Sunday, November 8, 2020

උද්දච්චකම නිසා සීමාවක් නැතිව කෙළවා ගැනීම- An old post more relevant now than ever

 සුනාමි ඛේදවාචකයට ලoකාව මුහුණ දීමට පෙර දවසකට වතාවක්වත් මුහුණු පොතේ සහ අතන මෙතන අහපු දැකපු කතාවක් නම් අපගේ අති රමණීය blessed රට ගිනි කඳු, භූමි කම්පා ආදී කිසිම ස්වභාවික විපතකට ලක් නොවේ, ඒ පින් මහිමයෙන්, දේව බැල්මෙන්, සුවිශේෂී පිහිටීම, බුදුන් වැඩිය නිසා අරක නිසා මේක නිසා etc., අනේ අපි මොනතරම් වාසනාවන්තද මේ වාසනාවන්ත රටේ ඉපදෙන්නට කියායි. විශේෂයෙන්ම වෙනත් රටක් ස්වභාවික ආපදාවකට පත් වූ විට මෙවැනි පෝස්ටු මහා පරිමාණයෙන් share කර ගනිමින් සහ ඕකුන්ට හොඳ වැඩේ යැයි යටි හිතින් සිතමින් කුහක කාළකන්නි සතුටක්ද ලැබූහ. අහෝ ඛේදයකි, කිසිම රටක පිහිටීම ideal නැති බව පසක් කොට දෙමින් ස්වභාවධර්මයා ඇති කල සුනාමියෙන් වාර්තාගත විනාශයක් ලoකාවට සිදු විය. එවිට අනිත් රටවල මිනිස්සු ලoකාවේ නොඉපදී ඒ රටවල ඉපදිච්ච එක මොනතරම් හොඳද කියමින් පෝස්ටු දැමුවේ නැත, පුළුවන් හැටියට ආධාරද කලේය (අපේ අයියලා ඒ ආධාර යටිමඩි ගසා ගත් එක වෙනම කතාවකි). ඉන් පසු එවැනි පෝස්ටු හුවමාරැ වීම වාර්තාගත ලෙස පහල ගියේය. මෙම කරැණ සඳහන් කලේ ideal සහ real තත්ව දෙක ලාoකිකයන් විසින් පවලවාගත් සහ එසේ පටලවාගෙන විශාල විපතකට කිසිම පෙර සූදානමක් නැතිව මුහුණදුන් ආකාරය සඳහන් කිරීමටය.

Ideal: ලoකාවේ කිසියම් සුවිශේෂ මෙව්වා එකක් නිසා කිසිම ස්වභාවික විපතකට ලක් නොවේ.
Real: භූගෝලීය වෙනස්කම්, දේශගුණික විපර්‍යාස ආදිය නිසා ඕනෑම රටක් ඕනෑම මොහොතක ස්වභාවික විපතකට ලක් විය හැක.
Remarks: ලoකාවට අමුතු මෙව්වා එකක් නිසා මුකුත් නොවේ යන ෆැන්ටසියෙන් මිදී දැන් ලඟ පාත භූ කම්පනයක් සිද්ද උන ගමන් සුනාමි අවදානම සොයා බලති. ඕක එදත් කලා නම් විපතේ ප්‍රමාණය සෑහෙන්න දුරට අඩු කර ගත හැකිව තිබුනි. කමක් නෑ වැරදීම් වලින් ඉගෙන ගැනීමත් හොඳ ඉගෙන ගැනීමේ ක්‍රම වේදයක්.

 හැබැයි ඒ පාඩම ඉගන ගත්ත පාටක් නැහැ වගේ. දැන් කොරෝනා වසoගතය ලෝකය පුරා පැතිර යමින් පවතී. මේ ලෝකෙන් උතුම් රට මෝඩ  ආතල් එක නැවතත් දරැණුවට හිස ඔසවා ඇත.  දියුණු රටකට වඩා ලoකාවට කොරෝනා වසගතයෙන් අති විශාල විපතක් විය හැකියි. ඒ ඇයි?

1) Infra structure එක චාටර් වීම: දොස්තරලටත් PPE නෑ කියන එකෙන්ම ඒක තේරෙනවනෙ. කොරෝන හැදුනම හොඳ කරන්න critical ලෙඩාව බොහෝ විට ICU දාන්න වෙනවා. Critical තත්වයේ රෝගීන් බේර ගන්න සෑහෙන පහසුකම් ඕනෙ. ලoකාවේ රෝහල්වල එතරම් විශාල රෝගී මිනිස්සු ප්‍රමාණයකට එතරම් පහසුකම් තියෙනවද?

2) Immune compromised people: කොරෝන දරැණුවටම හැදෙන්නෙ ප්‍රතිශක්තිය දුර්වල අයට සහ ඇතැම් නිදන්ගත රෝග (දියවැඩියාව, ප්‍රෙෂර්, හාට් ආදී) ඇති අයට. ප්‍රතිශක්තිය දුර්වල වීමට සමබල ආහාර නොලැබීම, වස විස ආහාර (කෘමි නාශක, ආහාර බාල කරන නොයෙකුත් දේ) ආදිය බලපානව.ඇයි මත්පැන් මත් ද්‍රව්‍ය සහ දුම් පානය ප්‍රතිශක්තිය දුර්වල කරනව. ඉතින් ලoකාවෙ මිනිස්සුන්ට අවදානම වැඩියි.

3) Social distancing not possible:  රටේ බහුතරයක් ගමන් බිමන් යන්නෙ පොදු ප්‍රවාහන සේවා වල (ඇමරිකාවෙ ගෙදරක එකාට එක ගානෙ වාහන තියෙද්දි), දියුණු රටවල වගේ අධ්‍යාපන ආයතන පන්ති කාමරවල උගන්නන එක නවත්වල online උගන්නන්න පහසුකම් නෑ, අධික ජනගහන ඝනත්වය, පොදු දුරකථන ආදිය බහුලව පාවිච්චි කරන නිසා වෛරසය පැතිරීමේ අවධානම වැඩී.

4)  කිසි දෙයක් නිශ්පාදනය කරන්නැති චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන නිසා බෙහෙත් සහ අත්‍යවශ්‍ය  ද්‍රව්‍ය ලබා ගැනීම අභියෝගයක්. දැන් දුවගෙන ගිහින් කඩ හිස් කරන්න එපා මොකද ඔබේ අසල්වැසියා රෝගී උනොත් ඔබටත් හැදීමේ සම්භාවිතාව වැඩී.

5) කොරෝනා ආරක්‍ෂිත උපක්‍රම හැකි පරිදි නියම ලෙස සබන් යොදා අත සේදීමට පහසුකම් වත් තිබෙන්නේ කුඩා පිරිසකට පමණයි. රටේ තියන සමාජ පරිහානිය සහ අවනීතිය නිසා හොඳ මිනිස්සුන්ට නරක මිනිසුන්ගේ බලපෑමට යටත් වෙන්න වෙනව, කොරෝනා ආරක්‍ෂිත උපක්‍රම පිළිපදින ගෑනියෙක්ට බසයක ජැක් ගහන මෙලෝ ආරක්‍ෂිත උපක්‍රමයක්  පිළිනොපදින මිනිහෙක්ගෙන් කොරෝනා හැදෙන්නට පුළුවන්.

6) ලoකාවේ මිනිස්සු සෑහෙන පිරිසක් පට්ට දුෂ්ඨයි පට්ට මෝඩයි. කොරෝන වලින් වාසි ගන්න හදන තරම් පහත්. 

ඔබට කරන්න තිබෙන හොඳම දේ මට හිතෙන විදියට මෙන්න මේවා කොරෝනා ආරක්‍ෂිත උපක්‍රම හැකි පරිදි නියම ලෙස පිළිපදින්න සබන් යොදා අත සේදීමට පහසුකම් වත් ආයතනයේ නැත්නම් ඔබ ඒවා සපයා ගන්න. ඔබේ ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. පුළුවන් හැම අඟලකම වගා කරන්න. අනවශ්‍ය වියදම් කපා දමා හැම සතයම ඉතිරි  කරන්න. අනවශ්‍ය ගමන්, සියළුම උත්සව වහාම නවත්වන්න, මේ අසීරැ කාලයේ වත්.

අමිල පීරිස්ගෙ සටහන බලන්න 

https://www.facebook.com/amila.peiris.98 

මම ජනාධිපති වෙලා හිටියනම් කොරෝනා වලින් රට බේරගන්න මෙහෙම ඇඳිරිනීතිය දාලා බලෙන් මිනිස්සු ලව්වා මේක කරවන්නේ නෑ.
මම ඉස්සෙල්ලම කරන්නේ කෝවිඩ්-19 වෛරසය කියන නම "#කොඩිවින_භූත_බන්දනය" කියලා අපේ රටේ මිනිස්සුන්ට ඇඟට දැනෙන විදිහට වෙනස් කරන එක.
ඊලඟට දොස්තරලා, පොලිස් මාද්ය ප්රකාශක, හමුදාපති වගේ අය දාලා ජනතාව දැනුවත් කරන එක නතර කරනවා.
නතර කරලා රටේ නම ගිය ගුරුකම් කරන හාමුදුරුවරු කිහිප දෙනෙකුයි, ජ්යෝතීශ්ය වේදියෝ කිහිප දෙනෙකුයි ගෙන්නලා මාද්ය හමුවක් පවත්වනවා.
පවත්වලා එයාලා ලව්වා කියවනවා මේක බයානක භූත බන්දනයක්. මනුස්ස සරීර වලට ආවේශ වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් පහත දේවල් අනුගමනය කරන්න කියලා.
• ජීවම් කරන ලද ෆේස් මාස්ක් හැම වෙලේම පලදින්න
• සෑම විටම කහ දියරයෙන් අත සෝදන්න
• පිටතට ගමන් කරන විටදි හැකි සෑම විටම අනේකා සමඟ මීටරයක පමන දුරක් තබා ගන්න. භූතාත්මයට එවිට ඔබේ ඇඟට ඇතුල් වීමට අපහසුය.
ඊලඟට කරන්නේ ඔය ෆේස් මාස්ක් වල ඉස්සරහා පොඩියට පන්චායුදයක්, ත්රිශූලයක්, ස්වස්තිකයක් ප්රින්ට් කරන්න කියලා ඒවා හදන අයට උපදෙස් දෙන එක. ඊට පස්සේ ෆේස් මාක්ස් විකුණන ෆාමසි ඉස්සරහින් බෝඩ් එකක් ගහනවා
" 108 වරක් ජීවම් කරන ලද ෆේස් මාස්ක් මෙහිදි ලබා ගත හැක" කියලා.
එහෙම කලාට පස්සේ ලස්සනට ජනතාව ෆේස් මාක්ස් දාගෙන ඔය උපදෙස් අකුරටම පිලිපදිනවා. ආයි ඒ ගැන හොයන්න බලන්න ඕනේ නෑ අමුතුවෙන්.
ඊලඟට කරන්නේ ස්වයං නිරෝදායනය කරන ගෙවල් වලට PHI මහත්තුරු වෙනුවට කට්ටඩි මහත්තයෙක් යවන එක. යවලා ඒකා ලව්වා එතන පොඩි යාතු කර්මයක් කරලා, පොඩි යන්තර කෑල්ලක් දම්මනවා.
ඊලඟට ගෙදර අයට උපදෙස් දෙනවා දින 14ක් යනකල් ගෙදරින් එලියට යන්න එපා, කිළි වදින්න යන්න එපා. මස් මාලු කන්න එපා එලවලුයි බතු කාලා ගෙදරටම වෙලා ඉන්න. ගෙදරින් එලියට බැස්සොත් කරපු ගුරුකමේ බල බිඳෙනවා කියලා.
ඊට පස්සේ අර නිරෝදායනය කරන ගෙවල් වල අලවන නෝටිස් එක තියෙන්නේ. අන්න ඒක වෙනුවට ලොකූ අකුරෙන් " කොරෝනා වෛරසය අද නොවේ හෙට..." කියලා ලියපු ස්ටිකර් එකක් ඒ ගෙදර දොරේ අලවනවා...
සතියෙන් කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න පුලුවන් ඔය ක්රමයෙන්😂🙏
ලංකාවේ මිනිස්සු විද්යාවට බය නැති උනාට මිත්යාවට හරි බයයි මිත්රයා...
Copied

1 comment:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...