මම සෑහෙන්න කාලයක් ලoකාවේත් ඇමරිකාවේත් ජීවත් වී තිබෙනවා. ඒ නිසා ලoකාවේ විතරක් ජීවත් වූ කෙනෙකුට නොපෙනෙන දේවල් මට පෙනෙනවා, ඒවගේම ඇමරිකාවේ විතරක් ජීවත් වූ කෙනෙකුට නොපෙනෙන දේවලුත් මට පෙනෙනවා. ලoකාවේත් ඇමරිකාවේත් බොහෝ හොඳ වගේම බොහෝ නරක මම අත්දැකලා තිබෙනවා. අද කතා කරන්නේ ඒ අත්දැකීම් එක්ක මට ඇතිවූ එක සිතුවිල්ලක්.
සoස්කෘතිය කියන්නේ කාලානුරෑපීව විකාශනය විය යුතු දෙයක් මිස එකතැන පල් වෙමින් ඇතුලෙන් කුණුවී දුඟඳ හමන නමුත් සුදු පිරැවටයකින් වසා ඉදිරිපත් කරන කුණපයක් නොවිය යුතුයි නේද? ශ්‍රී ලාoකික අපට ඉතා උසස් සoස්කෘතියක් තිබුණු නමුත් යටත් විජිතයක් වූ පසුව එම සoස්කෘතිය විකෘති වූ බව මගේ හැඟීමයි. අද වන විට අපේ සoස්කෘතිය විකාරයක් බවට පත් වී ඇත. උදාහරණයකට විවාහයේදී කාන්තාවන්ගේ කන්‍යා භාවය සෙවීම සලකන්න. පැරණි ශ්‍රී ලoකාවේ ගෑනුන්ගේ කන්‍යා භාවය විවාහයකට බලපෑවේ නැති බවයි මගේ අදහස. මේ ගැන තව දුරටත් විමර්ශනය නොකර ස්ථිරවම කිව නොහැකි නමුත් රොබට් නොක්ස් පැරණි උඩරට රාජධානිය ගැන ලිවීමේදී පැරැන්නන්ගේ ලිoගිකත්වය ගැන සඳහන් කර ඇත්තේ මෙහෙමයි :
“Both women and men do commonly wed four or five times before they can settle themselves.” Married women appeared free to have affairs with whoever took their fancy, so long as they were of an equal social rank, sometimes even leaving their husbands at home to look after the children. When important visitors called, husbands would offer them the services of their wives and daughters “to bear them company in their chamber”. Men were allowed to have affairs with lower-caste women, but not to sit or eat with them. Polyandry, in which a wife was shared between two or more brothers, or in which one man married two or more sisters, was also accepted, while incest was reputedly common among beggars. If nothing else, the kingdom’s sex drive was impressive. As Knox observed of the Kandyan women: “when their Husbands are dead, all their care is where to get others, which they cannot long be without.”
(මූලාශ්‍ර:
https://www.roughguides.com/destinations/asia/sri-lanka/kandy-hill-country/kandy/robert-knox-seventeenth-century-kandy/ -10/29/2019)
මේ විස්තරයට අනුව විවාහ/දික්කසාද ලියාපදිචියක් නොතිබූ පැරණි ලoකාවේ හරි හමන් ලෙස පවුල් කෑමට පෙර ගෑනු පිරිමි හතර පස් වතාවක් පමන අසාර්ථක පවුල් ජීවිත ගත කර ඇති බවයි, මෙය ඇමරිකාවේ living together සoකල්පයට බොහෝ සමාන වේ. එමෙන්ම එසේ පවුල් කන ගැහැනුන්ට (තම සමාජ තලයේම) වෙන පිරිමියෙකුට හිත ගියොත් සම්බන්ධකම් පැවැත්වීමටත් හැකිය. එසේ සම්බන්ධකම් පැවැත්වීමට යද්දී ඇතැම් විට සැමියා දරැවන් බලා කියාගෙන ගෙදර හිඳ ඇත. මෙය ඇමරිකාවේ open relationship සoකල්පයට බොහෝ සමාන වේ. වැදගත් අමුත්තන් නිවසට පැමිණි විට ගෙහිමියන් විසින් කරන ආගන්තුක සත්කාර වලින් එකක් වූයේ තම බිරිය/දියණිය අමුත්තාගේ ඇසුරට ලබා දීමය. මෙහෙම එකක් නම් මම දන්නා තරමින් ඇමරිකාවේවත් නැත.
මෙසේ ඉතා නිදහස් සහ ලිoගික අසහනය සහ කුහකත්වය අඩු තත්වයක තිබූ ලoකාව යටත්විජිතයක් වී නිදහස ලැබූ පසු අද පත්ව ඇති තත්වය ඉතාම කණගාටුදායක වේ. කන්‍යා පටලය නිසා ලoකාවේ මධ්‍යම පාන්තික කෙල්ලෙකුට විවාහ වෙන තුරැ මසට මරා දැමීමට කූඩුවක හිර කල බ්‍රොයිලර් කුකුළෙකු මෙන් ජීවත්වීමට බල කෙරේ. කන්‍යා පටලය නිසා ලoකාවේ මධ්‍යම පාන්තික කෙල්ලෙකුට සිදු වන අසාධාරණය ගැන මගේ ජීවන අත්දැකීම් කිහිපයක් බෙදා හදා ගන්නම්. මට කුඩා කාලයේ බයිසිකල් පැදීමට ලොකු ආසාවක් තිබුනත් ගෙදරින් අවසරයක් නොලැබුනේ ගෑනු ළමයින්ට බයිසිකල් පැදීමට හොඳ නෑ යයි තරවටුවක්ද සමඟිනි. එදා නොතේරැණත් අද මට එය වැටහේ. කන්‍යා පටලය බයිසිකල් පැදීමට හරහට සිට ඇත. පසුකලක ඇමරිකාවට ආ විට බයිසිකල් පැදීමේ නොහැකියාව ඉතා තදට බලපෑවේ ඇමරිකාව ඉතාම විශාල නිසාත් ඇතැම් ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවා නැති නිසාත් බඩගින්නට පාන් ගෙඩියක් ගැනීමටවත් වෙළඳ සැලට යාමට ක්‍රමයක් නැති වීම නිසායි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සිටි වාහනයක් නොතිබූ එකල ගෙවූ කටුක ජීවිතයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ බයිසිකල් පැදීම වැනි මූලික life skills නොදැනීමයි.
උසස් පෙලින් පසු විශ්ව විද්‍යාලයට යන තුරැ මම සේවය කල බැoකුවේ හරි අපූරැ බැoකු නිලධාරී මහතෙක් සිටියේය. එතරම් වත්පොහොසත් කමක් නොතිබූ ඔහුගේ මෝටර් රථයද අබලන් පැරණි ලඩරමකි. ඔහුට එකල සාමාන්‍ය පෙළ පන්ති වල දියණියන් දෙදෙනෙක් විය. එම දියණියන් දෙදෙනා (විවාහයට පෙර) කිසිම දිනක ඔහුගේ රථයේ නැතිව වෙනත් කිසිම රථයක නොයැවීම ඔහුගේ ජීවිතයේ වැදගත්ම අරමුණක් විය. ඔහුගේ වාහනය කැඩුනොත් එදාට ඉස්කෝලේ යාමක් නැත. වෙනකක් තබා ඔවුන් ගිය බාලිකා පාසැලේ විනෝද චාරිකා වලට මෙම දැරියන් සහභාගි වන්නේ පියා සමඟය. විනෝද චාරිකා බසයට පසුපසින් පියා පදවාගෙන යන කාරයේ නැගී ඔවුන් චාරිකාවට සහභාගී වේ. මේ අමුතු හැසිරීමේ අදහස කුමක් වන්නට ඇද්ද? මට අද හිතෙන්නේ විවාහයට පෙර තම දියණියන් පිරිමි හුස්මකින්වත් කිළිටි නොවීම සඳහා මේ පියා දැරෑ උත්සාහයේ එක අවස්ථාවක් ලෙස එය සැලකියහැකි බවයි
මගේ පාසල් මිතුරියක් විශ්ව විද්‍යාලයේ සිටියදී (මම සිටි විශ්ව විද්‍යාලයේ නොවන නිසා එකල අප අතර එතරම් ගනුදෙනුවක් නොතිබුනි) ඇයට පෙම්වතෙක් සිට ඇත. කලක් ගත වූ විට මෙම පෙම්වතාගේ අයහපත් කල්කිරියාව මත දෙදෙනා අතර රණ්ඩු සරැවල් ඇති වීමට පටන් ගෙන තිබේ. කරැණු මෙසේ හෙයින් වැඩිකල් යාමට පෙර ඇය තමාව අතහරින බව තේරැම් ගත් පෙම්වතා දිනක් ඇයගේ කිසිම අවසරයක් හෝ අනුදැනුමක් නැතිව ඇයගේ යෝනී මාර්ගයට ඇඟිල්ල දමා මෙසේ පවසා ඇත. තමුසෙට දැන් මාව අතහැරියත් වෙන මිනිහෙක් එක්ක යහතින් ඉන්න බෑ, මම තමුසෙගෙ කන්‍යා පටලය කැඩුවා. කරැමෙට එවෙලෙම වගේ ඇගේ ඔසප් වීමත් පටන් ගත් නිසා ඇයට මෙහි සත්‍යාසත්‍ය භාවය හිතාගත නොහැකි වී ඇත. ඉන් වසර කීපයකට පසු අපේ මිතුරැකම් නැවත අළුත් වන විට ඇය සහ මම විශ්ව විද්‍යාලවලින් පිටවී රැකියා කරමින් සිටියෙමු. ඇයගේ ගෙදරින් විවාහ යෝජනා ගෙන එන අතර මේ සිදුවීම නිසා ඇය කිසිම යෝජනාවකට කැමති වීමට බියවී සිටියාය. අන්තිමේ මේ පීඩනය තව දුරටත් දරාගත නොහැකිව ඇය මට පැවසූ අතර ඇයව අස්වැසීම හැර කළ යුත්තේ කුමක්දැයි මටද සිතාගත නොහැකි විය. අවසානයේ මේ කරැණ ගැන කාන්තා gynecologist කෙනෙක් මුණගැසී කතා කිරීමට ඇයව අමාරැවෙන් කැමති කරවා ගැනීමට මට හැකිවිය. අන්තිමේ එදා ගෙවල් වලට හොරෙන් මරන්න ගෙනයන හරකෙක් මෙන් ඇයව ඇදගෙනගොස් එම කාන්තා වෛද්‍ය විශේෂඥවරියට සිද්ධිය පැවසූ විට ඇයට ලුණු ඇඹුල් ඇතුව අහගැනීමට ලැබුනි, නමුත් අන්තිමේ එම වෛද්‍ය විශේෂඥවරිය පැවසූයේ කන්‍යා පටලයට හානියක් වී තිබේ නම් (මගේ මිතුරියගේ වේතනයට සාපේක්‍ෂව) ඉතා සුළු මුදලකට ඇයට එය සකසා දීමට හැකි බවයි! කෙසේ වුවත් වාසනාවකට ඇයගේ කන්‍යා පටලයට හානියක් වී තිබුණේ නැත. නමුත් ඇය වසර ගණනක් වින්ද මානසික පීඩනය කොතරම්ද? පසුකාලීනව මගේ මිතුරෙකුගෙන් මෙම කථාව ඇසුවෙමි. පිරිමි නර්ස් කෙනෙකු වන ඔහුගේ මිතුරෙක් එම රෝහලේම කාන්තා නර්ස් කෙනෙකු සමඟ සම්බන්ධයක් පැවැත්වූ අතර එය ලිoගික ඇසුරැ කිරීම් සහිත විය. කෙසේහෝ ඇයගේ විවාහය තීන්දු වූයේ හමුදා සෙබලෙකු සමඟය. අන්තිමේ විවාහයට කිට්ටුව නර්ස් පෙම්වතාම ඇයගේ කන්‍යා පටලය පිළිසකර කර දුන් අතර විවාහය අවුලක් නැතුව කෙරැනි.
මේ හැම සිද්ධියක්ම සැළකීමට ගෙන අදහස් දැක්වීමට මට ඉඩ දෙන්න.
1. කන්‍යා පටලය සහ විවාහයෙන් පසු අනාචාරයේ නොහැසිරීමේ කිසිම සම්බන්ධයක් නැත. කන්‍යාවක් විවාහයෙන් පසු කොටු පැනීමට නොහැකිද? කන්‍යාවන් බඳින පිරිමි කොටු පනින්නේ නැත්ද? බෙහෙතකටවත් කන්‍යාවක් සොයා ගැනීමට අමාරැ ඇමරිකාවේ ඉතා ආදරයෙන් ජීවත් වන ජෝඩු කොතෙකුත් සිටිති. ඇත්තටම (ගැහැනියගේ) කන්‍යා භාවය සහ විවාහයක සාර්ථක භාවය අතර සහසම්බන්ධය මොකක්ද?
2. කන්‍යා පටලය නිසා රටට සිදුවන පාඩුව අතිමහත්ය. අර බැoකු නිලධාරී මහතා තරම්ම නොවුනත් බොහෝ දෙමාපියන් තම දියණියන් පස්සෙන් අනවශ්‍ය ලෙස වැටීගෙන අධික කාලයක්, ශ්‍රමයක් සහ මුදලක් නිකරැණේ පුච්චා දමති. ඔවුන්ට රැකියාවේ වැඩ වලට වෙලාවක් නැත. කෑමට බීමට වෙලාවක් නැත. කොටින්ම ජීවිතය මහා දුකකි. බොහෝ කාන්තාවන්ට විශ්ව විද්‍යාලය අහිමි වීමට කන්‍යා පටලය බලපායි. අන්තිමේ තම දියණියන් කිසිම සමාජ දැනුමක් නැති ඒ අයම උජාරැවෙන් කියන පරිදි ගෙදරින් පිට රැයක්වත් ගත නොකල කිසිම life skill එකක් නැති (cycling, swimming, or any sport, dancing, driving, singing, musical instrument playing, painting, acting etc. some of these skills are not directly related to virginity protection, but parents want their daughters to be less visible in the society by discouraging their talents), මළාට exercise කරන්නැති අමුම අමු ගොබ්බ වාහේලා ලෙස හදා යෝජනාවකින් එන මිනිහෙකුගේ කරේ ගසති.
3. කන්‍යා පටලය පිළිසකර කිරීම මගින් මුදල් ගරන අයවළුන් ඕනෑතරම් බිහිවී ඇත්තේ මේ පිස්සුවේ අතුරැ පලයක් ලෙසයි. විවාහයක් පටන් ගන්නේම අමු වoචාවකිනි. අනිත් අතට එසේ වoචා කිරීමට අකමැති සාධාරණ හේතුවකට කන්‍යා පටලය අහිමි වූ ඇත්ත කීමට කැමති කාන්තාවකට සමාජයෙන් සාධාරණයක් සිදු නොවන නිසා වෙන කල හැක්කක්ද නැත.
4. දියණියන් පස්සෙන් වැටීගෙන කන්‍යා පටලය රැකීමට වළි කන බොහෝ දෙමවුපියන්ට ඇයගේ පෞරැෂය නගා සිටුවීමට කිසිම අදහසක් නැත. මට පිරිමි වැඩිපුර සිටින තැනක කතා කිරීමට තබා ගැවසීමද තහනම් විය. එසේ ගෙයි මුල්ලේ දමා හැදූ මට පසුකාලීනව ඇමරිකාවේ පිරිමින් සමඟ උරනුර ගැටී වැඩ කිරීමට, presentations කිරීමට, research කිරීමට සිදු වූ විට එය මොනතරම් අමාරැ වූවාද යන්න දන්නේ මමම පමණි. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඉන්න මේ පසුගාමී සස්කෘතියෙන් බැටකෑ බොහෝ දකුණු ආසියාතික කාන්තා වෘත්තිකයන් ප්‍රශ්නයක් ඇසීමට බය, තනියම කඩේට යන්න බය, අසාධාරණයකට පැමිණිලි කිරීමට බය, presentation skills අවම, කොටින්ම ඉතාම අඩු පෞරැෂයක් ඇති කාන්තාවන්ය (අඩු තරමේ ඇමරිකාවට ආපු මුල් කාලයේදී). පාසලේ විනෝද චාරිකාවකට අවසර නොදී කැමති චාරිකාවක් විවාහවූ පසු තම සැමියා සමඟ යන ලෙස පවසන දෙමාපියන් කොතෙකුත් ඇත. මෙවැනි බොහෝ මධ්‍යම පාන්තික දෙමව්පියන්ට දියණිය පසුපස යෑමට අවශ්‍ය සම්පත්ද (වාහනයක්, මෙහෙකරැවන්, පෞද්ගලික පන්ති යෑමට මුදල් ආදිය) නැත. අමාරැවෙන් රැකියාවක් කර අතට ලැබෙන මුදලෙන් වැඩි කොටස නිකරැණේ නාස්ති වේ. එසේ කූඩුකර හදන දියණියකගේ පියා හෙට මියගියොත් ඇය සමාජය සමඟ ගැටිය යුතු වන බව මේ දෙමාපියෝ නිකමටවත් නොසිතති.
5. මධ්‍යම පාන්තික කෙල්ලන් කන්‍යා පටලය නිසා මෙසේ දහදුක් විඳින අතරේ ලoකාවේ ඉහල පාන්තික කෙල්ලන් සහ ඉහල පoතිය සමඟ සම්බන්ධකම් ඇති (නිළියන් වැනි) කෙල්ලන් මොනම කරදරයක්වත් නැතුව රාත්‍රී සමාජ ශාලා, පෙම්වතුන්, විනෝද සවාරි ආදී සියලුම මධ්‍යම පාන්තික කෙල්ලන්ට හිතන්නටවත් තහනම් විනෝදාoශ කරන්නේ ඇටෙන් පොත්තෙන් ඒමටත් පෙර සිටය. අන්තිමේ මේ කන්‍යා පටල නැති බව රටම දන්නා කාන්තාවෝ අර මධ්‍යම පාන්තික කෙල්ලන්ගේ කන්‍යා පටල මත්තේ මැරෙන්න හදන මධ්‍යම පාන්තික පිරිමි චන්ද දායකයන්ගේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යති, අර මධ්‍යම පාන්තික කන්‍යාවන්ට කවදාවත් සෙට් නොවන ඉහල පන්තියේ පිරිමින්ව කසාදත් බඳිති. වසර ගණනක් අවoකව එක පිරිමියෙකුට ආදරය කර ඒ මිනිහාගේ බල කිරීමටම කන්‍යාභාවය අහිමි කරගත් දැන් තනිකඩ අල්ලපු ගෙදර කෙල්ල පට්ට ගණිකාවක් ලෙස දකින මේ මධ්‍යම පාන්තික පිරිමි රටම දන්නා ගණිකාවන් පාර්ලිමේන්තුවට යවා මැඩම් යැයි අමතමින් දෙකට නැමී සැලියුට් දමති.
6. මධ්‍යම පාන්තික කන්‍යාවන්ට ඇති ලොකුම ඛේදවාචකය නම් ආදර සම්බන්ධකමක් පටන් ගෙන ගෙදරට මාට්ටු වීමයි. ඇන්ටන් ජෝන්ස් ගයන මගෙ සුරතල් පොඩි දුව හොඳ ළමයෙක් වෙනවා සින්දුවේ ඒ හය හතර නොතේරෙන සිඟිති දියණියට තාත්තා දෙන අවවාදය නම් "චරිතෙ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න-දිවි රැකුණත් කිළුටෙන් පල නැතැයි සිතන්න" යන්නයි. සරළව කිව්වොත් කන්‍යාභාවය නැති වීමට වඩා නුඹ මිය යාම හොඳයි යන්නයි. ඉතින් මේ මානසිකත්වයේ ඉන්න මධ්‍යම පාන්තික දෙමව්පියෝ තම දියණිය ආදර සම්බන්ධකමක් පටන් ගැනීම දකින්නේ ලෝක විනාශය ලෙසය. කුඩා කල සිට මූණෙ කටේ තියාගෙන හදපු දියණිය ගෙදරින් එලවා දමන, කෲර ලෙස ශාරීරිකව හා මානසිකව වධයට පමුණුවන තත්වයටම දුර දිග යා හැකිය. ලoකාවේ එය එසේ සිදුවෙද්දී ඇමරිකාවේ ඉන්න මධ්‍යම පාන්තික දෙමව්පියෝ තම දියණියට කියන්නේ චරිතය හෝ මොනම මළඉලවුවකටවත් වඩා ඔවුන්ට වැදගත් වන්නේ තම දියණිය බවයි. ආදර සම්බන්ධකමක් වැරදී ගිය විට, අනපේක්ශිතව ගැබ් ගත් විට, හෝ වෙන ඕනෑම අකරතැබ්බයකදී දියණියට ඇති ලොකුම අස්වැසුම සිය දෙමාපියන් වේ. සමහරැ හිතන්නේ best parenting තියෙන්නේ ලoකාවේ කියාය, දරැවෙක් ඉතා කුඩා කාලයේදී එය ඇතැම් විට සත්‍යයක් විය හැක, නමුත් දරැවන් නවයොවුන් කාලයේදී parenting අතින් ලoකාව ඉතාම දුර්වල බව නොකියාම බැරිය.