Monday, March 24, 2025

සූනියම් දේවතාවා පිළිබඳව තොරතුරු අන්තර්ගත කබලෑ පටුන නම් පෞරාණික කවි පොත

 

ජනප්රවාද වලට, අනුව ශ්රී ලංකාවේ වයඹ පළාතේ, කුරැණෑගල දිස්ත්රික්කයේ, කුළියාපිටිය මැතිවරණ කොට්ඨාශයට අයත් කබලෑව නැමැති ග්රාමයේදී සූනියම් දේවතාවා යක්‍ෂ ආත්මයෙන් මිදී දෙවි කෙනෙකු වශයෙන් උපත ලබා ඇත. ගම්බාර දෙවියෝ, කබලෑවේ මුත්තා, කබලෑවේ දෙවියෝ, කබලෑවේ බණ්ඩාර, කබලෑවේ මුදියන්සේ, සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවුන් වහන්සේ, කබලෑ වාහල බණ්ඩාර මුල් සිද්ධ සූනියම් ගම්භාර දේවතාවුන් වහන්සේ, ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ ආදී නම් වලින්ද හඳුන්වනු ලබන සූනියම් දේවතාවා පිළිබඳව තොරතුරු අන්තර්ගත කබලෑ පටුන නම් පෞරාණික කවි පොත කෝට්ටේ හෝ මහනුවර යුගය තුළ රචනා කරන්නට ඇති බව සැළකෙන අතර එහි කතුවරයා කවරෙක්දැයි නොදනී. කබලෑ පටුනෙහි අන්තර්ගතයෙහි අවසර ගැනීම, ආරාධනා කවි, මන්ත් පොත, මන්ත් පොත ලක්දිවට වැඩමවීම, නින්දගම් කොටුව, ඉනා මදන බන්ධනය, රූකඩ කටු ජීවම, කටුසර ජීවම, සහ කුමාර පිල්ලිය යන ප්රධාන කොටස් ඇතුළත් වේ. කබලෑ පටුනෙහි සඳහන් වන අන්දමට “මන්ත් පොත” තුළ පිල්ලි දහ අටක්, අංගම් තිස් දෙකක්, ජීවම් දහ අටක්, රූකඩ කටු ජීවම් දොළහක්, කටුසර ජීවම් දෙසිය අනුවක්, මල් වැල් ඉරි ආදී පැන්නුම් තිස් දෙකක්, හිර වැළකුම් තිස් දෙකක්, සූනියම් බන්ධන දොළසක් යනාදී අණවින ඇතුළත් වේ. තවද එහි අණවින කැපීම් වන බන්ධන කැපුම් හතළිහක්, ජීවම් පිට පෙරළුම් නවයක්, අංගම් පෙරළුම් නවයක්, පිල්ලි ආපිට කැපීම් දොළහක්, ඉණා මදන ගැලවුම් තිස් දෙකක්, ඇදුරාට ආරක්ෂාව සලසන මන්ත් දොළහක් සහ අට කොණ ආරක්ෂා විසි හතරක්ද යනාදී ආරක්‍ෂා විධි ක්‍රම ඇතුළත්ව තිබූ බවද සඳහන් වේ.

කබලෑ පටුනෙහි සඳහන් වන මෙම ඉතා බලසම්පන්නමන්ත් පොත” කුමක්ද යන පැණයට පිළිතුරැ දීමට නම්, කබලෑ පටුනෙහි සඳහන් වන කබලෑ සූනියම් දේවතාවා ගේ උප්පත්ති කථාව හැදෑරිය යුතු වේ. එම ජනප්රවාදයට අනුව හෙතෙම පෙර භවයක තෙලිගු රට වඩිග පුරයේ වඩිග රජුගේ පුත් කුමරෙකු ලෙස උපත ලැබුවේය. ගුණධර්ම අතින්ද සකළවිධ ශිල්පයන්හිද කෙළ පැමිණි එම කුමරා විශේෂයෙන්ම හසළ ගණිත ඥානයකින් යුක්ත වූ බැවින්, ගණිත ඥානය අත්යාවශ් වන ජෞතිශය සහ යන්ත් මන්ත් විද්යා වලට අති සමර්ථයෙකු වූ බවද, කුමරුගේ ඥානය සෘෂිවරුන් අටදෙනෙකුගේ ඥානයට සමාන වූ බවද පැවසේ. මෙම ඥානය ඔහු විසින් භාවිතා කළේ මිනිසුන්ට වින කිරීමට නොව සෙත ශාන්තිය උදාකර දීමට පමණක් බවද පැවසේ. එහි එක්තරා සන්ධිස්ථානයක් වන්නේ, ඔහු ප්රාණය නිරුද්ධ වූ බිළිදෙකුට ප්රාණය ලබා දුන් අවස්ථාවකි. සඳහා ඔහුට අවශ් වූයේ දෙහි කුළයට අයත් ගසක කටු තුනකි. එම කටු තුන නව වතාවක් ප්රාණ කරමින් මෙම ප්රාණය නිරුද්ධ වූ දරුවාගේ මළ මිනියෙහි හිස, බෙල්ල, යටිපතුල යන ස්ථානයන්ට එම මැතිරූ කටු තුන ගැසීමෙන් අනතුරුව, ප්රාණය නිරුද්ධ වූ මළමිනිය නැගි සිටීමට සලස්වන්නට ඔහු සමත් වූ බවත්, එහිදී සිදුවූයේ දරුවාගේ ශරීරයෙන් නිරුද්ධ වූ ප්රාණය කටුසර ජීවමින් ගෙන්වා ශරීරයට බන්ධනය කිරීම බවත් පැවසේ. ඔහුගේ මේ සුවිශේෂී අත්හදාබැලීම පසු කලෙක ඇදුරන් විසින් කුමාර පිල්ලිය නිර්මාණය කිරීමට යොදා ගත් බවද පැවසේ. කබලෑ පටුනෙහි අන්තර්ගතයෙහි කුමාර පිල්ලිය විශේෂයෙන්ම සඳහන් වී ඇත්තේ එබැවිනි. වඩිග කුමරා සමාජයේ යහපත තකා සිදු කළ එකී ගුරැකම ඇදුරන් විසින් ඊට පසු යොදා ගැනුනේ සමාජයේ අයහපත සඳහා වීම ඉමහත් අවාසනාවකි.

කුමරාගේ අසාමාන් හැකියාවන් සහ බල පරාක්රමය නිසා ඔහුට ඊර්ශ්යා කළ කුමන්ත්රණකරැවන්ද බොහෝ දෙනෙකු ඇති විය. මෙම සතුරන් නොයෙක් අවස්ථා වලදී කුමරාව ඝාතනය කිරීමට උත්සාහ කළද එසේ කල නොහැකි වූයේ කුමරාගේ ධාර්මිකත්වය හේතුවනි. නමුත් කල් යත්ම සතුරන්ගේ මෙකී ක්රියා නිසා කළකිරී ධාර්මිකත්වයෙන් ක්රම ක්රමයෙන් පිරිහී ගිය කුමරා එක දිනක සතුරන්ගේ කුමන්ත්රණයක් හේතුවෙන් තම සුදු අසු පිටින් වැටී මරණයට පත් විය. වන විට කුමරාට දැඩි හිතෛශීභාවයෙන් යුත්ව සිටි එකම පුද්ගලයා වූයේ ඔහුගේ සොහොයුරෙකු වූ ඔඩ්ඩිස කුමරා පමණක් වූ අතර එකී කුමන්ත්රණයෙන් ඔඩ්ඩිස කුමරාද මිය ගියේය. තමන්ට සිදු වූ බලවත් අකටයුතුකම් හේතුවෙන් අධික ක්රෝධයකින් යුතුව මරණයට පත් වූ කුමරා යක් සේනාවක් සහිත ඉතා බලසම්පන්න සහ බිහිසුණු යක්ෂයෙකු වී ඉපිද එනුවර වැසියන්ට ඉමහත් හින්සා පීඩා කරන්නට විය. වඩිග කුමරු වඩිග යකු ලෙසත්, ඔඩ්ඩිස කුමරු ඔඩ්ඩිස යකු ලෙසත්, වඩිග කුමරුගේ වාහනය වූ සුදු අශ්වයා වඩිග යකුගේ ප්රධාන සෙන්පතියා ලෙසත්, ඔඩ්ඩිස කුමරුගේ වාහනය වූ කළු අශ්වයා සූනියම් යකු ලෙසත් උපත ලැබූ බවද ජනප්රවාදයෙහි දැක්වේ. වඩිග යකු සහ පිරිවරගේ පීඩාවන් ගෙන් ගැළවීම සඳහා රජතුමා සෘෂිවරැන් ගණනාවකගේ පිහිට පැතූ අතර යක්ෂයාගේ ප්රබලත්වය නිසා ඉතා බලගතු මන්ත් පුස්ථකයක් නිර්මාණය කර එයට වඩිග යකු බන්ධනය කළ යුතු බව සෘශිවරැන් ගේ අදහස විය. සෘෂිවරැන් හයසියයක් පමණ වසර දහ තුනක් තිස්සේ එම කර්තව්යයෙහි යෙදුනු අතර අවසානයේ වඩිග යකු සහ ඔඩ්ඩිස, සූනියම් යකුන්ද එම පොතෙහි සිර කල බව සඳහන් වේ. කබලෑ පටුනට අනුව එම ඔඩ්ඩිස මන්ත් පොත (මුළින්ම පොතට බන්ධනය කරන ලද්දේ ඔඩ්ඩිස යකු නිසා එම නම පොතට ලැබුනු බව සඳහන් වේ) ලෙස හැඳින්වූ පොත වඩු රියනක් දිග බව තඹ ලෝහයෙන් කරවන ලද පත් ඉරුවක් අඟල් දෙකයි කාලක් පුළුල් බව එක් පිටුවක අකුරු පේළි දොළහක් ලියා තිබෙන බව බැමි දොළහක් යොදා පොත බැඳ තිබෙන බව පවසයි. එසේ ඉතා ප්රබල යකුන් බන්ධනය කරන ලද මෙම මන්තර පොත මතු ආරක්ෂාව පිණිස වහා දඹදිව තලයෙන් පිට කරන ලෙසත්, එසේ නොවී යම් හෙයකින් පොත විවෘත කල හොත් රජු ඇතුළු මුළු දේශයම විනාශ වීමේ අවදානමක් පවතින බවත් සෘශිවරැන් විසින් රජුට ප්රකාශ කර තිබේ. අනුව යකුන් බැඳි මෙම මන්ත් පොත ඉතා හර සරින් යුතුව සරසන ලද රුවල් නැවක පා කර හැරි පසු එය ලක්දිවට පැමිණ ඇත්තේ ශක රාජ වර් 1284 බක් මස පුර පසළොස්වක ලත් ගුරු දිනකදීය. එනම් ව්යවහාරික වර් වලින් 1362 වර්ෂයයි. මෙම කාල වකවානුව ගම්පොළ යුගයයි. එවිට ශ්රී ලංකාවෙහි රජකම් කොට ඇත්තේ තුන්වන වික්රමබාහු රජතුමාය.

ලක්දිව මාතර ප්රදේශයට පා වී මෙම නැව මුළින්ම දකිනා ලද ධීවරයන් විසින් බව එදා දෙවුන්දර ප්රධාන අමාත්යවරයා සහ දෙවිනුවර පුද බිමේ භාරකාරැ ලෙස කටයුතු කල බමුණෙකුට දන්වා තිබේ. ඔහු එහි පැමිණ මෙම නැව පිරික්සීමෙන් අනතුරැව මතු පිට ලියා ඇති අනතුරු ඇගවීමේ වැකි සහිත වූ මෙම මන්ත් පොත බරපතළ විපත් ඇති කල හැකි පුස්තකයක් බව වටහාගෙන තිබේ. එබැවින් එය එම බමුණාගේ භාරයට ගෙන එයට රැකවරණය සැලසීම සඳහා එය දෙවුන්දරට ගෙන්වා, මන්ත් පුස්තකය පිළිබඳව රජුටද දන්වා තිබේ. එම පුස්ථකය පිළිබඳව රජු ගේ තීරණය ලැබෙන තෙක් මුරකරුවන් යොදා ආරක්ෂාව සලස්වා පහන් ආදිය පුදා ගෞරව කරමින් එය කලක් දෙවුන්දර රඳවාගෙන තිබේ. ඉන් පසු මෙම පොතේ අතීත විස්තර සහ සමඟ බැඳී තිබූ අනතුරැ හැඟවීම් ආදිය සෙවීමට රජු විසින් පත් කරන ලද දූතයන් මාර්ගයෙන් ලබා ගත් තොරතුරැ ඇසුරෙන් පොතෙහි රැඳී ඇති අවදානම පිළිබඳව දැන ගන්නා රජු, එය ජනශූන් ප්රදේශයකට ගෙන යාමටත් එම ප්රදේශය තුළ බිම සන්නස් කර පුද දීමටත් තීරණය කර තිබෙන බව කබලෑ පටුනෙහි දැක් වේ.

ආරක්ෂකයින් හා ප්රභූන් පිරිවරාගෙන ජනශූන් ප්රදේශයක් වූ දකුණු වන්නිය කරා මේ පොත රැගෙන යාමට රජු විසින් තීරණය කරන ලදුව, එම පිරිස මන්තර පොතද සමඟ පිටත් වී, දෙවුන්දර දකුණු වෙරලේ සිට බස්නාහිර පැත්තට ගොස් වෙරලබඩ මාර්ගය ඔස්සේ මාදම්පා තොට නොහොත් වර්තමාන මාදම්පේ නගරයෙන් දුම්මලසූරියට පැමිණ අනතුරැව ගලපලා නුවර නොහොත් වර්තමාන ගල්පොල ගම්මානයෙන් කබලෑවේ ගොපල්ලව කන්දට පැමිණ ඇත. මෙම ගොපල්ලව කන්ද යනු ගවයන් බැඳ ගොපල්ලන් විවේක ගන්නා ස්ථානයකි. මෙම ගවයන්ට වතුර දුන් වැව අසළ පිහිටි ගොපල්ලව වැවයි. ගවයන්ට තණ කොළ කෑම සඳහා යොදා ගන්නා ලද්දේ ගොපල්ලව වැව් පිටියයි. ගොපල්ලන් විවේක ගත් භූමිය ගොපල්ලව ගලයි. මෙම සියළුම ස්ථාන සඳහා අද පොදුවේ ගොපල්ලව යන නම භාවිතා වේ. මෙම ප්රදේශය කබලෑවට අයත් වේ. පොත සමඟ වන්නිය බලා ගමන් කල පිරිස අතරමඟදී විවේක ගැනීමට ගොපල්ලව ගලට සැපත් වී ඇත. ඔවුන්ගේ ගමන් මහන්සිය මග හැරීමට ගොපලු මින්සුන් විසින් පස්ගෝ රසයෙන් සංග්රහ කර තිබේ. මෙහිදී ආරක්ෂකයින් හා ප්රභූන් සමග ගොපලු මිනිසුන් හිතවත්වූ අතර ඔවුන් මෙම පොත පිළිබඳ විස්තරය ගොපල්ලන්ට පවසා ඇත. ගොපල්ලන්ට මෙම පොත බැමි වලින් මුදා හැර බැලීමේ තදබල ආශාවක් ඇති වී තිබේ. ඇතැම් ආරක්ෂකයින් හා ප්රභූන්ද එයට කැමති වුවත් ඇතැම් ආරක්ෂකයින් හා ප්රභූන් ඊට එරෙහිවීම නිසා ඔවුන් සහ ගොපල්ලන් අතර වාද විවාද ඇති වුවද අවසානයේ ගොපල්ලන් එම පොත බැමි වලින් මුදා හැර බලා ඇත. එම අවස්ථාවේදී ඔඩ්ඩි වඩිග සූනියම් යකුන් තුන් දෙනාම එකම බලවේගයක් වශයෙන් බන්ධනය වී (කබලෑ යකු) එයින් එළියට පැන නිදහස් වී ඇත. මේ අවස්ථාවේදී යකුන් හරකුන් බඳින කඹ යොදාගෙන බැඳීමට හෝ මෙල්ල කිරීමට ගොපල්ලන් උත්සාහ කළ බැවින් (කඹ ලෑම) සහ පසු කලෙක මේ පෙදෙසේ දී යක්ෂයා අල්ලා බැන්ද නිසාද මෙම ප්රදේශයට කබලෑව යන නම පටබැඳුන බව පැවසේ. යකුන් නිදහස් වීමෙන් අනතුරුව මෙම ඔඩ්ඩිස මන්ත් පොත බියට පත් වූ ගොපලුන් විසින් කුඹල්කරුවන් වෙත ලබා දී තිබේ. කුඹල්කරුවන් එය බඩහැල කුල ජනයා එවකට විසූ කුඹල්වල ග්රාමයේ ප්රධාන වෙල් යායේ තිබූ රූස්ස නුග ගසක් තුළ තිබූ බෙනයක තැන්පත් කර එම ගස මුලට තේවාවන් කළ බවත්, පසුකාළීනව එහි සිදු වූ අත්භූත සිද්ධි නිසා කුඹල් වලකට දමා වසා දැමූ බවත් සඳහන් වේ.

කබලෑ යකු ඔඩ්ඩිස පොතින් නිදහස් වීම නිසා ඉතාම ප්රීතියෙන් ඉහළ නැගෙමින් පිමි දහඅටක් පැන්න බවත් එම පිමි වලදී පා තැබූ ස්ථාන පසුව නින්දගම් දහ අටක් වශයෙන් බිහි වූ බවත් පැවසේ. කබලෑ යකු එම නින්දගම් වල සැරිසරමින් (විශේෂයෙන්ම කබලෑවේ නිතර සැරිසරමින්) ජනයා භීතියට පත් කරමින් නොයෙකුත් භයංකර විපත් සිදු කල බවත් විශේෂයෙන්ම එම පෙදෙසේ පිරිමි දරැවන් ඉපදුන වහාම මරා දමන ලද බවටත් කියැවේ. මෙසේ මරා දැමුනු පිරිමි දරුවන් එදා වැළලූ මිනීපිටිය කොල්ලන් වැලලූ පිටිය ලෙස ඉතිහාසයේ සඳහන් වන අතර ඇඹව විහාරයට මීටර පන්සියයක් පමණ දුරින් මෙම කොල්ලන් වැලලූ පිටිය අදද කබලෑවේ මිනීපිටිය ලෙස දක්නට ලැබේ.

යක්ෂයාගෙන් සිදු වන විපත් උසුලා ගැනීමට නොහැකිව ප්රදේශයේ ඇදුරන් ගම්වැසියන් සමඟ එක්ව නොයෙකුත් පිළියම් සිදු කලද ඒවායෙන් පවතිනා තත්වයේ කිසිදු වෙනසක් සිදු නොවීය.  කබලෑ යකුගේ උපද්රව අඩු නොවන නිසා බියට පත් වූ ගැමියන් මෙම අවනඩුව පත්තිනි අම්මාට නිතර දෙවේලේ යදිමින් කියා සිටියේය. මෙකළ කබලෑවේ විසූ රාජපද්ම මුදියන්සේ නොහොත් අඹවැව සිල්වත් රාළ නැමති ඉතා ධාර්මික තුරැණුවන් සරණ ගිය උපාසකයෙකුට පත්තිනි මෑණියන් සිහිනෙන් පැමිණ කබලෑ යකු දමනය කළ යුතු ආකාරය පෙන්වා දී ඇත.  ඔහු පත්තිනි මෑණියන් කියූ පරිදි, දැනට ඇඹව විහාරයෙහි දේවාලය පිහිටි ස්ථානය පැමිණ ( වන විට එම ස්ථානයෙහි බෝ ගසක් සහ අරලිය ගසක් තිබූ බව ජනප්රවාදයෙහි එයි.), බෝ ගස අසළ තිබූ ගල්තලාවට වී, ලුණු නොයෙදූ කිරිබත් ආහාරයට ගනිමින්, නව ගුණ වැල් හත් පොටක් ලක් වාරයක්ඉතිපිසෝ භගවා අරහංයනාදී නව අරහාදී බුදු ගුණයෙන් පිරිත් කොට ඇත. සිහිනයෙන් පෙන් වූ පරිදි එම අවස්ථාවේදී නැගෙනහිර දිශාවට තිබූ අඹවැවෙහි ආරක්ෂක රළපනාව දිගේ වලං ගෙන යන බඩහැල මනුෂ්යයෙකුගේ වේශයක් මවාගෙන වළං කඳ කර තබා ගෙන යක්ෂයා පැමිණ තිබේ. මෙහිදී අඹවැව සිල්වත් රාළ තමන්ව මෙල්ල කිරීමට උත්සාහ කරන බව දැක යක්ෂයා ඉමහත් කෝපයෙන් හැසිරැණද අඹවැව සිල්වත් රාළ නව ගුණ වැල් හත් පොට සිහිනයෙන් කියූ පරිදි යක්ෂයාගේ ගෙලට දැමීමට උත්සාහ කර ඇත. එම අරගළයේදී ඉන් සිව් පොටක් කැඩී තුන් පොටක් යක්ෂයාගේ ගෙලෙහි රැඳී තිබේ. මෙම අවස්ථාවේ පත්තිනි මෑණියන්ද යක්ෂයා දමනයට පැමිණි බවත් පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදයෙන් යකු දේවත්වයට පත්වීම මගින් ඇති තිබූ දෝෂ පහ වූ බවත් කබලෑ පටුනෙහි සඳහන් වන්නේ මෙසේය.

නෙතු පා දහ අට දේශෙක භාසෙක විජ්ජා දහ අට දැන රැදු                    නා

සකළ දඹදිව යක්සෙන් පිරිවර සමඟින් මන්ත්රා පොත බැදු                 නා

අඹවැව් තලයේ ජලමත වැටෙනා පුන්සද එළියට දොස් වැදු                     නා

තෙද ඇති බල ඇති අඹ වැව් වෙහෙරේ උතුරින් තල මල් දෙක පිපු         නා

 

අඹ වැව් වෙහෙරේ නිරිතින් බෝ මැඩ රන් දෙව් විමනක් සේ දිලු              නා

රුද් තෙදැති යක් සේනා පතිදා නව ගුණ ලක්ෂෙට දෙවිදු වු                      නා

සත් පත්තිනි මව් සත් පියුමින් වැඩ තෙද රන් හලඹෙන් සෙත් කෙරු    නා

තෙද මහිමෙන් උතුරෙන් සුපිපුණු තල මල් දෙකෙහි දොස ඇරු          නා

No comments:

Post a Comment

සූනියම් දේවතාවා පිළිබඳව තොරතුරු අන්තර්ගත කබලෑ පටුන නම් පෞරාණික කවි පොත

  ජනප් ‍ රවාද වලට, අනුව ශ් ‍ රී ලංකාවේ වයඹ පළාතේ, කුරැණෑගල දිස්ත් ‍ රික්කයේ, කුළියාපිටිය මැතිවරණ කොට්ඨාශයට අයත් කබලෑව නැමැති ...