Tuesday, December 10, 2019

කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් ඔබේ නිවස බේරා ගන්න

ශ්‍රී ලoකාවේ පිහිටීම අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බොහෝ හොඳ සහ නරක ආභාෂයන් ඇත. එසේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නරක ආභාෂයන් අතරින් ඔබේ පවුලේ සුභසිද්ධිය තකා දුරින් දුරැ කල යුතු යමක් වේ නම් ඒ කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යයන් වේ. ශ්‍රී ලoකාවේ හර පද්ධතීන් උඩු යටිකුරැ කර මිනිසුන්ගේ බුද්ධිය මොට කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදෙන මෙම ගොබ්බ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් ලාoකික සමාජයට එතෙක් මෙතෙක් සිදුවී ඇති හානිය සුලු පටු නොවේ. වෛරය වපුරමින් ඊර්ශ්‍යාව පතුරමින් ලිoගික කුහකකමෙන් පිපිරෙමින් මේක් අප් තලි මුහුණුවල අතුල්ලාගෙන පිස්සන් රැළක් මෙන් කිසිම තර්කානුකූල බුද්ධියකට ගෝචර නොවෙන ක්‍රියාකාරකම් වල යෙදෙන ආකාරය පෙන්වන මේ ගොබ්බ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය බලන රටක් මෙපමණකින්වත් රැකී තිබීම ගැන අප සතුටු විය යුතුය. පසුගියදා පැවති සම්මාන උළෙලක ජනප්‍රිය නළු නිලි සම්මාන ගත් නළුවා සහ නිලියගේ රoගනය, විශේෂයෙන්ම නළුවාගේ රoගනය, කවදාවත් දැක නොතිබූ නිසා ඔහු රඟපාන ටෙලිනාට්‍යයක කොටස් කීපයක් ඉතා අමාරැවෙන් නැරඹූ පසු මෙම සටහන ලිවීමට සිත් විය. මුල, මැද, අග නොගැළපෙන මෙවැනි ටෙලිනාට්‍යයවල වැරදි අටෝරාසියක් පවතී. ඒවා ගැන කතා කිරීමට කාලය යෙදවීමත් අපරාධයකි. දක්ෂ නළු නිලියන් මෙවැනි තුට්ටු දෙකේ නාටකවල රඟපාන්නේ ලoකාවේ කලාත්මක ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි දැන් දැන් සෑදෙන්නේ කලාතුරකින් වීම නිසා විය හැකි නමුත් මෙවැනි අවර ගණයේ නිර්මාණ වලට දායක වීම මගින් ලoකාවේ හර පද්ධතීන්ගේ පරිහානියට ඔවුන් ලබාදෙන දායකත්වය ගැන සැබෑ අදහසක් ඔවුන්ට තිබේද?

මෙම අවර ගණයේ ඉන්දියානු පන්නයේ නිර්මාණවල ප්‍රධානම ලක්‍ෂණයක් වන්නේ යල්පැණගිය බමුණු මත සමාජගත කිරීමයි. ඒ අනුව ගෑනුන්ගේ චරිත මරි මෝඩ, නූගත්, ඉරිසියාකාර, කපටි, යටිකූට්ටු, නපුරැ, ආත්මාර්ථකාමී, ධනයට/බලයට කෑදර... හරියටම අර බමුණු ඉගැන්වීම්වල කාන්තාවන්ව විස්තරකර ඇති පරිදි දෙකයි පනහේ තත්වයට ඇද දමා ඇත. ඉන්දියාවේ බහුතරයක් අදහන හින්දු ආගමේද අධික පුරැෂමූලික බවක් ඇති නිසා මෙම ඉන්දියානු පන්නයේ නිර්මාණවල ආකෘතිය ඉන්දියාවට ගැළපේ. එහෙත් බුද්ධාගම අදහන ලoකාවට මෙම ආකෘතිය කොහෙත්ම නොගැළපේ. මෙය ලoකාවට බලෙන් පැටවූ හානිකර ආකෘතියකි. මෙම නාටකවල ගැහැණුන් අතර ඉන්නා අම්මලා කවදාකවත් රැකියා නොකරති. ගෙවල්වලට වී ඒවායේ නැති ප්‍රශ්න සාදමින්, විශේෂයෙන්ම ළමයින්ගේ ජීවිත වලට අනිසි බලපෑම් කරමින් පුදුම ආතල් එකක් ගනිති. මොනතරම් සල්ලි තිබ්බත් මළාට ට්‍රිප් එකක් නොයති, චැරිටියක් නොකරති, ඉගනීමක් නැත, විනෝදාoශයක් නැත, දවස පුරා කුමන්ත්‍රණ  කරමින් පුපුර පුපුරා සිටිති. මේ කතා නැරඹීමේදී ඔබට නොදැනීම ඔබගේ මනස දූෂණය වේ. වෛරය පිරී  බුද්ධිය මොටවේ. ජාතියක් ලෙස පරිහාණියට පත්වේ.

ලාoකික නිර්මාණකරැවන් සෑදූ උසස් නිර්මාණ (සෙනෙහසේ ගීතය, බැද්දේ කුළවමිය, දියවඩන මළුව, අග පිපි මල්, මිණිගoදෑළ ආදිය මේ මොහොතේ මතකයට නැගෙන නිර්මාණ සමහරක්) වල සිටි කාන්තා චරිත වල ලාoකේය කාන්තාවන්ගේ ගුණ යහපත්කම සහ පෞරැෂත්වය මනාව විදහා පෙන්වූ බව මතකය.

එම කාන්තාවන් අතර අනෝමා (වසන්ති චතුරාණි, සෙනෙහසේ ගීතය) අප්‍රතිහත ධෛර්‍යයේ සoකේතයකි, බුද්ධිමත්භාවයේ සoකේතයකි, මාතෘත්වයේ සoකේතයකි. තම සැමියා පිළිකාවකට ගොදුරැ වී මිය යාමට පෙර ගෘහනියක වූ ඇය ඔහුගේ අභාවයත් සමග ඇතිවූ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අප්‍රතිහත ධෛර්‍යයෙන් කටයුතු කර සාර්ථක ව්‍යවසායිකාවක් වන්නීය. ඇය තම දරැවන්ගේත් මියගිය සැමියාගේ මව සහ සොයුරාගේත් පූර්ණ ආශීර්වාදය මැද නැවත විවාහ වන්නීය. බමුණු මතය අනුව සැමියා මළ ගැහැණිය සති පූජා කලයුතුය, ඒ බැරිනම් අඩුතරමේ ඉතිරි ජීවිත කාලයම වැළපෙමින් සිටිය යුතුය. නමුත් බෞද්ධ හර පද්ධතිය එසේ නොවේ. ජීවිතයේ අනිත්‍යය දැනගෙන දුකේදී මෙන්ම සැපේදීත් බුද්ධිමත්ව කටයුතු කරමින් දෙලොව යහපත සළසාගැනීම බුද්ධාගමෙහි හරයයි. අනෝමාගේ දෙවන විවාහය බමුණන්ට ගැසූ අතුල් පහරකි. ඒ පමණක්ද, එම විවාහයට අනෝමාව කැමති කර ගන්නට සෑහෙන කට්ට කෑවේ ඇයගේ දියණියන් සහ මියගිය සැමියාගේ සොයුරාය. බමුණු මතයට අනුව මෙවැනි අවස්ථාවකදී අවි අමෝරා රෙදි උස්සගෙන සටනට ආ යුතු ඇයගේ දියණියන් සහ මියගිය සැමියාගේ සොයුරාය. ටෙලිනාට්‍යය පුරාම විහිදීගිය අනෝමාගේ චරිතයේ ඇති පෞරැෂය කොතරම්ද? මේ නාට්‍යය නරඹා දශක දෙකකට වඩා ගෙවී ගොස් ඇතත් එහි තිබූ ඇතැම් කොටස් අදටත් මගේ ජීවන මාවත පහන් කරන තරැ එළි මෙන් මතක තිබේ. එක අවස්ථාවක අනෝමාගේ වැඩිමහළු දියණිය මෙහෙම අසනවා (අදහස පමණි, දෙබස ඒ විදියටම මතක නෑ). "තාත්තගෙ මරණෙ වෙලාවෙ අම්ම ඇඬුව වගක් මතක නෑනෙ?" අනෝමගෙ පිළිතුර "තාත්ත ජීවත්වෙලා ඉන්න කාලෙ මම මගේ යුතුකම් උපරිමයෙන් කලා. ඉතින් ඇයි මම තාත්තගෙ මරණෙ වෙලාවෙ අඬන්නේ ?" ලoකාවේ බොහෝ නිර්මාණ අදහස් අතින් ඉදිරියට නොව පිටුපසට ගොස් ඇතිබව පෙන්වන එක අවස්ථාවකි, අවුරැදු විස්සකට පෙර පෙන්වූ නාට්‍ය අද පෙන්වන බොහෝ නිර්මාණ වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබීම.

දෙවනුවට මම කතා කරන්නට කැමති කාරණය මෙම කසිකබල් ඉන්දියානු පන්නයේ ටෙලිනාට්‍යය වලින් පෙන්වන සහ සමාජයට පොම්ප කරන අධික අකෘතඟතාවය සහ ප්‍රචන්ඩත්වයයි. උදා වෙන සෑම දිනකම එදින එළිය දැකීමට ජීවත් වීමට වාසනාව තිබීම වෙනුවෙන් කෘතඟ වියයුතු අප නරඹන මෙම කසිකබල්වල චරිත සෑම විටම අනිකුත් අය සමඟ පුදුමාකාර තරඟයක යෙදී සිටිති. තමන්ට ඇති දේවල්වල කිසිම අගයක් නැත. නැති දේ කෙසේහෝ ලබා ගන්නට වළි කති. මිනී මරා ගනිති. තමන්ට බොහෝ උපකාර කල මිනිසුන්ව මොහොතකින් ඒ උපකාර අමතක කර කුඩා ලාභ ප්‍රයෝජනයකට වෙඩි තබා, වසදී, රෝහලේදී රෝගියාගේ ඔක්සිජන් නල ගලවා ආදී තිරස්චීන ක්‍රමවලින් අනුකම්පා විරහිතව මරා දැමීමට හදති. මෙම චරිත ජීවත්වන්නේ අන්කිසිවකට නොව පළිගැනීමටමය. ආදරයෙන් පැරදුනු විට ගෞරවාන්විතව ඉවත්වී යාම මහා පරාජයක් සහ ලැජ්ජාවක් ලෙස දැකීමටත් බලෙන්හෝ ඔලුවට පිස්තෝලය තබාහෝ "ආදරය" ලබාගැනීම කලයුතු නිවැරදි දෙය බවටත් හඟවති. මෙය ලාoකික සමාජයේ දැන් වන විට ඔඩු දුවා ඇති නරක ලක්‍ෂණයක් නොවේද? දියුණු රටවල අපරාධ ලෙස සැළකෙන මේ හැසිරීම් ලoකාවේ සාමාන්‍යකරණය කරන්නේ මෙම කසිකබල් ඉන්දියානු පන්නයේ ටෙලිනාට්‍යය වේ. මිණිගoදෑළ ටෙලිනාට්‍යයයේ සෙදෝනා (තිසුරි යුවනිකා) තම සැමියාගේ අනියම් බිරිඳ වෙත දැක්වූ උපේක්‍ෂාව, අනෝමා (වසන්ති චතුරාණි, සෙනෙහසේ ගීතය) තම සැමියාගේ පෙර සිටි පෙම්වතිය සහ එම සම්බන්දයෙන් උපන් පුතුට දැක්වූ දයාව මෙම අවරගණයේ නිර්මාණ ආදර්ශයට ගන්නේ නම් වටී.

නිවසේ දරැණු ප්‍රශ්නයක් ඇති වූ විට එයට මුහුණදී විසඳා ගැනීම වෙනුවට ගෑනුන් රෙදි ටික ඔතාගෙන මහගෙදර යාමත් පිරිමින් ගෑනුන්ට දරැණු අඩත්තේට්ටම් කිරීමත් ලoකාවේ ක්‍රමය වන අතර මෙයට විශාල අනුබලයක් දෙන්නේ කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යයන්වේ. බිල් ක්ලින්ටන්- මොනිකා හුටපටයේදී හිලරි ක්ලින්ටන් රෙදි ටික ඔතාගෙන මහගෙදර දිව්වේ නැත, දික්කසාද උනේද නැත.  වෙනත් දියුණු රටවල එකී අවස්ථා වල කසාද ගැහැනිය සහ පිරිමියා හැසිරෙන්නේ කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යය වල පෙන්වන ගොබ්බ ක්‍රමයට නොවන බව ඇමරිකාවේ කාලයක් තිස්සේ ජීවත්වන මට ඉඳුරා කිව හැකිය. නමුත් මේ කසිකබල් නරඹන ඔබ හිතන්නේ හොඳම විසඳුම ඒවල පෙන්නන  රෙදි ටික ඔතාගෙන මහගෙදර දුවන එක කියා නේද? තව උදාහරණයක් ගත්තොත් මේ කසිකබල් වල මිනිසුන්ට අම්බානකට බොරැ කීමට උගන්නයි, එසේ බොරැ කීම සාධාරණීකරණය කිරීමටත් උගන්නයි.  දරැවාගේ ඇත්ත පියා ගැන බොරැ කීම, අසනීපයක් ගැන බොරැ කීම, පවුලේ බරපතල ප්‍රශ්නයක් ගැන බොරැ කීම ආදී උදාහරණය එමට වේ. ශ්‍රී ලාoකික ඔබ තරයේ මතක තබාගතයුතු කරැණක් නම් මොනම ආකාරයේ බොරැවක්වත් කීම බරපතල වරදක් බවයි. දියුණු රටවල මිනිසුන් මොනතරම් සත්‍යවාදීද යන්න ඔබ පුදුමයට පත් කරනු ඇත. මගේ කාරයේ බැටරිය නරක් වී අළුත් එකක් දැමීමට විශාල මුදලක් ගෙවන්නට යද්දී මිකැනික් කිව්වේ බැටරියේ වොරන්ටිය තවම වලoගු නිසා නොමිලේ අළුත් එකක් දියහැකි බව! කුඩා දරැවන්ට විභාග ප්‍රශ්න පත්තර ගෙදර ගෙනගොස් අදාළ කාලයේදී කරගෙන ඒමට දෙති. එම දරැවන් කිසිම වoචාවක් නොකර ඒ ලෙසටම ප්‍රශ්න පත්තර වලට පිළිතුරැ ලියා භාර දෙති. මට දරැණු පිළිකාවක්නම් මගේ වෛද්‍යවරයා හෝ පවුලේ අය ඒක හoගන්නේ නැත, ඒවෙනුවට ඔවුන් මට ඇත්ත කියති, එමෙන්ම මට උපරිම ශක්තිය සහ සහයෝගය ලබා දෙති. ඒ ඇමරිකන් ක්‍රමයට මම කැමතිය. ඇත්ත කීමෙන් ලෙඩාගේ තත්වය නරක් වේ යන්න කසිකබල් ඉන්දියානු නිර්මාණ ඔලුවට දැමූ අදහසකි. ලෙඩාට ඇත්ත කියන ඇමරිකාවේ පිළිකා සුව වීමේ ප්‍රතිශතය ලෙඩාට බොරැ කියන ලoකාවට/ඉන්දියාවට වඩා බොහෝ වැඩිය. මේ කරැණු දෙක තුන ඔබට කිව්වේ කසිකබල් ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් සමාජයේ පැළපදියම් කරන වැරදි අදහස් ගැන ඔබට කීමටයි. ඒ නිසා කසිකබල් ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වෙනුවට උසස් ජාත්‍යන්තර නිර්මාණ නරඹා බුද්ධියේ නිම්වළළු පුළුල් කර ගැනීමට ඔබ අදිටන් කර ගන්න




No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...