පූර්ණා බණ්ඩාර කියන්නෙ හොඳ ලේඛිකාවක්. මම ගොඩක් කැමති චරිතයක්. අපි කැමති චරිත වල අකමැති ලක්‍ෂණත් තියෙනවනේ. ඒනිසා මම විශේෂයෙන්ම මම කැමති කලාවට හෝ සමාජ මාධ්‍ය සම්බන්ද චරිත එක්ක පෞද්ගලිකව ගනුදෙණු කරන්න යන්නෙ නෑ. තිරයේ වීරයා ඇත්ත ජීවිතේ බයගුළු නිවටයෙක් වෙනවට, තිරයේ අහිංසකාවිය ඇත්ත ජීවිතේ මළ යක්‍ෂණියෙක් වෙනවට, සමාජ මාධ්‍යයේ සුචරිතවාදියා ඇත්ත ජීවිතේ පිම්පියෙක් වෙනවට, සමාජ මාධ්‍යයේ රඟන බුද්ධිමතා ඇත්ත ජීවිතේ අමු හරකා වෙනවට මං හරි බයයි, මාව ඩිසපොයින්ට් වෙනවට මං හරි බයයි. ඒහන්ද උන් ඇත්ත ජීවිතේ මොක්කුද කියල බලන්න මම යන්නෙ නෑ, මලක් චොක්ලට් එකක් යැව්වත් ඇනෝනිමස්. මගේ ෆැන්ටසි බබල් එක මට හොඳා.
කරුමෙ කියන්නෙ, මේ මම කැමති කලාවට හෝ සමාජ මාධ්‍ය සම්බන්ද චරිත හිටපුගමන් උන්ගෙ ප්‍රතිරෑපෙ උන්ම කුඩේකුඩු කරගන්නව. ඉතින් එහෙම උනාම උන්ට තියෙන රෙස්පෙක්ට් එක නැතිවෙනව.අර මං හරි බය දේ වෙලා ෆැන්ටසි බබල් එක පුපුරල (ඇත්තම කිව්වොත් උන්ම ඒක පුපුරවාගෙන) මාව බිමට පතබෑවෙනව. පූර්ණා බණ්ඩාර ගැන මට උනේ ඒක. පූර්ණා බණ්ඩාරට සම්ප්‍රදායික අදහස් තියෙනබව මම දන්නව, නුවර පෙරහැර ගැන දාපු අදහස් ආදියේ ඒක හොඳට පෙනුන. මට ඒක ගැටළුවක් නෑ. මොකද සම්ප්‍රදායික අදහස් තියෙන ගෞරවනීය මිනිස්සු ඉන්නව ඕනෑතරම්. ඉතින් එකඟ නොවීමට එකඟ වීමේ කිසිදු ගැටළුවක් මට නැහැ සම්ප්‍රදායික අදහස් ගණනාවක් සමඟ.
නමුත් ඩීල් බ්‍රේකර් එක එන්නෙ කිසියම් සම්ප්‍රදායික අදහස් තියෙන මනුස්සයෙක් තමන්ට අද "හොඳින්" ජීවත්වෙන්න අවශ්‍ය වන යම් මානව හිමිකමක්, අතීතයේ දිවිහිමියෙන් සටන් කරල ඒක දිනවල අද අපිට ඉපදෙනකොටම ලැබෙන්ට සළස්වල දුන්න මිනිස් සංහතියම බල්ලට දාල, ඒ මානව හිමිකම ඉස්සරහ පරම්පරාවලට ලැබෙන එකට වල කපන තැනට වැටුනම.
අන්න ඒ අර්ථයෙන් බණ්ඩාර තේ ඇඩ් එක ගැන දාපු ඉහත අදහස් ඩීල් බ්‍රේකර් එකක්.
මම මුලින්ම සමහර දේවල් ගැන මගේ ස්ථාවරය කියන්න ඕනෙ.
1. මම සමලිංගිකයොන්ව ප්‍රමෝට් කරන්නෙ නෑ, සපෝට් කරන්නෙත් නෑ, නමුත් ටොලරේට් කරනවා.
2. මම විශ්වාස කරන්නෙ දේශපාලකයන්, ආගම්ක පූජකයන්, සහ වෙළෙන්දන් 99% ක් තමන්ගේ ලාභ උපරිම කරගැනීමේ අරමුණින්ම පමණක් ක්‍රියාත්මක වන්නන්
3. මම විශ්වාස කරන්නෙ කිසියම් රටක සංවේදී කාරණයක් ගැන ජන මනස වෙනස් කරන්න ඕනේ රජය මැදිහත්වෙලා රාජ්‍ය ප්‍රතිපත්ති මත පිහිටමින් පමණයි
මේ කාරණා තුනට යටත්ව, කොහෙවත් ඉන්න කබල් තේකොළ වෙලෙන්දෙක් හුදෙක් තමන්ගෙ තේකොළ විකිණීම සඳහාම පමණක් (ඕකුන්ට කවද්ද සැබෑ උවමනාවක් තිබ්බෙ රට හදන්න, රටට කෙළවලහරි ලාභෙ උපරිම කරගන්න මිසක) රටක සංවේදී කාරණයක් ගැන ජන මනස වෙනස් කරන්න රැඩිකල් ඇඩ් හැදීම - සමලිංගිකයො හෝ විෂමලිංගිකයො දාන් - වැරදියි. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කරපු ඒ වැඩේ නිසා සමාජයේ කොන් වෙච්ච කොටසක් තව තවත් සමාජ වෛරයට පත් උනා.
නමුත් මේ සිද්දිය ගැන ඉතාම වෛරීසහගතව අදහස් දක්වපු විෂමලිංගිකයො අතර ඉදිරියෙන්ම හිටියේ සහ කොහොමත් තදින්ම සමලිංගික විරෝධීන් වන කොටසක් තමා ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමි (ඇල්ෆ මෝල් ආදීන්). ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමි කාන්තාවන් සමඟද බද්ධ වෛරයි. උන්ට ඕනෙ කාන්තාවන්ට තියෙන සියළුම මානව හිමිකම් කප්පාදු කරල උන්ගෙ දෙපා පිහින පාපිස්ස වැනි වහළියන් කරන්නට. ඒ සන්දර්භය යටතේ ටොක්සික් මැස්කියුලීන් පිරිමි සමරිසිභාවය ගැන පහත කාරණා තේ ඇඩ් එක සම්බන්ධයෙන් කියල තිබුනා.
1. සමරිසියන් ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමින්ට වදයක් වෙවී යාළුවෙන්න අහ අහ පස්සෙන් එනවලු, උන් ඒකට කැමතිනෑලු. - මෙහෙම කියන ටොක්සික් මැස්කියුලීන් පිරිමි ඇතිපදම් ගෑණුන්ට වදයක් වෙවී යාළුවෙන්න අහ අහ පස්සෙන් එනව, එතනිනුත් ඉස්සරහට ගිහින් බෑ කීවම මර.නව, දූෂණය කරනව, චරිත ඝාතනේ කරනව, රස්සාවල උසස්වීම් හෝ විභාග සමත්වීම් ආදියට ලිංගික අල්ලස් ඉල්ලනව ආදී අති අමානුශික වැඩ කරනවා. මෙහෙම කියන ටොක්සික් නොවන පිරිමි බ්‍රදර්හුඩ් එකේ නාමයෙන් ඒවට කටපුක පියාගෙන ඉන්නවා.මාරම ඩබල් ස්ටෑන්ඩර්ඩ් එකක්.
2. ටොක්සික් මැස්කියුලීන් පිරිමින්ට ගෑණුන්ට වගේ බස් වල අතවර වෙයිලු. වෙන වචන වලින් කිව්වොත්, දැන් විෂමලිංගික පිරිමි ගෑණුන්ට කරන අපයෝජන එදාට සමලිංගිකයො අතින් විෂමලිංගික පිරිමින්ට වෙයිලු.මෙහෙම කියන ටොක්සික් නොවන පිරිමි බ්‍රදර්හුඩ් එකේ නාමයෙන් විෂමලිංගික පිරිමි ගෑණුන්ට කරන අපයෝජන වලට කටපුක පියාගෙන ඉන්නවා.මාරම ඩබල් ස්ටෑන්ඩර්ඩ් එකක්.
3. අද වනවිට ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමි සහ ටොක්සික් නොවන විෂමලිංගික පිරිමි පවා තමන්ගේ යුතුකම් වගකීම් සියල්ල ගෑණුන්ගේ උරමත පැටවීමට හදනවා. සාම්ප්‍රදායක ජෙන්ඩර් රෝල් එක වන ප්‍රොටෙක්‍ෂන් සහ ප්‍රොවයිඩින් අංශ දෙකෙන්ම පට්ටම ෆේල්. ප්‍රොටෙක්‍ෂන් අංශයෙන් කොච්චර ෆේල්ද කියනවනම් ගෑණුන්ගෙ අංක එකේ මාරය උන්ගෙ විෂමලිංගික මිනිස්සු. ප්‍රොවයිඩින් අංශයෙන් කොච්චර ෆේල්ද කියනවනම් ලංකාව කියන්නෙ ගෑණු මැදපෙරදිග වැඩකාරකම් කරල විෂමලිංගික පිරිමින්ට කන්න දෙන රටක්. සාම්ප්‍රදායක නොවන ජෙන්ඩර් රෝල් එක වන වැඩ බෙදන් කිරීමේදීත් විෂමලිංගික පිරිමි පට්ටම ෆේල්, නිවසේ වැඩ, පවුලේ වගකීම්, ළමයින්ගේ වැඩ, නිවසට විපතක් උනාම හැසිරෙන ආකාරය ආදී සියල්ලෙන්ම පට්ටම ෆේල්. ගෑණු බහුතරයකට කසාද ඇතුලෙ තනිකඩ අම්මල වගේ වෙහෙසෙන්නට වෙලා.
මම දැකල නෑ බණ්ඩාර මේවට වචනයක්වත් කතාකරනව. කොටින්ම ඔය ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමින්ට ඕනෙ ලංකාවත් ඇෆ්ගනිස්තානයක් කරන්න නිසා බණ්ඩාර ලියන ඇඩල්ට් කතාවලට බණ්ඩාරට කස පහර කන්න හෝ හිස් ගැසුම් කන්න වෙන්න තිබ්බ. ඒහන්ද බණ්ඩාරලට යුතුකමක් තියෙනව කාන්තා ලේඛිකාවො විදිහට තමන්ට හැකි පමණින් ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමින්ට එරෙහිව පෑන හසුරවන්න, මොකද ඒක මේ යුගයේ ලේඛිකාවොන්ගෙ පරම යුතුකමක් නිසා. අපේ පරම්පරාවෙ ගෑණු දෙවනපෙළ පුරවැසියො විදිහට හරි අත්විඳින පොඩි හෝ මානව හිමිකම් ආපසු හැරවීමට විශාල පිරිමි ප්‍රතිශතයක් උත්සහ කරනව. ඒත් බණ්ඩාරල වගේ අතීත ගෑණුන්ගෙ ලේ කඳුළු දහඩිය මතින් අද යම් නිදහසක් බුක්තිවිඳින ගෑණු, තමන්ගෙ වාසියට මේවට නිහඬව ඉන්නව.තමන්ගෙ වාසියට කිව්වෙ,
1. ෆලෝවර්ල අඩුවෙයි කියල බයේ
2. දායක සභාවෙ පිරිමි ඌයිය කරගත්තොත් ලයික්, හාට් අඩුවෙන නිසා
3. ෆෙමිනිස්ට් ලේබලයට බයේ
4. කසාදයක් කරගන්ට බලපායි, සමාජ ජීවිතේට බලපායි කියල බයේ
හරි ඒක කමක්නෑ කියමු. යකෝ මෙන්න මේකි මාජිනලයිස් ගෘප් එකකට ඉතාම මෝඩ, අතාර්කික ටොක්සික් මැස්කියුලීන් විෂමලිංගික පිරිමි අදහස් ණයට අරන් ඇටෑක් කරනව. ඕයි බණ්ඩාර, උඹත් ඉන්නෙ මාජිනලයිස් ගෘප් එකක ගෑනියෙ, උඹේ රස්සාව පිරිමියෙක් කලානම් උඹට වඩා වැටුපක් ඌට දෙනව පිරිමි කමට, උඹේ කසාදෙදි උඹ ලියන ඒව වලවත් උඹේ මැචුරිටියවත් මත නෙමේ උඹට අගයක් එන්නෙ, උඹට කන්‍යාපටලයක් තියෙනවද යන ට්‍රයිබලිස්ටික් මෙව්ව එක මත. ඔය දෙකක් පමණයි හොඳේ. තමන් මාජිනලයිස් ගෘප් එකක ඉඳන්, තමන්ගෙ ඔප්‍රෙසර් එක්ක සෙට් වෙලා, තමන්ටත් අන්ත මාජිනලයිස් ගෘප් එකක් ගැන, තමන් නොදන්න රෙද්දවල් කතා කරන්න එපා බං. ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා. උඹට එහෙම දාර පික්මී බඩුවක් උනොත් සෙට්වෙන්නෙ හොඳ පිරිමි නෙමේ. ඒ නිසා ඔය තරම් ඩෙස්පරේට් වෙන්න එපා.
ණ්ඩාර උඩින් සමරිසියන්ට බොරැවට බටර්ගාල පටනරන් යටින් උන්ට "පොල් මන්නයො"ලු. තමන්ට සමරිසි යාළුවො ඉන්නවය, උන් හරි ආදරණීයය, කියල මේ පට්ට ඒසි යටින් උන්ට "පොල් මන්නයො"ලු. කාවද පික්මී ඒසියෙ උඹ රවට්ටන්න හදන්නෙ?
No comments:
Post a Comment