Friday, August 22, 2025

"වහලෙකු යනු කෙනෙකු පැමිණ තමාව නිදහස් කරන තෙක් බලා සිටින අයෙකි." - එස්රා පවුන්ඩ්

 


"යමෙකුට ස්වකීය ගෝත්රය විසින් නිරන්තරයෙන් එල්ල කරනු ලබන පීඩනයෙන් ගැලවීමට මහත් වූ පරිශ්රමයක් දැරීමට සිදුවන්නේය. එසේ උත්සාහ දරන තරමට ඔබ හුදෙකලා වන්නටත්, ව්යාකූල වන්නටත් පුළුවන. නමුත් තම ජීවිතයේ පාලනය තමා අතට ගැනීම නැමැති වරප්රසාදය වෙනුවෙන් ගෙවන්නට සිදු වන මිල කොතෙක් වුවද එය දැරීම වඩාත් වැදගත්ය.."
"The individual has always had to struggle to keep from being overwhelmed by the tribe. If you try it, you will be lonely often, and sometimes frightened. But no price is too high to pay for the privilege of owning yourself."
- Friedrich Nietzsche

Tuesday, August 19, 2025

කොට් පිල්ලිය|holman katha|sinhala holman katha|sinhala ghost story|rahas...


ලංකාවේ යූටියුබ් නිර්මාණකරැවන් අතර හුඟක් ලස්සන නිර්මාණ වලින් එකක් මේ කතාව. හොඳ ත්‍රිලර් හොරර් කතාවක්. මට හරි ආසයි චුට්ටක් එඩිට් කරල ටෙලි නාට්‍යයක් ලෙස දකින්න. මේ චැනල් එකට සුබ පතනවා.

Thursday, August 14, 2025

අවධානය යොමු කර ගැනීමේ ආර්ථිකය/Attention Economy - Part 2

 දැන් එෆ්බී එකේ තියෙනවා හැට අට කෝටියක් විතර උදව් ඉල්ලා ලබා දෙන ගෲප්

මේ උදව් එසේ මෙසේ උදව් නොවෙන අතර ෆෝන් කාඩ් එකේ රීලෝඩ් එකේ සිට නිවසක සියලුම අවශ්යතාවයන්ද
වෛද්ය ආධාර ,චැනලින් ගාස්තු වල සිට බොහෝ දෑද වේ
මගේ මේ පරීක්ශණය පටන් ගත්තේ ගිය වසරේ සිටය.
මාද එවකට සිටි මෙයාකාර සමූහයක පළ වූ පෝස්ටුවක් නිසා මේ සම්බන්ධයෙන් සෙවීමට පෙළඹුනි
එක්තරා කාන්තාවක් ඇඳුම් (භාවිතා කළ) ඉල්ලා දැමූ පෝස්ටුවකට පසු තව කාන්තාවක් ඇයට පරණ ඉරුණු ඇඳුම් යවා තිබුණු බව කියමින් ඇය අදාළ කාන්තාවගේ එෆ්බී අනන්යතාවය , ඈ එවූ පාර්සලය හා එහි ඇඳුම්, පාර්සලයේ සඳහන් එවූ කාන්තාවගේ ලිපිනය වැනි සියළුම තොරතුරු හා ඡායාරූප ඉතාම පැහැදිලිව දමා තිබුණි.
අනතුරුව පැමිණ තිබුනේ යැවූ කාන්තාවට හෙන ඉල්ලන කමෙන්ට් සහ "අනී මම ඔයාට ශොප් එහෙකින් අරන් අලුත්ම ඒවා එවනවා ඇඩ්රෙස් දෙන්න" යනාදි නැළවුම් කමෙන්ට් පළ කරන සමයයි.
එහෙත් එකී සමූහයේ ඇඩ්මින් කොල්ලා මොළකාරයෙකි. එහි නීති තදයි. දැන් ඔය හැම සමූහයේම කෙනෙක් යමක් එව්වොත් ස්තුති කර පෝස්ට් එකක් දැමිය යුතුයි. පින්තූර සමඟ
අර ඇඩ්මින් කොලුවා පසු පිරික්සීමේදී අදාළ බැනුම් ඇසූ එකවුන්ටුව ඉතාම නිහඬව බැනුම් අසාගෙන සිටින බව පෙනී තිබේ.
ඉන් අනතුරුව අයි ටී අංශයේ වැඩ්ඩෙක්ද වූ ඇඩ්ඩියා තවත් අන්තර්ජංජාලය පිරික්සා තව තොරතුරු හොයාගෙන ඉන්ද නොනැවතී අදාළ පාර්සලය ලැබූ කතගේ ග්රාමසේවක වසමටද ගොස් පරීක්ශා කිරීමෙන් අනතුරුව තහවුරු කරගෙන තිබුණේ
අර කාන්තාවට ඉරුණු ඇඳුම් පාර්සලය යවපු අර දුෂ්ඨ කුහක අනුකම්පා විරහිත සැතිරියත් ඒ කාන්තාවම බවයි එනම් අනිත් එෆ්බී එකවුන්ට් එකත් ඇගේම බවයි
ඇයම හදාගත් පාර්සලයක ඇයම ඇඩ්රෙස් ලියා පින්තූර ගෙන පළ කර තිබේ. හේතුව අනුකම්පාව ඩබල් කරගෙන ඉහළ පෙළේ ශොප් එකකින් හොඳ අලුත් පන්නයේ අලුත්ම ඇඳුම් ගෙන්වා ගැනිමයි
ඒ සිරිකතට නම් තිබී ඇත්තේ නෙක්ස්ට් ලෙවල් එකේ අප්පටසිරි වෙන ගනයේ චක්රවර්ති මොළයකි. ඒවා මාස්ටර්මින්ඩ් ය.
නිකම් නිකමට මා ඒ නාරියගේ නම සර්ච් බාරයේ ගසා බැලූ විට ඒ නාරිය එෆ්බී එකෙන් ඉල්ලා නැත්තේ මිනිහෙක් පමණි. 😁😁😁
තමාගේ දුවට මළපහ ප්රශ්ණයක් කියා ආධාර ලෙස වෛද්ය චැනලින් ගාස්තු ඉල්ලා තිබු ළඳකගේ නම මේ දැන් සර්ච් කළෙමි. ඒ මෙරට නොමිළේ සෞඛ්ය සේවයකුත් ඇති බවට මාගේ පුංචි මොළයේ ලොකු හරිය මට මතක් කළ බැවිනි
මා නිවැරදි විය. ඒ ළඳත් ඇඳුම් රැක් එකේ, දරුවාට සපත්තු දෙකේ සිට ඉල්ලා ඇති අතර ඒවා මිළදී ගැනීමට ඇයට මුදල් ලැබී ඇත. මේවා එකම ගෲප් එහෙක විවිධ පෝස්ට්ද , තව තව ගෲප් වල වෙන වෙනම පෝස්ට් ලෙසද පළ වී තිබේ.
මේවාට උදව් කරන්නට පරිත්යාගශීලීන් ඉදිරිපත් වෙන්නේද පෝළිමේ පොරකමින් බවත් කිව යුතුයි. දිව්ය ලෝකෙ යන්ඩ තියෙන හදිස්සියනෙ ඔය ඉතින්😁
දරුවෙකුට ලෙඩට දුකට පාසැල් උපකරණ වලට පිහිට වුණත් ගෑනුන්ට ෆෝන් කාඩ් රීලෝඩ් ලබා දෙන්නේ අහවල් ලබ්බටදැයි මට නොතේරේ. ඔබ කළ යුත්තේ ඒ ජංගමයාගෙන් හිඟන්නට යොදවන කාලය තුළ කීයක් හරි ,හරිහම්බ කරගන්නට හැකි රැකියාවක් ඇයට සොයා දීම නොවේද?
දුරකථනය අවශ්ය වන්නේ ඒ ආශ්රිතව ලේඛණ කටයුතු ,ඔන්ලයින් ව්යාපාර කරන අයට පමණි. වෙනත් රාජකාරි කරන උදවිය ඒ කාලය තුළ ජංගමයා භාවිත නොකරයි. කරන්නට ඉඩක්ද නැත.
මේ කාන්තාවන්ගේ රැකියාව මේකය. ඔන්ලයින් හිඟමනය. ඔවුන්ගේ ජංගමයාට මුදල් දමන්නේ පරිත්යාගශීලින් ය. ඔවුන්ගේ සැමියාගෙ යටට අඳින ජොකාගේ සිට ඇයගේ යටට අඳින මල් මල් එකද ,ඔවුන්ට අවශ්ය උපත් පාලන උපකරණද,දරුවන් පහක් ඉන්නවා නම් පස් දෙනාගේම කුඳුමහත් සියලු අවශ්යතාද , සංවාසයේ යෙදෙන්නට සුදුසු ඇඳක්ද , යනාදී වශයෙන් සියලුම දෑ සපයන්නේ එෆ්බී මහජනතාවය. 😁
හැබැයි මේ ගැහැණුන් ඔවුන්ගේ පෞද්ගලීක එකවුන්ට් වල හිඟන්නේ නැත. ඒවායේ ඔවුන් ඉතාම පොශාකාරය. නිතර ට්රිප් යයි. සනී ලියෝන්ගේ මහඑකීටත් වඩා සෙස්සිය. සුපමොඩලාකාරය. ගෝලීය රූපසුන්දරීකාරය. සැමියා ආදරණීය දෙවියාය. ආදර්ශමත් පවුල් ය. ඇයි යකූ එෆ්බී එකෙන් පවුලෙ සේරම කටයුතු ඉටු වෙනවා නම් මිනිහට තියෙන්නේ අහවල් වැඩේ කොරන එක විතරනෙ, සංතෝසෙන් ඉන්න බැරියැ.
මෙසේ මා සොයාගත් එකියක් අර ගෲප් වලට අමතරව තමාගේ බාතෲම් එකට ටයිල් අල්ලාගැනීමට වැනි දේට ඩොලර්ද ,යූරෝද, පුටරටින් ගෙන්වාගෙන තිබෙන අතර ගෲප් හැටහුටාමාරක පෝස්ට් දමා රුපියල්ද ගෙන්වාගෙන තිබේ.
අනික මේ නෝනිලා නිතර නිතර යම් යම් දෑ පරිත්යාගද කරයි. මුලින්ම කරන්නේ එසේ පරණ ඇඳුම් වැනි දෑ පරිත්යාග කිරීමයි. එවිට අහෝ මේනම් විසාකාවය, අනේපිඬුගේ වයිෆාතුමිය වැනි හැඟීමක් සකළ වාසී එෆ්බීලන්ඩ් පීපල්ස්ලාට සිතේ
එකක එසේ අනේපිඬුටයිප් වෙන අතර තවකෙක අඥී මට්ට අඳින්ඩ නෑ එකම ජංගියත් හිල්, මට වික්ටෝරියා සීක්රට් කාසමක් එවන්නකෝ ගගා පෝස්ට් දායි. එවන කාසම ලොකු වූ විට අනිත් ගෲපයක
අනේ මම වැරදිලා ගත්තා විට්ටෝරියා සීක්රට් එකක් , ඒක ඇදලවත් නෑ ,කාසම් නැති කාටහරි එවන්නම් කූරියා ගාස්තු ගෙවලා ගඥ්ඥ යනුවෙන් පෝස්ට් දමයි
එවිට ආඥී ඒ මිස් විට්ටෝරියා අඳින පොශියෙක්ද වෙයි
උන් ඒ පරිත්යාග කරන්නේ උන්ට ඉල්ලා ගත් ඇඳුම් අතර අඳින්න බැරි සහ විකුණන්න බැරි තත්වයේ ඒවායි(වැඩි හරියම මේ ලියෝ ලබා දෙන්නේ ඇඳුම් ය)
මොවුන්ට යටත් පිරිසෙයින් එෆ්බී ගෙවල් නම් තුන හතරක් තිබේ. ඒවාට යන්නට පරිත්යාග ලෙස ලැබුණු ෆෝනුත් තිබේ. කාඩ් රීලෝඩුත් ලැබේ. ඔවුන් මාස්ටර් මයින්ඩ් ගේම් දෙන්නේ ඒවාගෙන් ය.
සමහරු සිංගල් මම්ස්ලාය. ඒ අතර තව තව යාලු මිත්රයන්ගේ දරුවන්ද බලා හදා ගනී.
ඔවුන්ගේ බිස්නස් මෙසේය.
මුලින්ම කෑම පැකට් හදා විකුණන්නේය. ඊළඟ දවසේ කෑම පැකට් හදා විකුණන්නට අවශ්ය බඩු ගන්නට මුදල් නැති නිසා හිඟන්නේය.
🙄වැස්ස නිසා අද බිස්නස් එක කරන්න බඩු ගන්නවත් සල්ලි නෑ
🙄පායපු නිසා අද බිස්නස් එක කරන්න බඩු ගන්න සල්ලි නෑ
🙄මම කොරහලු වුණ නිසා අද බිස්නස් එක කරන්න බඩු ගන්න සල්ලි නෑ
🙄ඊයෙ මනුස්සයා එක්ක ඉන්න වෙච්චි නිසා අද බිස්නස් එක කරන්න බඩු ගන්න සල්ලි නෑ
ඔය ඉහත කියන හේතුම නිසා එයාලට කලින් දවසෙ බිස්නස් එක කරගන්න වෙන්නෙත් නෑ ඒ වගේම පාඩු වෙනවා😁 ඉතින් එතන ඉදන් දිගටම එයා ඒ බිස්නස් එක නවත්තනකම්ම එෆ්බීලන්ඩ් වැසියො තමා ඇඳගෙන යන්න ඕනැ..එයා බිස්නස් එක නවත්තනවා ඉතින් පාඩුයිනෙ..ඒ කියලා එෆ්බීතානයේ වැසියන්ගෙ වගකීම් අඩුවෙනවද සකියනි. නෑ අලුත් බිස්නස් එකටත් ඔයාලා තමා සපෝට් කරන්න ඕනැ
This is their fashion and passion 😆😆😆
මුන් ගැන අපි නොදන්නවට මාක් අයියා මහඑකෙන්ම දන්නවා.
මුං හිඟාකෑම ගැන මාස්ටර් ඩිග්රිය කරලා තියෙන්නෙ මේ මාක් අයියගේ එෆ්බී විස්ස විජ්ජාලෙන්ම නිසා
හරි සරල දෙයයි කරන්න තියෙන්නෙ. එයාලට ඔය ෆේශල් එකක් කරගන්ඩ කීයක් හරි දහදාහක විතර සුළු ආධාරයක් ඉල්ලලා දාපු පෝස්ට් එහෙක එයාලගෙ එෆ්බී නම සර්ච් කියලා තියෙන බාර් එකේ ඒ කිව්වෙ අර අන්වීක්ශ රවුමේ ටයිප් කරන්න. සමහරුන්ගෙ බාගෙට ටයිප් කරද්දි මුලු නමම ඔටෝ වැටෙනවා කියහන්කො. මුන්ව මාක් අයියට කොච්චර මතකද බලහන්කො. අල්ගොරිදම් එකද මොකක්ද එකෙත් මොළේ අලකරලා මුන්.
ඕන්න එනවා එයාලා හතර වටේ තියෙන මානූශීයාධාර ගුරුප් වල ඉල්ලපු සහ දීපු පෝස්ට්.. දීපුවා අඩුවෙන් ඇත්තෙ. ඒ වුණාට ඉතින් දීලා😆😆
සමහර ගෲප් වල ඇඩ්ඩිංලත් මුන්මයි ,මුන් සහ මුන්ගෙ ෆේක්. ඊළඟට දෙන්නෙත් මුන්මයි අනිත් උන් ඇන්දෙනකම්. 😁😁
මගේ චූන් මටම චූන් ඉතින් 😃😃
මුංගෙ වචන "මිස්" සහ "සර්" ය... ඇඩ්මින් මිස් ඇපෲ කළා, ඇඩ්මින් සර් මාව චූන් කළා🤣🤣🤣
මේ මිස් මට මේක පරිත්යාග කළා කියා මිසාගේ හත්මුතු පරම්පරාවටම පින් දේ.
ඉතින් මුන්ගෙම ගෲප් වල මුන්ම ඇඩ්ඩිංලා වෙලා මුන් මුන්ටම සර් මිස් ගාගෙන එෆ්බීතානයේ වැසියන් අන්දයි
බොහෝ කතුන් මේ අනුන්ගේ දුකට පුං ගහන්නට තමාගේ මනුස්සයා මාසයක් නැහි කඹුරන සල්ලි පූජා කරන්නට ගොස් පවුල් ද අවුල් කරගනී. මෙසේ මහාපරිමාණයෙන් අමාරුවේ වැටුනු කාන්තාවන්ගේ දුරකථන ඇමතුම් වලින් පහුගිය කාලයේ මට අඩුවක් නොවුණි.
ඉතින් මේ උදවිය පවුල් පිටින් මේවා සහයෝගෙන් කරන්නෙ. උයන්නවත් ජංගමයා පැත්තකින් තියන්නෙ නෑ. එයාලට ඔන්ලයින් කෑමත් එනවා ඒකත් ලොකු ලොකු තැන් වලින්. අපි වගේ සරල සාමාන්ය ජීවිත නෑ . එයාලට ට්රිප් යන්න පාටි දාන්න වගේ වැඩ තියෙනවා. අනික එයාලා හෙම්බිරිස්සාවටත් බේත් ගන්නෙ චැනල් කරලා ඉස්පැශලිස්ට්ලගෙන්. හයියෙන් වාතයක් ගියත් ලොකු ඩොට්ටර් කෙනෙක් ලව්වා පුප චෙක් කොරවගන්නවා
අපේ රට හරි ආදරණීය එකක්. දුකට උණු වෙලා වැක්කෙරෙන සානුකම්පිත හදවත් තියෙන්නෙ.
ඇත්තටම උදව් ඕනැ මිනිස්සු ඉන්නවා. වැඩි ඈතක නෙමේ ඔයාලගෙ ළඟම ඇති. බොරුකාරයන්ට නෙමේ තරහ උනත් තමුන්ගෙ එකෙක්ට කරපල්ලා. දෙයියො පින නොදී ඉන්නෙ නෑ. දිව්යලෝකෙ වීසා එක බාල කරන්නෙ නෑ. ඇස් දෙකට පේනවා නම් දැනෙනවා නම් උදව් කරන්න පුලුවන් .
අර මිනිස්සු ඔය ගොඩක් බඩු අරන් විකුණනවා. සල්ලි නම් කොහොමත් වැටෙනවා නම් අවුලක් නෑනෙ. එකම බඩුව ඕනැ කියලා ගෲප් පහක දැම්මම පහක් අරන් කන්නද. ඉතින් විකුණනවා. ඉල්ලන්නෙ එවන්න බැරි ලොකු බඩු නම් අනිවාර්යෙන්ම ඒවා ගන්න සල්ලි දානවනෙ.
මමත් මට පුලුවන් හැටියට උදව් කරනවා. හැබැයි හොඳට හොයලා බලලා . අනික දැන් උදව් දෙන ඒජන්තලා ඉන්නවා. ඒ නිසා මගෙ යාලුවො උදව් දෙනකොට එයාලාගෙ උදව් ලබා ගන්න අයගෙ විස්තර මම දෙනවා සම්පූර්ණයෙන්ම
ඔව් දැන් ස්ටාර්ට් කරන්න සර්ච් බාර් එකේ දුක්පතීගේ නම ටයිප් කරලා දුකට පුං ගහන්න. ඕක හරී ලේසියි ඔටෝම එනවා ඈ.
ඉක්මන් කරන්න එයාලා ඔය පෝස්ට් මකලා මෙලොවින් අතුරුදහන් වෙන්න යන්නෙ තව අලුත් ක්රමයක් හොයාගන්න කම් 😇😇😇

Ishu S Weerawarna 


Saturday, August 9, 2025

අවධානය යොමු කර ගැනීමේ ආර්ථිකය" (attention economy) සහ සමාජ මාධ්‍ය රංගපීඨයේ (Social media theatre) රඟන නළු නිලියෝ

සමාජ මාධ්‍ය යනු අද වන විට දැවැන්ත වේදිකාවක් බවට පත් වී ඇති බව නොරහසකි. එම වේදිකාවේ නොයෙකුත් නළු නිලියෝ රඟපාති. මෙම නළු නිලියෝ කිසියම් මතවාදයක් ප්‍රවර්ධනය කරන අතර ඊට අදාළ රඟපෑම් වල නිරත වේ. එම මතවාදයට කැමති දායක සභාවල් ඔවුන් වටා එක් රොක් වේ. එවිට ඔවුන්ට වෙළඳ දැන්වීම් හෝ වෙනත් ප්‍රවර්ධකයන් මගින් මුදල් ඉපයීමටද, පත්තර වලට ලිපි ලිවීමටද, සෙළිබ්‍රිටිලා වීමටද ලැබේ. එක පැත්තකින් බලන විට දක්‍ෂතාවයකට එසේ අවස්ථා ලැබීම හොඳය. එහි නරක පැත්ත නම් එසේ සෙළිබ්‍රිටිලා වීමට යොදා ගන්නා "දක්‍ෂතාවය" සහ ඉන් සමාජයට ඇති කරන "බලපෑම" බලන විට, බොහෝ සමාජ මාධ්‍ය නළු නිලියෝ විකුණන්නේ දක්‍ෂතාවක් නොවන ඝෘනාත්මක මතවාදයක් හෝ ඇස පමණක් පිනවන සබ්ස්ටන්ස් එකක් නැති ෆැන්ටසියක් වන අතර ඉන් සමාජයට ඇති වන්නේ ඝෘනාත්මක බලපෑමකි.

වයිල්ඩ් කුක් බුක් යනු ලංකාවේ ඉහළම විව්ස් ඇති යූටියුබ් චැනල් එකක් නිසා ඒ ගැන මොහොතක් කතා කරමු. මෙහිදී මම වයිල්ඩ් කුක් බුක් චැනල් එක නරක එකක් ලෙස කිසිසේත් දකින්නේ නැත. මට අවශ්‍ය වන්නේ "අවධානය යොමු කර ගැනීමේ ආර්ථිකය"/ඇටෙන්ශන් ඉකොනොමි (attention economy) සංකල්පය ගැන වයිල්ඩ් කුක් බුක් උදාහරණයකට ගැනීමටය. වයිල්ඩ් කුක් බුක් උයන කෑම බොහොමයක් හුදෙක්ම ඇස පිනවීම සඳහා මිසක ප්‍රායෝගිකව හැදීමට බැරිය. උදාහරණයක් ලෙස ෆුෆූ හැදීමට මයියොක්කා බ්ලෙඬ් කරන්නේ නැත, අනිවාර්‍යයෙන්ම කෙටිය යුතුය. කොටන විට පිෂ්ඨයේ ස්වභාවය වෙනස් වේ. එසේ නැතිව හරි පදම එන්නේ නැත. නමුත් බලන අයට ඒක අදාළ නැත. කොමෙන්ටු වල ප්‍රධානවම තිබුනේ නැරඹූවන් සතුටු වී ඇත්තේ පහත කාරනා වලට බවයි. https://www.youtube.com/shorts/og6i6eB9bRM 

1. නයිජීරියානු සහ වෙනත් අප්‍රිකාණු සම්භවයක් ඇති බොහෝ දෙනෙක් ආසියානුවෙකු තමන්ගේ දේශීය කෑමක් හැදීම ගැන

2. ඉදිරිපත් කරන තරැණයාගේ පෙනුම, හිනාව, ආකර්ශනීය බව

3. වීඩියෝවේ සෞන්දර්‍යාත්මක බව, ෂූටින්, එඩිටින් ආදිය

4.  හරිම සතුටුයි ලෝකෙම අය අපේ කෙනෙකුට මේ තරම් ආදරේ කරනව දැක්කම - ලාංකිකයන් 

ඇටෙන්ශන් ඉකොනොමි සංකල්පයේ ස්වභාවය එයයි. වීඩියෝව නැරඹූ එක් දේශීය අයෙකු හෝ ෆුෆූ හදන්නේ නැත, චරිත්ගේ ක්‍රමයට හැදුවත් හරි යන්නේද නැත, වීඩියෝව නැරඹූ එක් අප්‍රිකාණුවෙකු හෝ ෆුෆූ හදන්න නොදත්තවුන් නොවේ, ඔවුන් කවදාවත් චරිත්ගේ ක්‍රමයට ෆුෆූ හදන්නේද නැත, චරිත්ගේ හිනාවට හුරතලයට ආස නිසා, වීඩියෝවේ සෞන්දර්‍යාත්මක බව, ෂූටින්, එඩිටින් ආදියට ආස නිසා,ලෝකෙම අය අපේ කෙනෙකුට මේ තරම් ආදරේ කරනව දැක්කම ආස නිසා වීඩියෝව නැරඹූ අය ඒ කුඩා ආතල් එක සඳහා ගෙවූ කාලය ඇටෙන්ශන් ඉකොනොමිය හරහා මුදල් වී චරිත්ට ලැබේ. කුඩා ආතල් එක පමණක් කස්ටමර්ට ලැබේ. ඒ සඳහා ලිංගික ආකර්ශනය, ජාතිකානුරාගය, ඇස පිනවීම යන ටූල්ස් යොදාගෙන ඇත. වසර දහයේ සිට හැට තෙක් මිනිහෙකුට හැම දේම කරන්නට ඇති කාලය දවස් දහ අට දහසක් පමණක් බව දැන, තමන්ගේ කාලයට සරිලන දැනුමක්, කුසළතා පුහුණුවක්, අධ්‍යාපනයක්, මිළක් කස්ටමර්ට අන්තිමේ ලැබුනාදැයි ඔබම හිතා බලන්න. 

ඇටෙන්ශන් ඉකොනොමියේ මීට වඩා අයහපත් තත්වය නම් (මුදලට හෝ මුදල්/අවධානය ඉපයීමට) වැරදි ඉන්ෆොමේෂන් සමාජගත කරන බලපෑම් කරන්නන් (social media influencers) ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය නළු නිලියෝය.මොවුන් නොයෙකුත් මතවාද වෙනුවෙන් පෙනී සිටිති. ලෝක විනාශය/ විශාල විපතක් ලඟ එන බව ප්‍රවර්ධනය කරන්නන් තම ගෙදර රහසිගත කාමරයක වෝල්මාට් එකෙන් බාගයක බඩු ගබඩාවක් නඩත්තු කරමින් අන් අයව බියවද්දමින් එසේ කරන ලෙස පවසති. https://www.youtube.com/watch?v=pibCok2dfsY හොයල බැලූ විට එම බඩු කල් ඉකුත් වීමට පෙර පරිභෝජනය කල යුතු නිසා හැමදාම කන්නේ ටින් කෑම ආදී ජරාවය. උදාහරණයකට මෙවැනි ඩූම්ස් ඩේ ප්‍රෙපර් කෙනෙක් විජළනය කල පළතුරැ කිලෝ දොළහක් ගබඩා කර ඇත්නම්, ඒවා වසරකින් කල් ඉකුත් වේ නම්, ඔහු මාසයකට විජළනය කල පළතුරැ කිලෝවක් කෑ යුතුය. එනම්, හොඳ නැවුම් පළතුරැ කැවෙන්නේම නැති තරම්‍ ය. අනිත් අතට ලෝක විනාශයක් ආවොත් කෑම ටිකක් ගබඩා කල පමණින් රැකෙන්නේ නැත. ජලය, විදුළිය, ඉන්ධන පිරිපහදුව, වෛද්‍ය ප්‍රතිකාර ආදිය නැතිව ජීවත් වෙනවාට වඩා ලෝක විනාශය මුලදීම වළ කජ්ජ ගැසීම සනීපය.

සාම්ප්‍රදායික බිරිඳ නොහොත් ට්‍රැඩ් වයිෆ් භාවයද එසේ ප්‍රමෝට් කරන social media නළු නිළියන්ගේ රජදහනකි. කවුද කෝටිපතියෙක්ගෙන් අතීතය ගැන ඇසූ විට තමන් කොළඹ ආවේ කුඩා කඩදාසි බෑග් එකක් පමණක් අතින්ගෙන බව පවසා ඇත. හැබැයි ඒ  කුඩා කඩදාසි බෑග් එකේ මිළියන ගණනක මුදල් හා චෙක්පත් තිබූ බව නොදත් එය අසන්නන් මෝටිවේට් වී කුඩා කඩදාසි බෑග් එකක් අරන් කොළඹ ඇවිත් කෙළවාගනු ඇත. සමාජමාධ්‍ය වල රඟන ට්‍රැඩ් වයිෆ් නිලියෝ ටිකද එසේමය. ඔවුන්ට හොඳ සැමියන් ඇත, ඔවුන්ගේ නමට දේපළ හා මුදල් ඇත, ඔවුන් ට්‍රැඩ් වයිෆ් ලා ලෙස ගෙවල් වල උයාපිහාගෙන අතුපතු ගාගෙන හිටියාට කමක් නැත. මන්ද ඔවුන්ගේ සැමියන්ද හරිහරියට ගෙදර වැඩට උදව් වේ, බිරිඳට ලෝස් නැතිව වියදම් කරයි, එහෙ මෙහෙ එක්කන් යයි, විනෝදාංශ වල යෙදෙන්නට දෙයි. නමුත් ඔවුන්ගේ ෆෑන් බේස් එකේ සීයට අනූපහකට ඒ අහළකින්වත් යන සැමියෙකු හෝ පෙම්වතෙකු නැත, ඒ අහළකින්වත් යන ආර්ථිකයක් නැත, ඔවුන්ගේ නමට දේපළ හා මුදල් නැත, සැමියා හෙට මළොත් හෝ එළවා දැම්මොත් කර කියා ගන්නට දෙයක් නැත. එබඳු ෆෑන් බේස් එකක ඉන්න කෙල්ලක් තමන්ගේ දෙපයින් හිටගන්නවාට වඩා අසු පිට නැගී කුමාරයෙක් තමා වෙත එනු ඇතැයි සිතනු ඇත. ඉතින් සාම්ප්‍රදායික බිරිඳ නොහොත් ට්‍රැඩ් වයිෆ් භාවය ප්‍රමෝට් කරන social media නිළියන් ෆෑන් බේස් එකට ෆැන්ටසියක් විකුණා මුදල් සහ ජනප්‍රියත්වය ලබා ගනිද්දී රියැලිටියට මුහුණ දෙන එම infliencerට මුදල් සහ ජනප්‍රියත්වය ලබා දුන් ෆෑන් බේස් එකෙන් බහුතරය එකෙන්ම කෙළවා ගනී.





Wednesday, August 6, 2025

don’t let anybody mine your gold for free!



Women get labelled for wanting a financially stable man. But men? They’ll target your emotional labor, your womb, your time, your peace, your submission, your caregiving energy, your passport, your degree, your ambition. They dig for things that benefit them long-term. And the craziest part? They do it while making you feel like you’re lucky to have them.


They’ll call it love, but it’s really labor - unacknowledged, unpaid, and often unreciprocated.


They’ll shame you for having standards while expecting you to heal their wounds, mother their egos, tolerate their confusion, be loyal while they "figure it out”, “tolerate their excesses”, and “be mute to their misbehaviours”. 


Men would dig for your loyalty during their broke phase. They dig for your body while promising a future. They dig for your domestic skills while calling it “wifey material.” They dig for your silence while abusing your patience. 


They want you to birth their kids, raise them, build their home, cook, clean, and support their dreams, even if they don’t support yours.


They don’t call it gold digging. They call it “looking for a real woman.”
But let’s be clear, they are the professional diggers.
And many women don’t even realize they’re being mined. Why? Because the man isn’t asking for cash, but he's taking things more valuable than money - your time, your body, your energy, youth, your intellect, and purpose
So before anyone tries to shame you for “gold digging,” ask yourself what the man is digging for. 
Because if we’re being honest, men have been digging gold in silence for generations, just not in naira or dollars, but in emotional labor and life sacrifices.

Watch closely. Ask questions. Guard your value. 

And don’t let anybody mine your gold for free!


Omobolanle Adeyemo

Monday, August 4, 2025

සාම්ප්‍රදායික Pick me අම්මලගේ පෙම්වතියන් සහ බිරින්දෑවරැන්ගේ කල්කිරියාව

පහත සඳහන් කතාව කියෙව්වම මට එකවරම සිහියට ආවේ ලන්කාවේ සාම්ප්‍රදායික Pick me අම්මලගේ පෙම්වතියන් සහ බිරින්දෑවරැන්ගේ කල්කිරියාවට මේ කතාවේ කාන්තාවගේ හැසිරීමේ තියෙන සමානත්වය ගැන. ඔවුන් මේ කතාවේ ආකාරයටම තමන්ගේ පුත්තරය, පෙම්වතා හෝ සැමියා  රජාට අන්දල ආදරයේ නාමයෙන් හිඟන ගෑනිගේ හැසිරීමට සමාන සෙල්ලමක් කරනව. ඒක කරන්න පුතා, පෙම්වතා හෝ සැමියාවත් වෙන කවුරැවත් බල කරන්නේ නෑ, නමුත් ලෝකෙම හොඳම අම්ම/පෙම්වතිය/බිරින්දෑ තෝරන තරඟයක් හිතෙන් මවාගෙන, හොඳම අම්ම/පෙම්වතිය/බිරින්දෑ කියන්නෙ වැඩිපුරම කටු කකා දුක් විඳින අම්ම/පෙම්වතිය/බිරින්දෑ කියන යල් පැනපු වැරදි ආකල්පය හදන් විහින් පුදුමාකාර කරැමයක් ගෙවනවා. මේ ආදරයේ නාමයෙන් ඉල්ලන් (කටු කන) සෙල්ලමේ නීතිරීති හදන්නෙත්, සෙල්ලම කරන්නෙත්, සෙල්ලමෙන් පීඩාවට පත් වෙන්නෙත්, සෙල්ලම නවත්තන්නෙත්, තමන් බලෙන් සෙල්ලමට ඇදල ගත්ත පැත්තක හිටපු පිරිමියාට බ්ලේම් එක දාන්නෙත් මෙවැනි pick me ල.

ඔය මගේ අම්ම ගේමක් නැතිව ළමයි මෙච්චරක් හැදුවා, මගේ අම්ම මේම මේම ගෙදර බර ඇද්දා දැන් ඉන්න ගෑනුන්ට ඒව බැහැ කියල පම්පෝරි ගහන පුත්තු කවදාවත් මගේ අම්ම හැමදාම රෑට පැය හත අටක්  නිදා ගත්ත, මගේ අම්ම එයා කැමති විනෝදාංශයක යෙදුනා, මගේ අම්ම එයා කැමති විලාසිතා කලා, මගේ අම්ම එයා කැමති ගමන් බිමන් ගියා, කොටින්ම මගේ අම්ම එයා කැමති දේවල් කලා, මගේ අම්ම ඕගසම් එක මොකක්ද කියල දැනන් හිටිය කියන්නෙ නෑ, මොකද ඒ පරම්පරාවෙ ගෑනු කලේ මේ කතාවෙ ඉන්න හිඟන්නි වගේ විහින් කටු කන එක. ඒ කරල ගෑණුන්ගෙ ලිවින් ස්ටෑන්ඩඩ් එකේ බෙන්ච් මාක් එක ඉතාම පහළ තැනකට ගෙනාපු එක. පුත්තු කලේ කතාවෙ ඉන්න රජා වගේ අම්ම/පෙම්වතිය/බිරින්දෑ තමන්ට "ආදරේ නිසා" කටු කද්දි ඒ දිහා ආඩම්බරයෙන් බලමින් කවි ගී ගයපු එක. එහෙම නොකරන ගෑනුන්ගෙන් ඇයි උඹලට අපේ අම්ම කාපු කටු කන්න බැරි කියල අඬපාළි කියපු එක.

පහත සඳහන් කතාවෙ කටු කන්න ඉදිරිපත් උනේ මුකුත් නැති හිඟන්නියෙක් බව වැදගත්ම පොයින්ට් එකක්. මුකුත් නැති හිඟන්නියො තමා සාමාන්‍යයෙන් මේ සෙල්ලම කරන්නෙ.

අසාමාන්‍ය (අනවශ්‍ය) කැපවීම් කරන් හදනකොට දරැවගේ මනස ඒක දකින්නේ කෘතඥපූර්වකව නෙමේ, ඒක අම්මා විසින් අනිවා කළ යුතු දෙයක් ලෙසයි. උදාහරණයකට මගේ අම්මට පුරැද්දක් තිබ්බා කාර්‍යාළයේ තේ බොනකොට ඉඳහිට කාගෙන්හෝ ලැබෙන උපන්දින කේක් කෑල්ල ඔතාගෙන ගෙදර ගේන්න. මෙන්න මේ වගේ හැසිරීම් තමා මම තමන්ව නැති කරගෙන දරැවව තමන්ගෙ එකම ලෝකය කරන් අසාමාන්‍ය (අනවශ්‍ය) කැපවීම් කරනවා කියන එකෙන් අදහස් කලේ. ඒ කාලේ පුන්චි මම ඒක දැක්කේ අනේ මේ මනුස්සය කාගෙහරි උපන්දිනේකට ලැබුනු කේක් කෑල්ල පරිස්සමට ඔතාගෙන බස් දෙකක තෙරපිලා ගෙදර ආව නේද කියල කෘතඥතාවයකින්ද? අපෝ නෑ, මම ලොකු කෑල්ලට රණ්ඩු උනා, අම්මගෙන් තව ඉල්ලල ඇඬුව, පහුවෙනිද කේක් නැතුව ගෙදර ආවම තරහ උනා, ඒ ඔක්කොටම වඩා අම්ම එයාට ලැබෙන රස කෑම අනිවාර්යයෙන්ම අපට දිය යුතු බවට අදහසක්ද ඇති කර ගත්තා. අපි විතරක් නෙමේ තාත්තත් හිතුවේ එහෙමයි. අම්ම අපිට එහෙම හිතන්න ඉගැන්නුවා. ඔහොම කාලය ගත උනා. දවසක් හවස තේ වෙලාවට අපේ ගෙදර පොඩි කේක් එකක් හැදුවා. තේ බොන්න වාඩි වෙනකොටම ගෙදර සීනුව නාද උනා. අම්ම හැර කවුරැවත් දොර අරින්න ඉදිරිපත් උනේ නෑ මොකද කේක් කන්න නොඉවසිල්ලෙන් හිටපු නිසා. අම්ම ඒ වැඩේට ගිය අතර අපේ කේක් ඉවර උනා. අපි අම්මගෙ කේක් කෑල්ලෙන් සෑහෙන ප්‍රමාණයක් කෑවා. මොකද එයා ඒ වෙනකොට අපේ පුන්චි මොළ වලට කාවද්දල තිබුනේ එයාට ලැබෙන රස කෑම අපට දිය යුතු බවට. තාත්තත් හිනා වෙවී බලන් හිටියා. ආපු මනුස්සයව යවල අම්ම තේ මේසයට ආවා. මගේ අම්ම හොඳට දුක් උහුළල පදම් උන, ලේසියට තරහ නොයන, ලේසියට අඞන්නැති කෙනෙක්. ඒ උනාට එදා එයාට අසූ හාර දාහකට තරහ ගියා විතරක් නෙමේ එයා අඬනව මුල් වරට මම දැක්කා. මම මාරම කොන්ෆියුස් උනා, මම එයා කේක් වලට කැමති බවවත් දැනගෙන හිටියෙ නෑ. මගේ අම්මගේ ඒ වගේ අනවශ්‍ය කැප කිරීම් සෑහෙන්න තිබුනා. නමුත් තමන්ගේ ලෙඩට දුකට හරියකට බේත් කර ගත්තේ නෑ ඒ නිසා එයා රෑ මැදියමේ අසනීප උනාම  මගේ ආරක්‍ෂාව නොතකා වාහනයක් හොයා ගන්න එවක තරැණ ගෑණු ළමයෙක් වූ මට පාරට බහින්න උනා, රෑ හන්දියේ අඳුරැ මුල්ලක සෙට් වෙලා බිබී හිටපු නසරානි ත්‍රී වීල් කාරයන් ලඟට ගොස් පින්සෙන්ඩු වෙන්න මට සිදු උනා, මම ක්‍රමයෙන් ඉගනීමෙන් දස්කම් දක්වද්දී මට වෘත්තීය මඟපෙන්වීමක් ලබා දෙන්නට හෝ මම ක්‍රමයෙන් තරැණ වියට පිය නගද්දී මට ලින්ගික අධ්‍යාපනයක් ලබා දෙන්නට හෝ ඇය අපොහොසත් උනා.

අද වැඩිහිටි මම නැවත හැරී බලන විට දකින්නේ මගේ අම්මා වගේම ඒ යුගයේ බොහෝ අම්මලා ළමයි වෙනුවෙන් අනවශ්‍ය කැප කිරීම් සෑහෙන්න කරත් (ඒ නිසා තමන්ට ලැබෙන පොඩි සතුටක් පවා නැති කර ගත්තත්) අවශ්‍ය කැප කිරීම් මඟහැරැනා. මම මෙතන කියපු ඔෆිස් එකෙන් ලැබුන රසකැවිල්ල ගෙදර ගේනව වෙනුවට ඒක තමන් රස විඳල ජීවිතේ පොඩ්ඩක් වින්දා නම් එයා ගෙදර එන්නේ සතුටින්. එයාගේ දරැවන් වෙනුවෙන් කළ යුතුව තිබූ කැප කිරීම් වන තමන්ගේ අසනීප හොඳට පාළනය කර ගැනීම, ළමයින්ට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමට දන්නැත්තම් ඉගෙන ගැනීම (ළමය ඉපදුනාට පස්සේ අවුරැදු දොළහක් විතර දිග කාළයක් ලැබෙනවනේ ඕව ඉගෙන ගන්න) වගේ දේවල් එයාට මඟහැරැනා.

අන්තිමේ ඒකට වගකියන්න ඕනේ ළමයා. හරියට කතාවෙ අන්තිමට රජා වැරදිකාරය උනා වගේ. 

ඉතා කඩවසම් රජෙක්  බිරිදක් සොයමින් සිටි අතර, ඔවුන් ඔහුට බොහෝ ධනවත් පවුල්වල ලස්සන ගැහැණු ළමයින් පිරිනැමූ නමුත් ඔහු ඔවුන්ගෙන් කිසිවෙකුට කැමති වූයේ නැත.

 දිනක් මාලිගාවට යාචක කාන්තාවක් පැමිණියාය .

 ඇය රජුට කීවා.. "මට ඔබට දීමට කිසිවක් නැත, මට ඔබට දිය හැක්කේ ඔබ කෙරෙහි දැනෙන විශාල ආදරය පමණි. මට මෙම ආදරය පෙන්වීමට යමක් කළ හැකිය."


 මෙය රජුගේ කුතුහලයට හේතු වූ අතර, ඇයට කළ හැකි දේ පවසන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය.

 ඇය මෙසේ පැවසුවාය: “මම දින 100 ක් මගේ පිපාසය සංසිඳුවන දේ හැර කිසිවක් නොකා, ඔබේ මාලිගාවේ බැල්කනියේ ගත කරන්නෙමි, ඔබට  දින 100 ඉවසිය හැකි නම්, වර්ෂාවට, සන්සුන්ව, අව්වට සහ රාත්‍රියේ සීතලට නිරාවරණය වන්නෙමි ...දවස්  100 ය  නිමා වූ  විට  ඔබ මාව ඔබේ බිරිඳ කරගන්නවා ඇත.

 එය රජුට පුදුමයක් වූ නමුත් ඔහු එකඟ වී අභියෝගය පිළිගෙන “මේ ස්ත්‍රියට මා වෙනුවෙන් මේ සියල්ල කළ හැකි නම් ඇය මගේ බිරිඳ වීමට සුදුසුයි” කියා පැවසුවා.

 කාන්තාව තම පූජාව ආරම්භ කළ අතර, දින ගෙවී යාමට පටන් ගත් අතර, කාන්තාව දරුණුතම කුණාටු වලට නිර්භීතව විඳදරා ගත්තාය.  කුසගින්නෙන් සහ සීතලෙන් ඇය ක්ලාන්ත වී ඇති බව ඇයට බොහෝ විට දැනුණත්, එය අවසානයේ ඇගේ මහා ආදරය අසල  නොසෙල්වීමට ඇයව දිරිමත් කළේය.


 වරින් වර රජු තම කාමරයෙන් පිටතට මුහුණ හරවා ඇයව දැක මහපට ඇඟිල්ල දිගු කළේය.  කාලය ගෙවී ගියේය ... දින 20 ක් ... දින 50 ක්,රාජධානියේ ජනතාව සතුටු වූයේ ය..අපට අවසානයේ රැජිනක් ලැබෙනු ඇත!  .


.. දින 90 ... ගෙවින....රජු වරින් වර ජනේලයෙන් පිටත බලා තමාටම කියාගත්තේ  "මේ කාන්තාව විශ්වාස කළ නොහැකි තරම්  ආදරයක්  ඇති  බවයි..


 අවසානයේදී, එය දින 99කට ළඟා වූ අතර, එම යාචකයා රජුගේ භාර්යාව බවට පත්වන මොහොත බැලීමට සියලු මිනිසුන් මාලිගාවෙන් පිටත රැස් වීමට පටන් ගත්හ.

 ඔවුන් පැය ගණන් කරමින් සිටියහ... මොකද එදා දවල් 12ට එයාලට රැජිනක් ලැබෙන  නිසාවෙන්...

 දුප්පත් කාන්තාව ඉතා දුර්වල  විය... ඇය  රෝගාතුර වී ඇත.


 එවිට සිදුවූයේ පුදුමයකි.. 100 වැනි දින පෙරවරු 11 ට  සියල්ල  අතහැර දැමූ නිර්භීත කාන්තාව කිසිත් නොකියා විමතියට පත් රජු දෙස දුක්බර බැල්මකින් බලා එම මාලිගයෙන් ඉවත් වීමට තීරණය කළාය.


 මිනිසුන් කම්පාවට පත් වූ අතර කිසිවෙකුට තේරුම් ගත නොහැකි විය ...ඒ නිර්භීත කාන්තාව ඇගේ සිහින සැබෑ වීමට පැයකට පෙර අත හැර   දැමුවේඇයි? කියලා...


 ඇය ආපසු නිවසට පැමිණෙන විට, ඇගේ පියා සිදු වූ දේ ඒ වන විටත් දැනගෙන   තිබුණා ...  ඔහු ඇයගෙන් ඇසුවා  ඇය රැජින වීමේ සිහිනය අත්හැරියේ ඇයි?..කියලා...

 ඇය  කියනව ....මම දින 99 පැය 23 ක් ඔහුගේ බැල්කනියේ සිටියා... මම ඔහු වෙනුවෙන් සියලු ආකාරයේ අවාසනාවන් ත   වධ හිංසා විඳදරා ගත්තෙමි, ඔහුට එම පූජාවෙන් මා නිදහස් කළ නොහැකි විය.

 ඔහු මා දුක් විදින අයුරු දැක මා දිරිමත් කළේ මා දුක් විඳිමින් සිටින විට තුට්ටුවකටවත් අනුකම්පාවක් නොපෙන්වා ඉදිරියටම යන්නටය.

 ඉතින් මේ වගේ ආත්මාර්ථකාමී, අදූරදර්ශී, අන්ධ කෙනෙක් හිතන්නේ තමන් ගැනම මිසක් මගේ ලොකු ආදරයක් එයාට ලැබෙන්න වටින්නේ නැති බව මට තේරුණා..!  යැයි කීය...

 

දිනක...මාද..ඔවුන් සියල්ලන්  හැර යන්නේ මෙසේමය....කැප..කිරීමක  වටිනා කමක්   නොදන්නා අය වෙනුවෙන්    කාලය  වැය නොකරන්න.....


පයින් එකක් ඇනලම යන්න




Friday, August 1, 2025

තමන්ට කෙළවනතෙක් පුරුෂාධිපත්‍යයට සපෝට් කොට තමන්ට කෙළවුනාම අඬන පික්මී ගැහැණු

  නියම වින්දිතයා (victim) සහ වින්දිතයා වේශයෙන් පීඩකයාට සහය දෙන්නා (enabler) ගැන තේරැම් ගන්න එක හරිම වැදගත්. 

මේ දෙදෙනාම (පීඩකයා, එනේබ්ලර්) පීඩිතයාගේ සතුරන් වුවත් එනේබ්ලර්ව පීඩිතයාට සතුරෙක් ලෙස පේන්නෙ නෑ ගොඩක් වෙලාවට. සමහරවිට මිතුරෙක් ලෙසත් පේනවා. මොකද එනේබ්ලර්ගෙන් පීඩිතයාට ලැබෙන්නේ මිශ්‍ර සංඥාවල්. අපි උදාහරණයක හිතමු කාර්‍යාළයක බුළි කරන සහ බුළි වෙන දෙදෙනෙක් ඉන්නවා. මේ කාර්‍යාළයේ තවත් කෙනෙක් ඉන්නව සමන් කියල. සමන් බුළි වෙන කෙනා තනියම ඉද්දි හොඳට කතා කරනවා. නමුත් බුළි කරන සහ බුළි වෙන දෙදෙනාම ඉන්න තැන බුළි වෙන කෙනා නොදන්න ගානට ඉන්නවා. බුළි කරන කෙනා එක්ක හොඳට කතා කරනවා. සමන් එනේබ්ලර් කෙනෙක්. සමන් බුළි කරන කෙනාට නිහඬව ආධාර දෙනවා. හොඳට මතක තබා ගන්න, සමන් අවස්ථාවාදී සතුරෙක්. දැන් මේක තේරැම් ගන්න බැරි බුළි වෙන කෙනා සමන්ව දුක අහන අයිය ලෙස තබා ගත්තොත් එය විශාළ ඛේදවාචකයකින් කෙළවර වෙන්නේ. 

එනේබ්ලර්ගේ හැසිරීම ඉතාම සියුම් ලෙස සොයන්න ඕන දෙයක්.

ලන්කාවේ ඕනෑම ආදරේ සම්බන්දව ගැටළු දාන සමාජ මාධ්‍යය ඉඩක මේ ජාතියෙ ගෑනු ඇනෝනිමස් විදිහට දාන "මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි" ගොන්පාට් එක එනේබ්ලර්ගේ හැසිරීම සියුම්ව පේන තැනක්. "මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි" පෝස්ට් වලට ප්‍රෝග්‍රෙසිව් විදිහට හිතන ගෑනු සහ පිරිමි තමන්ගෙ කාලෙ කකා දිග හෑළි ලිය ලියා ඕකුන්ගේ හිත හදනවා. නමුත් මේ මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි කියන ජාතියෙ ගෑනු බහුතරයක් ඇත්ත ජීවිතේ තමන්ගෙ සෝෂල් සර්කල් වල ඉන්න ගෑනුන්ට ඒවගේ ගැටළුවකදී වචනෙකින්වත් සප් එකක් දෙනවාද? කවදහරි දවසක තමන්ගෙ පුත්තුන්ට කසාදෙට කන්‍යාවො හොයන්නෙ නැද්ද? ඇත්තවශයෙන්ම මේ ගෑනු අනිත් ගෑනුන්ගේ, විශේෂයෙන්ම අර තමන්ගේ "අනේ මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි" ඇනෝනිමස් පෝස්ට් එකට හිත හද හද හෑළි ලියපු ඕපන් මයින්ඩඩ් ගෑනුන්ගේ සහ පිරිමින්ගේ ලින්ගිකත්වයට සහ ලිංගික නිදහසට දුටු තැන පහරදෙන, හෙළා දකින, දැක්ක තැන විනාස කරන සම්ප්‍රදායික ගෑනු නියෝජනය කරන ජරාම කුළකයක්. ඇයි මම කැට තියල එහෙම කියන්නෙ? වර්ජිනිටි නැති උනාම අකම්පාල වෙලා අනේ මම ඉවරයි ගගා වැළලෙන ගෑනු බාහිිරව ඩෙනිම් ගහල මොඩ් වෙලා හිටියට අදහස් අතින් අමු සාම්ප්‍රදායිකයි (ඒකනිසානෙ උන් වර්ජිනිටි නැති උනාම ඔක්කොම ඉවරයි මතයේ ඉන්නෙ). උන් කොන්දේසි විරහිතව සම්ප්‍රදායික ගොන් අදහස් වලට සප් කරනවා. 


සම්ප්‍රදායික ගොන් අදහස් වලට සප් නොකරන ගෑනු අවාසනාවකට අපතයෙක්ට අහු වෙලා ලින්ගික සූරාකෑමකට ලක් උනත් "මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි"මානසිකත්වයේ ඉන්නෙ නෑ, මොකද උන් දන්නව උන්ගේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩි බව. උන් හිත හදාගෙන එතනින් අයින් වෙලා තමන්ගෙ ගමන යනවා. තමන්ගෙ සෝෂල් සර්කල් වල ඉන්න ගෑනුන්ට ඒවගේ ගැටළුවකදී වචනෙකින්වත් සප් එකක් දෙනවා.

(Sex ගැන කන්‍යාභාවය ආදරය, විවාහ ජීවිතේ ගැන වෙනමම කියවීමක් එන්න ඕනෙ මිනිස්සුන්ට. ඒව සංකල්ප. මිනිස්සුන්ගෙ ඔළුවල ඒ සංකල්ප කාටවත් ඕනෙ විදියට හැදෙන්නේ හෝ implement වෙන්නෙ නෑ. කාලයක් තිස්සෙ ක්‍රමානුකූලව එලියෙ සමාජෙ තියන අධ්‍යාපනය, අත්දැකීම්, අර්ථනිරූපණ එක්ක බොහොම හෙමීට වෙනස් වෙන්නෙ. ඉතින් උඹල කොහොම කිව්වත් ඒක එහෙමයි. හැබැයි තමන්ට සහ තමන්ගෙ සහකාරියට සහකාරයට අන්‍යොන්‍ය අවබෝධය එක්ක මේ cultural boundaries පන්නන්න පුළුවන්. හැබැයි දෙන්නම අවංකභව විනිවිදභාවය maintain කරන්න ඕනෙ. සම්බන්ධතාවක අංක 1 integrity සහ අවබෝධය. එතකොට ඔය කියන cultural හෝ වෙන බක්කක් අදාල වෙන්නෙ නෑ. ඔය දෙකම නැති පොඩි ඇච්චො තමා හැමතැනම sex ගැන කිය කිය නාහෙන් අඬන්නෙ. හොඳ healthy relationship maintain කරන මිනිස්සුන්ට ඕව අදාල නෑ. උන් ගාණට ඕනෙ වෙලාවට sex කරගෙන හරි අවබෝධයෙන් ඉන්නව. සම්බන්ධතාවක integrity, අවබෝධය maintain කරගන්න බැරුව එකෙක්ට එකෙක් ශුවර් නැති වටේ යන්න බලන් ඉන්න පොඩි ඇච්චොන්ට ගහන්න දෙන්නෙ නැති වෙද්දි හෝ කොල්ල ශුවර් නැති වෙද්දි නාහෙන් අඬනව FB එකේ.)

ඒ කතාව නෙමේ මට කියන්න ඕන උනේ මේ කතාව.  කිසියම් කෙනෙක් ඔබට මිශ්‍ර සංඥා දෙයි නම් ඔහු / ඇය ඔබේ මිතුරෙකු නොවේ. ඔබේ ලව් ඉන්ටරෙස්ට් එක ඔබට මිශ්‍ර සංඥා දෙයි නම් ඔහු / ඇය වංචනිකයෙකි. 

එනේබ්ලර්ලව හැන්ඩල් කරන්නේ කොහොමද? එනේබ්ලර් බවුන්ඩරීස් දමා අතේ දුරින් නමුත් තරහ කර නොගෙන ශේප් එකේ තියා ගත යුතුය. එනේබ්ලර්ල වෙනුවෙන් කාලෙ නාස්ති කරන් උදව් පදව් කරන්නට යාම තමන්ගෙ කැමැත්තක්. 


"වහලෙකු යනු කෙනෙකු පැමිණ තමාව නිදහස් කරන තෙක් බලා සිටින අයෙකි." - එස්රා පවුන්ඩ්

  "යමෙකුට ස්වකීය ගෝත් ‍ රය විසින් නිරන්තරයෙන් එල්ල කරනු ලබන පීඩනයෙන් ගැලවීමට මහත් වූ පරිශ් ‍ රමයක් දැරීමට සිදුවන්නේය. එසේ උත්සාහ දරන තර...