Tuesday, October 13, 2020

එදිරිමුණිට අනුව පරමාදර්ශී පිරිමියා

 

 
සමන් එදිරිමුණී හරි අපූරැ කතාවක් කියල තිබුන මේ ලඟදි, විශේෂයෙන්ම ලoකාවෙ ගෑනුන්ගෙන් හොඳට ලකුණු ලැබුනු. වැඩි විස්තරයක් කියන්නට කලින් ඒක පල්ලෙහයින් දැම්ම; 


Saman Edirimunee

OhtScpnntongoslbreStemr s9os atirh u10:SdtSo56 msPMedl  · 

ඊයේ හරි අමුතු සිද්ධි දෙකක් වුණා.

01 - මහ වැස්සෙ අම්මෙකුයි තාත්තෙකුයි පුතෙකුයි පාර පනින්න හිටියා. අවුරුදු 45 ක වගේ බඩ මහත ශෝටක් ඇද ගත්තු තාත්තේක්, අවුරුදු 15 ක වගේ පුතෙක් සහ අම්මෙක්. වාහන මැදින් පාර පනින්න ටිකක් අමාරුයි. මං නතර කලා. මුලින්ම තාත්තා දඩිබිඩි ගාලා පාර පැන්නා. පුතා ඒ තාත්තගේ පස්සෙන් දිව්වා. අනේ අර අසරණ ගෑනි මැදට එනවා ආයි දුවනවා. ආයි එනවා. වටපිට බලනවා පාර පැනගන්න බෑ. බයික් යනවා ත්‍රීවිල් යනවා හෝන් ගහනවා. පස්සෙ කොහොම හරි  එහා පැත්තේ ඉදලා අරුන් දෙන්නා කෑ ගහනවා පනින්නලු. 

02 -  පොතක් ගන්න ගුණසේන එකට ගියා. වැස්ස නිසා දොරගාව තෙත කුඩ දාන්න කූඩයක් තිබුණා. ඒකේ පොඩි අකුලන කුඩ තුන හතරක් තිබුණා. මං පොත් අරන් එලියට එද්දි අවුරුදු 20 ක විතර ගෑනු දරුවෙක් එයාගේ පෙම්වතා එක්ක බුක් ශොප් එකෙන් එලියට ආවා. කොල්ලා දැන් පඩි පෙලේ හිටගෙන ඉන්නවා. කෙල්ල පාත් වෙලා කූඩෙන් කුඩේ ගන්න හදනවා. ඊට පිටිපස්සෙ මං මගේ කුඩේ ගන්න. කෙල්ල කුඩේ ගන්න 4 වතාවක් උත්සහ කලා. ඒ කුඩේ අනික් ඒවා එක්ක පැටලිලා. මං බලන් ඉන්න නිසා ඒකට හදිස්සිත් එක්ක. චක් ගානවා චුක් ගානවා. කුඩේ පැටලිලා. අර පෙම්වතා කියන එකා හිටගෙන බලන් ඉන්නවා. පස්සෙ මං පොඩ්ඩක් ඉන්න කියලා කුඩේ පැටලුම් ඇරලා දුන්නා. පස්සෙ කෙල්ල කුඩේ ඉහලුවා. කොල්ලා ඒ කුඩේ යටින් යන්න ගියා.

මේ සිද්ධි දෙක ඇත්තටම එකම හැගීම තියෙන සිද්ධි දෙකක්. ගෑණියෙක්ව ආදරයෙන් රැකබලා ගැනීම කියන එක, පිරිමියෙකුට අයත් කාර්යයක් විදිහටයි මම දකින්නේ. ගෑණු කොයි තරං ශක්තිමක් වුණත්, තනියම දේවල් කරගන්න පුළුවන් වුනත්, ඇය අසල පිරිමියෙක් සිටිනවා නම්, ඔහු විසින් ඒ ගැහැණියව රැක බලා ගතයුතුයි කියන එකයි මගේ පුද්ගලික කල්පනාව. ඒ රැකබලා ගැනීමේ හුරුව පොඩි කාලේ ඉදලම එන්න ඕන දෙයක්. දරුවව පාර පැත්තෙන් තියාගෙන ඇවිදගෙන යන අම්මලා අපි අද පාරෙදි දකිනවා. ගෑණිව පාරේ මේ පැත්​තෙ දාලා තනියම පාර පනින පිරිමි අපි අද දකිනවා. පෙම්වතිය කුඩේ ඉහලද්දි ඒකට යටින් යන කොල්ලෝ අපි දකිනවා. මෙහි අවසාන ප්‍රතිපලය කුමක් විය හැකිද.

කවද හරි කසාද බැදපු දවසක, දරුවෙක් හදාගන්න කෙල්ලට අහවල් වැඩේ කරන්න මිනිහා ළග ඉදීවි. ඉන් පස්සෙ ෆෝලික් ඇසිඩ් එකේ ඉදලා දරුවගේ නැප්කින් එක දක්වා සියලුම දේවල් තමන්ට තනියම කරගන්න කෙල්ලට සිද්ධ වෙනවා. හැමදාම කෙල්ල ක්ලිනික් යන්නෙ තනියම. එක්කෝ වයසක අම්මා විතරයි තනියට ඉන්නෙ. දරුවො ලැබුනම තාත්තායි කියන එකා බිලා ඇවිල්ලා කාලකන්නියා වගේ නිදි. අම්මට තමයි දරුවට රෑ තිස්සෙ කිරි දෙන්න වෙන්නෙ. උකුලේ දාලා නලවන්න වෙන්නෙ. නැප්කින් මාරු කරන්න වෙන්නෙ. මහ රෑ උස්සගෙන සාලෙ ඇවිද ඇවිද ගුඩුස් යවන්න වෙන්නෙ. ඒ විතරක්ද උන් ලොකු වුණාම ස්කෝලෙ එක්ක යන්න වෙන්නෙ තනියම. උන්ට උගන්වන්න වෙන්නෙ තනියම. මාර්කට් යන්න වෙන්නෙ තනියම. පාරවල් පනින්න වෙන්නෙ තනියම. 

පිරිමි හොදට මතක තියාගන්න, ජිවිතේ හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් හොයාගෙන හොද වාහනයක් අරගෙන ලොකු ගෙයක් හදාගත්තම පිරිමියෙක් වෙන්න බෑ. ඇත්තටම ඔබට පිරිමියෙක් වෙන්න පුළුවන් ඔබ ආදරය කරන ගෑහැණියක් ගාව  ඇයව රැක බලාගන්නා ආදරවන්තයා වුණාම. ගැහැණියක් ඒ දේ බලාපොරොත්තු වෙනවා. 

ඒ වගේම ගෑණු ළමයි මතක තියාගන්න ඕන ආදරය කරන කාලෙදිවත් ඔබව මතක් වෙන්නෙ නැත්තං, අඩු ගානේ පාරේ යද්දි ඔබට හෙවන වෙන්න කුඩේ වත් ඉහලන්නෙ නැතුතං, පාරක් පනිද්දි ඔබේ අතින් අල්ලගෙන ඔබත් එක්කම පරිස්සමට පාරෙන් එගොඩ වෙන්න බැරිනං, ඔබව කඩේ යවනවා නං, ඔබට කියලා වැඩ කරව ගන්නවා නං, මතක තියාගන්න ඌ පිරිමියෙක් නෙමෙයි. ආත්මාර්ථකාමී කම්මැලි කාලකන්නියෙක්. කොයි තරං දේවල් තිබුණත්, එහෙම උන්ව බදින්න එපා. ජිවිතේ අපායක් වෙනවා. ඔබ ගෑහැණියක් නෙමෙයි ඉබේම පිරිමියෙක් වෙනවා. තමන් ආදරය කරන අනෙකාව රැක බලා නොගන්නා සමාජය හැගීමකින් තොර සමාජයක් බවට පත් වෙනවා. 

- සමන් එදිරිමුණී


ඇත්තටම මේක හරිද?


මුළින්ම කියන්න තියෙන්නෙ එක සිද්දියක් දැක්ක පළියට එම පිරිමියාව (හෝ ගැහැනියව) විනිශ්චය කරන්නට සමන් එදිරිමුණීට කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බවයි. ලoකාවට තියෙන ලොකුම හෙනයක් නම් මෙසේ තමන් හරියකට නොදන්න දේ අතින්ද දමා විනිශ්චය කරන්නට යාමයි. අර පෙම්වතා එදා අසනීපවී හිටියා වන්නට බැරිද?


දෙවන කාරණය, මට නම් වැදගත්ම කාරණය, පිරිමියෙක්ගෙන් ගැහැනියක්  පාර පැන්නවීම, කුඩ ඉහලීම, සපත්තු ලේස් ගැට ගැසීම ආදිය උදක්ම බලාපොරොත්තු වන්නේද යන්නයි. පෞරැෂ හීන ගැහැණු (woman child type, for an example) මේවා උදක්ම බලාපොරොත්තු වේ. ඇත්තවශයෙන්ම මෙවැනි "සුළු උදව් කිරීම" ගෑනු අමාරැවේ දමන වනචර පිරිමි තම ගොදුරට ලo වීමට බහුලව යොදා ගන්නා උපක්‍රමයකි. මොකද පෞරැෂ හීන ගැහැණු එපමණටම ඒවාට කැමතිය, ආකර්ශණය වේ. පාර පැන්නවීම, කුඩ ඉහලීම, සපත්තු ලේස් ගැට ගැසීම ආදි සුළු උදව් කරන බොහෝ පෙම්වතුන්/සැමියන් එම ගෑනුන්ට විශාල උදව් අවශ්‍ය  වූ වෙලාවල හැසිරෙන්නේ කෙසේද? එයයි වැදගත්ම ප්‍රශ්නය.


පාරෙ යද්දි ගැහැනියට කුඩේ ඉහලලා ගැහැනිය අතින් මුදල් පසුම්බිය නැති වූ විට මාරාවේෂ වන පිරිමියෙක් සහ පාරෙ යද්දි ගැහැනියට කුඩේ තනිවම ඉහලා ගැනීමට දී ගැහැනිය අතින් මුදල් පසුම්බියක් නැති වූ විට කමක් නෑ මිනිස්සු අතින් වැරදීම් වෙනවනේ ඕවා ඔහොම තමයි යැයි ගැහැනියගේ හිතත් හදා නැති වූ මුදලුත් දෙන පිරිමියෙක්ගෙන් වඩා හොඳ කවුද? එම නිසා පිරිමියෙකු (හෝ ගැහැනියක) ගැඹුරින් අධ්‍යයනය නොකර එක සිද්ධියක් දෙකක් මත judge කිරීම  මහත් ගොන් කමකි.


බොහෝ විට පෞරැෂයක් ඇති පිරිමි ගැහැනිය බබා හුකුo නොකරති, එම කාලය ඊට වඩා පලදායක දෙයකට යොදවති.  එම පිරිමි තම නිදහසට කැමති අතර ගැහැනියටද නිදහස දෙති. ගැහැනියට තනිවම කරගත නොහැකි විශාල සහ සoකීර්ණ අභියෝගයක් දුටු විට අචලව එකට මුහුණදෙති.  

 

 අනිත් අතට ගැහැනිය බබා හුකුo කරන පිරිමින්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය අඩුය, drama වැඩිය. එම පිරිමි බොහෝවිට තම ගැහැනියට නිදහස නොදෙති. ගැහැනියගේ පෞරැෂය ඉහල යනවාට ඉතාම අකමැතිය. ගැහැනියට තනිවම කරගත හැකි පාර පැන්නවීම, කුඩ ඉහලීම, සපත්තු ලේස් ගැට ගැසීම ආදි සුළු උදව් කරන අතර එමගින් රටට තමන් හොඳ සහකරැවෙක් බව හැඟවුවද  ගැහැනියට තනිවම කරගත නොහැකි විශාල සහ සoකීර්ණ අභියෝගයක් දුටු විට හත්පොලේ ගා ගනිති.


මගේ ආචාර්‍ය උපාධි කණ්ඩායමේ ලoකාවේ ගැහැනිය බබා හුකුo කරන පිරිමියෙක් හිටියේය. ඔහුගේ බිරිඳද උපාධිධාරිනියක වුවත් තමන් පමණක් ආචාර්‍ය උපාධිය කල අතර අර තනි කාමරයක් සහිත නවාතැනේ උයා පිහා රෙදි සෝදා ගෙන මේ  බිරිඳ කල් යැවීය. (ඇත්ත හේතුව හීනමානය උනත් ලෝකයට, විශේෂයෙන් ආචාර්‍ය උපාධි කරන ගෑනුන්ට කිව්වේ නෝනා ආචාර්‍ය උපාධිය කරවා වෙහෙසට පත් කිරීමට අකමැති බවයි!) අපගේ මහාචාර්‍යවරයා සති දෙකකට වරක් උදේ නමයේ සිට එකොළහ වන තෙක් (group meeting) ආචාර්‍ය උපාධි අපේක්‍ෂකයන් දෙදෙනෙකුගේ ගේ පර්‍යේෂණ දත්ත presentation එකක් කරවයි. මොහුට (සහ මට) presentations යෙදුන සතියේ එකොළහමාරට එම කාමරයේම අපගේ පොට්ලක් පාටියක් යෙදී තිබුනි. එයට අප කණ්ඩායමේ හැමෝම විවිධ ආහාර රැගෙන උදේ නමයට ආවේ group meeting එක සහ  පාටිය එකලඟ යෙදී තිබූ නිසාය. නමුත් මෙතුමා පැමිණියේ හිස් අතිනි.


බිරිඳට එය උයන්නට උදේ වැඩිය. ඇය ඔහුට එකොළහට ගෙදරට විත් ආහාරය ගෙන යන ලෙස පවසා තිබුනාය. අවාසනාවකට එදා ඔහුට presentations දෙකක් කරන ලෙස මහාචාර්‍යවරයා හදිසියේම දැන්වීය. මෙවැනි අනපේක්‍ෂිත අවස්ථා අපගේ group meeting එකේ සුළභය. එවිට ඔහු අසරණ විය. අපට මැදිහත් වී අර කෑම ප්‍රවාහනය කිරීමටත් (බිරිඳට driving බැරිය, driving ඉගැන්වීමට හීනමානය නිසා ඔහු බය නමුත් අපට කියන්නේ මම මගේ නෝනව කැමති තැනකට ඩ්‍රයිව් කරගෙන ගෙනියනවා කියාය, එදිරිමුණී ස්ටයිල්). ඕව කතා කරගන්නට group meeting එක නැවැත්වීමට සිදු වීම නිසා මහාචාර්‍යවරයාව තරහ ගැස්සීමටත් ඔහුට සිදු විය. අනේ එච්චර කට්ට කාගෙන ගෙනාවේ කුඩා කුකුළුමස් කරියකි. සාමාන්‍යයෙන් හොද්දකට බත්/පාන්/රොටී මොනවහරි තිබියයුතු වුවත් මේක නිකම්ම කරියකි. ඒනිසා කවුරැවත් ඒක කෑවේද නැත. 


එදිරිමුණිට අනුව ඔහු පරමාදර්ශී පිරිමියා වුවත් මේ සිද්ධිය මේ ඔක්කොම බලාගෙන සිටි කෙන්‍යානු පිරිමි උපාධි අපේක්‍ෂකයා මට කිව්වේ "චන්න එයාගෙ නෝනට සළකන්නේ වහළියකට වගේ නේද" කියාය.  


Tuesday, October 6, 2020

කොරෝනා සහ හිතට වැදුනු පෝස්ටු දෙකක්

 ගැහැනියට අපහාස කිරීම කලාවක් නම් බහුතරයක් ශ්රීලාංකික පිරිමින් එහි පිකාසෝවරුන් වෙති.පසුගිය කාලගේ ලංකාව පුරාවටම කොරොනා බෝ කරෝ පිරිමින් ය..රෝහල් වලින් පැන යමින්,කුඩු බොමින් ගම්මැදි හතේ ඇවිදිමින් රටටම කොරෝනා බෝ කරත් කිසිදු ගැහැනියක් ඒ ගැන වචනයකුදු නොකීවාය..දෙවන රැල්ල පටන් ගෙන ඇත්තේ ගැහැනියක් හරහාය..දැන් ලංකාවේ බොහෝ පිරිමින්හට ප්රශ්න රැසකි..

මිනිහට හැදිලා නැතිලු..ගෑනිට විතරලු..
කාගෙන් බෝකරගත්තාද දන්නේ නෑ..
ආදි වශයෙන් මාර්තු සිට නොතිබු ප්රශ්න රැසකින් ඔවුන් දැන් පීඩා විදී ...සරලවම මේ ගැන පුදුම විය යුතු නැත..බණක් කියන්නට ඉද ගත්තත්,දේශනාවක් තියන්නට ගියත් හොඳම මාකට් එක ගැහැනිය යි..ලොව ප්රථම තැනට ගූගල් සෙක්ස් හොයන අසහනය පිට කිරීම එසේ මෙසේ කාර්යයක් නොවේ..දැන් එය මවගේ සහ දුවගේ කොරොනාවයි..පෙර කිසි විට එය තාත්තා ගේ සහ පුතාගේ කොරොනාව නොවුනද දැන් හැදින්වෙන්නේ ඒ ආකාරයට යි...මේ ගැහැනිය සිය මව හෝ දියණිය වූවා නම් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි..මගේ පිටුවේ පවා උගත් යැයි සම්මත අය ඉතා බාල මට්ටමේ පෝස්ට් බෙදාහරිමින් සතුටු වෙයි..අද මේ අසරණ කාන්තාව කොපමන නම් මානසික පීඩාවකට ලක්වී ඇතිද..දරුවන් සිවු දෙනෙකුත් සිටියදීත් ඇය රැකියාවක් කරන්නට ඇත්තේ ආර්ථික බර නිසාම විය හැක..කොරෝනා යනු සමාජ රෝගයක් නොවන බව ගැහැනියක් අල්ලගෙන අවමන් කරනා නපුංසකයන් දැනගත යුතුය.එය දෙවන වරට මුලින්ම හඳුනා ගත්තේ ඇය හරහාය..කෙසේ වෙතත් ලංකාවේ මාධ්ය යනු පලවෙනි පංතියේ පිංපියන් ය..විකුනාගෙන කෑ හැකි නම් මව දියණිය උවත් කම් නැත..සැබැවින්ම ලංකාවේ පිරිමින් ගෙන් මම ප්රශ්නයක් අසමි. ගැහැනියකට අවමන් කරන කල ඕනෑම නපුංසකයෙක් සිංහයෙක් වන්නටත්, තම මවට දියණියට අපහස කරන උන් පමනක් චාරයක් නැති නපුංසකයන් වන්නටත් හේතුව කුමක්ද ? සැබැවින්ම යලි කොරෝනා රැල්ල මෙසේ පැතිරීමට අපි සියල්ලෝම වක්රව දායක වී ඇත...ඔබ ඇඳෙන් බැස ගිය කල බිරිඳ දවසම බුම්මගෙන සිටීමටත්, අනියම් බිරිඳ යලි එන්න එපා කීමටත් හේතු වූ අසරණ කම නැති කර ගැනීමට වහා ගොස් වෛද්යවරයෙක් හමුවන්න..කාගේ හෝ මවක්, දියණියක්, සොයුරියක්, බිරිඳකට අවමන් කල පලියට ඔබගේ අප්රාණික අවයව සප්රාණික වන්නේ නැත.ලංකාවේ සමස්ථ දළ දේශීය නිශ්පාදනයට මේ ඇඟලුම් කම්හල් වල රැකියා කරන සොයුරියන් දෙනුයේ අති විශිෂ්ඨ දායකත්වයකි..සමාජය ඉදිරියේ නැති පිරිමි කම පෙන්වීමට සමාජ මාධ්ය වලට විත් සිංහයන් වීමට තැත් කරන නපුංසකයන් හට වැඩිය සියදාස් වාරයක් ඔවුන් මේ බිමට වැඩ දායකය..ඔවුනට සුවය පතන්නට බැරි නම් කරුනාකර නිහඬ වෙන්න..ඔබගේ වැඩකට නැති ලිංගයෙ පවු පිටකර ගැනීමට ඒ අහිංසක මවත් දියණියත් පීඩාවට පත් නොකරන්න..නියම පිරිමියෙක් මෙන් එසේ කිරීමට එරෙහි වන්න...
# මෙය මහත්වරුන්ට අදාල නොවේ.#
අමා මධුවන්ති විසින් ලියන ලද සටහනක් ඇසුරිනි
@අළු හිතන මිනිස්සු කියවන පිටුව

ලංකාවට ඩොලර් එන්නේ කොහොමද ? ඇඟළුම් සේවිකාවන්ට එල්ල වන විවේචන නිසා ඉතාමත් අවිවේකී වේලාවක වුවද ලියමි. අපි කවුරුත් පිටරටින් එන දේවල් රාශියක් පාවිච්චි කරනවා. ලැප්ටොප් එකක්, මොබයිල් ෆෝන් එකක්, වාහනයක්, මෝටර්බයික් එකක්, ඉදිකට්ටක්, හදුන්කූරක්, අර්තාපල් ගෙඩියක්, ඇපල් ගෙඩියක්, මෙකී වොකී ගොඩක් දේවල් පිටරටින් ගෙනැවිත් අපි පාවිච්චි කරනවා. ඕවා පිටරටින් ගේන්න සල්ලි ගෙවන්නේ කොහොමද ? අද කතාව කියන්නේ පොඩි එකෙකුටත් තේරෙන විදිහට. හරිම සරළව. ඕව ගේන්න අපි පිටරටවල් වලට රුපියල් වලින් ගෙවල හරියන්නෙ නෑ. ශ්‍රී ලංකා රුපියල කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් මුදල් වර්ගයක් නෙවෙයි. ජාත්‍යන්තරව පිළිගත් මුදල් වර්ග තියෙන්නේ හතරයි. 1. ඇමරිකානු ඩොලරය 2. යූරෝ 3. පජන් යෙන් 4. එංගන්තයේ සටර්ලින් පවුම්. මීට අමතරව චීන මුදල් ඒකකය වන යොආන් දැන් දැන් ජාත්‍යන්තර මුදල් එ්කකයක් විදිහට පිළිගැනීමට ලක් වෙමින් තියනවා. අපිට යම් දෙයක් පිටරටින් ගෙන්වන්න ඕන නම්, අපි ඒකට ඔය උඩින් කියල තියෙන මුදල් වලින් තමයි ගෙවන්න ඕන. එතකොට අපිට කොහෙන්ද ඔය කියන මුදල් එන්නේ ? භෞතිකව ඩොලර් නෝට්ටුවක් ලංකාවට ගෙන්ව ගන්නේ කොහොමද ? අපේ රටේ රජයට ඔය මුදල් අච්චු ගහන්නත් බැහැ. අපේ රජයට බලය තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් අච්චු ගහන්න විතරයි. එතකොට කොහොමද අපිට ඩොලර්, යූරෝ, යෙන්, පවුම් එන්නේ ? අපි තේ, පොල්, රබර්, ඇඟළුම්, මත්ස්‍ය නිෂ්පාදන, සුළු කෘෂි භෝග අපනයනය කරනවා. එතකොට ඒ රටවල් වලින් අපිට ඩොලර් හෝ මම උඩින් කීව අනෙක් ජාත්‍යන්තර පිළිගැනීමක් තියන මුදල් වර්ග වලින් ගෙවනවා. ඒවට තමයි අපි විදේශ විනිමය ලැබීම් කියල කියන්නේ. ලංකාවට විදේශ විනිමය එන ලොකුම මූලාශ්‍ර තුන තමයි, 1. විදේශ රැකියා කරන්නන් එවන මුදල් 2. රෙදිපිළි හා ඇඟළුම් 3. සංචාරක කර්මාන්තය. ඔය තුනට පස්සේ තමයි තේ, පොල්, රබර් තියෙන්නෙ. ඕකෙන් සංචාරක කර්මාන්තය දැන් බිඳවැටිලා ඉවරයි. රජය හැකි ඉක්මනින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරන්න යන්නේ ඇයි කියල දැන් තේරෙනවා ඇති. කොරෝණා කාලෙත් ඇඟළුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන ගියේ ඇයි කියල තේරෙනවා ඇති. අපි අපනයනය කරන දේවල් නම් භාණ්ඩ වලින් කියන්න පුළුවන්. නමුත් ආනයනය කරන දේවල් එහෙම කියන්න බැහැ. භාණ්ඩ වලින් කීවොත් සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒ නිසා අපි ආනයන කියන්නේ භාණ්ඩ ඝණ වලින්. 1. පාරිභෝගික භාණ්ඩ (පරිප්පු, සීනි, කඩල, මුංඇට, අර්තාපල්, ලොකු ළූණු) 2. ප්‍රා⁣ග්ධන භාණ්ඩ (යන්ත්‍ර සූත්‍ර, උපකරණ, වාහන) 3. අන්තර් භාණ්ඩ ( ඛණිජ තෙල්, රෙදි, සිමෙන්ති, කෘෂි රසායන, පොහොර) ඔය එක කැටගරි එකකට භාණ්ඩ දස දහස් ගානක් අයිති වෙනවා. ඕවට අපි ජාත්‍යන්තර පිළිගත් මුදල් වලින් ගෙවන්න ඕන. ඒවට තමයි කියන්නේ විදේශ විනිමය ගෙවීම් කියලා. ඔය වර්ග තුනෙන් හැකි තරම් පාරිභෝගික භාණ්ඩ ආනයනය නතර කරන්න ඕන. ප්‍රාග්ධන භාණ්ඩ වැඩිපුර ගෙන්වන්නේ ලංකාව තුළ සිදු වන නිෂ්පාදනය වැඩි උනොත්. අන්තර් භාණ්ඩත් එහෙමම තමයි. උදාහරණයක් විදිහට පොහොර වැඩිපුර ගෙන්වන්නේ ගොවිතැන් කටයුතු වැඩිපුර ලංකාවේ සිද්ධ උනොත් නේ. ඒ නිසා ප්‍රාග්ධන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ වැඩි වීම එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒ පිටරටින් ගෙන්වන පොහොර ටිකත් ලංකාවේම හදන්න පුළුවන් නම් තවත් හොඳයි. කොහොම උනත් පාරිභෝගික භාණ්ඩ නම් ගෙන්වන එක පළමු අවස්ථාවේ දීම නවත්වන්න ඕන. කහ ආනයනය කරන්න කියන කොට රජය ඒ තීරණය ප්‍රතික්ෂේප කලා. ඒක හොඳ තීරණයක් වෙන්නේ ඔන්න ඔය පදනමින් තමයි. අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 10. 3 යි. අපි ගෙවන්න ඕන විදේශ විනිමය ඩොලර් බිලියන 20. 4 යි. ඒ කියන්නේ ලැබෙනවා වගේ දෙගුණයක් විදේශ විනිමය හිඟයක් තියනවා. වෙළෙඳ ශේෂය 100% ක් තියන රටක් අපි !! ඉතිං අපි කොහොමද ඔය 100% ක වෙළෙඳ ශේෂය පියව ගන්නේ ? ඒක පියවන්නේ විදේශ රටවලින් ඩොලර් වලින් ණය අරගෙන. විදේශ ශ්‍රමිකයන්, ඇඟළුම් සේවිකාවන්, මෙරටට එන විදෙස් සංචාරකයන්, ආයෝජකයන්, තේ දළු නෙළන්නන්, රබර් කිරි කපන්නන්, පොල් වතු සේවකයන්, ධීවරයන්, ගම්මිරිස් වගේ සුළු අපනයන භෝග වගා කරුවන් තමයි ඔය ඩොලර් ටික අපිට හොයල දෙන්නේ. ඒ හොයල දෙන ඩොලර් එකෙන් ගන්න ලැප් එකෙන් හෝ ෆෝන් එකෙන් ෆේස් බුක් ගිහින්, #ගාමන්ට්කෑල්ල කියල අපහාස කරල පෝස්ට් දාන උන් ඉන්නවා නේද ? උන් තමයි කවදා හරි තමන් ජාතක කරපු තාත්තටත් අත උස්සන්නේ. උන් තමයි තමන් වදපු අම්මව වයසට ගියාම අනාථ නිවාසෙකට ගිහින් දාන්නේ. ලංකාව දුවන්නේ දොස්තරලා, ඉන්ජිනේරුවෝ, බැංකු කරුවෝ, නීතිඥයෝ, මැති ඇමතිලා, ජනාධිපතිලා, අගමැතිලා වගේ අය නිසා නෙවෙයි. ඔය කියපු දුක් විඳලා ඩොලර් එවන මිනිස්සු නිසා. ඒ ඩොලර් ටික නැත්නම් ඔබ කවුරුත් මේ ලිපිය කියවන්නෙ නෑ. අපි කවුරුත් වාහනේක ගිහින් නෑ. තාමත් යන්නේ බර කරත්ත වලින්. අපි කවුරුත් ඇපල් කාල නෑ. ලැප් එකක් ඇහැට දැකල නෑ. තේරුණාද මේකේ බරපතළකම ? ඒ නිසා බ්‍රැන්ඩික්ස් එකේ රටක් වටින සේවයක් කරන අපේම සහෝදරියන්ට කොරෝඛා හැදුනා කියලා අපහාස කරන පෝස්ට් ෂෙයා කරන කාලකන්නියෙක් වෙන්න එපා. හිත රිදුන අය සමාවෙන්න. ඒත් කිව යුතු දේ මම කීවා. මම හිතනවා තේරෙන්න ඇති කියලා. ක්‍රිෂාන්ත දිසානායක