Wednesday, August 28, 2024

සත්ව ප්‍රෝටීන් වලට ඇති ස්ටිග්මා එක නැති කල යුතු ඇයි

තිළිණි ෂැල්වින් ලන්කාවේ පාසල් ළමයින්ට දෙන කෑම වේළ සහ කොරියාවේ පාසල් ළමයින්ට දෙන කෑම වේල අතර පෝෂණයේ වෙනස ගැන අද පෝස්ට් එකක් දාල තිබ්බ. සුපුරැදු පරිදි රෙදි උස්සගෙන රඟන සෙට් එක ඒකට කොමෙන්ට් කරල තිබ්බ.   

මම ගිය මාසේ සම්පූර්ණයෙන්ම වාගේ හිටියේ අප්‍රිකාණු රටක් වන ඝානාවේ. දේශගුණය, දරිද්‍රතාවය, ජනගහණය, දේශපාළනය, යටත් විජිත කරණයේ අතුරැඵල සහ තවත් ගොඩක් කාරණා අතින් ඝානාව ලන්කාවට හුඟක් සමානයි. නමුත් ලන්කාවට වඩා දුප්පත් උනත් ලන්කාවට වඩා සැළකියයුතු ප්‍රමාණයකට ප්‍රෝටීන් සහිත ආහාර ඒ රටේ මිනිස්සු කන්නේ. පුළුවන් හැම ගෙදරකම කුකුල්ලු එළුවො ඇති කරනව. එහෙ මිතුරියක් එක්ක කෑම ගැන කතා කරද්දි ඇය කිව්ව ඝානාවේ මිනිස්සු කාබ්ස් සමඟ ප්‍රෝටීන් කන එක නවත්තල බටහිර රටවල වගේ ප්‍රෝටීන් සමඟ කාබ්ස්  කෑව නම් තවදුරටත් හොඳයි නේද කියල. මම ඇයට කිව්ව ඕක මොකක්ද ඉතින් ලන්කාවේ කන්නේ කාබ්ස් සමඟ කාබ්ස්නේ කියල. බත් එක්ක කිරිකොස්, බත් එක්ක අල තෙල් දාල හරි අල කිරිහොදි හරි, බත් එක්ක අළුකෙසෙල්, නෙළුම් අල, දෙල්, බතල වගේ නානාප්‍රකාර කාබ්ස්. එතකොට අරපිරිමැස්ම උගන්නන අම්මණ්ඩිල උගන්නන ඒව තමා එක බිත්තරේට ළූණු අරව මේව දාල වතුරෙන් ඔම්ළට් හදල පුම්බල පවුළකට කන්න පුළුවන්ලු. 

ඒකටම හරියන්න නිර්මාන්ශ හැතිකරේ පුදුම කරැමයක්. මුන් බහුතරය මනුස්සයෙක්ට පාඩුවෙ ඉන්න දෙන්නැති කුහක නපුරැ මළයක්‍ෂ ගති තියෙන එවුන් උනාට සත්තුන්ට මාර ආදරෙයි. 

ලන්කාවේ සත්ව ප්‍රෝටීන් වලට තියෙන ස්ටිග්ම එක කොච්චරද කිව්වොත් ප්‍රධාන පෙළේ කුකින් යූටියුබ් චැනල් බහුතරයක් බීෆ් පෝක් කෑම හදන්නෙ නෑ. උදාහරණයකට අපේ අම්මා නාළිකාව කුකුල් මස්ම පමණයි. බීෆ් පෝක් කෑම හදන ඒවත් බීෆ් පෝක් කෑම හදන්නේ ඉඳ හිට. එතකොට නේචර් කුකින් යූටියුබ් චැනල් කරන බහුතරයක් ජාත්‍යන්තර උදවිය ඒකට තමන්ගෙ සත්ව පාළනය පෙන්නද්දි අපේ ප්‍රධානම නේචර් කුකින් යූටියුබ් චැනල්  එකක්වත් (පූර්ණා, ට්‍රැඩිෂනල් මී, විලේජ් කිචන් ආදී) සත්ව පාළනය කරන්නේ නෑ. මොකද සත්ව පාළනය පටන් ගත්තොත්, බීෆ් පෝක් කෑම  හැදුවොත්, අර කළින් කියපු නිර්මාන්ශ හැතිකරේ රෙද්ද උස්සගෙන එනව පිස්සු බල්ලො වගේ.

හොර පූජකයන් ද මේ ස්ටිග්මා එක ඉහළින්ම පවත්වා ගන්නා අතර කට්ටඩිද පුළුටු (සත්ව ප්‍රෝටීන්) වලට යක්කු බැල්ම දාන නිසා පුළුටු කෑම පස් මහ බැළුම් බලා කල යුතු බවට තරයේ පවසති. එක කටටඩියෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක පැවසුවේ ගෑනු ළමයෙක් තමන්ගෙ ගෙදර කුස්සියේ තනිව බිත්තරයක් බැදිම පවා යක්කු බැල්ම දාන වැඩක් බවයි.

මේ කාරණා නිසා ලන්කාවෙ මිනිස්සුන්ගෙ කෑම වල කොළිටිය මොන තරම් පහළද කියල කියනව නම් වෛද්‍ය රවී රන්නන්-එළිය ඉදිරිපත් කළ පත්‍රිකාවකට අනුව (https://twitter.com/ravirannaneliya/status/1628015180688007168) දෙදාස් දහ නමයේදී ලන්කාවේ 23% ප්‍රතිශතයක් දියවැඩියාවෙන් පෙළේ. ඊට පෙර දත්ත වල 11% ව සිටි ලන්කාවේ දියවැඩියාවෙන් පෙළෙන ප්‍රතිශතය දැන් 23% වී ඇත්තේ ලෝකයේ වැඩියෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රටක් බවට පත් වෙමිනි. 

ඇමරිකාවේ ගත්තොත්, දියවැඩියාවෙන් පෙළෙන ප්‍රතිශතය 10.7% කි. ඇමරිකාවේ තියෙන  නානාප්‍රකාර සෝඩා, කෝඩියල්, කේක්/ඩෝනට්ස් ආදී බේකරි ආහාර, චොක්ලට් සහ කැන්ඩීස්, සීරියල්, බිස්කට්, ක්‍ෂණික කෑම ආදී නොයෙක් පට්ට ලාබෙට තියෙන කෑම ලන්කාවේ නැත, තිබුණත් මිළ අධිකය. එවැනි කෑම කෑවේ නැතත්, ලන්කාවේ දියවැඩියාව ඉතා ඉහළ ගොස් ඇත්තේ ඇයි? 

දියවැඩියාවෙන් පෙළෙන ප්‍රතිශතය වගුවේ දියවැඩියාව වැඩිම අනිත් රටවල් බොහොමයක් වගා කිරීමට හෝ සතුන් ඇති කිරීමට බැරි භූමි සහිත නිසා ප්‍රධාන ලෙස පිටින් ගේන ටින් කෑම සහ සැකසූ ආහාර මත රඳා පවතින, නම වත් ඒතරම් අසා නැති කුඩා දූපත් (French Polynesia, Nauru, New Caledonia, Northern Mariana Islands, Mauritius, Kiribati, Tuvalu, American Samoa, Solomon Islands, Fiji, Palau). ඒකම හොඳ සාධකයක් දියවැඩියාව සහ ආහාර වල සම්බන්ධය පෙන්වා දෙන. ලන්කාවේ වගා කිරීමට සහ සතුන් හැදීමට හොඳ පරිසරයකුත් තියෙද්දී ටින් කෑම ආදිය සාපේක්‍ෂව අඩුවෙන් කද්දී ඇයි දියවැඩියාව ඉතා ඉහළ ගොස් ඇත්තේ ? ඒකට ප්‍රධානම හේතුවක් වන්නේ අහිතකර ආහාර පුරැදු වේ.

ප්‍රෝටීන් මිළ අධික නිසා අපට කන්න බෑ කියන අය අප්‍රිකානු රටවල අපට වඩා දුප්පත් මිනිස්සුන්ගේ කෑම වේළ දිහා බලන්න. ඒ රටවල පුළුවන් හැමෝම ගෙදරම සත්තු හදති,   සත්තු හදන එක ස්ටේටස් වලට ගැටළුවක් නොවේ. ලන්කාවේ සත්තු හදන්න පුළුවන් විසාළ ඉඩම් තියන මිනිස්සුත් ලෝකාපවාදයට බයේ නිකම් හිඳිමින් ප්‍රෝටීන් මිළ අධික නිසා අපට කන්න බෑ  කියති.

සත්තු හදන එක සහ ස්ටේටස් එක ගැන කතා කරන කොට, මම කළින් වැඩ කරපු වෛද්‍ය විද්‍යාලයේ ඇසෝසියේට් ඩීන් කෙනෙක් වූ සුදු ඇමරිකන් මනුස්සයෙක් කාළයක් මගේ බොස් වෙලා හිටියා, එයාගෙ කාමරේ ලඟමයි මගෙ කාමරේ  තිබ්බෙ. මම නෝට් කලා සෑහෙන කාලයක් මෙයාගෙ මේසෙ උඩ බ්‍රහස්පතින්ද දවස් වල බිත්තර කේස් දෙකක් විතර තියෙනව. වතාවක් මම ඇහුව ඇයි බිත්තර කේස් තියෙන්නෙ කියල. බලනකොට ක්ලිනිකල් ඩිපාට්මන්ට් එකේ මහාචාර්‍යවරියකට (ඇය වෛද්‍ය වරියක්) ලොකු ඉඩමක් තියෙනවා, ඒ ඉඩමේ ඇය කුකුළන් හදල බිත්තර විකුණනවා. ඒ බිත්තර ඕගනික් නිසාත් ඇය ඔහුගේ මිතුරියක් නිසා ඇයව දිරි ගැන්වීමටත් ෆැකල්ටියෙ උදවිය ඒව මිළට ගන්නවලු. බ්‍රහස්පතින්ද දවස් වල ඇය බිත්තර ගෙනත් විකුණන නිසයි මගේ බොස්ගෙ මේසෙ උඩ බිත්තර තියෙන්නෙ.ඇය කුකුළන් හදල බිත්තර විකුණන්නේ ඉමහත් ආඩම්බරයෙන්. ඇමරිකාවෙ රෑරල් සහ සබර්බන් ධනවත් මිනිස්සු මාර ආසයි  මොනතරම් උපාධි මිළ මුදල් තිබ්බත් පුළුවන් තරම් ස්වයන්පෝෂිත වෙන්න.

නිර්මාන්ශ හැතිකරේ නොදන්නව උනාට උන්ට ගිල්ලවන්න එළවළු ධාන්‍ය වවන්නේ කැළෑ එළි කර ඒවා පැළ කර කාළයෙන් කාළයට නොයෙක් විෂ රසායන දමා මහ පරිමාණ සත්ව සන්හාර කිරීමෙනි. 

වල් ඌරන් ආදී සතුන්ට අද වෙද්දී ස්වභාවික විලෝපිකයන් නැති නිසාත් උන් මාර ඉක්මනට බෝ වෙන නිසාත් උන්  වෙනත් සතුන් වඳ කර ජලය දූෂණය කර පරිසර පද්ධති පිටින් වනසන නිසාත් නිර්මාන්ශ හැතිකරේ හාමතේ  නොඉඳ නිර්මාන්ශ  කෑම කන්නේ දඩයක්කාරයන්ට පින් සිදු වන්නටය.

මසට ඇති කරන සත්තුන්ට වද දීම මම අනුමත කරන්නේ නැත. උදාහරණයකට ඌරාගේ මස් මෙලෙක් කිරීමට තඩි බෑම, හක්ක පටස් මඟින් සතුන් මැ.රීම ආදී වැඩ වලට උපරිම දඬුවම් ලැබිය යුතුය. සතුන්ට ජීවත් වෙන කාළයේ සැළකියයුතු ඉඩකඩක හිරිහැර නොවන ලෙස ඉන්නටත් මර.ණ විට අවම වේදනාවක් ඇති වන ලෙස මර.ණයට පත් කරන්නටත් නීති අවශ්‍යය.

අප මඳකට ශාක භක්ශකයෙකුට උගේ ස්වභාවික පරිසරය වන කැලෑවේදී ගෙවන්නට වෙන ජීවිතය ගැන හිතමු. ඌ උපන් දවසේ සිටම විලෝපිකයන් නිසා මරණ බයෙන් ජීවත් වේ. ශාක භක්ශකයන් උන්ගේ ස්වභාවික පරිසරයේදී කවදාවත් සාමකාමීව පරමායුෂ වළඳා මිය යන්නේ නැත, අනතුරක් හෝ රෝගයක් වැළඳී දුබල වුවහොත් විලෝපිකයන් අතින් දරැණු මරණයක් හිමි වේ. සින්හයන් වෝටර් බෆලෝලා පිටට පැන උන් පණ අදිද්දී උන් ගේ පු.ක ඉරාගන කනවා මම කොතෙකුත් දැක ඇත. අප කැමති වුවත් නැතත් ස්වභාවධර්මයේ නීතිය ආහාර දාම සහ ආහාර ජාල මඟින් සත්ව සහ ශාක ගහණය  සමතුළිත කිරීමයි. එහිදී ශාක භක්ශකයාගේ ඉරණම ජීවිතයේ කිසියම් මොහොතක විලෝපිකයෙකුගේ අතින් මරණයට පත් වීමයි. නැතහොත් සිදු වන්නේ පරිසරයේ සමතුළිතතාවය බිඳී කැළය තුළ ශාක භක්ශකයාගේ ගහණය වැඩි වීම නිසා කැළය කාන්තාරකරණයට ලක් වී ශාක භක්ශකයා පවා අන්තිමේ  කුසගින්නේ මිය යෑමයි. මේ සඳහා එක උදාහරණයක් නම් ලෝ ප්‍රකට යෙලෝ ස්ටෝන් වනෝද්‍යානයේ වෘකයන් පිළිබඳ කතාවයි. 1920-30 ගණන්වල  යෙලෝ ස්ටෝන් වනෝද්‍යානයේ වෘකයන් සියල්ලම පාහේ මිනිසුන් විසින් දඩයම් කරන ලදි. එහි එක ප්‍රතිපලයක් ලෙස ශාකභක්‍ෂක එල්ක් නම් සතුන්ගේ ගහණය වැඩි වී උන්ගේ උලාකෑම නිසා යෙලෝ ස්ටෝන් වනෝද්‍යානය කාන්තාරකරණයේ ලක්‍ෂණ පහළ විය. මේ නිසා 1995දී නැවත වෘකයන් වනෝද්‍යානයට හඳුන්වා දෙන ලදී. (https://www.yellowstonepark.com/park/conservation/yellowstone-wolves-reintroduction/


නිර්මාන්ශ හැතිකරේ මස්මාළු කන උදවියට පුන පුනා පහර ගසන තවත් එක ජනප්‍රිය තැනක් නම් “මස් මාළු කන්නට හුරු වන්නේ එහි ඇති රසය ගැන සිතා” බවත් නිර්මාන්ශ හැතිකරේ ඊට වඩා කෙළෙස් ප්‍රහාරණය කර ඇති නිසා මස්මාළු කන උදවියට වඩා ඉහළ ජීවීන් කොට්ඨාශයක් බවත් ය. මස්මාළු කන උදවිය මෝඩයන්, නරුමයන් සහ ආත්මාර්ථකාමීන් ලෙසද දක්වා තිබුණි. 

මිනිසුන් මස් මාලු කන්නේ එය පහසුම සහ පරිපූර්ණ ප්‍රෝටීන් ප්‍රභවයක් නිසාය.ලoකාවේ ප්‍රෝටීන් ඌණතාවය ශාකමය ප්‍රභව වලින් පමණක් සපුරා ගැනීම සිහිනයකි.රතු පරිප්පු ග්‍රෑම් සීයක ප්‍රෝටීන් ග්‍රෑම් 9-10 (අත්‍යව්‍ය ඇමයිනො අම්ල නැති) තියෙද්දි කුකුල්මස් ග්‍රෑම් සීයක ප්‍රෝටීන් ග්‍රෑම් 22 පමණ තිබේ. දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය ශරීර බර කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් දශම අටක් පමණ වේ. (https://timesofindia.indiatimes.com/life-style/health-fitness/photo-stories/dear-vegetarians-your-dal-is-not-providing-you-enough-proteins/photostory/64960891.cms, https://www.sclhealth.org/blog/2019/07/how-much-protein-is-simply-too-much/)

Dr. රනිල් ජයවර්ධනගේ පර්‍යේෂණ පත්‍රිකාවකට අනුව, (https://www.cambridge.org/core/journals/public-health-nutrition/article/food-consumption-of-sri-lankan-adults-an-appraisal-of-serving-characteristics/331221522B3EA5E8ACA30B30B877F866) අවම දෙනික ප්‍රෝටීන ප්‍රමාණය ලැබෙන්නේ ලoකාවේ තුනෙන් පoගුවකටය, එනම් තුනෙන් දෙපoගුවකට ආහාරයෙන් දෙනික අවම ප්‍රෝටීන ප්‍රමාණය ලැබෙන්නේ නැත. ගැහැනුන්ට පිරිමින්ට වඩා ප්‍රෝටීන් අඩුවෙන් ලැබේ. කිරි කියා බොන්නේද විශ සහිත පිටිකිරිය. සියයට හැත්තෑවක් දෛනික උපරිම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉක්මවති. මෙලෙස සමබල ආහාර නොලැබී දවසින් දවස ශාරීරික සහ මානසික අබල දුබලතාවයට යන ජනතාවක් ඉන්න රටකට සත්ව ප්‍රෝටීන ඉතා වැදගත් ය. ලoකාවේ මනුස්සයෙක්ගේ බර කිලෝ පනහක් ලෙස සැළකුවොත්, දෙනික අවම ප්‍රෝටීන් ග්‍රෑම් 40ක් අවශ්‍ය වේ (ක්‍රියාශීලීභාවය ආදී සාධක මත මෙම අගය තවත් වැඩි වේ). ඒ සඳහා රතු පරිප්පු (ලoකාවේ ජනප්‍රියම ශාක ප්‍රෝටීන් ප්රභවය)  ග්‍රෑම් හාරසීයක් පමණ කෑ යුතුය. ඒ කියන්නේ හොදි හැදුවම තනි මනුස්සයෙක්ට කන්න බැරි විශාල ප්‍රමාණයක් සහ ඒක සමඟ ගිලින්න විශාල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අවශ්‍ය වේ. වෙනත් ආකාරයකට කිව්වොත්, ශාක ප්‍රභව මගින් ප්‍රෝටීන් ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් ශාක ප්‍රභව විශාල ප්‍රමාණයක් ආහාරයට ගත යුතුය.

ඒ කියන්නේ විශාළ කැළැ ප්‍රමාණයක් කපා විශාළ ලෙස පළිබෝධනාශක යොදා විශාළ ලෙස පරිසර හානි සහ සත්ව සන්හාර කළ යුතුය.

 බොහෝ වෙජිටේරියන්ලා ටික කාලයකින් දුර්වළ වන්නේ වෙජිටේරියන් වීමේදී ආහාරයේ සමබලබව රැක ගැනීමේ ප්‍රායෝගික අපහසුව නිසා බව සිතේ. (ප්‍රමාණය, පෝෂ්‍ය පදාර්ථ, හැදීමට යන කාලය ආදී). උදාහරණයක් ලෙස ලoකාවේ ගෘහණියකට කෑම වේලකට කුකුළ් මස් සහ පාන් පිළියෙල කිරීම පහසුය, කාලය ඉතිරිය, දරැවන් කරදරයක් නැතිව කයි, විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැත, සමබලය. අනිත් අතට ලoකාවේ ජනප්‍රියම ශාක ප්‍රෝටීන් ප්‍රභවය වන රතු පරිප්පු පවා ගෙන්වන්නේ පිටරටිනි. එසේ තිබියදී මිනිසුන්ගේ  ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ශාක ප්‍රභව මගින් සපුරා ගන්නේ කෙසේද? කරැණු මෙසේ තිබියදී නිර්මාන්ශ හැතිකරේ මස් මාළු නිපදවන්නන් පව් කාරයන් ලෙසත්, මස්මාළු කන උදවිය මෝඩයන්, නරුමයන් සහ ආත්මාර්ථකාමීන් ලෙසත් හoවඩු ගසන්නන් නිසා සිදු වන්නේ මහත් හානියකි.  



No comments:

Post a Comment

"Why 'A' Students Work for 'C' Students and 'B' Students Work for the Government" by Robert T. Kiyosaki

  " Why 'A' Students Work for 'C' Students and 'B' Students Work for the Government" by Robert T. Kiyosaki...