනේ, මට ඔයාව ඕනේ, අපි මෙහෙන් පැනලා යමු. මම ඔබට ආදරේ නිසා ඔබ වෙනත් මිනිහෙක් සමග ජීවත්වෙනවා තවත් මට බලාගෙන ඉන්න බෑ." "ඒ වුනාට මගේ සැමියට මොකද වෙන්නේ? මගේ දරැවට මොකද වෙන්නේ?" ඇය විරෝධය පෑවා. අපි ඔබේ සැමියාට වසදී මරා දමමු. ඔහු ඉතින් කොහොමත් වයසක මිනිහක්නේ. ඒනිසා කවුරැවත් සැක හිතන එකක් නෑ. ඊටපස්සෙ අපි ලස්සන පලාතකට පැනල ගිහින් අළුත් ජීවිතයක් පටන්ගමු." තරැණ කාන්තාව හඬමින් ඇයගේ දෑත සැලුවා. "මට බැහැ. මගේ සැමියා මට හොඳින්
සළකන අවoක කෙනෙක්." "ඒ කියන්නේ නුඹ මට ආදරේ නෑ." පෙම්වතා කෝපයෙන් පැවසුවා. ඇය කොතරම් ඔහුව අස්වැසුවත් ඔහු නොවේ ඇයව ගනනකටවත් ගත්තේ. "නුඹ මට ආදරේ නැති නිසා මම යනව යන්න." කරකියාගතහැකි කිසිවක් නොවුනු තැන ඇය අන්තිමේදි ඔහුගේ සැළසුමට එකඟ උනා. ඊට දවස් දෙකකට පස්සෙ අර යහපත් වයසක ස්වාමිපුරැෂයාව ඔවුන් වසදී මරා දැමුවා. එදා හවස්ජාමෙ ඔවුන් පළා ගියා. ඝන වනන්තරේ මැදින් සහ උණුසුම් කාන්තාරේ මැදින් ඔවුන් පළා ගියා. එලෙස යද්දී අතරින් පතර ඇයගේ පිටේ රඳවාගෙන සිටි බිළිඳාට කිරි දීමට ඔවුන් නතරවුනා. අවසානයේ ඉරැ උදාවත් සමගම විශාල ගoගාවක් අසලට ඔවුන් පැමිණියා. "අන්න අතන, මගේ රත්තරනේ, ඔබට පෙනෙනවාද? මේ ගඟට එහායින් පෙනෙන කන්දෙන් එපිට තමයි මම පොරොන්දුවුනු ලස්සන පලාත. අපට එහි සතුටින් ඉන්න පුළුවන්."
https://www.walrusproductions.com/images/z----sunsetmountainlg.jpg (9.3.2019)
එය මහ සැඞපරැෂ, ඟැඹුරැ, දඟවැටුනු ගoගාවක්. ඉතින් ඔවුන් අත් තදින් අල්ලාගෙන හිමීට හිමීට ගඟේ මැද්දට සඬපහර මැදින් ඇවිදගෙන යන්න ගත්තා. ගඟේ මැද්දට වගේ ආවට පස්සේ කුඩා දරැවා නොනවත්වා කෑගසා හඬන්නට පටන් ගත්තා. ඇයගේ පෙම්වතා එවිට ඇය දෙසට හැරී මෙසේ පැවසුවා. "මේ දරැවා ඔබව අධික වෙහෙසට පත් කරනවා. ඔහු අපේ ගමනට ලොකු බාදාවක්. අපට ඉදිරි ගමන ඉතා දුෂ්කර හා පමා කිරීම විතරයි ඔහුගෙන් සිදු වන්නේ. මම කියන්නද? අපි ජීවිතේ අළුතින්ම පටන් ගමු. ඔයා ළමයව ඟඟේ ගිල්වලා දාන්න. අපිට තවත් මේක කරන්න බැහැ." මේක ඇහුණු කාන්තාව භ්‍රාන්ත වුනා. ඇය නොකඩවා ඉකිගසා හැඬීමට ගත්තා. "මට බැහැ. මගේ ලෙයින් සහ මසින් හැදුනු මගේ දරැවා." එසේ කියූ ඇය දරැවා පපුවට තදින් තුරැළු කරගත්තා. එවිට ඇයගේ පෙම්වතා කෝපයෙන් ඇය දෙසට හැරී මෙසේ පැවසුවා. "ඒ කියන්නෙ නුඹ විශ්වාස කරන්නෙ නෑ අපට වෙනින් පවුලක් හදාගෙන සන්තෝසෙන් ඉන්න හැකි වේය කියා. නුඹට මාව විශ්වාස නෑ? මෙච්චර දුරක් ආවට පස්සෙ, දැන් නුඹට මාව සැකයි එහෙනම්?" වෙන කරන්නට දෙයක් නැති තැන ඉතාමත් කටුක වේදනාවෙන් යුතුව වැළපෙමින් ඒ හඬන කුඩා දරැවාව සැඩ පහරට අතහැරීමට ඇයට සිද්ද වුනා. පෙණ නැගෙන සැඩ රළ පහරේ ඒ කුඩා සිරැර ඈතට ඇදීයත්ම ඇයගේ පෙම්වතා ඇය දෙසට හැරී ඇයගේ ක්‍රියාව අදහාගත නොහැකි ලෙස බලා සිටියා. "ඔන්න" ඇය පැවසුවා. "මම ඔබ කියූ විදියටම කලා. අපි පුළුවන් ඉක්මනින් මෙතැනින් යමු. මට තවත් එක මොහොතක්වත් මෙතන රැඳෙන්න බෑ, කරපු දේ මතක් වෙද්දි. අපි අළුත් ජීවිතයක් පටන්ගමු." ඒත් ඇයව පුදුමයට පත් කරමින් ඇයගේ පෙම්වතා මඳකුදු නොසෙල්වී ඉතා පිළිකුලෙන් යුතුව ඇය දෙසට ඔරවගෙන සිටියා. "මොනවිදියෙ අමානුශික ගෑනියක්ද නුඹ? මොන අම්මද තමන්ගෙ දරැවව මේ විදියට තමන්ගෙ අතින් වතුරෙ ගිල්ලල දාන්නෙ? නුඹ උපත දුන් දෙය නුඹම මරා දැම්මේ කොහොමද?" "නමුත් මම එසේ කලේ නුඹ වෙනුවෙන්." ඇය සිහින් හඬින් කෙඳිරැවා, ඉතා වික්‍ෂිප්තව. "අනේ අපි මෙතැනින් යන්න යමු." "මට නුඹත් එක්ක කොහෙවත් යන්න ඕනැ නෑ. නුඹ මහ මිනීමරැ ගැහැනියක්. නුඹ සැමියාට වසදී මරා දැමුවා, අරතරම් කරැණාවන්ත අහිoසක මනුස්සයට.. දැන් ටිකකට කළින් තමන්ගෙම දරැවව මරා දැමුවා. මොන සහතිකයක්ද දෙන්න පුළුවන්, ගඟට එහායින් පෙනෙන කන්දෙන් එපිට ලස්සන පලාතට නුඹව එක්කගෙන ගියාට පස්සෙ, ටික කාලෙකින් නුඹ තවත් පෙම්වතෙකුගෙ බහට රැවටිලා මටත් වස ටිකක් දීල මරා ගනීද කියා. මට වඩා පෙනුම තියෙන මිනිහෙක් නුඹට මුණගැසුනොත් නුඹ නැවත ආලයෙන් මුළා වේවි. පලයන් යන්න නරැම ගැහැනිය! මම සත්‍යවාදී ගෞරවනීය කාන්තාවක් සොයාගෙන විවාහ වෙනවා." එහෙම කියපු ඇයගේ පෙම්වතා කාන්තාව කෑගසා වැළපමින් කෙස්වැටියෙන් ඇදගනිමින් විළාප තියද්දී ඇයව අතෑරලා ඇතිපදම් නින්දා කරලා තට්ට තනියම අතරමo කරදාලා යන්න ගියා.
https://i.pinimg.com/originals/61/f8/fb/61f8fb8cca8d9cd9b9df00e90e9e2066.jpg
(9.3.2019)
ඒ අවාසනාවන්ත කථාව අන්තිමේදී මම බියෙන් වෙව්ළාගියා. කථාවෙන් අනතුරැව මගේ පියා ස්ථිරසාර ලෙස මෙසේ පැවසුවා. "මගෙ දුවේ, නුඹට බොහෝ පිරිමින් මුණගැසේවි. ඒ කිසිම කෙනෙකු නිසාවත් නුඹ නුඹේ ප්‍රතිපත්ති වලින් පිටතට පැන වරදක් කිරීමට පෙළඹෙන්නට එපා. හැම විටම නිවැරදි දේ කරන්න. අවoකත්වයේ සහ ප්‍රතිපත්ති සුරැකීමේ මාවතේම ගමන් කරන්න. නුඹ ඉතා ශක්තිමත් දැරියක්. නුඹව සිඳබිඳ විනාසකර දමන්නට කාටවත්ම ඉඩක් දෙන්නට එපා. මේ ලෝකයේ කිසිම පිරිමියෙක් නුඹේ ආත්මගෞරවයට වඩා වටින්නේ නෑ. නුඹට දැන් යන්නට පුළුවන්, ශිරි, මේ කුඩා කතාව අමතක කරන්න එපා."
ඉතින් නොසිපෝ කියනවා ඇය ඊට පස්සෙ අර ඇයත් සමඟ කඳුනැග්ග තරැණයත් එක්ක අස්සරේ වහාම අතහැරියයි කියල. ඒ විතරක් නෙමේ, මේ කතාව පසුකාලීනව ඇයට ආදරය කරන්නට ආව තරැණයන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට ඇය ඉවහල් කරගත්තාලු. මීට ටිකක් සමාන කථාවක් අපේ සාහිත්‍යයෙත් තියෙනවා නේද? හොඳට මතක් කරන්න.. ඔව් ඒ තමයි මනමේ. ඉතාම කෙටියෙන් කිවුවොත් දිසාපාමොක් ඇදුරැතුමාගේ රෑමත් දියණිය එකල සිරිත පරිදි දක්‍ෂතම ශිෂ්‍යයා වූ මනමේ කුමරැට සරණපාවා දෙනවා. අනතුරැව මේ යුවළ ආදරයෙන් වෙලී වනාන්තරයක් මැදින් මනමේ කුමරාගේ රාජධානිය බලා යන අතරතුර ඒ කැළයේ වැදිරජු රෑමත් මනමේ කුමරිය පිළිබඳ සිතක් ඇතිකරගෙන මනමේ කුමරාට යෝජනා කරනවා කුමරිය තමන්ට අඹුකමට දී අභයදානය ලබා වනයෙන් පිටව යන ලෙස. එය අසා කෝපයට පත් මනමේ කුමරැ වැදිරජුට සටනට අභියෝග කරනවා. සටනින් පැරදුනු වැදිරජුගේ ගෙල සිඳීමට මනමේ කුමරා කඩුව මනමේ කුමරියගෙන් ඉල්ලූ විට, ඒ ටිකට වැදිරජුට ආදරය කරන්නට පටන් ගෙන සිටි ඇය කඩුව වැදිරජුටත් කොපුව මනමේ කුමරාටත් දුන්නාලු. ඉතින් වැදිරජුගෙන් මනමේ කුමරා මැරැම් කෑවා. වැදිරජුට ඒ සිද්දියෙන් මනමේ කුමරියව එපා වුනා. නොසිපෝගෙ තාත්ත කියපු කතාවෙ පෙම්වතා වගේම ඇයව අතෑරලා ඇතිපදම් නින්දා කරලා තට්ට තනියම අතරමo කරදාලා වැදිරජු යන්න ගියා.
http://www.sundaytimes.lk/180121/uploads/Maname-DRAMA-News-2018-Jan-1.jpg (9.3.2019)
වසර ගණනකට පෙර මගේ ශ්‍රී ලoකික මිතුරෙක් කියපු කථාවක් ඔබට දැන් කියන්නම්. ඔහු ටික දවසක ඉඳල පෙම්වතිය මඟහරිනබව තේරිලා තිබුනේ. ඇයත් මගේ මිතුරියක් නිසා ඇය මේ ගැන දුරකථනයෙන් මට කිව්වේ හැඬූ කඳුළින්. කිසිම පැහැදිලි හේතුවකුත් නෑ. ඒකයි ඇය තවත් ව්‍යාකූල වෙලා සිටියේ. ඉතින් සුදුසු වෙලාවක් බලලා මම මේ ගැන හිමීට ඇසුවා ඔහුගෙන්. මට ලැබුනු උත්තරය මෙන්න මේක. "අනේ ක්‍රිෂා මාර වැඩක්නෙ උනේ. මමයි එයයි මේ ලඟදි film එකක් බලන්න ගිය වෙලාවෙ ටික වෙලාවක් යනකොට මට එයාව kiss කරන්න ඕන උනා. (ඊට වඩා යමක් එවෙලේ වෙන්න ඇති) මo හිතුවෙ එයා අකමැතිවෙයි කියල, ඒවුනාට එයාව හරි ලේසියෙන් මට අවශ්‍ය ඕනැම දේකට නම්මගන්න මට පුළුවන් වුනා. ඔයත් දන්නවනේ එයාට මට කලින් කෙනෙක් ඉඳපු බව. ඉතින් මට හිතුනා එයා කළින් කෙනා එක්කත් මේ දේවල් හරි ලේසියෙන් කරන්න ඇති කියලා. ඒකෙන් මට එයාව එපා වුනා."
මේ කථා තුන එකිනෙකට ගොඩක් වෙනස් ඒත් ඒවයේ සමාන කමකුත් තියෙනවා. සමානකම තමයි කාන්තාවක් ආදරයෙන් මුළා කොට වරදට පොළඹවාගන්නා පිරිමියාම ඇයගෙන් තම අවශ්‍යතාවය ඉටුවුන පසු හෝ තවදුරටත් මුල් අවශ්‍යතාවය නැති වූ විට ඇය පිටම වරද පටවා නිවැරදිකරැවකු ලෙස ඇගෙන් වෙන් වීම. පළමුවන කතාවේ පෙම්වතා අහිoසකයකු නොවේ. ඔහු තමයි අපරාධ සැළසුම් කරන්නේ, අනුබල දෙන්නේ සහ සහාය වන්නේ. ඔහුට තිබුනා කාන්තාව සමඟ පැන යෑමට, ඇයගේ සැමියා නොමරා. නමුත් ඔහු එසේ නොකලේ කාන්තාවට ආපසු හැරී යෑමට බැරි කිරීමටයි. කාන්තාව නොදත් නමුත් ඔහු දැන සිටියා ගමනේ දුෂ්කරබව නිසා අතදරැවා ගෙන යා නොහැකි බව, ඒත් කිව්වෙ නෑ අතදරැවාගේ ජීවිතය අනාරක්ශිත නිසා දරැවා ගෙදර තබා ගමන යා යුතු බව, මොකද ඔහු දැනසිටියා එසේ කිව්වානම් ඇය ඔහු සමඟ නොඑන බව. ගඟ මැද කරවටක් ගිළුනු වෙලාව තමයි ඊට සුදුසුම වෙලාව, මොකද ඇය ඒ වෙලාවේ අන්ත අසරණයි. ඒ අනුව වඩාත් ආත්මාර්ථකාමී, අවස්ථාවාදී සහ අපරාධකාරී චරිතය පෙම්වතා. මම කියන්නෙ නෑ ඔහු ඇයව සම්පූර්ණයෙන්ම රැවටූ බව. සමහරවිට ඇයත් සමග ඇත්තටම හොඳට පවුල්කන්න හිතන්න ඇති. ඒත් ඔහුත් ඔහුගේම දරැණු සැලසුම ක්‍රියාවට නැගෙද්දී සසළ වෙනවා, වරදකාරී හැඟීමෙන් පීඩා විඳිනවා. ඔහුට තම හර්දය සාක්ශියෙන් ගැලවීමට ඕන වෙනවා. කාන්තාව ඒ වෙද්දි තමන්ගේ හයියට සිටි සියළු දෙනාම අහිමි කරගෙන, සැමියා, නෑදෑ හිතමිතුරන් සහ ගමේ අය. ඉතින් ඇයට දැන් ඕනෑ කෙනෙකුට ඕනෑම අකටයුත්තක් කල හැකියි.
මනමේ කථාවත් ඊට තරමක් දුරට සමානයි. ඔබේ අදහස කුමක්ද මනමේ කුමරිය ගැන? ශ්‍රී ලoකික වැඩිහිටියන් දහ දෙනෙක්ගෙන් මනමේ කථාව ගැන ඇහුවොත් 9.999 දෙනෙක් මනමේ කුමරියට ලුණු ඇඹුල් ඇතුව බනීවි. කවුරැවත් වැදිරජුට බනින්නෙ නැති තරම්. නොසිපෝගෙ තාත්ත කථාව කියද්දි ඒ කතාවේ කිසිම චරිතයකට දොස් නැගුවේ නැතිබව ඔබ නිරීක්‍ෂණය කලාද? එම කතාවේ ප්‍රධාන චරිත තුනේම හොඳ සහ නරක දෙකම තිබෙනවා. වැඩිහිටි අප ඕනෑම කථාවක හෝ සිදුවීමකදී නොසිපෝගෙ පියා මෙන් සoයමයකින් වචන හැසිරවීම ඉතා වැදගත්. ආයෙමත් මනමේ කථාවට ගියොත්, වැදි රජුගේ චරිතයේ බරපතල වැරදි ගණනාවක් ඇති බව පෙනී යනවා. අන්සතු කාන්තාවක් බලෙන් ලබා ගැනීමට යාම, තම බලය අයුතු ලෙස ඊට යෙදීම, ඇයගේ සැමියා මරා දැමීම, (කුමන හේතුවකට හෝ) තමාගේ දිවි බේරාදුන් කාන්තාවට වචනයකින්වත් ස්තූති කරනවා වෙනුවට අපහාස කිරීම, සහ (කුමන හේතුවකින් හෝ) කැළයේ අසරණවූ කාන්තාවකට පිහිටක් නොවී අතරමo කර දැමීම ආදී මෙකී නොකී වැරදි ගණනාවක්. මනමේ කුමරිය වැද්දාට කඩුව දීම ගැන විවිධාකාර අදහස් පළ වී තිබෙන බවත් කිවයුතුයි.
1. සැමියාට වඩා වැද්දාට හිත ගිය නිසා වැද්දාගේ ජීවිතය බේරීමට (සහ සැමියාව වැනසීමට) - ජනප්‍රිය මතය
2. සටන දැක බියවී සිටි ඇය සහ මනමේ කුමරැ අතර ඇතිවූ අනවබෝධයකින් ප්‍රයෝජනය ගත් වැද්දා කඩුව ඇගෙන් උදුරාගත් බව
3. වැදි රජා මළත් වැදි සේනාව සමඟ සටන් කිරීමට තනි මනමේ කුමරැට බැරි බව දැක අඩුතරමේ තම ජීවිතය රැක ගැනීමට
4. මම වගේ ඉක්මනට කලබල වෙලා කඩුව වැරදීමකින් වැද්දට දීම
මේ අදහස් වලින් දරැණුම එක වන පලමුවැනි අදහස හරියි කියල හිතමු. මනමේ කුමරියට දොස් පැවරීමට පෙර මේ කාරණා ගැනත් අපි සිතමු. ඇයගේ විවාහය පිරිමින් දෙදෙනෙකුගේ වානිජමය ගනුදෙනුවක්. ඇයගේ පියා ඇගේ රෑපය ඊට වැඩිම ලoසුව තැබූ මනමේ කුමරැට විකුණුවා. මේ පිරිමි දෙදෙනාට ඇයගේ රැචි අරැචිකම් හෝ හැඟීම් අදාල උනේ නෑ. කන්න අඳින්න දෙනවනම් තව මොනවද? කුමරියත් කරබාගෙන හිටියා නැති ප්‍රශ්න ඇති කරන්නෙ මොකටද කියලා. ඊලඟට ඇය පිරිමි දෙදෙනෙකුගේ හබයකට මැදි වෙනවා. පිරිමි දෙදෙනා ඇය වෙනුවෙන් මරාගන්න යනවා, හැබැයි එක්කෙනෙකුටවත් ඇය කැමති කාටද යන්න අදාළම නෑ. මම දිනුවොත්, නුඹ කැමති වුනත් නැතත් මම නුඹව අඹුකමට ගන්නවා කියලයි එහි අදහස. සමහරවිට මාලිගාවක ගෙවන ජීවිතයකට වඩා කැළයක ගස් කොළන් අතර සතාසීපාවා අතර ජීවිත්වෙන්න ඇය කැමති ඇති. වැද්දාගේ පෙනුම, කතාබහ, හැසිරීමට ඇය වඩාත් කැමති වන්නට ඇති. වානිජ අරමුණු වලට විවාහ වුනු අය තමන් ඇත්තටම කැමති විදිහේ කෙනෙක් මුණගැසුනාම ඉතා පහසුවෙන් වසඟ වෙනවා. ආත්මාර්ථකාමී පිරිමි කිහිපදෙනෙකු ඇගේ ජීවිතයේ තීරණ ගැනීමට යාම නිසා ඇය දුකට පත් වනවා. ඇයගේ වරද පමණක් ලොකුවට කියැවෙනවා අද දක්වාම.
තුන්වන, වඩාත් නූතන යුගයේ කතාවේ කාන්තාව අනිත් කතා දෙකේ කාන්තාවන්ට වඩා වාසනාවන්තයි. ඒ මොකද අනිත් කතා දෙකේ කාන්තාවෝ ආලයෙන් වසඟ වී තම සමීපතමයන් මරා දැමීමට දායක වුනත් තුන්වන කතාවේ කාන්තාව (නදී යැයි කියමු) එතරම් දුරකට ගියේ නැති නිසා. නදීගේ කතාවේ සියුම් හා සoකීර්ණබව වැඩි නිසා පසු අවස්ථාවක කතා කරන්නම්.
නොසිපෝගෙ තාත්ත කතාවේ අන්තිමට දුන්න අවවාදය තරැණ දූල පුතාලාට හරිම වටිනවා. ඔහු කියන්නෙ නෑ ආදරය නරක දෙයක් කියලා. ඔහු කියන්නේ ආදරයේ නාමයෙන් තමන්ගෙ හිතට එකඟ නැති දේවල් කරන්නට එපා කියලා. බොහෝවිට මෙවැනි කපටි, ආත්මාර්ථකාමී, සහ අවස්ථාවාදී පෙම්වතුන්තළ ඔබට පහත සඳහන් හැසිරීම් පෙනේවි;
1. ඔවුන් කවදාවත් සෑහිමකට පත් වෙන්නෙ නෑ. අද පැයක් පාසලෙන් කට්ටි පැන්නා නම් හෙට පැය දෙකක්, අනිද්දට මුළු දවසම.. අද සාමාන්‍ය බස් රියේ අත අල්ලගෙන, හෙට බස් රියේ තුරැළු වෙලා, අනිද්දට AC බස් එකේ සිපවැළඳගෙන, ඉන්පසු කාමරයක.. මොවුන් මෙසේ ඔබව ක්‍රමයෙන් ගo ඉවුරේ සිට ගඟ මැදට ගෙනියනවා, ඔබට නොදැනීම. ගඟ මැද ඔබ කරවටක් ගිළුනු වෙලාවට ඔබටම නින්දා අපහාස කරලා පැන යනවා.
2. ඔවුන්ට ඔබව තනි කරගැනීමට අවශ්‍යයි. මොකද ඔබ ආලයෙන් අන්ධවී ගන්නා තනි තීරණ ඔවුන්ට ඉතා වාසිදායකයි. ඔබේ මිතුරන් රැස්සන්නෙ නැති අතර ගෙදරට හොරෙන් නොයෙකුත් දේ කිරීමට අනුබල දෙනවා.
3. ඔවුන් ඔබේ අධ්‍යාත්මික, අධ්‍යාපනික, රස වින්දනාත්මක හෝ කිසිම ආකාරයක සoවර්ධනයක් අපේක්ශා නොකරති. අතහිත නොදෙති. ඔබගේ පෞරැෂය ඉහල යනවාට, ඔබ ශක්තිමත් වෙනවාට ඔවුන් ඉතා අකමැතියි, එයට හේතුව ඔබ දුර්වල නම් ඔවුන්ට ඔබව ගඟ මැදට ගෙන යාම පහසු වීමයි.
4. ඔවුන් නිතරම ඔබේ ආදරය ප්‍රශ්න කරයි, විශේෂයෙන්ම ඔබේ ප්‍රතිපත්ති ඔවුන්ගේ යෝජනා සමඟ එකඟ නොවන විට. එමගින් ඔබේ ආත්මශක්තිය මොට කර ඔබට ඔබේ නියම වටිනාකම අමතක කරවා ඔබව දුර්වල කරයි.
5. ඔබේ අඩුපාඩු නිතර උලුප්පා දක්වමින් ඔබේ ආත්ම විශ්වාසය අවම කර ඔවුන්ට නතු කර ගැනීමට උත්සහ කරති. (ඒවා හදාගැනීමට කරැණාවෙන් උපදෙස් දීම නොවේ)
6. ඔබේ සැපේදී ඔබ සමඟ උපරිමයෙන් සිට ඔබේ දුකේදී අවමයෙන් රැඳේ. ඔබ අමාරැවේ වැටුනු උදව් අවශ්‍ය අවස්ථාවල මාරැවී යයි. ටික දිනකින් ඔබ කොහොමහරි ගොඩ ආ පසු කිසිවක් සිදුනොවූ පරිදි නැවත එයි.
7. ඔබේ ආදර සම්බන්ධතාවයේ අවදානම් හෝ අවාසිදායක පැත්ත තනිකරම ඔබේ පමණයි. පලමු කතාවේ පෙම්වතා සලකන්න. ඔහුගේ කිසිම තොරතුරක් කාන්තාව දන්නෙ නැති නිසා ඇය ඔහුගේ ගමට ඇවිත් මේ සිද්දිය කියාවියැයි අවදානමක් ඔහුට නෑ, ඒකනේ ඔහු ඇයට කියන්නේ "මම සත්‍යවාදී ගෞරවනීය කාන්තාවක් සොයාගෙන විවාහ වෙනවා."කියා. නමුත් ඇයගේ හැම රහසක්ම ඔහු දන්නවා. ඇයට ඔහු වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම් කිරීමට සිදු වුනත් ඔහුට එවැනි කැපකිරීම් කිසිවක් කලයුතු වුනේ නෑ. ඇය කල අපරාධ සාක්ශි සහිත නමුත් ඔහු කල අපරාධ සාක්ශි රහිතයි. අවශ්‍ය අවස්ථාවේදී ඇයගේ රහස් සාක්‍ෂි සහිතව ඉදිරිපත් කිරීමට ඔහුට පුළුවන්. මේ සිද්දියෙන් පස්සෙ කාන්තාව නැවත ඇගේ ගමට ගොස් නැවත විවාහ වී යහපත් කල්කිරියාවෙන් යුතුව සිටියත් මොහුට නැවත ඇයව පහසුවන් blackmail කල හැකියි. ඒ නිසයි මෙවැනි කපටි, ආත්මාර්ථකාමී, සහ අවස්ථාවාදී පෙම්වතුන් තම පුද්ගලික තොරතුරැ පැවසීමට ඉතා අකමැති සහ නිරැවත් ඡායාරෑප ආදී සාක්‍ෂි හැකිතරම් එකතු කරගන්නේ.
http://designontherocks.blog.br/wp-content/uploads/2013/12/colorful-paintings-leonid-afremov-13.jpg (9.3.2019)
දෙමව්පියන්ටත් මම කියන්න කැමතියි අකමැත්තෙන් උනත්, සමහර දෙමව්පියොත් තරැණ දුව/පුතාව ගඟ මැදට තල්ලු කරල මෙම කපටි, ආත්මාර්ථකාමී, සහ අවස්ථාවාදී පෙම්වතාට උදව් කරනවා නොදැනුවත්ව. තමන්ගේ තරැණ දුව/පුතා ආදර සම්බන්ධයක් පටන් ගැනීම ලෝක විනාශය නොවේ. එය නොගැලපෙනවානම් ඔහු/ඇය පසුකාලීනව කැමැත්තෙන්ම එය අතහරීවි. ඔබ කල යුත්තේ තරැණ දරැවාට හොඳ නරක පහදාදී ගෙදරට හොරෙන් සම්බන්ධය පවත්වාගැනීමට අවශ්‍ය නැති තැනට එය පත් කිරීමයි. හොඳ නරක පහදා දුන් ප්‍රතිපත්තිගරැක දරැවන් ආදරයේදී මෝඩ තීරණ ගන්නේ ඉතාම අඩුවෙන්. එමෙන්ම ඔවුන් විවෘතව ඔබට සියල්ල පවසන බව දන්නා අවස්ථාවාදී පෙම්වතා ඔබේ තරැණ දුව/පුතාගෙන් ඉක්මනින් ඉවත් වේවි. කිසිම දිනක තරැණ දුව/පුතාට ගහන්න බනින්න ලැජ්ජා කරන්න එපා, එය ඉතාම හානිකරයි, මට වෙනම ලිපියක් නෙමෙයි පොතක් ලියන්න පුළුවන් ඒ ගැන. දරැවන් සමග ජීවිතය ගැන කියවෙන උසස් චිත්‍රපටි, පොත්, නාට්‍ය, ටෙලිනාට්‍ය ආදිය විඳීමෙන් හා ඒවා ගැන ගැඹුරින් කථාකිරීමෙන් ඔවුන්ගේ බුද්ධිය පුළුල් කරන්න, ඔබේ අත්දැකීම් බෙදාගන්න. ලිoගිකත්වය ගැන කතා කිරීමට ලැජ්ජා වෙන්න එපා. මේ පොත ගැන කලින් ලියූ විචාරයේ ඔබ දකින්නට ඇති නොසිපෝගේ නැන්දම්මා මොනතරම් විවෘත ලෙසද ඇයට කතා කලේ කියා. එය ජීවිත ගමනේ නිවැරදි යහපත් තීරණ ගැනිමට ඔබේ දරැවාට ඉතා අවශ්‍යයි. මම මේ ලිපිය නොසිපෝගේ නැන්දම්මා කියූ වැකියකින්ම නිම කරන්නම්. "දුවේ, අද රාත්‍රියේ මම ඔබව දැකීමට ආවේ මේ කථාව ඔබට පැවසීමටයි, එමගින් අප මුතුන් මිත්තන්ගේ නුවණ අප පරම්පරාවේ පිපෙන සෑම නැවුම් මල් කැකුළක් සමගම මෝරා වැඩී එහි අක්මුල් වඩ වඩා ගැඹුරට විහිදී අපේ වදන් කිසිදින මිය නොයනු පිණිසයි."